ශේක්ස්පියර් සිවලෙක් දොස්තයෙව්ස්කි ඉත්තෑවෙක්-සේනාරත්න වීරසිංහ

shakespeare_original.jpg

‘ඉතිහාසය
ගොඩ නැගෙන්නේ කෙසේ දැයි මළවුන්
නොදනිති. ඒ වෙනුවෙන් ලේ කඳුළු වගුරන ලද
නමුත් ඔවුහු මරණින් පසුව සිදුවන්නේ කුමක්
දැයි නොදනිති. තමන් කළ පරිත්‍යාගයන්ගෙfyodor-dostoevsky-tennyson-samraj
ප‍්‍රතිඵලවලට කුමක් වේ දැයි ඔවුහු නොදනිති.
මුල් යුගයේ ආගම වෙනුවෙන් දිවි පිදුවෝ තමන්
ජීවිත පූජාවක යෙදෙන බව දැන සිටියහ. අද
යුගයේ එවැනි කැප කිරීම් ගැන කතා කරන්නේ සුලභ
දේ ලෙසිනි. සාධාරණය අසාධාරණය එකට අත්වැල්
බැඳගෙන සිටිය යුතු බව කවුරුත් කියන්නේ නැත.
බොහෝ ජනයා, ශ්‍රේෂ්ඨ ජනයා එම විශමතාව
කණපිට හැරවිය යුතු බව කි‍්‍රයාවෙන් මෙන්ම
වචනයෙන්ද ප‍්‍රකාශ කරති. ’ යනු එවැනි චරිතයකි.
කව්ද මේ ’ කියන්නේ? ප‍්‍රවීණ සාහිත්‍ය පරිවර්තකයකු
වන සේනාරත්න වීරසිංහ ඒ ගැන ‘රන්දිව’ සංවිතට
විශේෂයෙන්ම කළ හෙළිදරව්වයි මේ.’

දේශපාලන නවකතා
කියන මේ ඍජු වර්ගීකරණයක්
නවකතා සාහිත්‍යය සම්බන්ධයෙන්
ඇති කරගන්නේ, පැහැදිලිවම පාලන
තන්ත‍්‍රයන්හි හැසිරීම පාදක කරගනිමින්
ඒ නවකතා ලියැවෙන නිසයි. ඔබ
අලූතින්ම පරිවර්තනය කොට ඇත්තේත්
එවැනි කෘතියක්. එය පාදක කරගෙන
ලෝක දේශපාලන නවකතාවේ පසුබිම
ගැන ඇසුවොත්?
මෙවැනි දේශපාලන නවකතා
පශ්චාත් ලෝක යුද්ධ සමයේදී තමයි23475524-antique-book-illustration-william-shakespeare
අපට දකින්න ලැබෙන්නෙ. සමකාලීන
සමාජ යථාර්ථය පිළිබඳ යම් යම්
සිතා බැලීම් ඔවුන් මේ කෘති හරහා
ඉදිරිපත් කිරීමම මේ කතා වස්තුවල
පවතින විශේෂත්වයක් වෙනවා.
ආතර්කොයින්ස්ටර්ගේ  DARKNESS AT MOON වැනි දේශපාලන
නවකතාවක් ගත්තොත් එයින් ඍජුවම
සාකච්ඡුා කරන්නේ රුසියන් විප්ලවයෙන්
පසු ඇති වන ස්ටැලින් සමය ගැනයි. ඒ
කාලයේදී පීඩනයට පත්වන විප්ලවවාදී
චරිතයක් එහි කතා නායකයා වෙනවා.
ඒ අනුව මෙවැනි නවකතාවල
විශේෂත්වයක් අපට දකින්න පුළුවන්. ඒ
වගේම ජීවමය දේශපාලන හැසිරීමක්.
