A Janakaraliya Drama Festival in Jaffna

14192142_1611332689164115_2408741661379593336_n.jpg

ප‍්‍රවීණ නාට්‍යවේදී පරාක‍්‍රම නිරිඇල්ල විසින් මෙහෙයවන ජනකරළිය නාට්‍ය හා රංගකලායතනය මෙවර නාට්‍ය උළෙල යාපනයේ පැවැත්වීමට සූදානම් කර ඇත. යාපනයේ, නල්ලූර්හි, චෙම්මනි පාරේ, සාධනා විද්‍යාලීය කී‍්‍රඩා පිටියේ ස්ථාපනය කරණ ලද ජනකරළිය ජංගම රඟහලේදී සැප්තැම්බර් මස 7 වැනිදා සිට 21 වැනිදා දක්වා දිනපතා 6.30 ට පැවැත්වෙන මෙම නාට්‍ය උළෙලට සිංහල සහ දමිළ භාෂාවලින් රඟදැක්වෙන නාට්‍ය මාලාවක් අයත් වේ.
උතුරු පළාත් අධ්‍යාපන හා කී‍්‍රඩා අමාත්‍යාංශයේද, උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේද සහාය ඇතිව මෙම නාට්‍ය උළෙල සංවිධානය කර ඇති අතර ජර්මානු තාක්ෂණික සහයෝගිතා ආයතනය (GIZ) යුරෝපා සංගමය (EU) සහ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයට අනුබද්ධ සංස්කෘතික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFPC/UNESCO) විසින් මෙම උළෙල පැවැත්වීම සඳහා අනුග‍්‍රහය ලබා දී ඇත.
සැප්තැම්බර් 7 වැනි බදාදා සවස 6.30 ට පරාක‍්‍රම නිරිඇල්ල සහ කේ.රතිධරන්ගේ සම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කරණ ලද ‘‘වෙන්කට්ටි වට්ටම්’’ නාට්‍යය රඟදැක්වීමෙන් ජනකරළිය නාට්‍ය උළෙල ආරම්භ කරනු ඇත. ‘‘වෙන්කට්ටි වට්ටම්’’ ආචාර්ය එම්.ෂන්මුගලිංගම් විසින් දමිළ භාෂාවට පරිවර්තනය කරණ ලද බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ‘‘ද කොකේසියන් චෝක් සර්කල්’’ නාට්‍යයේ පිටපතට අනුව ජනකරළිය විසින් නිෂ්පාදනය කරණ ලද නවතම නාට්‍යයයි. ඉන්පසුව පරාක‍්‍රම නිරිඇල්ල විසින් අධ්‍යක්ෂණය කළ ‘‘චරන්දාස්’’, ‘‘මායාපට්ටාෙඩෙ’’ සහ ‘‘එරික්කලම් පූ’’, ‘‘හුණුවටය’’ (සිංහල නිෂ්පාදනය*, ‘‘භාෂා සහ මොලී’’, රාසයියා ලෝගානන්දන් අධ්‍යක්ෂණය කළ ‘‘ඉරුම්බිය පොරුත්තිය ඉදයම්’’, සෙල්රාජ් ලීලාවතී අධ්‍යක්ෂණය කළ ‘‘පරයන්’’, ‘‘මිසිස් කෝහිලා මාධවන්’’, ත්‍යාගරාජා ශිවනේසන් අධ්‍යක්ෂණය කළ ‘‘එලි පොරියිල් පූනෛ’’ සහ ‘‘මායා කල්වි’’, අජන්තන් ශාන්තකුමාර් අධ්‍යක්ෂණය කළ ‘‘කල්‍යාණ කදෙයි’’, රොනිකා චාමලී සහ සෙල්වරාජ් ලීලාවතී අධ්‍යක්ෂණය කළ ‘‘පයනිහල්’’ යන ජනකරළිය නාට්‍ය නිෂ්පාදන රංගගත කරනු ඇත. ඊට අමතරව, යාපනයේ ප‍්‍රාසංගික කලා මධ්‍යස්ථානයේ නාට්‍ය නිෂ්පාදනයක් වන ජොන්සන් රාජ්කුමාර් අධ්‍යක්ෂණය කළ ‘‘කුසෙලාර්’’ සහ යාපනයේ නාට්‍ය කලා ඇකඩමියේ නාට්‍ය නිෂ්පාදනයක් වන ‘‘කරුසිතයිවු’’ යන නාට්‍ය සහ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නාට්‍ය නිෂ්පාදනයක් වන දේවින්ද වික‍්‍රමසිංහ අධ්‍යක්ෂණය කළ ‘‘මම අඩකුඹයි’’ නාට්‍යයේ දමිළ භාෂා පරිවර්තනය ‘‘වහුප්පු නාන් අරෙයිකම්බම්’’ නමින් ආරාධිත නාට්‍ය ලෙස ජනකරළිය නාට්‍ය උළෙලේ රංගගත වනු ඇත.
මෙම උළෙලේ නාට්‍ය රංඟදැක්වීම්වලට අමතරව සැප්තැම්බර් 16 වැනිදා ප‍්‍රවීණ නාට්‍යන හා සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක විසින් නිර්මාණය කළ ‘‘පාරාදීසය සොයා’’ චිත‍්‍රපටයේ ඉංගී‍්‍රසි පිටපත තිරගත කරණු ලබන අතර, සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල කොළඹ පදනම් ආයතනයේ ඩිජිටල් සිනමා ඇකඩමිය විසින් සංවිධානය කරනු ලබන චිත‍්‍රපට උළෙලක් ප‍්‍රවීණ සිනමාවේදී සුදත් මහදිවුල්වැවගේ මෙහෙයවීමෙන් පැවැත්වෙනු ඇත. මෙම උළෙලේ සිය`ඵම නාට්‍ය දර්ශන නොමිළයේ රංගගත කෙරෙනු ඇත. මෙහි සංවිධාන කටයුතු මෙහෙයවනු ලබන්නේ ජනකරළිය නාට්‍ය කණ්ඩායම විසිනි. ඔවුන්ගේ මීළඟ ඉලක්කය මෙම වසරේ නොවැම්බර් මාසයේ කොළඹ නගරයේ තවත් ජනකරළිය නාට්‍ය උළෙලක් පැවැත්වීමයි.
14232462_1611332662497451_5241423106701953975_n.jpgunnamed (5).jpg

