මට නිහැඬියාව දෙන්න. එවිට මම රාති‍්‍රයට මුහුණ දෙමි.

Khalil-Gibran-–-On-Children.png

අසීමිත දාර්ශනික විග‍්‍රහයක්, අසමසම ආත්ම ගවේෂනයක් හුදු ආගමක් වශයෙන් නිර්මාණය කරගත් විට බොහෝ විට එතැන ඉතිරි වන්නේ ඇදහීම් සහ වත් පිලිවෙත් සංස්කෘතියකි. බෞද්ධ දර්ශනයද බෞද්ධාගම බවට පත් වන්නේ එවැන් ඇදහිලි, වත් පිළිවෙත් කලින් කලට එයට එකතු වීමෙනි. අනිත් අතට මානව ශිෂ්ටාචාරයේ ගලා යෑම තුළ සෑම ආගමක්ම පාහේ එම ඉරණමට මුහුණ පා ඇති බව පැහැදිලිය. කෙසේ හෝ වෙිවා ඔිනෑම දර්ශනයකට විග‍්‍රහයක් තිබෙි. ඒ අනිකක් නොවේ. මනුෂ්‍ය පැවැත්ම පිළිබඳ විග‍්‍රහයම වේ.

මණ්ඩාවල පඤ්ඤාවාස හිමියන් ඛලීල් ජිබිරාන්ගේ Sand and Foam සිංහලට නගන්නේ ’’වැලි සහ පෙණ යන නමිනි. මේ කෘතිය ඉහත කී මනුෂ්‍ය විග‍්‍රහයට අදාව ඉදිරිපත් කළ හැකි සුදුුසු උදාහරණයක්ි. ඒ අනුව එතැනදී ජිබ්රාන් සිය සාහිත්‍යයික සීමාව ඉක්මවමින් මනුෂ්‍ය විග‍්‍රහය නම් දාර්ශනික ආස්ථානය කරා පැමිණෙනු දැකිය හැකිය. එය මෙසේද විස්තර කළ හැකිය. මානව ශිෂ්ටාචාරය පුරාවටම තමා තුළ සිටින තමාව සොයා ගැනීමට මිනිසා අසමත් වී තිබෙි. ඉදින් ඒ දේ කිරීමට ඉදිරිපත් වන අයෙකු එහිලා සාර්ථක වන්නේද හෙතෙම මුනිවර දැක්මක් ඇති අයෙකු බවට පත් වේ. කවියෙකු වශයෙන් ඛලීල් ජිබ්රාන් ද අවසානයේදී සිය ග‍්‍රහණයට අසු කර ගන්නේ ද එවැනි මුනිවර දැක්මකින් පසක් කරගත් ලෝක පැවැත්මට අදාල මනුෂ්‍ය විග‍්‍රහයයි.

’’මම සදාකාලිකවම වැලි සහ පෙණ අතරින්gibran-NY-1920
මෙම වෙරළ දිගේ සක්මන් කරමින් සිටිමි.
වඩදිය මගේ පා සටහන් මකා දමන්නේය.
සුළග පැමිණ පෙණ විසුරුවා හරින්නේය.
එහෙත් සාගරය සහ වෙරළ සදහටම පවතින්නේය.’’

ඛලීල් ජිබිරාන් ලෝක පැවැත්මෙි යථාව එසේ දකියි. බෞද්ධ දර්ශනයට අනුව එය සම්‍යක් ඥානයයි. ඒ අනුව විශ්වය නම් පැවැත්ම මීදුමක් වැනි යැයි ඔහු පවසයි. එයට ජෛවමය නිර්මාණද එකතු වුණත් එයද රූප කායමය පරිවර්තනයක් පමණක් වෙි. ඒ අනුව අවසාන විග‍්‍රහයේදී

’’එහි මීදුම විනා කිසිවක් නොපැවතියේය.’’