නවකතාකරුවා හෝ දාර්ශනිකයා
ගත් කල ඔවුන් සැමවිටම මිනිසා
අරමුණු කරගත් සිද්ධි හෝ සිද්ධි
දායමන් ගැන සිතන්නෙක් වශයෙන්
ගත හැකියි. ඒ වගේම ඉතිහාසය
මිනිසාගේ අධ්‍යාත්මය විනාශ කරන්නා වූ
තත්ත්ව පිළිබඳ කෙරෙන හැදෑරීමකුත වෙනවා. එතැනදී ඒ දේ සිදුවන්නේ1__67486-1439559189-1280-1280
හුදෙක්ම මිනිසාගේ දෛවය හෝ
ඉරණම නිසා යැයි නවකතාකරුවන්
හෝ දාර්ශනිකයන් සිතන්නේ නෑ. ඔවුන්
සිතන ආකාරයට මේ සිද්ධි සමාජ
ප‍්‍රපංචයන්ගෙන් ගොඩනැගෙන්නක්
වෙනවා. ඔවුන් සිය කෘති හරහා
විමසන්නේ මෙන්න මේ තත්ත්වයයි.

 උදාහරණයකින් ඒ තත්ත්වය
පැහැදිලි කළ හැකි ද?
මේ සම්බන්ධයෙන් විද්වත් ඉංග‍්‍රීසි
ලේඛකයෙක් ලියූ පොතක් තියෙනවා.
ඒ පොතේ නම ් Hedge Hog and
Fox (මෙතැනදී Hedge Hog නමින්fox_hedgehog
එන්නේ ඉත්තෑ විශේෂයක්. ත්‍දං යනු
සිවලායි.* මේ කෘතිය මඟින් ඔහු
පොදුවේ සාහිත්‍යකරුවන් ගැන පුළුල්
දාර්ශනික විශ්ලේෂණයක් සිදු කරනවා.
ඒ සඳහා ඔහු මූලික වශයෙන්ම පාදක
කරගන්නේ තොල්ස්තොයිගේ ‘යුද්ධය හා
සාමය’ කියන නවකතාවයි. ඒ වගේම
‘ඉත්තෑවා’ සහ ‘සිවලා’ යන ප‍්‍රතිරූප
දෙක ඔහු යොදා ගන්නේ ලෝකයේ
සාහිත්‍යකරුවන් සම්බන්ධයෙන්
විග‍්‍රහාත්මක විශ්ලේෂණයකට යාම
සඳහායි. එතැනදී සිවලා වශයෙන්
ගැනෙන්නේ බොහෝ ඇසූ පිරූ තැන්
ඇති, බොහෝ දේ පිළිබඳ අවබෝධයක්
තියෙන චරිතයකටයි. ඒත් ඉත්තෑවා
එහෙම නෙවෙයි. ඔහු එක් දෙයක්
සම්බන්ධයෙන් මනා ගැඹුරු ඥානයකින්
යුත්, එක් පහරින්ම අනෙකා බිම හෙලිය
හැකි අයෙක් වෙනවා. මෙන්න මේ
දෙවැදෑරුම් වර්ගීකරණයට ලෝක සාහිත්‍යකරුවන්ව
ඔහු බෙදා දක්වනවා. කොහොමfox
වුණත් තොල්ස්තොයි ගැන එසේ
නිශ්චිත විග‍්‍රහයකට යන්න ඔහු
අසමත් වෙනවා. තොල්ස්තෝයි
එසේ පහසුවෙන් බෙදා පෙන්වන්න
බැරි චරිතයක්. ඔහු අපහසුවකට
ලක් වෙන්නේ ඒ නිසයි.
තවදුරටත් මේ තත්ත්වය
පැහැදිලි කළොත්?
ඒ කෘතිය ලියන්නේ ඉසායි බර්ලින්.
ඔහුට අනුව විශ්වයේ පවත්නා න්‍යාය
ධර්මයන් තුළ කිසියම් සෞන්දර්යාත්මක
මෙන්ම යම් කායික මානසික ධර්මතාද
ඇතුළත් වී තිබෙනවා. සාහිත්‍යකරුවන්
නිර්මාණ කටයුතුවල යෙදෙන්නේ
ඒවායින් පෝෂණය ලබලාය කියලයි
ඔහු පවසන්නේ. ඒ අනුව මතුවන එක්
බුද්ධිමය පෞරුෂත්වයක් තමයි Hedgehog  නම් ඉත්තෑ විශේෂය නමින් ඔහු
හඳුන්වන්නේග සිවලා කියන්නේ ඊට
වෙනස් බුද්ධිමය පෞරුෂත්වයක්ග
ආච් ලෝසන් කියන්නේ පැරැුණි ග‍්‍රීක
කවියෙක්ග ඒ කවියා කියනවා  A FoX Knows many thing. But Hedge Hog Knows One things  කියලා. මේ කවි
දෙපදය මත පිහිටා දාර්ශනික විග‍්‍රහයන්
කීපයක්මත් මේ වනවිට බිහිවෙලා1b5389e
තියෙනවා. එවැනි පසුබිමක සිට තමයි,
ඉසායි බර්ලිනුත් සිය විග‍්‍රහය ඉදිරිපත්
කරන්නේ.