Janakaraliya Drama and Theatre Institute lead by veteran Dramatist Parakrama Niriella has organized yet another Drama Festival in Jaffna. The festival will be conducted from 07th to 21st September 2106 daily at 6.30pm in the Mobile Theatre installed at Sadhana College Play Ground, Chemmini Road,. Nalloor, Jaffna. A series of dramas both in Sinhala and Tamil languages will be performed during the festival.
The festival will be conducted in association with Northern Province Educational and Sports Ministry and the department of Northern Province Educational Department. It will be sponsored by German Technical Corporation Institute (GIZ), European Union (EU), and International Fund for Cultural Development (IFPC/UNESCO) affiliated to UNESCO.
Janakaraliya drama festival will kick off by performing ‘Venkatti Vattam’ drama a co-direction of Parakrama Niriella and K Rathidharan. Venkatti Vattam is the newest drama produced by Janakaraliya. It is a translation of Bertolt Brecht’s ‘Chalk Circle’ by veteran Tamil dramatist from Jaffna Dr, M Shanmugalingam. After that Sinhala dramas ‘Charandas’, and Tamil dramas ‘Mayapattade’, ‘Erikkulam Poo’, ‘Hunuwataya’ (Sinhala language version) directed by Parakrama Niriella and drama directed by Rasiiya Lohanathan ‘Irumbiya Poruththiya Idayam’, ‘Parayan’, and ‘Mrs. Kohila Madhwan will be performed. These will be followed by dramas ‘Eli Pureyal Poone’ and ‘Maya Kalvi’ directed by Thiyagaraja Shivanesan and Ajanthan Shanthikumara’s directions ‘Kalyana Kadei’ and Ronika Chamalee’ and Selvaraj Leelewathie’s co-direction ‘Payanihal’ dramas directed by Selvaraj Leelawathie and Ronika Chamalee. In addition a production by Jaffna Aesthetic Art Centre ‘’Kuselar’, a direction of Jhonsom Rajkumar as well as the drama ‘’Krusathaivu’ produced by Jaffna Drama Academy will be performed in the Mobile Theatre. Also the Tamil translation of ‘Mama Adakumbai’ directed by Devenda Wickramasinghe of University of Aesthetic Arts, Colombo will be performed under the title ‘Vahappu Nan Areikambi’ as an invitational drama.

In addition to the above drama performances the English language version of Dharmasiri Bandaranayake’s ‘Paradeesaya Soya’ film will be screened and a cinema festival organized by Digital Academy of Colombo Foundation will be screened on 22nd and 23rd September under the leadership of veteran film director Sudhath Mahadivulwewa. All the dramas will be performed free of charge in this festival. Janakaraliya Drama group will be in charge of organization the festival.

Janakaraliya Cultural Foundation. 238 A, Rajagiriya Rd, Rajagiriya

: janakaraliya@gmail.com Web: www.janakaraliya.org

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s