පුතු සෙනේ පිතු හද තුළම මිස-නැත පුතුන් හද තුළ රඳන්නේ.

Mao.jpg

ලෝකය ඔබගේය. එමෙන්ම අපගේය. එහෙත් අවසාන විග‍්‍රහයේදී එය ඔබගේය.” නැගී එන නව තාරුණ්‍යය අමතමින් මා ඔි එදා එසේ කීෙවිය. එහි අනෙක් තේරුම නැගී එන තාරුණ්‍යය කොයි ආකාරයෙන්වත් වැළැක්වීම හෝ ඊට බාධා පැමිණවීම නොකළ හැකි දෙයක් බවයි. 60 දශකයෙන් පසු 70 දශකයේදීත් පසුව 80 දශකයේදීත් අද වන විට වර්තමානයේදීත් අපට එය පැහැදිලිවම දැකිය හැකි තත්වයක් ෙවි.

එවැනි පසුබිමක් තුළ මා ඕ ගේ ප‍්‍රකාශය සනාතනිකය. අවසාන විග‍්‍රහයේදී ස්ථිර වශයෙන්ම ලෝකය හිමි කර ගැනීමේ අයිතිය නව තාරුණ්‍යය සතුය. ඔවුන් ලෝකය අළුතින් කියවා ගැනීමට උත්සහා කරමින් සිටින්නේ ද එ් වරප‍්‍රසාදිත අයිතිය ස්වභාවයෙන්ම ඔවුන්ට සිදු කරන නිසඟ බලපෑමක ප‍්‍රතිඵලයක් වශයෙනි.

ඒ අළුත් කියැවීමට අදාළව දේශපාලනය යනු මඟ හැර යා නොහැකි අවශ්‍යතාවක් බවට පත් වී ඇතැයි යන්නද අමතක නොකළ යුතුය. තවද එය පිය පුතු ගැටුමක් වීම ද නොවැළැක්විය හැකි තත්වයක් වේ. ඒ අනුව ආචාර්ය සරච්චන්ද්‍රගේ ”සිංහබාහු” නාට්‍යය නැවත කියවනවා නම් ඒද ගත යුත්තේ සමකාලීන දේශපාලන අත්දැකීමක් වශයෙනි. එසේ නැතිව තවදුරටත් එය සංවේදී මානුෂීය අත්දැකීමක් වශයෙන් ම පුනරුච්චාරණය කිරීමට කවුරුන් හෝ උත්සහා කරන්නේ නම් එවැන්නක් අදට සාපේක්ෂව විහිළුවක් වේ. එසේ බලන කළ සිංහබාහු යනු තුන් ඈ\ුතු සමාජ දේශපාලන එිග‍්‍රහයක් යැයි කීමේ කිසිදු අසාධාරණයක් නැත.

එහි පළමු විග‍්‍රහය තිබෙන්නේ සුප්පා දේවිය අසලය. එය මෙසේය.

jin-shangyi-mao-zedong-1967-39x28-4cm”දෑස ලෙසේ මේ දරුවන් නොලසේ
හදා වඩා ගනිමින් සුව සේ
රාජ මාලිගා ඈ සියල්
නොදේ මේ වන් සැප විසුල්
ලෝ දහමින් වැදෙනා රළු පහරින්
ගත සිත රිදෙනා කළ නිතියෙන්
නැත ලොවේ අන් රසඳුනා
ආදරේ මෙන් සුවදෙනා”

එහි දෙවැනි විග‍්‍රහය තිබෙන්නේ සිංහ සීවලී නම් දියැණිය ළඟය.

”යති පියාණෝ ලෙනෙ අප
නිතර ඒ රුදු වනයටා
නැද්ද ඔහු හට එන්නෙ උවදුරු
සිතට මාගේ බිය වැදේ”

එහි තෙවැනි විග‍්‍රහය ගෙන එන්නේ සිංහයා ය.

