එය ජයග‍්‍රහණයත් පරාජයත් අතර වූ අවසන් සීමාව විය.

ifFWqpeK-shackletonjpg-1210-680.jpg

කඩදාසිවල සටහන් කළ සැලැස්ම පසෙකින් තිබුණි. එහෙත් ඒ අතර ඒ අධිෂ්ඨානශීලි මිනිසා සිය නිර්භය පැවැත්ම කෙරෙහි සම්පූර්ණ විශ්වාසයක් තමන් තුළම ඇති කරගෙන සිටියේය.. සිය ගවේෂණ කණ්ඩායම සමඟ අවශ්‍ය ඉලක්කය කරා යෑම ගැන අංශුමාත‍්‍ර හෝ සැකයක් ද ඔහුට නොවීය.

ඒ සමස්ත කටයුත්තම සහාසික නිර්දය එකක් යැයි ඇතැම්හු චෝදනා කළහ. එය සැබෑවක් විය හැකිය. අනික් අතට එය shackleton-expedition-1915-jpgඑසේ නොවීනම් කොයි ආකාරයෙන්වත් ෂැක්ල්ටන් ඒ ගැන සතුටු නොවුනු ද ඇත. ඔහු ආධුනිකයෙකු නොවේ. ගවේෂණ කටයුතු සම්බන්ධයෙන් සම්භාව්‍ය වටිනාකමක් ඔහුට තිබේ. ඒ සියල්ලටමත් වඩා අසීමිත ආත්ම ශක්තියක් තිබුණු අද්භූත විචිත‍්‍ර හැඟීමෙන් පිරුනු සියුම් මැරවරකමක් ඇති අයෙකු වශයෙන් වෙනස්ම ආකාරයේ පැවැත්මක් ද ඔහුට තිබිණි.

සර් අර්නස්ට් ෂැක්ල්ටන් (1874 – 1922* අප පිළිගන්නා ආකාරයෙන් නම් සාහිත්‍යධරයෙකු නොවේ. එහෙත් ඇල්ප‍්‍රඞ් ෆ‍්‍රැන්සින්ග් විසින් ලියන්නට යෙදුණු Endurance – Shackltons Incredible Voyege නම් ඒ කීර්තිමත් කෘතියත් සමඟ ඔහු ලෝක සාහිත්‍යයට පිවිසුණේය. ඒද නිකංම නොවේ. මිනිසෙකුගේ ධෛර්්‍යය, ආත්ම ශක්තිය, විඳ දරා ගැනීමේ හැකියාව තවද එහි ු සැබෑ සීමාව කොතැනද යන්න ගැන පවා සිතින් සිතා ගැනීමටවත් නොහැකි තත්වයක් නිර්මාණය කරමින් ඔහු ලෝක සාහිත්‍ය තුල අසීමිත චරිතයක් බවට පත් විය. ඒ කතාව මෙසේය.

පෘථිවියේ දක්ෂිණ ධ‍්‍රැවය තරණය එමෙන්ම ගවේෂණය කිරීමේ කටයුතුවල යෙදුණු ඔහු 1915 ඔක්තෝම්බර් මාසයේ දී ඇන්ටාටිකාවේදී වෙඩෙල් සාගර කලාපයේදී මුහුණ පෑ ඒ අතිශය අවාසනාවන්ත ඉරණම ලොව මිනිසෙකුට අත්විය හැකි මිනිස් ධෛර්යයේ අවසාන සීමාවටත් එහා ගොස් ජයගත යුතුව තිබු, කිසිදු සීමාවකින් තොරව විඳ දරා ගැනීමට නියමිතව තිබූ පුදුම සහගත කණගාටුදායක ඉරණමක්ම විය. ඉහත කී කෘතියේ කතා වස්තුව එයයි. රාණි සේනාරත්න රාජපක්ෂ විසින් ” ෂැක්ල්ටන් ගේ ඇන්ටාටික් චාරිකාව ” නමින් සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ එම කෘතියයි. ඉතා පැහැදිලිවම ඒ චරිතය අපේ මානව ශිෂ්ටාචාරය තුල යෝධ මානව අත්දැකීමක් බවට සැකයක් නැත.

