මගෙ පොත් නොකිව්වාට කම් නැත

 

7.jpgඅඩ ුතරමින් ඒවායෙ ් පෙරවදනවත් කියවන්න යැය ි බර්නාඞ් ෂෝ
කොතැනක හෝ සඳහන් කොට තිබුණා මට මතකය. සාහිත්‍ය නිර්මාණයක් රසවිඳීමේදි පාටකයාට එහි
පෙරවදනින් මහත් පිටුබලයක් ලැබෙන බව මමද විශ්වාස කරමි. එහෙය ින් කුමන කෘතියක් ප‍්‍රකාශයට පත් කළද
කෙටියෙන් හෝ විශාල ප‍්‍රමාණයෙන් හෝ එම කෘතියට පෙරවදනක් ඉදිරිපත් කිරීම මගෙ ්ද සිරිතක ි. මා සෑම
කෘතියක පෙරවදනකින්ම පාහේ ඉස්මතු කොට දැක්වීමට උත්සුක වූයෙ ් සාහිත්‍යකරුවාත් සමාජයත් අතර වෙන්
කළ නොහැකි ලෙසින් පවත්නා අන්‍යොන්‍ය සම්බන්ධතාවය ි. සාහිත්‍යකරුවා සතුවිය යුතු සමාජ වගකීමයි.
‘මැද මිදුල’ නමින් ඔබ වෙත ඉදිරිපත් වන්නේ මගෙ ් සැට වැනි කෘතියය ි. මගෙන් ලියැවුණ අනෙකුත්
සියල්ල විවිධාකාර පරිවර්තන කෘති වන හෙයින් මගෙන් ලියැවුණ මේ මුල ්ම කෘතියට තරමක හෝ පෙරවදනක්
එකතු කිරීම මගේ යුත ුකමක් කොට සලකමි.
විශ්ව විද්‍යාල මහජන බැංකුවේදී හමුවන්න යනුවෙන් ලියවුණ තැපල් පතක් 1975 වර්ෂයෙ ් දිනක මා
අතට පත්විය. තැපල් පත මා වෙත එවනු ලැබ තිබුණේ ‘බැංකු පියා’ විස ිනි. මහජන බැංකවේ ලිප ිකරුවකු ලෙස
සේවය කරමින්ම අප සම`ග ජන සන්නිවේදන විෂය හැදෑරු ඔහුගේ නම එස්. බී. පියදාසය. කවුරුත ් ඔහුට බැංකු14265071_1284597348240652_8396959787790291542_n.jpg
පියා යැයි කීවේ හිතවත් කමටය. ඔහුගේ බිරිඳද ජන සන්නිවේදනය හැදෑරු මුල් කණ්ඩායමේ සිසුවියක් වූවාය.
උපාධියට පෙනී සිට ප‍්‍රත ිඵල බලාපොරොත්තුවෙන් සිටි සෑම දෙනාම වෙත ඔහු තම මුදලින් තැපැල් පත්
යවා තිබුණද අප කණ්ඩායමට අයත් සිටි සිසුන් දාහත් දෙනාගෙන් හත් අට දෙනෙකුට වඩා පැමිණ සිටියෙ ් නැත.
ලේක ්හවුසියේ පුවත් පත්වලට ලිවීම පිණිස ජන සන්නිවේදනය කළ සිසුන්ට අවස්ථාවක් ලැබී ඇති බව ඔහු අපට
කියා සිටියෙ ්ය. ඒ අවස්ථාව ලැබුණේ කෙසේද ලබාදුන්නේ කවුද යන වග ඔහු අපට විස ්තර නොකළෙ ්ය. අපිද
ප‍්‍රශ්න අසන්ට නොගියෙමු. මන්ද යත් ඔහු සේවය කරන බැංකුව එකල පිහිටා තිබුණේ විද්‍යාලංකාර පිරිවෙන්
භූමියෙ ්ය. කැලණිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම ප‍්‍රධාන කාර්යාලයේ නිලධාරීන් බොහෝ දෙනාද ගනුදෙනු
කළෙ ් ඒ බැංකු ශාඛාව සම`ග බැවින් පියදාස ඔවුන ් හා සුහද ඇසුරට පත්ව සිටියේය. එහෙය ින් එය තමාගෙන්
ලැබෙන සහයෝගයක් ලෙස සිතාගන්ට ඔහු අපට ඉඩ හැරියෙ ්ය.