”මෙන් දිවයුරු සැඩකර, සතුනට යුතු රුදු ගුණ
වන් තුසර කර කරනෙව් සුතන වූ කුමුදු වන
නන් රිසි දෙන සිතුමිණ සේ දරුවන් මන පුරන
දැන් බලන් මිහිදා පෙරළා ලෙනට පැමිණෙන”

8406310670_0429f27e65_b.jpg

ඉහතින් ආ තුන් ඈඳුතු සමාජ විග‍්‍රහයන් අවසානයේ දී ”එකම පැවැත්මක් ”ආරක්ෂා කරයි. ඒ අනිකක් නොව සම්මත සදාදාරාත්මක ගේහසිත පේ‍්‍රමයයි. ඉදින් ඒ තත්වය දිගින් දගටම නිරූපණය වූයේ නම් නාට්‍යයක් වශයෙන් ”සිංහබාහු” සුඛාන්තයක් ලෙස අවසන් වීම නියතියක් වේ. එහෙත් එය එසේ නොවන්නේ අර කීව සමාජ දේශපාලන මැදිහත් වීම නිසා ය. ඒ මැදිහත් වීම එසේ නැත්නම් බලපෑම සිදු කරන්නේ ද වෙනින් කවුරුවත් නොව එම කුටුම්භයේ ඊළඟ මෙන්ම ප‍්‍රබලම සාමාජිකයා වන සිංහබාහු ය. ඒ අනුව සිංහබාහු පවත්නා කුටුම්භයේ පැවැත්ම ප‍්‍රශ්න කරයි. ඒ ප‍්‍රශ්න කිරීමම අවසන් වශයෙන් සමාජීය වශයෙන් මෙන්ම දේශපාලනික අයිතිය ඉල්ලා සිටීමක් බවට ද පත් කර ගනියි. පහතින් එන්නේ ඒ බව සනාථ කරන ඔහුගේ කියුමකි.

”හැමදාම නොරඳා මේ ලෙසේ
හැර යන්නට සිතේ මට සොඳිනේ
දැක ගන්නට මපිය රජු විජිතය එවනේ”

මා ඕ සේතුං කී ආකාරයට අවසාන විග‍්‍රහයේ දී තමන් ට හිමි විය යුතු ලෝකයේ අයිතිය හා බැඳුන ඒ ප‍්‍රශ්න කිරීම සිංහබාහු තුළින් මතු වන්නේ ඒ ආකාරයටය. කෙසේ වුව එය පුද්ගල හිතුවක්කාරකම යන අරුතින් ගැනීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩි වුණත් කළ යුතුව ඇත්තේ එය ඉතිහාසයීය අවශ්‍යතාවක් නොවේද යන කාරණය විමසා බැලීමයි.

”ගල් ලෙන බිඳලා
ලෙන් දොර ඇරලා
සිංහබා….සිංහබා….සිංහබා
මම දැන ගතිමි මම සැක කළෙමි…”

mao-zedong-peasants-small.jpg

එලෙසින් නැගෙන ඒ පීතෘ විළාපය අවසානයේ ද පහත දැක්වෙන අන්දමේ ප‍්‍රත්‍යක්ෂයක් පියා තුළම ඇති කරන්නේ ඉහත කී කරුණ නිසා නොවේද යන්න විමසිය යුත්තක් වේ.

”ලෙන තුළ නොවෙති
පෙරලා නොඑති”

අවසානයේදී එම පියා හෙවත් සිංහයා මැද පාන්තික චින්තනයක් තුළට යමින් තම විළාපය දිගින් දිගටම පවත්වා ගනී. නිදසුනක් ලෙස පහත කවිය කියවා බලන්න.

” සුරතල් දියණිය
මොළකැටි වදනින්
මා සනසන්නිය
අහර පිසින්නිය
කවන්නිය, පොවන්නිය
මා ගැන බිය වන්නිය”

” නැද්ද දරුවෝ මා කෙරේ ලැදි
උන්ට මාගෙන් වූයේ වරදද?”
අවසාන වශයෙන් සිය අත්දැකීමේ ඛෙදවාචකය ඔහු (සිංහයා* තමා තුළම ශේෂ කරගන්නේ පහත ආකාරයෙනි.

