රජවරු කියන්නේ ජනතාවගේ බලය ගත්ත හොරු.

_82932680_incarnations-shivaji

”සුදාස්, මං දැන් ජීවිතේ අන්තිමට ළඟයි. පන්චාලය පාලනය කරන එකේ බර එන්න එන්නම මට දැන් වැඩියෙන් දැනෙනවා.”Rahulji's_Sketch

”එහෙනං ඇයි ෙමි බර පන්චාල් ජනතාවට දීලා දාන්නෙ නැත්තෙ.”

”ජනතාවට, මගෙ පුතා, මට නුඹ කියන දේ තේරෙන්නෙ නෑ.

”ඔක්කෝටම වඩා බලය අයිති වෙන්නේ පන්චාල් වැසියන්ටමයි. අපේ මුතුන්මිත්තෝ ජනතාවගේ පොදු මිනිස්සු හැටියටයි උන්නෙ. ඒ කාලේ කිසිම රජෙක් හිටියේ නෑ. හැම දේම තීරණය කළේ මිනිස්සු. හරියට තාමත්. මල්ලවරු, මද්‍රාවරු, ගාන්ධාරවරු කරනවා වගේ. ඊට පස්සෙ මගේ සීයා කෙනෙක්, වද්‍යාශ්වගේ මුතුන්මිත්තන්ගෙන් කෙනෙක්, අනිත් මිනිස්සුන්ගේ ශ‍්‍රමයේ බලයෙන් තමන්ගේ සතුට ඇති කරගන්න ආසාෙවි ගොදුරක් වුණා. එයා සමහර විට ගෝත‍්‍රයේ ප‍්‍රධානියා නැත්නං යුද නායකයා වෙන්න ඇති. ගෝත‍්‍රය වෙනුවෙන් සටන් කිහිපයක් දිනීිමෙන් එයා ඒකේ ආදරයක්, විශ්වාසයත් අත් කරගෙන, ධනය උපයාගෙන, ඒවාත් ප‍්‍රයෝජනයට අරගෙන තමන්ගේ මිනිස්සුන්ට ද්‍රෝහී ප‍්‍රහාරයක් දෙන්න ඇති. එයා ඔවුන්ගේ අතින් බලය උදුරාගෙන, අසූර්ලා ළඟ තිබුණා වගේ රාජාණ්ඩුවක් පිහිටෙවිවා. එයා අසුර්ලාව අනුගමනය කළා, වාගිෂ්තගේ නැත්නමි විශ්වමිත‍්‍රගේ දැනට අමතක වෙලා තියෙන මුත්තෙක්ව පූජක පදවියත් එක්කම අල්ලසට ගත්තා. ෙමි මිනිහා මිනිස්සුන්ගේ ඇස් වලට වැලි ගැහුවා. ඉන්ද්‍ර ගැන, අග්නි ගැන, සෝම ගැන, වරුණ ගැන, විශ්වදේව ගැන, ඒ වගේම අනිත් හැම දෙවියෙක් ගැනම කිය කියා එයා ෙමි රජ්ජුරුවෝ ඔවුන්ව පාලනය කරන තැනට ගෙනාවා. එයාලා ඔහුගේ අණට කීකරු විය යුතු වගේම සුදුසු පරිදි තෑගි බෝග දිය යුතු බවට ඔහු කියා සිටියා. තාත්තේ ෙමික සමිපූර්ණ වංචාවක්. ඒකෙ හැම දෙයක්ම මංකොල්ලයක්. අපිට ෙමි බලය ඉතිරි කළ අපේ මුත්තා අමතක කරන්න ඕනෑ. නමත් අමතක කරන්න ඕනෑ. එයා වෙනුවෙවන් කෘතඥතා පූර්වකව කථා කරන එක නවත්තන්න ඕනෑ.”