ලේක ්හවුසියේ පිය ගැට පෙළ නැ`ග ගොස් වම්පසට හැරී දිනමිණ කතුවරයාගෙ ් කාමරය පසු කොට
කෙළවරටම අපි ගමන් කළෙමු. අපේ ගමන එතනින් නතර කළ පර්සි ජයමාන්න මහතා එස ්. සුබසිංහ මහතා
වෙත ගොස් යමක් පවසා සිටියෙ ්ය. එකල සුබසිංහ මහතා සිළුමිණ පුවත්පතේ කතුවරයා විය. සුබසිංහ මහතාගේ
මුහුණේ කෑපිපෙනෙන ඉරියව් දෙකක් වූයේ දුක්මුසු බව සහ කෙටි සිනාවය. එහෙත් එදින ඔහු අප දෙස
බැලූවේසුප ුරුදු ඉරියව්වට වඩා වෙනස් ඉරියව්වකින් යුත ුවය. සමහරවිට තමන්ට නිවසේදී අමතකවූ යමක් ගැන
මතක ් කරන්නට තැත ් කරන්නාක ් මෙනි.
‘‘මුන්නැහැල පත්තරවලට මොනවත් ල ියල තියෙනවද?’’

ඔහු කනට කොඳුරන්නාක් වැනි හ`ඩින් විමසුවේය.
අපි සියලූ දෙනාම එක හ`ඩින් ‘නැහැ’කීවෙමු. (එහෙත් මම විශ්ව විද්‍යාලේදී කුලතිලක කුමාරසිංහ
ජේ්‍යෂ්ඨ සිසුවා සම`ග ‘පුවරුව’ නමින් පුවත්පතක ් පටන් ගෙන අසාර්ථකත්වයට පත්ව සිටියෙමි. වරක් එ ් ප ිළ ිබඳව
යමක් පුවත්පතක පළකර දෙන ලෙස එඞ්වින් ආරියදාස මහතාගෙ ්න් ඉල්ලා සිටි විට එත ුමා පැවසුවේ ‘තමා
අමනාප වෙන්ඩ එපා. මේවා ලේක ්හවුස් පත්තරේක පළකරන්ඩ තරම් සුදුසු නැහැ. මෙහෙම ලිය ුවොත් තමාට
කවදාවත් ලේක්හවුස් පුවත්පතකට ලියන්ඩ ඉඩක් ලැබෙන්නේ නැහැ.’’ යනුවෙනි. එය සිහිවීමෙන් මම කිසිත්
නොක ියා මුනිවත රැුක්කෙමි.*
‘‘පත්තර රස්සාවට මුන්නැහැල කැමතිද?’’
මේ වන විට අප අංශාධිපතිතුමා වූ මහාචාර්ය විමල් දිසානායක මහතා විදේශගතව සිටියෙ ්ය. විභාග
ප‍්‍රතිඵල ලබාදීමෙහි ගැටලූද උද්ගතව තිබිණි. රස්සාවක් නැතිව ගෙදර තපිනවාට වඩා කුමක් හෝ කරන්නට ඉඩක්
ලැබීම යහපත් හෙය ින් අපි ‘ඔව්’යැය ි කීවෙමු.
ඉන් පසුව අපට පැය දෙකක කාලයක් තුළ උත්තර ලිවීම පිණිස ප‍්‍රශ්න පත්තරය බැග ින් ලැබිණ.