 ඔහුගේ ඒ විග‍්‍රහයට ගොදුරු
වෙන ලෝක සාහිත්‍යකරුවන් ගැන
පැහැදිලි කළ හැකිද?
ලෝක ප‍්‍රකට කවියෙකු වන දාන්තෙ
ගැන ඔහු කතා කරනවා. ඔහුට අනුව
දාන්තෙ අයත් වෙන්නේ ඉත්තෑ ගණයට.
ඒ අනුව දාන්තෙට සිය විෂය ගැන
අසාමාන්‍ය දැනුමක් තියෙනවා. ඒ
දැනුමෙන් සෙස්සවුන් බිම
හෙළන්නත් ඔහුට පුළුවන්කමක්
තියෙනවා. නමුත් ශේක්ස්පියර්326a6b9e8bf7f5157969721522176b3f.jpg
අයත් වන්නේ සිවල් ගණයටයි.
ඔහු බොහෝ ඇසූ පිරූ තැන් ඇති
අයෙක්. කලාකරුවකු හැටියට ඔහුට
තියෙන්නේ පැතිරුණ දැනුමක්. ඔහු
තමා අවට සමාජයේ එන හැසිරීම් පුළුල්
දෘෂ්ඨියකින් දකිනවා. ශේක්ස්පියර්
නාට්‍යයේ එන මානුෂික විග‍්‍රහය ගැන
අමුතුවෙන් කිව යුතු නෑ. මැක්බත්ව
අරගන්න. ඔහු ඉතා යහපත්
පුද්ගලයෙක්. නමුත් පසුව ක‍්‍රමානුකූලව එ චරිතයේ වෙනස්කම් දකින්න ලැබෙනවා.
ඊට හේතු වෙන්නේ මැක්බත් ආර්යාවගේ
බලපෑම. ඒ ආකාරය මැක්බර්ත් නම්
ඒ චරිත වින්‍යාසයෙන් මිනිස් පැවැත්ම
තුළ පවත්නා සීමාවන් මෙන්ම අසීමිත
තත්ත්ව ශේක්ස්පියර් විසින් එසේ
නිරූපණය කරනු ලබනවා. ඔතෙලොa.jpg
වෙතින් ප‍්‍රකාශ වන දුෂ්ට හැසිරීම් වුණත්
අපට පෙන්වා දෙන්නේ මානව හැසිරීම්
සම්බන්ධයෙන් ශේක්ස්පියර් තුළ පැවති
පුළුල් අවබෝධයයි. එමෙන්ම එය
විශිෂ්ටයි. මිනිසෙකු සාහසික ලෙසින්
කි‍්‍රයාකරන ආකාරය එවැනි අවස්ථාවන්ට
ඔහු මුහුණ දෙන අයුරු ගැන යන මේ
සියල්ල සම්බන්ධයෙන් ඔහුගේ වැටහෙන
නුවණ තමයි ඔහුට අර සිවල් ගණයට
ඇතුළු කරන්නේ.
නමුත් ඉත්තෑ ගණයේ ලේඛකයා
කරන්නේ දාර්ශනික තලයක ඉඳගෙන
අප නොදත් විග‍්‍රහයක් ඉදිරිපත් කරන
එකයි. බොහෝ විට ඒ විග‍්‍රහය අපව
විස්මයට පත් කරනවා. දාන්තෙ
ඉත්තෑවෙක් වෙන්නේ එහෙමයි. ඒ
ආකාරයටම ප්ලේටෝ, හෙගල්, නීට්ෂෙa2.jpg
වගේම දොස්තයෙව්ස්කිත් අර කියපු
ඉත්තෑ ගණයට අයත් වෙනවා. ඊට
සාපේක්ෂව ඇරිස්ටෝටල්, මොලියර්,
ගොතෙ, පුෂ්කින්, ඩැල්ෂෙන්, ජේම්ස්
ජොයිස් සිවල් වර්ගීකරණයටයි අයත්
වෙන්නේ. මේ දෙපාර්ශ්වය අතර දැඩි
පරස්පරයක් තිබෙන බවත් ඒ නිසාම
මේ කෘති තුළ යම් අසම්මත බවක්
දකින්නටද පුළුවන් බවත් බර්ලින්
පවසනවා. කොහොම නමුත් ගැඹුරින්
කල්පනා කරලා බලන විට අපට මේ
බෙදීම ප‍්‍රතික්ෂේප කරන්න බැහැ.
