මර බියෙන් මැරෙන සතුන් විෂ සහිතයි.

2014-01-07-Beefcattle.jpg

ප‍්‍රශ්නය වන්නේ ඔවුන්ට තර්ක කළ හැකිද කතා කළ හැකිද යන්න නොෙවි. ඔවුන්ට ෙවිදනා විඳිය හැකිද යන්න ෙවි” – ජෙරමි බෙන්තමි.

”කිසියමි ජාතියක උදාරත්වයත් සදාචාරාත්මක දියුණුවත් හොඳින් පැහැදිලි කරන්නේ එම රට, සතුන්ට සලකන ආකාරයෙනි. සතෙක් අසරණ වන තරමට මිනිසාගේ කෲර බවින් ආරක්ෂා වෙන්නට ඔවුන්ට මිනිසාගේ ආරක්ෂාව අවශ්‍ය ෙවි යැයි සිතමි.” – මහත්මා ගාන්ධි

කීර්තිමත් විප්ලවවාදියෙකු වන ෙචි ගෙවේරා ඒ තරමටම අහිංසාවාදියෙකුද ෙවි.” සැබෑ විප්ලවවාදියා මෙහෙය වනුයේ cattle-festival-15ආදරය පිළිබඳ හැඟීමි වලින් ”යැයි ඔහු කීෙවිය.සියේරා කඳුුකරයේ සිටි අවධියේදී සුරතලයට ඇති කරන්නට තමන්ට බලූ පැටවෙකු ගෙනත් දෙන්න යැයි ඔහු සිය ගරිල්ලා සටන්කාමීන්ගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම ඔහුගේ ප‍්‍ර‍්‍රියතම ලේඛකයා වූ ජැක් ලන්ඩන්, බල්ලන් ගැන මෙන්ම පොදුවේ සතුන් ගැන ලියු ලේඛකයෙකි.

සත්ව හිංසනය සහ සත්ව ඝාතනය අපේ රට තුළත් පුළුල්ව කතා බහට ලක්වෙන විෂයයක් ෙවි. ඉනුත් ගව ඝාතන විරෝධය ඉතිහාසයේ මුල සිටම එමෙන්ම නිදහස් සටන් අරගලයේ සමාජ දේශපාලන ව්‍යාපාරයක් හැටියට ද ඉස්මතු වී ආවක් විය. එය වඩාත් දරුණු වන්නේ ගවයන් එසේ හිංසනයටත,් ඝාතනයටත් ගොදුරු වන්නේ මනුෂ්‍ය ආහාරයට වීම යන හේතුව නිසාය. අනිත් අතට තාක්ෂණික දියුණුවෙන් ඉහලම ප‍්‍රගතියක් ලබා සිටින්නා වූ යුගයකදීත් ඇතුළු කුදු මහත් සත්ව ඝාතනයක්ම අතිශය නින්දනීය වධ හිංසා පැමිණවීමෙන්ම සිදු කෙරෙන්නේ මන්ද යන්න පහසුවෙන් වටහාගත හැක්කක් නොෙවි. ඇතැමි විට එය ශිෂ්ටාචාරයේ සීමාවන්ද ඉක්මවා යමින් සිදු කෙරෙන කෲර වධයක් මෙන්ම හිංසනයක් වන ආකාරය සනාථ කිරීමට සාක්ෂි හිඟ නැත.

අනිත් අතට මරණයට පෙර එසේ වද හිංසනයා ලක්වෙන සතුන්ගේ මස් වල ගුණාත්මක තත්වයද අතිශයින් අසතුටුදායක බව පෙන්වා දෙන පර්යේෂණ වාර්තා ප‍්‍රකාශයට පත් වන්නේ අද ඊයෙක සිට නොෙවි. ඒ අනුව භිතියටත් කමිපනයටත් පත් වෙන විට තවද තවත් සතුන් තමන් ඉදිරියේ මරා දමනවා දකින තත්වයක් තුළ ඔවුන්ගේ රුධිර සංසරණ ක‍්‍රියාවලියේ හිස්ටැමේන් නම් රසායන ද්‍රව්‍යයක් නිපදවෙන බව විද්‍යාත්මකව හඳුනාගෙන ඇත. ඒ අනුව එහි නියත ප‍්‍රතිඵලය වන්නේ එසේ මරණයට පත්වෙන සතුන්ගේ මාංශයේ දැඩි ගුණාත්මක පිරිහීමක් ඇති වීමයි. මිනිස් සිරුරට විෂ සහිත වීමයි.