සිනමාව, සාහිත්‍ය හා අනෙකුත් කලාවන් අරබයා අසා ඇති ප‍්‍රශ්න හතරින් තුනකට පිළිතරු ලියා ආපසු යා
හැක ිවිය. තමන්ට රැුකියාවක් ඇති හෙයින්දෝ පියදාස පිළ ිතුරු ලීවේ නැත. උවමනාවටත් වඩා කඩදාසි අපට ලබා
දී තිබුණ හෙය ින් එම කාලසීමාව තුළ මම ප‍්‍රශ්න හතරටම පිළ ිතුරු සැපය ිමි.
එදා උත්තර ලියූ සියලූ දෙනාම එහි ප‍්‍රත ිඵල දැකගන්ට පැමිණියේ නැත. පියදාස මිතුරාද නැවත
නොපැමිණි අතර මිතුරන් තුන්හතර දෙනෙකුත් සම`ග නියමිත දිනට මම ලේක්හවුසියට ග ියෙමි.
පර්සි ජයමාන්න මහතාගෙ ්ද සහය ඇතිව අපගෙ ් උත්තර පත්තර පරීක්ෂාකර බැලූ සුබසිංහ මහතා එක්
පිළිතුරු පත‍්‍රයක් තෝරාගෙන පසෙකින් තබමින් මේවා අකරු නොවෙය ි ඕය ි හකුරු යනුවෙන් තමාටම කියා
ගත්තේය. ඉක්බිතිව වටපිට බලා මොන යකාටද ඕයි මේවා කියවන්ඩ පුළුවන් යනුවෙන් විමසා සිටියෙ ්ය. එසේ
විමසුවේ පර්සිගෙන්ද නැත්නම් අපෙන්නේදැය ි අපි නොදැන සිටියෙමු. එහෙත් එය මගෙ ් උත්තර පත‍්‍රය බව
පෙනුණ හෙය ින් වැඬේ හබක් යැය ි මට සිත ිණි.
‘‘පත්තරවලට ලියනව කියන්නෙ ටිය ුට් ලියන එක නොවෙය ි.‘‘ ඉක්බිතිව ලිවීම අරබයා ඔහු දීර්ඝ
දේශනයක් පවත්වා අපට ගෙදර යන්ට හැරියේය. අප ආපසු යන්ට හැරෙනවාත් සම`ගම සුබසිංහ මහතා
නැවතත් අපට කතා කළෙ ්ය.

4

‘‘මේක ලියපු ඉලන්දාරියා කවුද?’’ ඔහු මගෙ ් උත්තර පත්තරය දක ්වමින් විමසුවේය. ‘‘අකුරු
හදාගත්තොත් හොඳා… ලියන්ඩ මොනවහරි මේ හාදයගෙ ඔළුව ඇතුළෙ තියෙන බව පේනව.’’
එතැන් සිට මට ලේක ්හවුස් පුවත්පත්වලට ලියන්ට අවසරය ලැබිණ. ලිපිවලට ගෙවීමක්ද සිදු කෙරණ. ඒ
සම`ගම ලේක්හවුස් ආයතනයෙ ් මුද්‍රණය කෙරුණ ’සමූපකාරය’ නමැති අර්ධ මාසික පුවත්පතේ කතුවරයා
ලෙසින්ද කටය ුතු කිරීමේ අවස්ථාව ලැබිණ.
