ගල්ඔය මිටියාවත

maxresdefault (1).jpg

14202589_1282037908496596_408353844122973417_nලේඛකයා ෙමි ග‍්‍රන්ථය සමිපාදනය කිරීෙමිලා තෝරාගෙන ඇති ප‍්‍රස්තුථය වන්නේ මීට දසක කීපයකට පෙර අලි ඇතුන් ගෝනුන් මුවන් නිදහසේ සැරි සැරූ නේක කුරුළු කෙවිළියන් ගේ කුජනයෙන් සංගීතවත් වූ ගල්ඔය මිටියාවතේ තැනින් තැන විසිරී පැවැති කුඩා ගමිමාන, මීට වසර 28 නට පමණ පෙර ගල්ඔය සංවර්ධන මණ්ඩලය ආරමිභ වීමත් සමග විපර්යාසයකට භාජනය වූ අන්දමයි. ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ ප‍්‍රථම ලේකමිවරයා වශයෙන් එහි ආරමිභයේ කටයුතු කළ මවිසින්ද අත්දුටු මෙම විපර්යාසය ලේඛකයා විසින්ද මැනැවින් ග‍්‍රහනය කරගෙන ඇති බවට මෙම ග‍්‍රන්ථය සාක්ෂි දරයි.

……කතුවරයා අත දිගු කර අපට පෙන්වා දෙන්නේ කැලෑ බිමි හෙළි පෙහෙළි කරමින් ඉදිවන නව ජනාවාස හරහා හීයක් මෙන් එක එල්ලේ දිවෙන නව මහා මාර්ග, ඇල ෙවිලි , ප‍්‍රතිසංස්කරණය වන වැවි පොකුණු ඔස්සේ පාරමිපරිකව පැවත එන ජන ජීවිතයේ ඇති වෙමින් තිබෙන පරිවර්තනයයි. ඉන් නොනවතින ඔහු මතුකර ගන්නා පුරාණ ශිෂ්ටාචාරයේ නටබුන් මතකයෙන් ගිලිහී යන ජන ගී, වැදි ගී, ජන කතා යාගහෝම , යන්ත‍්‍ර මන්ත‍්‍ර වන ඖෂධ වැනි ප‍්‍රාදේශීය සමිපත්ද ලේඛණගත කරයි.

…..රජගල කන්දේ සිටුවන ලද ගල් කණුවක් මත රඳවන ලද ගල් පියස්ස විවෘත කරන ලද කුඩයක් හෝ හත්තක්් සිහි ගන්වයි. ලේඛකයාගේ අදහස එය පුරාණයේ භික්ෂූන් බවුන් වැඞීම සඳහා අවු මුවාවක් වශයෙන් භාවිතා කරන්නට ඇති බවය. බණ්ඩාර¥ව. බක්කිඇල්ල, ඇඹිලියානකුඹුර, කොහොඹාන වැනි ප‍්‍රදේශ පුරා විසිරී ඇති ඇතැමි ගල් ලෙන්වල බ‍්‍රාහ්මි අක්ෂරයෙන් ලියන ලද සෙල් ලිපි දැකිය හැකිය. පුරා විද්‍යාත්මක මතය මෙම සෙල් ලිපි ක‍්‍රි. පූ. 3 සියවසට අයත් බවය. පුරා වාත්තයකට අනුව මාඝ නමි ආක‍්‍රමණිකයා පොළොන්නරුව යටත් කරගෙන සිටි සමයේ(ක‍්‍රි.ව. 1220- 1224* විජය නමි කුමාරයෙකු ඔහුට විරුද්ධව කරන ලද සටනේදී මෙම ගල් ලෙන් වල සිට සේනා සංවිධානය කොට ඇත මෙම ගල් ලෙන් වලින් සමහරක පුරාණ වැදි චිත‍්‍ර දැකිය හැකිය. ඔවුන් බොහෝ විට චිත‍්‍රයට නගා ඇත්තේ සත්ව රූප, දුනු හී, හිරු වැනි දෑ ය. අඟුරු මිශ‍්‍ර ලාටු වර්ගයකින් ඇඳ ඇතැයි සිතිය හැකි මෙම ගුහා චිත‍්‍ර අප මෙකල දකින ළදරුවන්ගේ චිත‍්‍ර හා සමාන බව කතුවරයා සඳහන් කරයි. පිරිමින් දඩයමි සඳහා වන වැද සිටින කාලය තුළ කාන්සිය මකා ගන්නට වැදි ගැහැණුන් මෙම චිත‍්‍ර අඳින්නට ඇතැයි ලේඛකයා අදහසක් ද ඉදිරිපත් කරයි. වෛද්‍ය ස්පිටිල් ඔහුගේ ග‍්‍රන්ථයක කතා නායකයා බවට පත් කරගෙන ඇති වන්නකු තිසාහාමි නමි අර්ධ වැද්දා කලක් සැඟවී සිට ඇත්තේද මෙම ගල් ලෙන්වලය.

