වෙනස්ම විදිහේ ස්ත‍්‍රිය වෙනස්ම විදිහේ කීර්තියක් ලබයි.

kundera_milan.jpg
Milan Kundera

මිලාන් කුන්දෙරා කියනවා 21 වෙනි සියවසේ දී අප අතරින් ඕනැම අයෙකු ගත් කතුවරයෙකු විය හැකිය කියලා. එතැනදී අපට කල හැකි දෙයක් තිබේ. ඒ පෑනක් අතට අරගෙන අපේම කතාව ලියාගෙන යන එකය. තමන්ගේ හෘද අභ්‍යන්තරය වෙනත් කෙනෙකු ඉදිරියේ වමාරන්න තියෙන ආශාව හැම මනුෂ්‍යයකුගේම ජීවිතය ඇතුලේ පොදු අධ්‍යාත්මික අවශ්‍යතාවක්ය කියලයි කුන්දෙරා කියන්නේ. එය මෙසේද විස්තර කල හැකියි.

Sylvia_plath.jpg
sylvia plath

ඔබ යමක් තීරණය කලේ නම් එය කරන්න. ඒ වගේම එහි ප‍්‍රතිඵල විඳීමටත් සූදානම් වෙන්න.

එ සමාජ ප‍්‍රවේශය සෑම පුද්ගලයකු විසින්ම විඳිනු ලබන්නකි. කැමති වුණත් අකැමැති වුණත් ජීවත්වීම නම් සංසිද්ධියට ඒ අත්විඳීම් අයිතියි. තමන්ගේ දරුවන්ද කවදා හෝ ඒ කරා යන බව දැනගත යුතුයි. එය වැළැක්විය නොහැකියි. එහෙත් ඇතැම් මහ පුරුෂයන්ට (සංවේදී* වුවත් එය දරා ගත නොහැකියි. සිග්මන් ෆ්‍රොයිඞ්ගේ කියමනක් මෙසේය.

මගේ තරුණ දියණිය සමාජයට පිවිස ජීවිතයේ කෲරත්වය අත්විඳිනවාට ඇත්තටම මම අකමැතියි. ඒ නිසා ඇය පුළුවන් තරම් කාලයක් ගෙදර සාලයටම වෙලා ඉන්න එක හොඳයි.

එහෙත් එවැනි සැඟවී සිටීමක් ජීවිතය ලෙසින් පිළිගත හැකි දැයි ෆ්‍රොයිඞ්ගෙන් වචනයෙන් කෙසේ වෙතත් නිර්නාමික ලිපියකින්වත් විමසීමට කෙනෙක් එදා සිටියේදැයි දැනගැනීමට මඟක් නැත. සැලී ස්ටැන්ෆර්ඞ් මෙසේ පවසයි.

1000509261001_1253139612001_Bio-Mini-Bio-Salvador-Dali-SF
salvador dali

වෙනස්ම විදිහේ ස්ත‍්‍රිය වෙනස්ම විදිහේ කීර්තියක් ලබයි.

ආදරය ආශාව ඇතුළු බොහෝ මානව සංවේදීතාවන් දේශපාලනය සමඟ ගලපා ගත් විට ඇතිවිය හැකි ප‍්‍රතික්ෂේප කිරීම පෙන්වා දුන් එකම තැනැත්තිය තස්ලිමා නස්රින් පමණක් නොවේ. සිය අර්ධ ස්වයං ලිඛිත චරිතාපදානය Shanghi Baby

Zhou_Weihui
zhou weihui

නමින් ලියූ වෙයි වෙයිටද චීනය තුලදී එවැනිම ප‍්‍රතික්ෂේප කිරීමකට මුුහුණ පෑමට සිදු විය. ඇගේ එම කෘතියෙන් පිටපත් 45ල000 ක් ගිනි තබා විනාශ කිරීමට චීන රජය කටයුතු කළේය. ඇය කීවේ ජීවිතය කියන්නේ හරියට නිදන්ගත රෝගයක් වැනිය කියායි. ඒ රෝගයට කාලීන පිළියමක් වන්නේ ආශාවෙන් කළ හැකි වැඩක් සොයා ගැනීමය.

එතැනදී ඇය විරුද්ධත්වයක් මතු කළ නොහැකි ඒ සඳහා අවස්ථාවක් නොදෙන තද ස්වරයකින් මෙසේද පවසා තිබේ. මම මමම තමයි. මම ගැහැණියක්. ඒ මිස දෙවැනි ලිංගිකයෙකු නොවේ. කෙසේ වෙතත් ඒ වනාහි ලේඛක නිදහසට වඩා මානව නිදහස ඉස්මතු කරන්නක් බව වර්ජිනියා වුල්ෆ් ද පැහැදිලි කොට දී තිබේ.

යම් අයෙකු තම ස්ත‍්‍රීත්වය හෝ පුරුෂත්වය මත පිහිටා ලේඛන කර්තව්‍යයේ යෙදෙයි නම් එය මාරාන්තික කටයුත්තක් වේ. ඊටත් වඩා භයානක වන්නේ ඒ තැනැත්තා සාමාන්‍ය මට්ටමින් ගැහැණියක හෝ පුරුෂයෙකු වීමය.

