Back to the Nature

සොබාදහමි පොත

letters-from-a-father-to-his-daughter.jpg

ඔබ, මා සමග සිටින විට නොයෙක් දෑ පිළිබඳව ප‍්‍රශ්න නඟති. එ විට මම ඒවාට පිළිතුරු දීමට උත්සහා කළෙමි. දැන් ඔබ මුසොරිහි ද මා අලහබාද්හී ද වාසය කරන බැවින් අපට එ වැනි කතාබහවල යෙදිය නොහැකිය. ඒ නිසා, අප වසනා පෘථිවිය හා ඒ මත බෙදී ගොස් ඇති ලොකු කුඩා රටවල් පිළිබඳ පුංචි පුංචි කතා වරින් වර ඔබ වෙත ලියා දැන්වීමට අදහස් කරමි.

ඔබ එංගලන්ත හා ඉන්දියා ඉතිහාසය ගැන බිඳක් කියවා ඇති. එංගලන්තය කුඩා ¥පතක් වන අතර ඉන්දියාව විශාල රටෙකි. එහෙත් එය පෘථිවිතලය මතුපිට ඇති කුඩා කොටසකි.

අපට, අප වෙසෙන ලෝකය ගැන යමක් දැන ගැනීමට වුවමනා නම්, හුදෙක් අප ඉපදුන කුඩා රට ගැන පමණක් නොව, සමස්තයක් වශයෙන් සියළු රටවල් හා එහි වෙසෙන ජන කොටස් ගැන ද අවබා්ධයක් ඇති කරගත යුතු ය.

karsh_nehru_jawaharlal_01ඔබ ක‍්‍රමයෙන් වැඩෙන විට, ලොකු පොත්වලින් පෘථිවිය සහ එහි මිනිසුන් ගැන කියවනු ඇති. වෙනත් කතා පොත් හා නිබන්ධන කියවා ලබන ඇස්වාදයට වැඩි ආස්වාදයක්, විශ්වය පිළිබඳව ලියැවුණු පොත් වලින් ඔබ ලබනවා නොඅනුමාන ය.

අප වසන පෘථිවිය අවුරුදු මිලියන ගණනාවක් පැරණි වස්තුවක් බව ඔබ දනියි. පෘථිවිය ඇති වී බොහෝ කල් ගතවෙන තුරු, එහි මිනිසුන් ඇති වීමට පෙර එහි සිටියේ වෙනත් සත්ව වර්ග පමණි. ඒ සත්ව වාසයට පෙරත් මොන ම ආකාරයෙක හෝ ජීවින් නොසිටි අදියරක්ද තිබිණි.

අපට රිසි සේ සිතේ රසවත් සුරංගනා කතා මවා ගත හැකි ය. එහෙත් හේතු සාධක මත පදනමි නොවූ එම කල්පිත සත්‍යයෙන් බැහැර වෙයි. අපට ඈත අතීතයේ ලියැවුණු පොත්පත් නො තිබුණ ද පොත් පත් මගින් කෙරෙන මෙහෙය ඉටු කළ හැකි වස්තූන් අපගේ වාසන්වට ඉතිරි වී ඇත්තේය. අපට ගල් පර්වත, කඳු, සාගර, ගංගා, කාන්තාර, තරු, පැරණි සතුන්ගේ අස්ථීන්, වෙනත් පොසිල ආදිය එමට ඇත. ඒවා අපගේ පැරණි ඉතිහාසය ගැන කියා දෙන ග‍්‍රන්ථයන් වන්නේය. වෙනත් අය විසින් ලියැවුණු පොත් පරිශීලනයෙන් පමණක්, පැරණි පෘථිවි ඉතියාසය මැනැවින් වටහා ගැනීම අසීරු ය.

ස්වභාව ධර්මය නැමැති විශාල ග‍්‍රන්ථය කියවීමට ඔබ පෙලැඹිය යුතු ය. අවට පිහිටි ගල් පර්වත පරීක්ෂාවෙන්, ඔබ ආදී පුරාණය ගැන අවබෝධයක් ඇති කර ගනු ඇතැයි මම අපේක්ෂා කරමි. ගල් පර්වත කොතරමි සිත් අලවන සුළුද? පාර තොෙටි දි, කඳු පාමුලක දී ඔබ දකින කුඩා ගල් කැටය, කියවීමට, අධ්‍යයනය කිරීමට හැකි ෙවි නමි, එය ඔබට බොහෝ දේ පවසනු ඇත.

