නිහඬ ඝාතකයා – Silent Killer

22NLDC6_0_0_0

ප්ලාස්ටික් කියන්නේ ඉලාස්ටික් වැනි ද්‍රව්‍යයක් නොවුණත් බොහෝ විට ප්ලාස්ටික් භාවිතයට එරෙහිව මතු වන විරෝධතා සංවාද නමි ඉලාස්ටික් මෙන් ඇදී ගොස් පසුව අත් හැර දැමූ සැනින් යළිත් පෙර තිබූ තැනටම පැමිණ නවතිනවා ආකාරයක් දැකිය හැකිය. එසේ වන්නේ ඇයි ? ප්ලාස්ටික් මිල අඩු නිසාද ? එහෙම නැත්නම් භාවිතය පහසු නිසාද? ඒත් එහෙමය කියලා ප්ලාස්ටික් භාවිතාව නොනවත්වාම ඉදිරියට ගෙන යෑම කුමන අධ්‍යාපනයක් විසින් අනුමත කරයිද?

මෙකල සෑම දරුවෙකුම පාහේ පාසැල් යන්නේ ප්ලාස්ටික් බෝතලයක වතුර පුරවා ගෙනය. මොන්ටිසෝරියට යන කුඩාම දරුවාද එයින් නිදහස් නොවේ. එවැනි වතුර බෝතල් මිලදී ගැනෙන්නේ සාමාන්‍ය වෙළඳ පොලකින් කිසිදු පරික්‍ෂාවකින් තොරවය. ඒ අනුව බොහෝ අය නොදන්නා කරුණක් වන්නේ ප්ලාස්ටික් නිෂ්පාදන කල් ඉකුත් වන බවයි. තවද එසේ කල් ඉකුත් වීමෙන් පසු එහි අහිතකර රසායනිකයන් පිටතට පැමිණෙන බවයි.

එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටක් ගත් කල එහි ඖෂධ අධිකාරිය ප්ලාස්ටික් නිෂ්පාදන ආරක්‍ෂිත අංක කරණයකට ගොනු කොට තිබේ. ඒ අනුව පාරිභෝගිකයා මිළට ගන්නා සෑම ප්ලාස්ටික් නිෂ්පාදනයක් ගැනම වගකීමක් එම ආයතනයට තිබේ. එහෙත් අප දන්නා තරමින් එවැනි කිසිදු ආරක්ෂණයක් මෙරට පාරිභෝගිකයාට නැත. ඒ නිසා අප ඔබට කියන්නේ ප්ලාස්ටික් භාණ්ඩයක් මිලට ගැනීමේදී අවම වශයෙන් පහත සඳහන් කරුණු ගැනවත් සැලකිල්ල යොමු කරන ලෙසයි.

toronto-bans-plastic-bags

අදාල භාන්ඩය නිෂ්පාදනය කල දිනය විමසා දැන ගැනීමට පාරිභෝගිකයෙකු වශයෙන් ඔබට අයිතියක් ඇත.

එසේ කීමට හේතුව පහත දැක්වේ.
ප්ලාස්ටික් භාණ්ඩයක් නිෂ්පාදනය කළ උණුසුමින්ම වෙළඳ පොලට එන්නේ නැත. එය නිෂ්පාදනය කළ ආයතනයේද ගබඩා කොට තැබීමෙන් පසව වෙළඳ පොලට නිකුත් කරන අතර එසේ නිකුත් කිරීමෙන් පසුවද එකවරම විකිණෙන්නේද නැත. එවැනි පසුබිමක් තුල ඔබ මිළදි ගන්නා ප්ලාස්ටික් භාණ්ඩය නිසි ප‍්‍රමිතිය සහ පැවැත්ම සුරක්ෂිත කළ එකක්ද යන සහතිකය ඔබ ලබා ගන්නේ කෙසේද?Ads_635751675441572652