Albert-Einstein-Violin.jpg
Albert Einstein

මේ වනාහි ලෝකයේ ස්ත‍්‍රී පුරුෂ බල අරගලය හා බැඳුණු ප‍්‍රකාශ යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. ඒත් මෙතැන ඇත්තේ එවැනි පටු තත්වයක් නොවේ. එය මිනිස් නිදහස නම් පුළුල් කතිකාවත පිළිබඳ මහා සංවාදයක් වැනි කතාවකි. එමෙන්ම ලේඛකයා පිළිබඳ සංවාදයක්ද ඒ තුල තිබේ. එතැනදි ස්ත‍්‍රී පුරුෂ බව යනු නොවැදගත් නීර්නායකයක් බව තහවුරු කිරීමට ගන්නා ප‍්‍රයත්නයක්ද දැකිය හැකිය. ඒ සංවාදයේ එරිකා ජෝන්ග් නිර්වචනය මෙසේය.albert-einstein-relativitaet-100-_v-img__3__4__xl_-f4c197f4ebda83c772171de6efadd3b29843089f

ගැහැණියක් ලේඛන වෘත්තිය තෝරා ගන්නේ බොහෝ දුරට වෘත්තියක් වශයෙන් එය තෝරා ගනු ලබන පුරුෂාධිපත්‍යය විසින් හසුරුවන සමාජ ක‍්‍රමයක් තුලය. ගැහැණිය ඒ තුල තමන් වෙනුවෙන් පවත්නා තත්වයට වඩා උසස් තැනක් අපේක්ෂා කරයි.

සිල්වියා පාර්ත් මේ සංවාදයට එකතු වෙන්නේ කෙසේද? ඇය පවසන්නේ පිරිමියෙකු ඇසුර තුල පුරුෂාධිපත්‍යය දකින ගැහැණිය කෙසේ වෙතත් අධිපතිවාදී මිනිසුන් අගය කරන තත්වයක් ගැහැණියකට ඇති බවයි. මෘගයන් සේ හැසිරෙන වැදි ගති ඇති තිරිසනුන් වැනි මිනිස් හදවත්වලට ගැහැණුන් තුල විශේෂ ඇල්මක් ඇති බවද ඇය පවසයි. කෙසේ වෙතත් සැල්වදෝ ඩාලි පවසන්නේ නීරස ඒකාකාරීත්වයට විරෝධය පෑ යුතු තරමටම විවිධත්වයට සහය දැක්විය යුතු ය කියායි. ඒ අනුව තහංචිවලට එරෙහි වන තරමටම දැවෙන ආශාවන්ට පිටු නොපෑ යුතුය. ඩාලිගේ මේ ප‍්‍රකාශය අවිචාරාත්මක යැයි ඔබ සිතනවාද? එහෙත් මගේ සිතීමට අනුව නම් එවැනි නිගමනයකට යාමට අප ඉක්මන් විය යුතු නැත. මා එසේ පවසන්නේ මේ සියල්ල විසින් නිර්මාණය කරනු ලබන්නේ ජීවිතය නම් ඒ සෞන්දර්යය ප‍්‍රවාහය වීම නිසායි. ඉතිරි වූ හිම රොඩු සමඟ හමා යන ශීත සමයේ අවසාන සීතල මාරුතයෙන් පසුව වසන්තය මිසක් ගිම්හානය පැමිනෙන්නේ නැත.

plath1.jpg

ඇල්බට් අයින්ස්ටයින් අසීමිත ලෙසින් වන මල්වලට ආදරය කලේ යැයි ඔහුගේ අසල්වැසි හිතවතියක වන මාර්තා milan_kundera_new_4aබ්ලවුන්ට් පවසයි. යුද්ධයට පෙර බෙල්ජියමේ වෙරළබඩ පිටිසර නිවසක විසු හෙතෙම වෙරළ පරිසරයේ ඇවිද ගෙන එද්දී වරක් තමාට හමුවූයේ යැයි ඇය පවසයි. ඒ පෙදෙසේ වන මල් සරුවට වැඞී තිබුනි. ඔහු ඒවා එක් රැුස් කරමින් සිටියේය. එහිදී මවිසින් සොයා ගන්නා ලද වනමල් ගොමුවක්ද ඔහුට පෙන්වූයෙමි. ඒ ගැන මට ස්තුති කල ඔහු ඒ මල් ගොමුවටද ගියේය. වනයේ පිපෙන මල් ගැනත් ඒවා වවන අයුරු ගැනත් කතාබහක්ද අප අතර ඇති විය.

ඔබ සිතන්නේ කුමක්ද? ජීවතය යනු අප හරිහැටි හදුනා නොගත් සෞන්දර්ය ප‍්‍රවාහයක් යැයි ඔබට නොසිතේද? ඒ කියවා ගැනීමට නොහැකිවීම ගැන කනගාටුවක් ඔබට නොදැනෙයිද?

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

14095764_1800302850213834_3073706652863120523_n.jpg

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s