mj-618_348_the-endurance-shackletons-legendary-antarctic-expedition-2001-best-adventure-documentaries

සර් අර්නස්ට ෂැක්ල්ටන්ටද චෝදනා තිබිණි. ඒ ඔහු දෛනික ජීවිතයේ එදිනෙදා යුතුකම් වලට යටත් වීමට දැක්වූ අකමැත්ත, අප අතාත්වික යැයි සිතන සැලසුම්වලට දැක්වූ අතෘප්තිකර කැමැත්ත ඒ චෝදනා අතර වේ. ඒ නිසාම ඔහු වනාහි අපරිණත වගකීම් රහිත මිනිසෙකු යැයි ඔවුහු ඔහුව විවේචනය කළහ. ඇත්තෙන්ම ඔහු එවැන්නකු විය හැකිය. ඊට හේතුව සමස්ත සමාජයම සාම්ප‍්‍රදායික මිමි තුල සිරවෙද්දී ඔහු එසේ නොවීමයි. ඒ ආකාරයටම නැපෝලියන් බොනපාට්, මහා ඇලෙක්සැන්ඩර් එමෙන්ම නෙල්සන් යන මේ ඓතිහාසික මිනිසුන් ද ඒ සාම්ප‍්‍රදායික මිමි වලට ගැලපුණේ නැත. අනෙක් අතට එවැනි සාම්ප‍්‍රදායික මිමි වලින් එවැනි මිනිසුන්ව තක්සේරු කිරීමට යෑමද ඓතිහාසික ගොන්කමක් වේ.

මිනිසෙකු ගේ නිර්දය බව ඇතැම්විට ප‍්‍රකාශ කරන්නේ ඔහු තුළ නිදන් වූ අර කීව ඓතිහාසික හිතුවක්කාරකම හා බැඳුණූ sir-ernest-shackleton-explorer-c-1909කාර්යභාරය මෙන්ම අසීමිත ආත්ම ශක්තිය බව සාමාන්‍ය නුවණකින් වටහාගත හැක්කක් නොවේ. ෂැක්ල්ටන් යනු ඊට හොඳම උදාහරණයකි. අවසානයේදි ඔහු දක්ෂ නායකයකු බව ඔප්පු කරන්නේද ඔහුගේ ශෛලියට අයත් ඒ නිර්දය බව විසිනම්ය. තවද ඔහු එසේ නොවුණා නම් ඇන්ටාර්ටික් භූමියේදී ලද ඒ භීෂණ අත්දැකීම අසීමිත ලෙසින් විඳ දරාගෙන සිය කණ්ඩායම සතු ශක්තියද කෙසේ හෝ රැුක බලා ගෙන නැවත නූතන ශිෂ්ටාචාරයට පැමිණීම කෙසේවත් සිදු නොවනු ඇත. ( ඇන්ටාර්ටිකාවේදී ඔවුන් විසුවේ අතිශය හුදෙකලා වූ කිසිදු ශිෂ්ටාචාර අත්දැකීමක් ලැබීමට නොහැකි වූ කොටින්ම මිනිසුන් වශයෙන් ජීවත් වීමට අල්පමාත‍්‍ර අවසරයක්වත් ලබා නුදුන්නා වූ පුදුම සහගත දෛවෝපගත ඉරණමක් තුළය. *