මම කැලණිය විශ්ව විද්‍යාලයෙ ් ඉගෙනීම සඳහා යන විට රජයෙ ් කලායතනයේ (හේවුඞ්* දෙවැනි වසරේ
ඉගෙනුම ලබමින් සිටියෙමි. ඒ වන විට විශ්වවිද්‍යාල පළමු පරීක්ෂණයෙ ්දී ආර්ථික විද්‍යාව විෂය අසමත්ව සිටීම
නිසාය අලූතින් ඇරඹි ජන සන්නිවේදනය විෂයය හැදෑරීමට මට අවස්ථාවක ් ලැබුණේ. විශ්වවිද්‍යාලයේ කලා
කටය ුතුවලට දෑඩි සමීපව සිටීම නිසාය එහි අංශාධිපතිතුමන්ව සිටි මහාචාර්ය විමල් දිසානායක මහතා විසින් මා
එම විෂය හැදෑරීමට තො ්රාගනු ලැබුවේ. එකල ලේක ්හවුසියෙ ් සේවය කළ එඞ්වින් ආරියදාස, ගුවන්විදුලියේ
සේවය කළ ආචාර්ය සුනන්ද මහේන්ද්‍ර චිත‍්‍රපට සංස්ථාවේ ඞී.බි. නිහාල්සිංහ, ප‍්‍රදීප ප‍්‍රකාශකයෝහි කේ. ජයතිලක
යන මහත්වරු අපට දෙසුම් සඳහා පැමිණියහ. විශ්ව විද්‍යාල ඉගෙනුමින් පසුව නිවසෙහි සිටි සමයෙහි මම ඉංග‍්‍රිසි
අංශයෙ ් කථිකාචාර්ය රංජිත් ග ුණවර්ධන මහතාගෙන්ද සහ සම්භාව්‍ය සාහිත්‍ය අංශයෙහි දේශකයකුවූ එච්. ඒ
සිරිවර්ධන මහතාගෙන්ද එම නිවෙස ් කරා ගොස් ඉංග ‍්‍රීසි සාහිත්‍ය හැදෑරුවෙමි.
සමූපකාරය පුවත්පත කරගෙන යන අතර ජාතික මෙට‍්‍රික් පරිවර්තන අධිකාරයේ මාධ්‍ය කටය ුතු සඳහා
මා තො ්රා ගැනිණ. ඒ සඳහා එහි සිටි එකම නිලධාරියා වූයෙ ්ද මාය. එහෙයින් බි‍්‍රතාන්‍ය කිරුම් මිනුම් ක‍්‍රමය
මෙටි‍්‍රක ් ක‍්‍රමය බවට පත්කිරීමේ මාධ්‍ය ක‍්‍රියාවලියෙ ් පුරෝගාමී මෙහෙවර කරන්නට සිදුවූයෙ ් එහි සභාපතිත ුමන්ගේ
සහය ඇතිව මා හටය. එකල මගෙන් පුවත්පත් වලට ලියැවුණේ මෙටි‍්‍රක ් ක‍්‍රමය ගැන ලිපි පමණය. සිව් වසරකින්
පසුව එම කටය ුතු සාර්ථකව අවසන් කිර ීමට අපට හැකි විය. ඉක්බිතිව ක‍්‍රිඩා අමාත්‍යංශයෙ ් මාධ්‍ය කටයුත ු නිරීම
වෙනුවෙන් මා තො ්රා ගනු ලැබිණ. ඒ අසුව දසකය ආරම්භයය ි. නැවතත් මට ලේක ්හවුසියට ලිවීමේ අවස්ථාව
ලැබිණ. සරත් පේ‍්‍රමතිලක මහතා එකල ‘ක‍්‍රීඩා’ පුවත්පත ඇරඹුවේය. මගේ ‘දෙපා ලදිමි’ පරිවර්තන නවකථාව
මුල ින්ම පළවූයෙ ් එම පුවත්පතේය. ඒ අතර සිනමාව, සාහිත්‍ය හා කලාව සම්බන්ධ ලිපි විටින් විට පුවත් පත්
සඳහා ලිවීමට මට හැකි විය. ‘ඉසුර’ හා ‘දෙසතිය’ යන ස`ගරා සඳහාද මම ලීවෙමි.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා තැනූ ‘බැද්දේගම’ චිත‍්‍රපටය පිළ ිබඳව මා ලිය ූ ලිපියක් සිළුමිණෙහි