CutsOfBeef-630.jpg

සතෙකු මරා දැමූ පසු ් ඌගේ රුධිරය ශරීරයෙන් මුළුමනින්ම ඉවත් නොවෙන පසුබිමක එම තත්වය වඩාත් නරක අතකට ගමන් කරයි. ඒ අනුව අප තේරුම් ගත යුතු වන්නේ සතෙකු ගේ මරණයෙන් පසු ගලා යන්නේ උගේ සමස්ත රුධිර ප‍්‍රමාණයෙන් 60‍්‍ර ක් පමණක් බවයි. ඉතිරි 40‍්‍ර මිය ගිය සත්වයාගේ ශරීරයෙහි රැුඳේ. එසේම පීඩනයටත්, භීෂණයටත් පත්වීම හේතු කොට ගෙන උන්ගේ ස්නායු පද්ධතියේ ඇති වන ක‍්‍ර‍්‍රියාකාරිත්වය නිසා කැටකොලමයින්ස් නම් ද්‍රව්‍යයක් ද නිර්මාණය වෙයි. මරා දැමීමේදී ඇති වන මෙම තත්වය සංකුංචනය යනුවෙන් පොදුවේ හැඳින්වෙන අතර එය මුළුමනින්ම එම මාංශයෙන් ඉවත්වීමක් සිදු නොවේ. රුධිර පාලනය අර කීව කැටකොලමයින්ස් නිසා ඇති වන්නක් වේ. කෙසේ වුව මෙය සමිපූර්ණ විද්‍යා වාර්තාවත් ් නොව හුදු කරුණු මතු කිරිමක් පමණක් වෙි.. එමෙන්ම රජයේ අණ පනත්වල තවමත් ඇති ඇතැම් අක‍්‍රමිකතා නිසා මෙම සාපරාධි සත්ව හිංසනය සහ ඝාතනය අදටත් මුලූමනින්ම නතර කර ගැනීමට නොහැකි වී තිබේ.chicken3

සතුන්ට කාරුණිකව සැලකීමේ වැදගත්කම අවබෝධ කර ගැනීම අද අවශ්‍යම දෙයක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම සත්ව සුබ සාධනය ගැන දැනුවත් කිරීම පාසැල් ශිෂ්‍ය සංගම් මට්ටමේ සිටම ඇති කල යුතු දෙයක් වේ. පොදුවේ ජනමාධ්‍ය හරහා ද මේ ගැන සාම්ප‍්‍රදායික ලතෝනියකින් තොර නූතන හැදෑරීමෙන් බර වැඩ පිළිවෙලකට යෑමේ වගකීම නොසලකා හැරිය නොහැක්කක් වේ. සත්ව හිංසනය සහ ඝාතනය සම්බන්ධයෙන් සිදු කොට ඇති බොහෝ විස්තර විමර්ශන අතරින් පහත දැක්වෙන පෙන්වාදීම බැහැර කල හැක්කක් නොවේ.
” මිනිසාගේ ප‍්‍රයෝජනයට සතුනගෙන් ලබා ගන්නා දෑ ඔවුන්ට ආරක්ෂාව සපයමින් ලබා ගන්නට පුළුවන්කම තිබියදීත් විශේෂයෙන්ම ඒ වෙනුවෙන්ම සතුන් හිංසනයට ලක් කිරීම මෙන්ම අනවශ්‍ය තත්ව තුළදීත් සහසක් සතුන් වේදනාවලට ලක් කිරීමෙන්ද පෙනී යන්නේ මිනිසාගේම හිස් බවයි.’’

මිහිඳු හිමියන් මෙරටට වැඩම කොට බෞද්ධ රටක් බවට පත් කිරීමේ වැඩ පිළිවෙලට අදාලව උන් වහන්සේගේම පාරිසරික ධර්ම ප‍්‍රඥප්තිය ඒ ගැන ් මෙසේ පැහැදිලි කරයි. ”රජතුමනි ඔබතුමාට මෙන්ම මේ රටේ ඕනෑම තැනක වාසය කිරීමටත් ඕනෑම තැනක යාමටත් සමානවූ අයිතිවාසිකමක් ගුවනේ සරන පක්ෂීන්ටදල මෘගයින්ටද ඇත. පොළොව මිනිසුන්ට මෙන්ම සියළු සත්වයින්ටද අයිතිය. ඔබ එහි භාරකරුවා පමණි. ”

අවාසනාවක මහත. මිහිඳු හිමියන් මෙරටට වැඩම කල අතීතයක් සහ ඉගැන්වීමක් ඇති රටක සත්ව ඝාතනය සහ හිංසනය බාධාවකින් තොරව කෲරතම ලෙසින් සිදුවීමල දිගින් දිගටම ඊට ගිජුවීම වටහා ගත නොහැකි අරුම සහගත තත්වයෙකි.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s