In Ruhunu Jungle

2.jpg

කැළෑ ගමිවැසියන් සැබෑ මහත්වරුන්ය. ආගන්තුක සත්කාරයට ඔවුහු මහත් සේ කැමති වෙති. අවංකය. හෘදයාංගමය. නිරන්තරයෙන් නියඟය සහ ගංවතුර සමග පොර බදන ඔවිහු ජීවිතයේ සරල නිරහංකාර අව්‍යාජ සතුටක් විඳිති. අද නොයෙක් ජනපද යෝජනා ක‍්‍රම නිසා වනාන්තරයේ විශාල ප‍්‍රදේශයක් එලි පෙහෙලි වෙමින් පවතී. අලූතෙන් ෙමි ජනපද වලට පැමිනෙන්නවුන්ගේ ගතිගුණ ෙමි කලෑ ගමි වැසියන්ගේ ඇවැතුමි පැවැතුමි වලට වඩා වෙනස්ය. ඔවිහූ දබරයට කැමැත්තෝය. වනාන්තරයෙහි සෙෘන්දර්යය පිළිබඳව හැඟීමක් ඔවුන්ට නොමැත.නාගරික ගතිගුණ දරන්නවුන් වන සමිපත් සුරැුක ගැන්ම සඳහා කටයුතු කරතැයි සිතීම උගහටය……14225521_338924116448105_5965492969548556343_n

……..ලෙනාඩි වුල්ෆ් විසින් එදා මනා සේ නිරීක්ෂණය කරන ලද ’බැද්දේගම’ අද නිසි පරිදි තෝරාගෙන පදිංචි කරවන ලද ගොවීන්ගේ උත්සහාය නිසා රන්වන් කරල් සිනාසෙන ජනපදයකි. වපුරන්නවුන්ගේ ගොයමි කරල් කපන්නවුන්ගේ ගී ගායනා හඬ එහි දසත සිසාරා පැතිරේ. මා පදිංචි ස්ථානය සමීපයෙහි පිහිටි බැද්දේගම අද කොහිදැයි ලෙනාඩි වුල්ෆ්හට සොයා ගත නොහැකි වනු ඇත…..

……..සුළඟ වියළිය. සුවදායකය. සැනසිළිදායක බව වා රැුල්ලේ රැුඳී පවතී. මෙහි පැමිණි දිනයට වඩා ගතට නිරෝගී භාවය දැනේ. එළිමහනේ හිඳ ගැඹුරට ආශ්වාස ප‍්‍රශ්වාස කිරීෙමි ව්‍යායාමය දිනපතා පුහුණු කළෙමි. උඩු කය නොවසා සිටින මගේ ගතට සුවදායි බවක් ,නිරෝගි බවක් සපයමින් සුළඟ තැවරෙමින් හමා යයි.මගේ ස්නායු නිවී සැනහේ. ගොරහැඬි හඬ නගන ගුවන් විදුලි යන්ත‍්‍ර මෙහි නොමැත. මෝටර් රථවල රළු නළා හඬ නො ඇසෙයි. ජනගහන තදබදය නොෙවි. සිරුර කැකෑරෙන නාගරික උණුසුම නොදැනේ. හාත්පස නැවුමි බව හා ප‍්‍රීති ප‍්‍රබෝධයක් පවතී. මට සැතපුමි ගණනක් දුර පා ගමනින් යා හැකිය. ප‍්‍රචණ්ඩකාරියෙකු ලෙස සැලකූ අය විසින් ම මගේ ජීවිතය වෙනස් කිරීමට උපදෙස් දෙන ලදී. නාගරික දිවි පෙවෙත ගැන සිතන විට දැන් මගේ සිරුර කිලිපොලා යයි.

සමහර විටෙක මිත‍්‍ර සමාජයේ හැසිරීමද සතුටට හේතු නොෙවි යයි සිතේ. ඔවුන්ද මා මෙන්ම ස්වභාව ධර්මය සමග හාදව ජීවත් වීමට පුරුදු වුවහොත් සැබෑ ජීවන මාර්ගයකට පිවිසිය හැකිය. ඔවුන්ට ගුවන් විදුලියට සවන් දීමට අවශ්‍යය. යුද්ධ කලකෝලාහල, අභව්‍ය සිදුවීමි. යුද පුවත්, සැබෑ හා ව්‍යාජ ආරංචි ඇතුළත් පුවත්පත් වලින් ගෙය පුරවා ගත යුතුය. ඒවා ආත්මය තවන දවන දේ යැයි මට හැෙඟ්. එයට වඩා හුදෙකලාව විසීම අගනේය. අවස්ථෝචිතව පමණක් ආගන්තුකයින් පැමිණීම සෑහේ. පී‍්‍රතිමත් පිළිසඳර, පි‍්‍රය සමිභාෂන අතරින් දින කීපයක් විනෝදයෙන් ගෙවා මා හැර දමා ඔවුන් නික්ම යෑම අගය කරමි. ඉතා හොඳ පිලිවෙත එයයි.