හින්දි, උර්දු හෝ ඉංග‍්‍රීසි හෝ වෙනත් ඔිනෑම භාෂාවක් කියවීමට නම්, ඔබ එම භාෂාෙවි හෝඩිය දැනගත යුතු ෙවි. පාෂාණ සහ පර්වත නැමැති පොත් කියැවීමට නම්, ඔබ ස්වභාව ධර්මයේ හෝඩිය දැනගත යුතු ෙවි. දැනටමත් ඔබ මේ පොත කියවීමට තරමක් හෝ දන්නවා ඇති.

p-374

ඔබ දකින වටකුරු හෝ සිනිඳුූ ගල් කැටයකින් ඔබට පෘථිවිය ගැන යමක් නො කියැෙවි ද? එයට කොන් දාර නොමැති, දීප්තිමත් මතුපිටක් හිමිවූයේ කෙසේ ද? එය බලන්නට ඔබට මනා නෙත් ඇත්නම්, එයට ඇහුන්කන්දීමට මනා සවන් ඇත්නම් එම වටකුරු ගල් කැටය, තමා පිළිබඳ කතාව ඔබට පවසනු ඇත.

ඔබ ලොකු ගලක් කුඩු කළ විට, එය කොන් හා රළු දාර සහිත ව කෑලි කොටස් කිහිපයකට වෙන් වේ. ඒවා තිරුවානා ගල් මෙන් මට සිලිටු මතුපිටක් ඇති ගල් කැබැලි නො වේ. එ සේ නම් තිරුවානා ගල්වලට මට සිලිටු ඔපවත් බව ලැබුණේ කෙ සේ ද?

අද තිරුවානා ගල, තමා ආදී පුරාණයේ දී රළු කොන් හා දාර සහිත ගල් කැබැල්ලක් වූ බව පවසනු ඇති. එය කඳු පාමුලක රැුදුණක් විය හැකි ය. වැසි ජලය මෙම ගල කුඩා දියකඩිති ඔස්සෙ කුඩා ගංගාවලට ගෙනෙන්නට ඇති. කුඩා ගංගා එය මහා ගංගා වලට පතිත කරවන්න ඇති. මෙ වැනි ගංගා පතුලේ ගැටෙමින්, කරකැවෙමින් ගමන් කරනා ගල් කැටයේ රළු බව නැති වී මතපිට වටකුරු වී, එය දීප්තිමත්ව, මට සිලිටු ගල් කැටයක් බවට පත් වෙයි. අද ඔබ දකින තිරුවානා ගල එයයි. ගඟ දිය ඉදිරියට ගලායද්දී, යම් හේතුවකින් මෙම ගල් කැටය අතරමඟ රැුදිණි. ඒ නිසා එය ඔබට හමු විය. මෙම ගල් කැටය, ගඟ දිය සමඟ තව දුරටත් පහළට ඇදුණේ නම්, එය තවදුරටත් අනුක‍්‍රමයෙන් කුඩා වී, කුඩාවෙන් කුඩාවට පත් ව, පොඩි දරුවකු සෙල්ලම් කරන, වැලි මාලිගා තැනෙන මුහුදු වෙරළේ වැලි තලාවේ තවත් එක් වැලි කැටයක් වීමට ඉඩ තිබිණි.

ඔබට එම කුඩා ගල්කැටය, එපමණ දෙයක් ප‍්‍රකාශ කිරීමට සමත් වූවා නම්, අප අවට ඇත්තා වූ ගස්කොළන් කඳු-සිකර, කො පමණ දෑ ඔබට අනාවරණය කිරීමට, සමත් වනු ඇද් ද?.

සිංහල පරිවර්තනය – ඩබ්ලිව්. ඕ. ටී. ප‍්‍රනාන්දු. පියකුගෙන් ඔහුගේ දුවට යැවුණු ලිපි – ජවහර්ලාල් නේරු

gf

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s