තමන්ගේම ඔළුවෙන් හිතනවා නමි ඔහු නිදහස් මිනිහෙක්.

sil_1958-corfu.jpg

”එක්තරා විදිහක නිහඬතාවක් තියෙනවා. දොන් පාවුලෝ තවදුරටත් කීය. පොදුෙවි අපව ආවරණය කරන්නා වූත් අපට රැුකවරණය දෙන්නා වුත් මිථ්‍යාෙවිත්, අගතියෙන් කල් ඇතුව හදා වඩා ගත් වචන වාක්‍යවල පිටකටුව අර කියපු නිහඬතාව තුළදීම කැඞී බිඳී යාමට පටන් ගන්නවා. ඒ නිසා එවැනි නිහඬතාවක් ගැන බිය විය යුතු නෑ.සියලූ ආකාරයේ සුත‍්‍රගත කිරීමි, කියමන් වාගාඩමිබර වාක්‍ය අහකට විසි කරලා දාන්නත් බියවිය යුතු නෑ.” ඉග්නත්සියෝ සිලොනෙ නමි ඒ විශිෂ්ට දේශපාලන නවකතාකරුවා එසේ පවසන්නේ සිය bread and wine ( පාන් සහ වයින් – සිංහල පරිවර්තනය ටි. අන්ද්‍රාදි) නවකතාෙවිය.sil_1930

සිලොනිගේ කෘති සැලකිය යුත්තේ හුදු කතා ආඛ්‍යානයකින් එහාට ගිය සමාජ දේශපාලන විග‍්‍රහයක් වශයෙනි. ඒ සඳහා වඩාත්ම ගැලපෙන වචනය එයයි. එනමි විචාරය නොව විග‍්‍රහයයි. කොයි ආකාරයේ හෝ සමාජයක් අතිශයින්ම මුග්ඪ වූ තැනදී නිශ්ෂබිදතාවක් තුළ ගිලී ගියත් තදබල ආතතියක් ඒ අභ්‍යන්තරයේ කැකෑරෙන බව අවබෝධ කරගත හැක්කේ සියුමි නිරීක්ෂණයක් මෙන්ම පරිණත අවබෝධයක් ඇති අයෙකුටමය.් තවද එවැනි අරාජිකත්වයක් තුළ ඊට එරෙහි ප‍්‍රතිවිරෝධයක් ඇති වීමද වැළැක්විය හැක්කක් නොෙවි. එවැන්නක් සඳහා විසඳුමි දෙන සමාජ දේශපාලන විග‍්‍රහයක අවශ්‍යතාව පෙන්වා දෙන සිලොනෙ ඊට අදාලව වැදගත් වෙන්නේ හුදෙක් න්‍යාය පද්ධති බිහි කරන ගුරකුළ නොව සමාජ සාරධර්ම පද්ධතියක් යැයි පවසයි. ශිෂ්ටාචාරයක් තුළ ජනතාවකට අන්‍යෙන්‍ය මිත‍්‍රශීලත්වයකින් යුතුව වාසය කිරීමට අවශ්‍ය ක‍්‍රමෙවිදය වන්නේ එවැන්නක් බවයි ඔහුග් අදහස.

පළල් අර්ථයෙන් ගතහොත් ඒ වනාහි නිදහසයි. නිදහස සමිබන්ධයෙන්ද ඔහුට ඇත්තේ විස්තරයක් නොව විග‍්‍රහයකි.

bread_wine-e1436986741305

”නුඹ ජීවත් වන්නේ ලෝකයේ වඩාත්ම නිදහස් රෙටි වුණත් නුඹ අලසයෙක් නමි, නුඹ හදවතක් නැති එකෙකු නමි, නුඹ වීර්යය නැත්තෙකු නමි, සෘජු නොෙවි නමි නුඹ වහළෙකු මිසක් නිදහස් මිනිසෙකු නොෙවි……ඒ දේ එහෙමම තමයි. නිදහස, එය වනාහි නුඹ විසින්ම ලබා ගත යුත්තක්. නුඹ වෙනුවෙන් දිනා ගත යුත්තක්.ඒ දේ අනුන්ගෙන් හිඟා කෑ නොහැකියි.”

”ඒ නිදහස ත්‍යාගයක් ලෙසින් පිරිනැමෙන්නේ නෑ……ඒකාධිපතියෙක් යටතේ නිදහස් මිනිසෙක් වශයෙන් සිටින්න නමි ඒ ඒකාධිපතිත්වයට එරෙහිව සටන් වැදීම හොඳටම ප‍්‍රමාණවත්. තමන්ගේම ඔළුවෙන් හිතනවා නමි ඔහු නිදහස් මිනිහෙක්. තමන් නිවැරදි යි කියා විශ්වාස කරන දේ වෙනුවෙන් අරගල කරන, ඒ මිනිහා නිදහස් මිනිහෙක්.”

ඉග්නත්සියෝ සිලොනෙගේ සමාජ සාහිත්‍යයික ආස්ථානය ගැන ඇල්බෙයා කැමු ද අදහස් පළ කොට තිෙබි ඒ අනුව සිලොනෙ දැඩි ලෙසින්ම සිය භූමියට බැඳී කටයුතු කළ පුද්ගලයෙකු ෙවි. එහෙත් ඒ තරමටම හෙතෙම යුරෝපීයත්වයත් සමග බැඳී සිටියේ යැයි ද කැමූ පවසා තිෙබි. අනිත් අතට තමන් සමිබන්ධයෙන් සිලොනෙද දැනුවත්ව නොසිටියා නොෙවි. පහතින් එන්නේ සිය කාර්යභාරය සමිබන්ධයෙන් ඔහු විසින්ම සිදු කරන ලද ප‍්‍රකාශයකි.

Silone_fiuggi_1970.jpg

”මා විදේශයන්හි සංචාරය කොට, විදේශයන්හි ජීවත්ව සිටි නමුදු මෙතෙක් මා ලියූ සෑම දෙයක්ම මෙන්ම ඇතැමි විට ඉදිරියේදී ලියන්නා වූ සෑම දෙයක්මත්් ෙමි දිස්ති‍්‍රක්කය, වඩාත් නිවැරදිව කිවහොත් මා උපන් නිවාසයේ සිට කොයි පැත්තන් බැලූවත් දැකිය හැකි සැතපුමි තිහකට හෝ හතලිහකට හෝ නොවැඩි ප‍්‍රදේශය හා සමිබන්ධ වන්නේය.” ඉහතදීත් කී ආකාරයට සිලොනෙගේ භූමියත් සමග බැඳුණු සමිබන්ධතාව (කැමූගේ අවධාරනය* පෙන්වා දෙන්නේ ද මෙයම ෙවි. වැදගත්ම කාරණය එවැනි බැඳීමක් ඔහුව වර්ගවාදියෙකු නො කිරීමයි. සත්තකින්ම ඔහු ප‍්‍රබල සමාජ දේශපාලන නිරීක්ෂකයකු ෙවි. ඒ තරමටම නිර්මාණාත්මක ලේඛකයෙකුද වේ. ඒ බව සනාථ කිරීමට ඔහුගේ ෆොන්ටමාරා කෘතිය පමණක් ගත්තත් ප‍්‍රමාණවත් ය. එහෙත් ඒ නිසාම සිලොනෙගේ අනිත් කෘති සමිබන්ධයෙන් ඒ අවධාරණය ලිහිල් ෙවි නමි ඒ නිසා ඔහුට සිදු විය හැකි අසාධාරණය ඉමහත්ය.

මොහාන් ශි‍්‍රයන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s