අනිත් අතට ලෝක පැවැත්ම නමි විග‍්‍රහය හමුෙවි තමා සහ අනිකා අතරේදී ද්වන්දයක් මතු වන ආකාරයක්ද ඔහු දකියි.
sand-and-foam
’’අවදි වෙමින් ඔවුහු මා අමතා
මෙසේ ප‍්‍රකාශ කරන්නෝය.
නුඹ සහ නුම වාසය කරන ලෝකය
අනන්ත සාගරයේ අනන්ත වෙරළේ
වැලි කැටයක් පමණක් වන්නේය.
මගේ සිහිනය තුළ සිටිමින්
මම ඔවුන්ට මෙසේ කියන්නෙමි.
මා අනන්ත වූ පරිසරය වන අතර
සියලු ලෝක වනාහි මගේ වෙරළේ
වැළි කැට වන්නේය.‘‘

ජගත් පාරිසරික පැවැත්ම තුළ තමන් නම් වූ පැවැත්ම …… ඒ කෙසේද යත් ’’ මුතු ඇටයක් වනාහිු වැලි කැට වටා ගොඩ නගන ලද දෙවොලකි.අපේ සිරුරු කුමන කැට වටා
කුමන සාංකාවන් මගින් ගොඩ නගනු ලැබෙිද?
ජීවිතය පරම වශයෙන් අවබෝධ කර ගැනීම බෞද්ධ වූ ආස්ථානය බවය යන්න මෙරට ජනතාවට අමුතුවෙන් පැහැදිලි කර දිය යුත්තක් නොවේ. එහෙත් ඒ ප‍්‍රබල ලෝක දැක්ම සියුම් නිර්මාණාත්මක සාහිත්‍යයික ප‍්‍රකාශනයක් බවට පත් කරන ඛලීල් ජිබිරාන් එතැනදී අපට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බව පැහැදිලිය.

කෙසේ වෙතත් ඔහුගේ සෑම ප‍්‍රකාශයක්ම කිසිදු තර්කයකින් තොරව පිළිගත හැකිද යන ප‍්‍රශ්නය ද ඒ කෘතිය තුළම තිෙබි. පහත දැක්වෙන්නේ එවැනි උදාහරණයකි.

”ස්මෘතිය වනාහි එක්තරා ආකාරයක හමුවක් වන්නේය.
විස්මෘතිය වනාහි එක්තරා ආකාරයක මිදීමක් වන්නේය.”

ලොව පවත්නා අසීරුතම කටයුත්ත වන්නේ ජීවත්වීම නොවේ. ජීවිතාවබෝධය ලබා ගැනීම වේ. අවබෝධයෙන් තොරව ජීවත් ව ජීවත් වීම යනු වෙනම කතාවකි. මිනිසා නොවන වෙනත් ජෛව ප‍්‍රජාවන් ජීවත්වීම නමි සංසිද්ධිය අවබෝධ කර ගන්නේ ස්වභාව ධර්මය නම් යාන්ත‍්‍රණය අනුව පවතිමිනි. එහෙත් මනුෂ්‍ය විග‍්‍රහයට අදාලව ජීවිතාවබෝධය ලබා ගැනීම යනු අතිශයින් සියුම් උත්තම ව්‍යායාමයකි. ඒ අනුව මනස සහ මිනිසා පිළිබඳ විග‍්‍රහය තුළ සාහිත්‍යයික වශයෙන් හැසිරීම බොහෝ සාහිත්‍ය කරුවන්ට කළ නොහැකිව ඇති පසුබිමක ඛලීල් ජිබ්රාන් නම් ඒ සියුම් සංවේදී හදක් ඇති කවියා ඒ දේ ඉටු කිරීම ලෝක සාහිත්‍යයේ එන විශිෂ්ටතම අත්දැකීමයි.

” මගේ නිවස මා අමතා මෙසේ කියන්නේය
නුඹේ අතීතය මෙහි වාසය කරන බැවින්
මා හැර නොයන්න.fa68a01f-d866-4988-af15-b3de271073c4

මාර්ගය මා අමතා මෙසේ කියන්නේය
මා නුඹේ අනාගතය බැවින්
මා අනුගමනය කරමින් මා සමඟ එන්න.

මම නිවස සහ මාර්ගය අමතමින්
මෙසේ කියන්නෙමි.
මට අතීතයක් නොමැත්තේය.
අනාගතයක් නොමැත්තේය.
මෙහි නැවතී සිටිති නම් මගේ
නැවතී සිටීම තුල යාමක් ඇත්තේය
එසේම මා යතොත් මගේ යාම තුල
නැවතී සිටීමක් ඇත්තේය.
මෙත් කරුණාව සහ මරණය
සියළුම දේවල් වෙනස් කරන්නේය. ”

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s