තූවාල ලත් බැටළුවාගේ සහ නිරාහාර වෘකයාගේ ෙවිදනාව

singer1

“ලේඛකයොයි සමහර විට නලූ නිළියොයි එකතූ වෙන කෝපි කඩයක් තියෙනවා. ඉඳල හිටලා මාත් එතැනට යනවා. මගේ තරුණ කාලෙදි ලේඛණ කලාව ගැනයි ලේඛකයෝ ගැනයි මට තිබුණා යමි යමි මති මතාන්තර. ඔවුන්ගේ පොත්පත් ඒ කාලේ මං කියෙවිවා.මොන තරමි මනුස්ස සිතූවිලි සහ හැඟීම් මොන තරමි ලස්සන වචන වලින් ඒ අය පල කරනවද? හුඟක් වෙලාවට මනුස්ස සතාගේ හැංගිචිච ආෙවිග ෙමි ලේඛකයෝ ප්‍රකාශ කරන විලාසය ඒ කාලයේ තදින්ම මගේ සිත් ගත්තා. ඒත් දැන් මෙතන වාඩිවෙලා ඉන්න ලේඛකයන්ගේ මුහුණුවල තියෙන්නේත් අර ගිජුකම. හිස් තකතීරුකම, පුහු අහංකාරකම තමයි.”(තැවුල් සිත – සිංහල පරිවර්තනය ගාමිනි වියන්ගොඩ)

138
Translator Gamini Viyangoda

penitent කෘතිය ඉසාක් බෂෙවිස් සිංගර් ප්‍රකාශයට පත් කරන්නේ 70 දශකය මුලදී ය.ඒ කාලය වන විට ලෝකය ප්‍රබල ඉතිහාසයීය අත්දැකීමි ගණනාවකින් මුහුකූරා යෑමක් පෙන්වීය. තවද නූතනත්වයේ ද්වාරයෙන් ඇතූලූ වී සැලකිය යුතූ දුරක් ද ගමන් කොට තිබිණි. ඒ සමිබන්ධයෙන් සිංගර්ට තිබුණේ එකඟතාවකට වඩා විෙවිචනයකි.

˜නූතන මිනිසාගේ පිරිහීම, ආත්ම ගෞරවයේ ඌනතාව, පවුල් ජීවිතයේ අස්ථීරතාව, සුඛෝපභෝගි දේවලට සහ නා නා උපකරණවලට ඔහු දක්වන ගිජුකම, මහල්ලන් කෙරෙහි ඔහු තූළ ඇති අවඥාව සහ තරුණ අභිවන්දනය, මනෝ විශ්වාසය හා නිරන්තරයෙන්ම වර්ධනය වන අපරාධ කෙරෙහි මුනිවත රුකීම ගැන මම බොහෝ අවස්ථාවල මගේ සොහොයුරා සමග සාකචිඡා කළෙමි.˜

එසේ පවසන ඔහු ජෝසප් සෆිරෝ (ප්‍රධාන චරිතය) ය. ඒ ආකාරයට ඔහු මුහුණ දෙන උග්‍ර සන්තාපය සහ අසහනය ආගම ධර්ම අදහන්නන් මෙන්ම සංශයවාදීන් තූළ ස්වයං විෙවිචනය හෝ වෙනත් හැලහැප්පීමි ඇති කිරීමට නොහැකිවා නොෙවි. අනිත් අතට ඒ වෙනුවෙන් ඔහු දක්වන ප්‍රතිකර්ම හැම කෙනෙකූගේම පීඩා සමනය කීරීමට ප්‍රමාණවත් නොවීමටද පුලූවන. එහෙත් එතැනදි රෝගයේ ස්වභාවය නම් හඳුනා ගැනීමට හැකි වෙනු ඇත.