ඒ ඈත ධ‍්‍රැවයේ රාත‍්‍රිය තරම් පාළු හුදෙකලා දරුණු කාන්සියක් ලොව කිසිදු තැනක ? කාලයකින් ලැබිය නොහැකිය. කිසිදු ජීවියෙක් නැත. මන්ද චලනයක්වත් නැත. දවසක්, සතියක් නොව මාස ගණනක් තුළ සූර්යයා නොමැති දරුණු ශීතලයක්ම ඇති කාලගුණ පරිසරයක කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව විසීමට සිදුවීම තේරුම් කල හැක්කේ කෙසේද ? ඇත්තටම එය තේරුම් කිරීමට නොහැකි තරම්ය. එය හරිහැටි වටහා ගත හැක්කේ ඊට භාජනය වූවන්ටම පමණි. තවද ඒ නිසා ඇතිවිය හැකි විෂම බලපෑම් වලින් මිඳිය හැක්කේද විඳ දරාගැනීමේ හැකියාව ඇති කිහිප දෙනෙකුට පමණි. සමහරු ඒ නිසා උමතු වී ගියහ.

Ernest Shackleton 3

” අනෙක් මිනිසුන් තුලින්ද සුරක්ෂිතභාවය පිළිබඳ හැඟීම ඉක්මනින්ම දුරුවන්නට විය. එදා රාත‍්‍රී ආහාරයෙන් පසු රීට්ස් කොටසේ පැවතියේ දොම්නස් සහගත නිහඬතාවකි. එදා දවල් මධ්‍යහනය එක්කම වාගේ ක්ෂිතිිිජයට උඩින් සූර්යයාගේ පිළිඹිබුව මිනිත්තුවකට වර්තනය වනු දැකීමෙන් ඔවුන් සියළු දෙනාම මහත් ප‍්‍රීතියකට පත්වී තිබුණි. ඒ ඔවුන් දවස් හැත්තෑ තුනකට පසු සූර්යයා දුටු මුල් දවස විය. එහෙත් ඔවුන් තුළ පැවැති අසහනය දුරු නොවීය. ”
147614-004-F8977286
කිසිදු ආපදාවක් නොපැමිණෙන්නේ නම් මිනිසුන්ට දෙවියන් පිළිබඳ අවශ්‍යතාවක් මතු වන්නේ නැතැයි කියැවෙන සිංහල කියමනක් තිබේ. එය ඇත්තකි. විශේෂයෙන්ම මිනිස් පැවැත්මේ ප‍්‍රාථමික අවධි වලදී ස්වභාව ධර්මයේ නිර්දය බලපෑම් හමුවේ සිය ගැලවීම පතා මිනිසා දෙවියන්ව නිර්මාණය කරගත් ආකාරය අපිට දැකිය හැකිය. ස්වභාව භීෂණය විඳ දරා ගැනීමට හෝ ඊට මුහුණදීමට මනුෂ්‍ය චිත්ත ශක්තිය ප‍්‍රමාණවත් නොවීම ඊට හේතුව විය. එය අසරණ බවක් අනාථ බවක් විලසින් ඔවුන් තුල තහවුරු වීමේ ප‍්‍රතිඵලයක් හැටියට අසීමිත හැකියාවන් සහිත දේව සභාවක් එසේ නිර්මාණය කර ගැනිනි. එහෙත් ෂැක්ල්ටන් ඇතුළු කණඩායම යළිත් වරක් ඒ අත්දැකීම ලැබුවේ මිනිස් ශිෂ්ටාචාරය පරිසරය තමන්ට නතු කොට ගෙන සිය අවශ්‍යතා සපුරා ගැනීමේ මාධ්‍යයක් බවටද පත් කොට ගෙන තාක්ෂණයේද ජයග‍්‍රහණද ලබමින් සිටි කාල වකවානුවකය. කෙසේ වෙතත් ඇන්ටාර්ටිකාව නම් ඒ මිනිස් ශිෂ්ටාචාරයට හීලෑ නොවූ කිසිදු තාක්ෂණ ක‍්‍රමවේදයක් හමුවේ යටත් නොවූ නිර්දය පරිසර කලාපයකදී අර සියළු ජයග‍්‍රහණ කොතරම් අසරණ අනාථ සංසිද්ධි බවට පත්වන්නේද යන්න අවබෝධ කර ගැනීමට නම් ඔබ ඒ කාතිය කියැවිය යුතුමය. එතැනදී මිනිසා යනු කොයි ආකාරයකින්වත් මතු විය හැකි හෝ පැවැතිය හැකි, එමෙන්ම කිසිදු ආකාරයක ගනුදෙනුවක් තබා හුදකලා ප‍්‍රයත්නයක්වත් දැරිය නොහැකි ක්ෂුද්‍ර ප‍්‍රාණියකු වන ආකාරය පුදුම සහගතය.