ප‍්‍රමුඛතාවෙන් ය ුතුව පළවීම එකල කිස ියම් අර්බුදයක් ඇති කිරීමට හේතු වී තිබිණි. එම පිටුවෙහිම පසෙක
ආචාර්ය සුචරිත ගම්ලත්ගේ ලිපියක් පළවීම මේ අර්බූදය දුරදිග යාමට හේතුවිය. එකල ‘ස ිළුමිණ’ මෙරට ප‍්‍රමුඛතම
සති අන්ත පුවත්පත වූ අතර එහි පළවන ලිපි විශාල බලපෑම් ඇති කිරීමට හේත ුවිය. කැලණිය විශ්ව විද්‍යාලයේ
එක ්තරා කල්ලියක් සංවිධානාත්මකව ලෙස්ටර් පීරිස් මහතාට හා ඒ. ජේ. ග ුණවර්ධන මහතාට පහරදීමේ
ව්‍යාපාරයක් ගෙනයන බව ලේක ්හවුසියේ එක ් පුවත්පතක කතුවරයෙක් පීරිස් මහතා වෙත වැරදි තොරතුරක්
ලබාදී තිබුණේය. එහි ප‍්‍රතිඵලයක් ලෙසින් පිටු සංස්කාරවරයා මඳ කලකට සිළුමිණට ලිපි නොලියන ලෙස මට
උපදෙස් දුන්නේය. The Village in the Jungle නවකථාවේ මුළු ආත්මයම රංජිත් සර් වෙතින් හදාරා ප‍්‍රත්‍යක්ෂ
කරගෙන තිබීම නිසා චිත‍්‍රපටය නැරඹීමෙන් නවකථාවේ ආත්මය සිඳීගොස් ඇත ි බව වැටහීම මා ඒම චිත‍්‍රපටය දැඩි
දෝෂදර්ශනයට ලක්කිරීමේ හේත ුවය ි.
පසු කලෙක සිළුමිණට කොලමක් ලියන ලෙස කරුණාරත්න සපුතන්ත‍්‍ර ි මහතා මට ආරාධනා කළේ
දිනක් කොටුව මැකලම් පොත් සාප්පුවේදී මුණ ගැසුණ විටකය. ඒ ඉල්ලීම මත මා සිළුමිණට ලියූ කොළම කෙටි
කලකින් නැවතුණේ එහි ප‍්‍රධාන කතුවරයා හා මා වගඋත්තරකරුවන් කරමින් ලක්ෂ දහයක අලාභයක් ඉල්ලා
නඩුවක් වැටීමෙන් පසුය. ප‍්‍රකට පුවත්පත් කතුවරයෙකු හා ලේඛකයෙකු එම නඩ ුව පවරා තිබුණේද වරදවා වටහා
ගැනීමකින් බව පසුව දැනගන්ට ලැබිණ. මේ කතුවරුන් දෙදෙනා එකම ගමක වීම එවැනි නෛතික ක‍්‍රියාමාර්ගයක්
ගැනීමට හේතුවක් වූවා විය හැක ිය..
සතියෙ ් දිනවල රජයෙ ් රැුකියවේ යෙදෙමින් නිවාඩ ු දිනවල සාහිත්‍ය පරිවර්තන කටය ුතු කිරීම මගෙන්
දිගටම සිදුවිය. එහෙත් පුවත්පත් වලට ලිවීම සිදුවූයේ නැත. මා නිවාස හා ඉදිකිරීම් කටය ුත ු අමාත්‍යාංශයෙ ් මාධ්‍ය
අධ්‍යක්ෂ තනතුර දරමින් සිටියදී එම අමාත්‍යංශයෙ ් ලේකම් මල්ලිකා කරුණාරත්න මහත්මියගෙ ් උපදෙස් මත
‘ප ‍්‍රාසාද‘ නමින් එම අමාත්‍යංශ විෂය ක්ෂේත‍්‍රයට අදාළ ස`ගරාවක් ඇරඹිමි. ඒ ස`ගරාව කෙටි කලකින්ම එම
අමාත්‍යංශයේ විෂයපථය වෙනස් වීම කෙරෙහිද බලපෑම් ඇති කිරීමට සමත් වූ බව කිව ය ුතුය.