බොහෝ නිවෙස් වල මස් මාළු පවා දමන්නේ ප්ලාස්ටික් බඳුන්වලය. වෙන එකක් තබා මිරිස් ගුලිය කහ තුනපහ ආදිය අඹරා දමන්නේ යෝගටි කෝප්ප වැනි ප්ලාස්ටික් බඳුන් වලය. කෑම කන්නේද ප්ලාස්ටික් පිඟන් වලය. මෙතැනදී අප කල්පනා නොකරන දෙය නමි ඇතැමි ආහාර වර්ග ප්ලාස්ටික් සමග ප‍්‍රතිකි‍්‍රයා කරන බවය. එමෙන්ම ප්ලාස්ටික් බඳුන්වල ෙමිස ලූණු, තෙල් සහිත ආහාර මෙන්ම විනාකිරි, චීස් ආදිය නොදැමිය යුතුය යන්නද පිළිගත් මතයක් ෙවි. අනිත් අතට සබන් පවා කල් ඉකුත් වූ ප්ලාස්ටික් සමග ප‍්‍රතිකි‍්‍රයා කරන බව බොහෝ අය නොදන්නා කරුණක් ෙවි. කල් ඉකුත් වු ප්ලාස්ටික් වලින් ඩයොක්සීන්, පැලේටීන්, ඇඩිපේටීස්, සහ බිස්පිනෝල් නමි විෂකාරක සෘජුවම අපේ ශරීර වලට ඇතුල් වන බවට හඳුණාගෙන ඇත. ඒ අනුව ප්ලාස්ටික් භාවිතය යනු කිසිදා නිවැරදි කළ නොහැකි බරපතල අත්වැරැුද්දක් බවට ද හඳුණාගෙන තිෙබි.

ගුණාත්මක භාවිතාවක් උදෙසා ලෝක වෙළඳපොළ තුළ අද ප්ලාස්ටික් වර්ගීකරණයකට ලක්කොට තිෙබි. එය මෙසේය.

අංක 1- PET- – බීම, වතුර සහ තෙල් බෝතල්
අංක 2- ්‍යධෑඡු- විනාකිරි බෝතල්, ආහාර බඳුන්
අංක 40- බෝතල් මූඩි බීම බට,යෝගටි කෝප්ප
අංක 5- පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු
අංක 7- විවිධ රසායන සංයෝග වෙනුවෙනි.

ඉහත  PET කාණ්ඩය යටතේ නිපදවන්නේ වරක් භාවිතා කිරීමෙන් පසු ඉවත් කළ යුතු ප්ලාස්ටික් භාණ්ඩ වේ. එවැනි භාණ්ඩ නැවත නැවත භාවිතයට ගැනීමෙන් සිදු වන්නේ එකී නිෂ්පාදනවල ප්ලාස්ටික් සංයුතිය හා බැඳී පවතින Plastizices – Toxinas නමින් හැඳින්වෙන පිළිකා කාරක විස ඇති සංයුතියට මිනිස් සිරුර නිරාවරණය වීමයි. එමෙන්ම මයික්‍රෝවේව් උඳුනට දමන ප්ලාස්ටික් බඳුනද ඊට අදාලව නිෂ්පාදනය කල ප‍්‍රමිතිය සහිත එකක් විය යුතුය.

Wheelie Rubbish - Recycling Labels - Plastic

අප රටේ භයානකම ප්ලාස්ටික් භාවිතාව වන්නේ පානීය වතුර බෝතල්ය. ඒවා සුළු තැලීමකදී වුවද විස කාරක එහි අඩංගු ජලයට එකතු කරයි. අනිත් අතට පානීය ජල බෝතල් තැන්පත් කොට ඇත්තේද උණුසුම් හිරු එළිය වැටෙන තැන්වල නම් එය තවත් භයානකය. මන්ද එවිට එහි අඩංගු ප්ලාස්ටික් විස කාරක වඩාත් පහසුවෙන් ජලයට එකතු වීමට අවසර ලබන හෙයිනි. මෙසේ බලන කල අප රටේ ප්ලාස්ටික් භාවිතාවට අදාලව විධිමත් රාජ්‍ය ප‍්‍රතිපත්තියක් අවශ්‍ය වී තිබේ. එසේ නැතිව සිදු කරන වස විස නැති කතා නිෂ්ඵල මෝඩ කතා වේ. ලෝකය පිළිගන්නා අන්දමට ප්ලාස්ටික් යනු නිශ්ශබ්ද මාරයෙකි. එහෙත් ඉන් අත්වන්නේ කණගාටුදායක වේදනාකාරි මරණයකි.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s