” ඔවුන් ශිෂ්ටාචාරය සමඟ පැවැත්වූ අවසාන සම්බන්ධයෙන් සිඳ දැමීම යන අර්ථයෙන් ’ එන්ඩියොරන්ස් ’ නෞකාවේ අවසාන විනාශය මහත් කම්පනයක් විය. එය සැබෑ අවසානයයි. ” දැවැන්ත අයිස් කුට්ටි අතර සිරවී එන්ඩියොරන්ස් නෞකාව අවසන් ගමන් ගියේය. ගවේෂණ කණ්ඩායම එහි නායකයා වන ෂැක්ල්ටන් සමඟ ක‍්‍රම ක‍්‍රමයෙන් ශිෂ්ටාචාරයෙන් ඉවත් වන්නට පටන් ගත්තේ එතැන් සිටය. කෘතියේ ඒ බව සටහන් වන්නේ මෙසේය. ” ඒ නැව වනාහි බාහිර ලෝකය සමඟ ඔවුන් සම්බන්ධ කළ සංකේතයක්, අතින් ස්පර්ශ කල හැකි භෞතික සංකේතයක් ද වූයේය. ඇය පෘථිවි ගෝලයෙන් අර්ධයක් පමණම ඔවුන්ව රැුගෙන ආවාය. නැත්නම් වර්ස්ලි ( කණ්ඩායම තුළ සිටිමින් තමන් මුහුණ පෑ ඉරණම ගැන දින සටහන් තබමින් සිටි පුද්ගලයාය. * ලියු ආකාරයට ඇය අප මෙතරම් දුර මෙතරම් හොඳින් රැුගෙන ආවාය. ඊට පසු නිර්දය ක‍්‍රෑර අයිස් සම්භාරයකට යටත් වීමට පෙර මෙතෙක් කළකට නැවක් විසින් කරන ලද ඉතාම නිර්භය සටන ද කළාය. දැන් ඉතින් ඇගේ අවසානය. ” වර්ස්ලි තවදුරටත් මෙසේ ද ලිවීය.

2F3F3B6C00000578-0-image-a-57_1449785126852
8793144
” ඔවුහු සමහර අතින් එකිනෙකා වඩාත් හොඳින් හඳුනා ගත්හ. අයිස් වලින් හා හිස් බවින් අඩු වශයෙන් සීමිත වූ තෘප්තියක් ලැබුවෝය. ඔවුන් පරීක්ෂණයකට භාජනය කරනු ලැබ තිබුණි. ඔවුන් තෘප්තිමත් බව එයින් හෙළි විය. ඔවුන්ට සිය පවුල් හා ගේදොර මතක් වූ බව කිව මනා නොවේ. එහෙත් හුදෙක්ම ශිෂ්ටාචාරය වෙත යාමේ අභිලාෂයෙන් හට ගත් ඉමහත් ආශාවක් ඔවුන් තුල නොමැති විය. ” එතැනදී වර්ස්ලි මෙසේ ද ලිවීය. ” ප‍්‍රසන්න උදයෙක ඇහැරුණු විට මට නවසීලන්තයේ හෝ එංගලන්තයේ වසන්තයේ හිමිදිරියක පින්නෙන් තෙමුණු නැවුම් තණකොලවලත් මල්වලත් මිහිරි සුවඳ විඳීමට තරම් ආසාවක් ඇතිවේ ඒ හැරෙන්නට ශිෂටාචාරය ගැන ඇති ආශාවන් ඉතා සීමිතය. හොඳ පාන් සහ බටර්, මියුනික් බීර කොරමැන්ඩල් පොකිරිස්සෝ, ඇපල් කේක් ඩෙවන්ෂයර් ක‍්‍රීම් ආදිය ප‍්‍රසන්න මතකයක් මිස අශාවෙන් පතන දේවල් නොවේ. ”

