”දුර්ගය” නම් මාගේ ජීවිත අත්දැකීම් ප‍්‍රකාශනය

0022.jpg

දුර්ගය වනාහි නව සාහිත්‍ය ප‍්‍රභේදයක් වූ ස්වයං චරිතානුබද්ධ නවකතාවකි. [Autobiographical Novel] එය ස්වයංචරිතාපදාන සහ කල්පිත ප‍්‍රබන්ධවල සංකලනයක් වූ නවකතා විශේෂයකි.

zදශක අටකට ආසන්න කාල පරාසයක් ඔස්සේ, මාගේ ජීවිතය නමැති යොත රැුහැන්් පටවල් තුනක් සමඟින් විකාශනය වී ඇත.එයින් පළමු රැුහැන් පොට නම් මාගේ ගෘහ ජීවිතයයි. දෙවැන්න මාගේ වෘත්තීය ජීවිතයයි. තෙවැන්න මාගේ කලා නිර්මාණ ජීවිතයයි. මට සය අවුරුද්ද පිරුණු පසු බාල කාලයේ මතක සටහන්, දෙමාපියන්, නෑසියන් සහ යහළු මිත‍්‍රයින් සමඟ හුවමාරු වූ කතා බහ සහ මෑත කාලයේ මා අතින් සිදුවූ අමනකම්, නොහොබිනාකම් සහ මාගේ නිර්මාණශිලි ජයග‍්‍රහණ සමඟ මා මුහුණ දුන් අතුරු අන්ත‍්‍රාවන්, මා විඳි නින්දා අපහාස, මා වැටුණු බොරු වලවල් ඇතුළුව මා ජීවත් වූ සමාජ පරිසරය පිළිබඳ විස්තර කිසිදු ලජ්ජා බයකින් තොරව මේ අසාමාන්‍ය නවකතාවේ අඩංගු කර ඇත. මෙහි එන සමහර චරිත දැනට ජීවතුන් අතර නැත. ජීවතුන් අතර සිටින සමහර දෙනෙකුගේ මෙන්ම මළවුන්ගේ නම් ගම්ද අගතියක් වළක්වනු සඳහා වෙනස් කර ඇත. එහෙත්, සමහර නමක් මුල් ස්වරුපයෙන් ම රඳවා ගෙන ඇත. මට උපකාරීවූ සත් පුරුෂයින්ට පැසැසුම් කරන අතර එළිපිටින් සහ රහසින් මට හදිකල අය පිළිබඳ ඉඟි හා තොරතුරු ද මා සඟවා නැත. කාලාන්තරයක් තිස්සේ සාහිත්‍ය ප‍්‍රතිරූප වන්දනාවට හුරුපුරුදු පාඨක පරම්පරාවකට අවසන් යථාර්තය මත පදනමි වූ මෙවැනි කල්පිතයක් රස විඳීම නැවුම් අත්දැකීමක් විය හැකිය. කෙසේ වුවද මේ කෘතියට අඩංගු වී ඇත්තේ මාගේ ජීවිතයේ අනන්ත අප‍්‍රමාණ අත්දැකීම්වලින් අල්පයක් පමණක් බවද කිව යුතුය.

පේ‍්‍රමරංජිත් තිලකරත්න

(premaranjith.t@gmail.com)

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s