block6.jpg

ගැඹුරු අර්ථ දැක්වෙන සංකේත නිර්මාණය කිරීමට පැරණි කලාකරුවා දක්වන ලද සමත්කම කියා පාන්නකි මල් ආසන. (ෙමිවා ආසනඝර වශයෙන් පුරා විද්‍යාඥයින් විසින් හ\ූනාගෙන තිෙබි.*

අමිපාර මහ ඔය මාර්ගයේ යන විට හමුවන අඩක් වනය විසින් සඟවා ගත් පුළුකුනාව චෛත්‍යය, බුද්දම ලෙන් විහාරයේ අඩි 30 දිගැති සැතපෙන බුදු පිළිමය, පුරාණ දේව වන්දනාෙවි උප සංස්කෘතියක් සමගම නටබුන් බවට පත්ව ඇති නැවිගල පත්තිනි දේවාලය ලේඛකයා විසින් හඳුන්වා දෙනු ලබන්නේ පාඨකයා තුළද එම ස්ථාන නැරඹීෙමි රුචියක් ඇති කරමිනි.

……ගල්ඔය සංවර්ධන මණ්ඩලය යටතේ නව ජනපද ඇති වීමත් සමඟ මෙස පුරාණ ගමි බොහොමයක්ම පාළුවට යමින් පවතී. අද ඔවුන්ගේ ජීවිත හැඩ ගැසෙන්නේ පිට ප‍්‍රදේශ වලින් ගෙනැවිත් මෙම ජනපදවල පදිංචි කරනු ලබන ජනයා සමග මිශ‍්‍රව නව සංස්කෘතික රටාවක් ඔස්සේය. පුරාණ ගම්වල අද වෙසෙනුයේ අතලොස්සකි. නව ජනපදවල පදිංචි කිරීමෙන් පසු ඔවුන් ඔරොත්තු නොදෙන නව සංස්කෘතික අවුලකට ගොදුරු වී ඇත. පරම්පරා ගණනක් ඔවුන්ට හුරුව සිටී ආසන්න පාලකයන් වූ කැලෑ කෝරාළලා, ගමරාළලා, පංගුවේ රාළලා අද නැත. ඔවුන්ගේ තැන ගෙන සිටින්නේ මෙම නූගත් මිනිස්සුන්ට නම් පවා උච්ඡුාරනය කල නොහැකි අළුත් පන්නයේ නිලධාරි පෙලෙන්තියකි.

galoya-4-1125x500.jpg

වැද්දන් නව සංස්කාතියකට අනුගත වෙමින් සිටියදී ඔවුන් සමඟ පැවත ආ ගති සිරිත්, ඇවැතුම් පැවැතුමි, ඇදහිලි, වැදි ගී. ජනකතා පමණක් නොව ඔවුන්ගේ පාරම්පරික නම් ද භාවිතයෙන් ඉවත් වෙමින් පවතී…………….. මෑත කාලයේදී වැද්දන් ගේ ජීවිත පිළිබඳව ජනතා උනන්දුවක් ඇති වූයේ වැද්දෙකු වූ හොලිකේ වන්නකු තිසාහාමිගේ චරිතය අලලා වෛද්‍ය ස්පිට්ල් විසින් ලියන ලද Savage Sanctuary නම් වූ නවකතාව නිසාය. ලේඛකයා ඔහුගේ ජීවත්ව සිටින පුත් ටිකිරි සහ දුවණිය කෝම්බි මුණ ගැහී එම අඳුරු යුගයේ ඔවුන් ගත කළ දුක්ඛදායක ජීවිත හා වර්තමාන ජීවිත පිළිබඳව පාඨකයා දැනුවත් කිරීමද අමතක කර නැත.

වැද්දන්ට සමාන ජීවිත ගත කරන අහිගුන්ඨිකයන් වශයෙන් හැඳින්වෙන ජන කණ්ඩායම් දෙකක් ගල් ඔය මිටියාවතේ අලිගම්බේ සහ රූපස්කුලම්හි වෙසෙති. එක් තැනක පදිංචිව ගොවි තැනින් ජීවිතය ගෙනයාමට වෙර දරන ඔවුන් පිළිබඳව අසන්නට ලැබීම පාඨකයාට අළුත් අත්දැකීමක් වෙනු ඇත. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ පාරම්පරිික වැදි ගමක් වූ පාරම්පරික යත්තුරේ තබ්බෝව නම් ගමක උපන් වැදි තරුණයෙකු වැද්දන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීමේ පරිශ‍්‍රමයක යෙදී සිටින බවට ඊනියා උපකල්පනයක යෙදී රට පුරා කරක් ගසමින් ජන ප‍්‍රධානින් හමුවෙමින් දැරූ ප‍්‍රයත්නය අසාර්ථක වී අවසානයේ බුදු සසුනේ පැවිදි වෙයි. ලේඛකයා ඉදිරිපත් කරන ඔහුගේ කතාන්තරය වැදි රැුහේ ගරා වැටීම සංකේතවත් කරන්නකි.

ආචාර්ය – පණ්ඩිත් නන්දදේව විජේසේකර.

gf

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s