_81455939_624_singh

” නෑ මගේ පුතා අපි හඳුනාගන්නේ අපේ බලය පවරලා තියෙන්නේ ජනතාව බවයි. රාජාභිෂේක දිවුරුම් අවස්ථාවේදී ජනතාවගෙනුයි අපි ’ප්ලාස්’ ගහේ අත්තක් රාජ්‍ය සංකේතය විදිහට ලබා ගන්නේ. ”14238293_1279483415418712_667948975359435131_n

” ඔය රාජාභිෂේක උත්සවය නිකම්ම ප‍්‍රදර්ශනයක් විතරක් වෙලා. ඇත්තට ම ජනතාව රජ්ජුරුවන්ගෙ ස්වාමියද? කොහෙත් ම නෑ. ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවනි. රජ්ජුරුවෝ අනිත් අය එක්ක එකට ඉඳ නොගන්න හැටි. එයාල එක්ක එකට කෑම නොකන හැටි. එයාලා එක්ක වැඩ නොකරන හැටි දකිද්දී, මද්‍රාවරුන්ගේ නැත්නං ගාන්ධාරවරුන්ගේ ප‍්‍රධානියකුට පුළුවන් ද ඔය විදහට හැසිරෙන්න?”

”අපි එයාලා විදිහට ජීවත් වුණොත්, කවුරුහරි හතුරෙක් දවසකදී අපිව ඝාතනය කරාවි. අපට වස දේවිෟ ”

”් ඒ වගේ භයක් එන්නේ හොරුන්ට, මංකොල්ලකාරයින්ට විතරයි. ගමේ ප‍්‍රධානියෝ හොරුවත්, මංකොල්ලකාරයොවත් නෙවෙයි. එයාලා හිතන්නේ තමන්, තමන්ගේ ග්‍රෝතයේ හැබෑ පුත්තු විදිහටයි. එයාලා ඒ ජීවිතේ බෙදා හදා ගන්නවා. ඉතිං එයාලට බයවෙන්ඩ කිසිම හේතුවක් නෑ. රජවරු කියන්නේ ජනතාවගේ බලය ගත්ත හොරු. ඉතිං එයාලා ජීවත්වෙන්නේ නිරන්තර බයෙන්. රජවරු තමන්ගේ අන්ත-පුරය, රත්තරං, වහල්ලූ ලබාගන්නේ අනිත් අයගෙන් මංකොල්ල කාලා. එහෙම නැතුව තමන්ගෙ ම මහන්සියෙන් නෙවෙයි.”

” හොඳා මගේ පුතා, මේකෙන් අදහස් වෙන්නේ ඔයා මාව අපරාධකාරයෙක් කියලා සලකන එකද? ”

760470-Rahul_Sankrityayan_copy-1410361553-476-640x480

” ආ නෑ. තාත්තේෟ මං ඔයාගේ මාළිගයට ආවා ම මටත් කරන්න වෙන්නේ ඔයා කරන දේ මයි. කැමැත්තෙන් නැත්නං අකමැත්තෙන්. එතකොට මං කොහොමද මගේ තාත්තා අපරාධකාරයෙක් කියන්නේ?”450px-Rahulji

” ඔයා කතාකරන්නේ ජනතාවගේ බලය ආපහු පිහිටුවන එක ගැනයි. ඒක යළි පිහිටුවන එක කරන්න පුළුවන් දෙයක්ද? මගේ පුතා නුඹ මේක තේරුම් ගන්න ඕනෑ. පන්චාල්වරුන්ගේ රජු වුණු දිවොදාස් කියන්නේ, ජනතාවගේ ආහාර කොල්ලකන එකම මිනිහා නෙවෙයි. හුඟාක් බලවත් කොල්ලකාරයෝ අතරේ එයා එක ම එකෙක් විතරයි. එයා ශක්තිමත් වෙන්න ඇති. ඒත් අනිත් උන්ගේ එක්සත් ශක්තිය ඉස්සරහා එයා අසරණයි. එයාගේ රඳළයෝ, පවුලේ කුමාරවරු, හමුදා අණ දෙන්නෝ මේ හැමෝට ම වඩා බලවත් ම හමුදාව තමයි පූජක කට්ටිය. ”

( මෙම උද්ධෘතය උපුටාගන්නේ රාහුල් සංකෘත්‍යායනගේ ”වොල්ගා සිට ගංඟා තෙක් ” කෘතියෙනි. සිංහල පරිවර්තනය මහින්ද සෙනරත් ගමගේ ගෙනි.”

( මෙම උද්ධෘතය උපුටාගන්නේ රාහුල් සංකෘත්‍යායනගේ ”වොල්ගා සිට ගංඟා තෙක් ” කෘතියෙනි. සිංහල පරිවර්තනය මහින්ද සෙනරත් ගමගේ ගෙනි.”

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s