කෙසේ හෝ ෙවිවා ෂැක්ල්ටන්ගේ ඒ අසීමිත අත්දැකීම ඛේදවාචකයක් ලෙසින් අවසන් නොවුණේ මන්ද? ඒ සඳහා ඇත්තේ එක් සෘජු පිළිතුරකි. ඒ, මිනිසෙකු තුළ හටගත හැකි එහෙත් පොදුවේ මිනිසුන් තුල දැක ගත නොහැකි අසීමිත ධෛර්්‍යය සහ ආත්ම ශක්තියත් අ්රනස්ට් ෂැක්ල්ටන් නම් ඒ මිනිසා තුළ පිහිටා තිබීම යන්නයි. ඔහු කළේ කිසිදා වෙහෙසට පත් නොවන සතුරෙකු සමඟ යුද්ධයක් වැනි අරගලයකි. එතැනදී ජයග‍්‍රහණය පිළිබඳ නියත බලාපොරොත්තුවක් ඔහුට නොතිබිණි. අපේක්ෂා කළ හැකි ඉහළම දේ වූයේ පවත්නා තත්වයට එරෙහිව ඔරොත්තු දීගෙන සිටීම පමණි. ෂැක්ල්ටන් ගේ ඒ අසීමිත බිහිසුණු අත්දැකීම ඛේදවාචකයක් නොවූයේ ද ඒ නිසාමය. Endurance – Shackltons Incredible Voyege කෘතිය අවසානයේදි ජයග‍්‍රාහි අත්දැකීමක් වන්නේත් ඒ නිසාමය. සාහිත්‍ය යනු මිනිස් පැවැත්මට අවශ්‍ය කරන්නා වූ ජීවිත ආදර්ශ සපයන ප‍්‍රබල මාධ්‍යයක් බව තේරුම් ගැනීමට මෙම කෘතියෙන් මහත් වූ අනුබලයක් ලැබෙන බව චකිතියකින් තොරව පැවසිය හැකිය.

see more-https://vimeo.com/33915382

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.


රුදුරු කුණාටු මැද තනිවුන අලින්ගේ දුපතelephant_islands

අර්නස්ට් ෂැකල්ටන් සහ ඔහුගේ කණ්ඩායම මේ ¥පත ට ළඟා වන්නේ 1916 අවුරුද්දේ දී ය. ඒ වන විට සිදු වු ව්‍යසනයෙන් අතිශයින්ම පීඩනයට පත් ව සිටි මොවුහු සීරුමාරුවෙන් එම ප‍්‍රදේශය අත්හැර යාම ට කටයුතු කරමින් සිටියහ. ඔවුන්ගේ එන්ඩියුරාන්ස් නෞකාවේ අඩකටත් වැඩි පුමාණයක් ඒ වන විටත් අයිස් පර්වත තුළ සිර වී තවදුරටත් කිසිදු වැඩක් ගත නොහැකි තත්වයක ට පත් වී තිබුණේය. ඒ අනුව තමන්ගේත්, තම කණ්ඩායමේත් ගැලවීම පතා ඉතිරි වී තිබු යාත‍්‍රාවෙන් අලින්ගේ ¥පත දෙස ට යාත‍්‍රා කිරීමට ඔහු සැලසුම් කොට තිබිණි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s