පුවත්පත් සඳහා ලිවීමේ කටය ුතුවලින් බැහැරව සිටියද මගෙන් පළවූ පොත්පත් ගැනත් සාහිත්‍ය කලාව
අරබයාත් විවිධ පුවත්පත් මා සම`ග කළ සාකච්ඡුා ලිපි වශයෙන් පළව තිබුණේය. පසුග ිය මැතිවරණ සමය අවසන්
වන විට ‘රන්දිව’ පුවත්පතේ සාහිත්‍ය කටයුත ු භාර මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ මහතා මා සම`ග කළ එවැනි
සාහිත්‍ය සාකච්ඡුා කිහිපයක්ම රන්දිවෙහි පළ කරමින් සිටියෙ ්ය. ඒවා ඒ වන විට දේශපාලන වශයෙන් වෙනස්
වෙමින් තිබුණ සමාජ ව්‍යුහය හා බැඳුණ ඒවා විය. එවකට ‘සිළුමිණ’ පුවත්පතේ කතුවරයා ලෙස පත්ව සිටි
ලක්ෂ්මන් පියසේන මහතා මොහාන් සම`ග කතා කොට මා සම්බන්ධකරගන්ට ගත් උත්සාහයෙ ් ප‍්‍රතිඵලයකි ‘මැද
මිදුල’ නමින් ලිප ි පෙළක් එහි පටන් ගැන්ම. (ඒ වන විට සුමුදු චතුරාණි මහත්මියද සාකච්ඡුා ලිපියක් සැකසීමට
මා හා කතා කොට තිබුණි.* මේ වන තුරුම මා ලක්ෂ්මන් පියසේන මහතා දැක නැතත් ශාස ්ත‍්‍ර ීය පිටුවක එය පළ
නොකරන ලෙස මා ඔහුගෙන් කළ ඉල්ලීම අනුව ‘මැද මිදුල’ ලිපි පෙළ පළවන්ට පටන් ගත්තේය. ය ුද්ධය පැවති
සමයෙ ් සිළුමිණ විශේෂාංග භාරව සිටි නන්දන වීරසිංහ කවියාගේ දිරිගැන්වීම මත මගෙන් සිංහලට පරිවර්තනය
වී සිළුමිණෙහි පළ වුණ ‘සමුරාය ි රණබිම’ නවකථාවට පාඨකයා දැක්වූ දැඩි ප‍්‍රත ිචාර ලෙසින් මෙන්ම මේ ලිපි
පෙළටත් විවිධ රසික මට්ටම්වල පාඨක පිරිස් වෙතින් ලැබුණ උත්තේජනය ප‍්‍රබල බව සඳහන් කළ යුත ුය.
‘මැද මිදුල’ පළවීම නවතින විට මගෙ ් පරිගණකයෙ ් තවත් ලිප ි කිහිපයක් පුවත්පත වෙනුවෙන් සකස්
කොට තිබිණ. පළ වූ ලිපි මෙන්ම නොපළ එම ලිපිද සංගෘහිත කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි ‘මැද මිදුල’ කෘතිය ඔබ
අතට පත්වන්නේ. මෙහි අගට එන ලිප ිය අලූත් ස`ගරාවක් වෙනුවෙන් නන්දසේන පළ ිහක්කාර කවියා විසින්
ලබාදුන් සාකච්ඡුා ලිප ි මාතෘකාවකින් සැකසුවකි. එම ස`ගරාව එළ ිදැක්කේ නැත. එසේ වුවද ඒ වෙනුවෙන් මා
රැුස්කරගත් කරුණු එකතු කොට මෙහි එන අවසන් ල ිපිය සැකසිමි. එය පුවත්පත් ලිපියක් නොවූ හෙයිනි ඒ ලිපිය
වෙනුවෙන් පරිශීලනය කරන ලද ග ‍්‍රන්ථ නාමයන් ලිපි අග සඳහන්ව ඇත්තේ.
බලයට පත්වන කුමන රජයක වුවද අරමුණ විය ය ුත්තේ මිනිස ් ජීවිත න`ගාසිටුවීම සඳහා කටය ුතු කිර ීමය.