579923901001552640360no.jpg

70 දශකය පිළිබඳ පුරෝකථනයක යෙදෙන ජේාසප් සෆිරෝ ඊට මුහුණ පාමින් ජීවත්වීම නමි සංසිද්ධියට අදාලව (එය අර්බුදයක් ලෙසින් ගෙන) විවිධාකාර වාසඳුමිද යෝජනා කරයි. සෆිරෝගේ එකී හැසිරීම පිළිබඳව නිරවුල් පැහැදිලි කිරීමක් කතූවරයා විසින් ද සිදු කරනු ලබයි. බොහෝ විට අපේ නවකතාකරුවන්ට නැත්තේමද ෙමි විශ්ලේෂනීය හැකියාවමය. විශේෂයෙන්ම 70 දශයත් සමග නූතනවාදයේ ආස්වාදනය තූළම එන ගිජු පාරිභෝජනවාදය, හිස් බව,41SWaib50yL._SY344_BO1,204,203,200_ විය පත් බව කෙරෙහි අවඥා සහගත වෙමින් මුග්ධ ලෝලත්වයකින් යුතූව නොපැසුණු තාරුණ්‍යයම අභිවන්දනය කිරීම ගැන සෆිරෝගේ ප්‍රශ්න කිරීමත් කතූවරයාගේ විශ්ලේෂණිය හැකියාවත් මැනැවින් අවදි කොට තිෙබි.

චරිතයක් හැටියට ජෝසප් සෆිරෝ ඒ හිස් හැලහැප්පුමි සහිත සමාජ ව්‍යුහය තූළ මතූ වෙමින් ,යට යමින්, අදහස් ඇති කරගනිමින් එමෙන්ම සුන් කර ගනිමින් Zකෙටල පටානෝ නිතරම උඩ යට යනෝ යි කීවාක් මෙන් වෙසෙන්නෙකි. එනිසාම බැලූ බැල්මටම ස්ථාවරත්වයක් හෝ ප්‍රතිපත්තියක් නැති චරිතයක් හැටියට ඔහු ගැන කෙනෙකූට සිතෙන්නට පුලූවන. නමුත් සියුමිව බැලූවහොත් ඔබට පෙනී යනු අුත්තේ සමාජ ප්‍රවාහයක් තූළ අස්ථානගත වූ පුද්ගලයෙකූ මිස අර කී ආකාරයට ප්‍රතිපත්තියක් නැති පුද්ගලයෙකූ නමි නොෙවි.ඒ අනුව සෆීරෝ කොයි ආකාරයෙන්වත් නූතනවාදයේ නියෝජනයක් නොවන බවද මතක තබා ගැනීම වැදගත්ය. ප්‍රධාන චරිතයේ එම හැසිරීම සම්බන්ධයෙන් කතුවරයාගේ පැහැදිලි කිරීම යට දැක්වේ.

 

“තමන් ලියන හැම දෙයක්ම සහ තමන්ගේ සෑම සම්මුඛ සාකච්ඡාවක් පවා අඩු වශයෙන් එක පාඨකයෙකුවත් නිරන්තරයෙන්ම කියවන්නේය යන මිථ්‍යාව වෙනත් ලේඛකයින්ට මෙන්ම මටද ඇත්තේය. එහිදී මා පල කල අදහස් – තැවුල් සිත – ප්‍රධාන චරිතය පල කරන අදහස්වලට සපුරාම පටහැනි සේ පෙනෙන්නට පුළුවන. නවකතාවේදී ජෝසප් සෆිරෝ එක දිගටම කරන්නේ දෙවියන් වහන්සේ විසින් ද අත්හරින ලද ටෝරා ධර්ම සහ ෂුල්හාන් ආරුක් ධර්ම ප්‍රතික්ෂේප කල පිරිමින්ට සහ ගැහැණුන්ට බැන වැදීමය. එහෙත් ඉහත කී සම්මුඛ සාකච්ඡාවේදී (New York Times)  පත්‍රය සමඟ කළ මැවුම් වාදයට සහ මැවුම් කරුවාට එරෙහි තියුණු විරෝධතාවක් මගෙන් පල විය. ”

කෙසේ වුව එම මැවුම් වාදයට සහ මැවුම්කරුවාට එරෙහි විරෝධය නූතනවාදය දැඩි ලෙසින් සෙලවිය හැකි lkතත්වයක්ද යන සැකය ද අප තුල ඇති කිරීමට කෘතියේ කතුවරයා කටයුතු කරයි.