AAEAAQAAAAAAAARNAAAAJDRmZGIwYmFiLWVkZjgtNDZiNy1hNDQ4LWM5YWI3MDhhMTJlYw.jpg

………ෙමි ප‍්‍රදේශයේ තවත් ස්වභාව ධර්මයට පේ‍්‍රම කරන්නෙකු වෙසේ. ඔහු විශ‍්‍රාම ගිය තේ වැවිලිකරුවෙකි. දිග වාසගමක් සහිත පට බැඳි නමක් ඔහුට තිෙබි. පැරණි යුද හමුදා ගිලන් රථයක් කැරවෑන් රියක් බවට සකස් සරගෙන ඔහු ගමන් බිමන් යයි. වනගත ජීවිතයට බෙහෙවින් ප‍්‍රිය කරන මොහු කර්කශ ජීවිතයට වුවමනා සේ හැඩගැසී ඇත. ඔහුගේ ඇඳුම කාකි කොට කළිසමකි. සමිපූර්ණයෙන් දෙපා නොවැසෙන සේ සපත්තුෙමිස් නො පලඳී. ඒ නිසාම හිරු රැුස් වැදීමෙන් ඔහුගේ සිරුර තඹ පැහැ ගැන්වී ඇත. මම සටහන් පොතක් සහ පෑනක් රැුගෙන ඔහු මුන ගැසීම සඳහා කීප වතාවක්ම ගියෙමි. මා එසේ යන හැම විටකම ඔහු සිටියේ ලඳු කැළෑ අතර ඔබ මොබ සක්මන් කරමින් පයිප්පයක් රැුගෙන උරමිනි. අපි ඔවුනොවුන්ගේ අත්දැකීමි බෙදා හදා ගතිමු. එකට හි\ ටින් කෑම කා අප අතින්ම තේ පිලියෙල කරගෙන බීවෙමු.

14192782_338924539781396_8956314702466175198_n
Translator S. Jayakodi

……එමෙන්ම අහසින් බොහෝ පහළ ජීවත්වෙන මිනිසුන්ට අනුකමිපා කරන ලෙස ඔවුන් (මෙහි ඔවුන් ලෙසින් හඳුන්වා ඇත්තේ ආදි කාලීන වැසියන්ය.* දෙවියන් වෙතින් අයැද සිටි බවද ප‍්‍රකටය. එසේ වුවද වර්තමාන භෞතිකවාදී යුගයේ ඉදි කිරීමි සිදුවන්නේ නිවාස ප‍්‍රශ්නය විසඳීමට විනා දෙවි දේවතාවුන් උදෙසා පූජෝපහාර පැවැත්වීමට නොෙවි. කෝටි ගණන් ජනතාවකගේ නිවාස ප‍්‍රශ්න විසඳීම අරමුණු කොටගෙන අහස උසට ගොඩනැගිලි තැනීම මිස දෙවියන් වෙසෙන ලෝකය ගැන අපට අවබෝධයක් හැඟිමක් නොමැත. අද අප අහස දෙස බලන්නේ කුඩයක් රැුගෙන ගෙදරින් පිටවිය යුතුද යන්න නිශ්චය කර ගැනීමට පමණි.

අරුණෝදයේ සූර්යෝද්ගමනයේ අතිශය චමත්කාරය ගැන හෝ චිත්තාකැ්ෂනීය සන්ධ්‍යාකාන්තිය ගැන කතා කරන විට ශ‍්‍රාවකයා සවන් යොමු කර සිටිනුයේ අමන්දානන්දයෙනි. ඔහු ඒ වර්ණනාව සත්‍යයක් සේ පිලිගෙන ආස්වාදයක් විඳී. එහෙත් පියවි ඇසින් සැබෑ ලෙසින් යථොක්ත සුන්දර දර්ශනය නරඹා සෞන්දර්ය රසාස්වාදයක් විඳීමට උත්සුක වනුයේ දහසින් එකෙකු පමණි. ඒ පිළිබඳව ඔබ හා සංවාදයකට එළඹෙනුයේ කලාතුරකින් එකෙකි.

…..කොළඹට රැුයත් දවාලත් එකය. නැතහොත් කොළඹට රැුයක් හෝ දහවලක් නැතැයි මට සිතේ.

(ඉහත උද්ධෘත අප විසින් උපුටා ගන්නා ලද්දේ ” ඩග්ලස් රැෆල් ලියූ in ruhunu jungle නමි කෘතියේ සරත්චන්ද්‍ර ජයකොඩි මහතාගේ සිංහල පරිවර්තනයෙනි.

ඩග්ලස් රැුෆල් – වෘත්තියෙන් බි‍්‍රතාන්‍ය උසස් නිලධාරියෙකු වූ ඔහු රුහුණු වන පියසට පැමිණියේ හෘදය රෝගියෙකු හැටියටය. එසේ පැමිණ දිගු කාලයක් වෙරළාසන්න වනගත ගමිමානයක විසූ ඔහු මවි රට බලා ගියේ නිරෝගි මිනිසෙකු වශයෙනි. ඒ අතර කාලයේදී ඔහු අත්වින්ද නිදහස මෙන්ම මානසික සහනය ගැන අවසානයේදී ඔහු විසින්ම ලියන ලද ලියවිල්ලයි in ruhunu jungle

gf

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s