” පුතු සෙනේ පිතු හද තුළම මිස
නැත පුතුන් හද තුළ රඳන්නේ. ”

මිනිසා හැඟීම් සහිත සංවේදී සත්වයෙකු බව සැබෑය. එහෙත් ඔහුගේ ජීවිතයේ සියළු සංසිද්ධීන් හුදු භාවාතීශය අත්දැකීම් ලෙස ගැනීම සාර්ථක කලාවකට මඟ නොපෙන්වයි. මක් නිසාද යත් ජීවත්වීම නම් සංසිද්ධිය පසුබිමෙහි පවත්නේ හැඟීම් පමණක් නොවන හෙයිනි. සමාජ දේශපාලනික වශයෙන්ද ඇති විය හැකි බලපැම් එහිලා ඉදිරිපත්වීම බලාපොරොත්තු විය හැකි තත්වයක් වන හෙයිනි. සිංහබාහුගේ නිෂ්ක‍්‍රමණයත් සිංහයාගේ විළාපයත් අපට පෙන්වා දෙන්නේ එවැනි පරස්පරතාවක් මානව ශිෂ්ටාචාරය අභ්‍යන්තරයේ ඇති බවයි. එනිසා සිංහයාට සටන් වැදීමට සිදුවන්නේ සිංහබාහු නම් තම පුත‍්‍රයා වන මානව චරිතය සමඟ නොවේ. ඔහු පසුබිමේ පවතින සමාජ දේශපාලන ක‍්‍රියාකාරීත්වය සමඟ වේ. එහෙත් පීතෲ සිංහයාට අවසානයේදී කිමට ඉතුරු වන්නේ ඒ සමාජ දේශපාලනය පිළිබඳ විග‍්‍රහය ගැන නොව හිතුවක්කාර පුත‍්‍රයකුගේ හැසිරීම ගැනය. ඒ නිසා සාහිත්‍යයික වශයෙන් අපට හිමිවිය යුතුව තිබූ වැදගත් සමාජ දේශපාලන විග‍්‍රහයක් අවසානයේදී හුදු මානුෂීය අතදැකීමක් බවට ලඝු වීමද සිිදුව ඇත.

”පේ‍්‍රමයෙන් වැඩූයේ මේ පුතා නොවේදෝ
අන්තරායෙන් රැුකගෙන වනයේ
මා මරණට දැන් එන්නේ මෙලෙසා
ඔද වැඩි හින්දාදෝ යෞවනයෙන්
මානය බිඳ හැර ලන්නෙමි මෙවරා
දෙන්නෙමි දඩුවම් ඔලමොලකමටා.”

මේ ආකාරයෙන් ඉදිරිපත් වන ඒ පීතෲ නිගමනය අවසානයේදී සේවය කරන්නේ අර මුලින් කී මානුෂීය සංවේදීතාවයටය. එහෙත් සත්‍ය වශයෙන්ම එතැන සිදුවූයේ හුදු මනුෂ්‍ය ගැටුමක්ද එසේ නැතහොත් සමාජ දේශපාලනික වශයෙන් අයිතිය නිරවුල් කර ගැනීමක් ද යන්න තීරණය කිරීම මා ඕ සේතුං කී ආකාරයට අවසාන විග‍්‍රහයේ්දී ලොව අයිතිය හිමි කරගන්නා තාරුණ්‍යයට පැවැරෙන වගකීමක් වේ.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

150401-jenshel-april-fools

තවදුරටත් බලා සිටීමට කාලයක නැත.

“තවදුරටත් බලා සිටීමට කාලයක නැත. සතුරු පාර්ශවීය අතිරේක හමුදා එහි එන්නට පෙර පාලම තමන් යටතට ගැනීමට අවශ්‍ය වී තිබිණි. නමුත් එය සිය ජීවිතය මාරාන්තික අවදානමක් හමුවේ තබා කටයුතු කිරීමක් වේ. ඒ නිසා සිය කැමැත්තෙන් ඒ සඳහා ඉදිරිපත් වෙන අය ඇත්නම් ඉදිරියට එන්නැයි ඉල්ලීමක් කෙරුණි. ඔව්හු ඒ සඳහා ඉදිරිපත් වූහ.… CONTINUE READING

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s