” දෙවියන් ගැන මා විශ්වාසය තැබුවද උන් වහන්සේ ගේ දේව ප්‍රඥා මහිමය මහත් ඉහළින් අගය කළද උන් වහන්සේගේ දයා කරුණාව නම් උත්කෘෂ්ඨ සේ ගැනීමට හේතුවක් මා නොදකින බව එහිදී කීවා මට මතකය. සර්ව බලධාරි දෙවියන් වහන්සේට එරෙහි විරෝධතා පුවරුවක් අල්ලා ගෙන සිටීමට මට අවස්ථාවක් ලැබුනොත් එහි සටන් පාඨය වනු ඇත්තේ ජීවිතයට අයුක්තිය යන්්න බව සාකච්ඡාව අවසානයේ දී මම කීවෙමි., ඒ සමඟම අවසානයේදී තමාගේ නොපළ රචනාව කැරැල්ල සහ යාඥාව හෙවත් සැබෑ විරෝධියා ගැනද එහිදී සඳහන් වී තිබේ. ඒ අනුව ඉතා පැහැදිලිවම පවත්නා ව්‍යාකූලත්වයට විරුද්ධවීම සෆිරෝ වෙතින් බලාපොරොත්තු විය නොහැකි බවත් කතුවරයා පෙන්වාදී තිබේ. කතුවර සිංගර් තවදුරටත් මෙසේද පවසයි.

, මා සිතින් ගෙන සිටින ඉහත පාඨකයා දැන් මගෙන් මෙසේ ප්‍රශ්න කිරීමට පුළුවන. ඔබ එදා කී දේ දැන් ප්‍රතික්ෂේප chuckfishmanmain2530163කරන්නේ දරෑ එතැනදී මගේ අවංක පිළිතුර වන්නේ ජෝසප් සෆිරෝ වගේ විය හැකි වුවත් මා එසේ වී නැති බවයි. මට අවුරුදු හයේදී ජොෂුවා පොතේ එන යුද කතන්දර මගේ මගේ මව මට කියා දෙද්දීත් යෙරුසලම විනාශ කල ඇඟ කිලිපොලා යන ලේ වැකි කතන්දර අසද්දීත් ජීවිතයේ දුක් සහ කෘෘරත්ව පිළිබඳ මා තුළ ඇති කල කම්පනය සහ වික්ෂිප්ත භාවයෙන් මා තවමත් අත්මිඳී නැත. තුවාල ලත් බැටළුවාගේ සේම නිරාහාර වෘකයාගේ ද වේදනාව යුක්ති සහගත කිරීමක්වත් එසේ කිරීමේ හැකියාවක්වත් නොපවතින බව තවමත් මම මටම කියා ගනිමි. හැම වේශයකම දුක් වේදනාවන්ට ගොදුරු විය හැකි ශරීර කූඩුවක් තුල අප ජීවත් වන තාක් කල් පැවැත්මේ ව්‍යසනය නිරාවරණය කළ හැකි සැබෑ පිළියමක් සොයා ගත නොහැක්කේය. ,

ජෝසප් සෆිරෝ මුහුණ පාන ව්‍යාකූලත්වය එයයි. එනම් ආගමක් වශයෙන් නිර්මාණය වන්නේ ප්‍රතිවිරෝධය සහ පරස්පරයයි. කතුවර සිංගර්ගේ පැහැදිලි කිරීමට අනුව දෙවියන්ගේ සේවය සඳහා සිය ජීවිතය කැප කල වුන් බොහෝ අවස්ථාවලදී උන් වහන්සේගේ යුක්ති ධර්මය ප්‍රශ්න කොට තිබේ. යහපත සහ අයහපත අතර මිනිසා කරන අරගලයේදී උන් වහන්සේ තුල පෙනෙන්නට ඇති උදාසීන නිශ්ක්‍රීයත්වයට එරෙහිව මේ අය කැරලි ගසා තිබේ. මේ අනුව සිය දෝත් නගා මිනිසුන් දෙවියන් වෙත කරනු ලබන යාඥාව තුළම කැරැලිකාරිත්වයද නිර්මාණය වෙමින් තිබේ.

ජෝසප් සෆිරෝ ගමන් කරමින් සිටින්නේ එවැනි ලෝක යථාර්ථයක් හරහාය. එතැනදී අත්විඳිමින් සිටින්නේ ව්‍යාකූලතා සහ ප්‍රතිවිරෝධතාවන්්ය. එබැවින් පොත කියවා අවසන් වූ තැනදී ඔබ ජෝසප් සෆිරෝ සමඟ ප්‍රශ්න ඇති නොකර ගත යුතුය. මන්ද සෆිරෝ සමඟ එවැනි පුද්ගල ආරෝවක් ඇති කර ගතහොත් නියත වශයෙන්ම ඊළඟට සමස්ත විග්‍රහය පිළිබඳව කල යුතු ප්‍රශ්න කිරීම මඟ හැරී යා හැකි බැවිනි.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s