එහිදී මිනිස ් ආත්මයන් හා බැඳී පවත්නා මිනිසා විසින් නිපදවා ගන්නා ලද සිය ුම් කලාවන්ගෙ ් ප‍්‍රවර්ධනය පිණිස
අවශ්‍ය යටිතල පහසුකම් සැපය ීම රජයක ය ුතුකම වන්නේය. (මෙය ින් කියැවෙන්නේ රජය පෞද්ගලිකව යම්යම්
කලාකරුවන්ට උපකාර කිරීම හෝ එවැනි දේ යදිමින් කලාකරුවා දේශපාලඥයන් පසුපස ගොස් ඇවිටිලි කිරීම
හෝ නොවේ.* නිදර්ශනයක් බලමු. දෙවැනි ලෝක යුදධයට මුහුණ දීමේ ප‍්‍රතිඵලයක් ලෙසින් බි‍්‍රතාන්‍ය ආර්ථික
වශයෙන් කොතෙක් පහතට වැටී සිටියද එරට කලාව හා විනෝදාංශයන්ගෙ ් පිරිහීමට ඉඩ නොදුන්නේය.
කලාකරුවන්නේ නිර්මාණ මර්යාදය පුළුල්කිරීමත් නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීමේ අවකාශය සඳහාත්
කලාකරුවා හා ජනතාව අතර අන්‍යෝනය සම්බන්ධතාව වැඩිකිරීම සඳහාත් බි‍්‍රතාන්‍ය කලා කවුන්සලය පිහිටුවනු
ලැබූ අතර ය ුද්ධය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ වැඩකරන පංතියෙ ් ජනතාවගෙ ් කලා රසංඥතා
වර්ධනය පිණිස මෑත ඉතිහාසය පුරා සෑම ආණ්ඩ ුවක්ම පක්ෂ බේදයකින් තොරව කටය ුතු කර තිබේ. නව
පරම්පරාවේ රසංඥතා වර්ධනය පිණිස විශාල මෙහෙවරක් කොට තිබේ. 1979 පළ කළ බි‍්‍රතාන්‍ය කලා කවුන්සල
ස`ගරා වාර්තාව මෙසේ කියයි.
‘‘යුරෝපය ශ්‍රේෂ්ඨත්වයට බඳුන් කළේ යැයි පවසන සංස්කෘතික උරුමයන් ව ූ බැච්ස ් සහ බීතෝවන්, ෂේක්ස ්පියර් හා
දාන්තේ, කොන්ස ්ටබල ් සහ ටයිටියන් තවදුරටත් යුරෝපයේ පොදු ජනතාව සම`ග සංවාදයේ නොයෙදෙන බව අප හොඳින්
වටහා ගත යුතුය. එම ස ුළු ධනේශ්වර සංස්කෘතිය එක් පිරිසකගේ පමණක් රස වින්දනයට හේතුවී ඇත්තේය. එහෙත් විස ිවන
ස ියවසේ කලාව, පොදු ජනයාට හා ඔව ුන්ගේ සංස්කෘතියට ආමන්ත‍්‍රණය කළ යුතුව ඇත. මහා බි‍්‍රතාන්‍යයේ කලා කව ුන්සලය
පිහිටුවා ඇත්තේ ඒ කාර්යය සාක්ෂාත් කරවීම උදෙසාය.’’
සාහිත්‍ය හා කලාව අරබයා මෙරට ජන මාධ්‍ය මීට වඩා සංවේදී හා වගකීම් සහිත විය ය ුතු බව සඳහන්
කරන අතරම මා මෙවැනි දීර්ඝ විස ්තර දැක ්වීමකට එලඹියෙ ් ‘මැද මිදුල’ යනු අහම්බයක් නොව අවශ්‍යතාවක්
බවත් දීර්ඝ කලක් කලාව හා සාහිත්‍ය පරිශීලනයෙන් ලද සමාජ අත්දැකීම්වල ප‍්‍රතිඵලයක් බවත් දැක ්වීම සඳහාය.

intro-1

 

සේනාරත්න වීරසිංහ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s