කොටින්ම කිව්වොත් බර්ලින් නම්
ඒ ලේඛකයා ඉදිරිපත් කරන සාධකwilliam-shakespeare-2
කොතරම් ප‍්‍රබලද කියනවා නම් සරලව
ප‍්‍රතික්ෂේප කරන්න පුළුවන් තත්ත්වයක්
එතැන නැහැ.
දොස්තයෙව්ස්කි සම්බන්ධයෙන්
ඒ ඉත්තෑ විග‍්‍රහය ගැන තවදුරටත්
පැහැදිලි කිරීමක් වුණොත් හොඳ යැයි
සිතනවා.
ඔව්, දොස්තයෙව්ස්කිත් අයත්
වන්නේ ඉත්තෑ ගණයටයි. ඒ අනුව
ඔහුට පුළුවන්කම තියෙනවා එක
පහරින් අනෙකාව බිම දාන්න. නමුත්
දොස්තයෙව්ස්කි තමන් ගැන එසේ
සිතුවාද කියන එක ප‍්‍රශ්නයක්.
උදාහරණයක් විදිහට කිව්වොත්1880
අවුරුද්දේ අට වැනි මාසේ අටවැනි
දා ඔහුගේ සුප‍්‍රකට දේශනයේදී
රුසියාවට මඟ පෙන්වූ මහා ලේඛකයා වශයෙන් ඉදිරියට
ගන්නේ පුෂ්කින්වයි.
දොස්තයෙව්ස්කිට
අනුව දහනව වැනි
සියවසේ රුසියාවට මඟ පෙන්වූfyodor.gif
විශිෂ්ටතම රුසියානු ලේඛකයා වන්නේ
ඇලෙක්සැන්දාර් පුෂ්කින්. ඒ අනුව
පුෂ්කින් නැත්නම් රුසියාවක් නැතැයි
කියන අර්ථයත් එතැන තියෙනවා. තවද
රුසියාවට පමණක්ම නොව ලෝක
සාහිත්‍යයටද මාර්ගෝපදේශකත්වයක්
සැපයිය හැකි විශිෂ්ටයකු විදිහටයි,
දොස්තයෙව්ස්කි, ඇලෙක්සැන්දාර්
පුෂ්කින්ව ඉදිරිපත් කරනවා. නමුත්
ඉසායි බර්ලින්ට අනුව නම් පුෂ්කින්,
දොස්තයෙව්ස්කි පවසන තරම්
විශිෂ්ටයෙක් නෙවෙයි. ලේඛකයකු
ලෙස ප‍්‍රබල බලපෑමක් එල්ල කළ හැකි
විශිෂ්ටතමයා වන්නේ දොස්තයෙව්ස්කියි.
ඒ අනුව පුෂ්කින් අයත් වන්නේ
සාමාන්‍යයෙන්, චෙකොව්,
තුර්ගිනිව්, වැනි අය, අයත් වන ලේඛක
කුලකයටයි. ජීවිතයේ ශෝකාකූල පැත්ත
දකින ඒ ආකාරයේ චරිත හසුරුවන
පැතිරුණු දැනුමක් ඇති සිවල්
ගණයටයි, සාහිත්‍යය විෂයයිකව විශ්වීය
වෙනස්කමක් ඇති කරන්න සමත්
වෙන්නෙ දොස්තයෙව්ස්කි බවට බර්ලින්
සිය විග‍්‍රහයෙන් තරයේම ඉදිරිපත්
කරනවා.foxhedgehog
දාන්තෙ මරණින් මතු ලෝකයක්
නිරූපණය කරමින් අප හඳුනාගත්
මානව විග‍්‍රහයක් අපි ඉදිරියේ
තබන්නේ යම් සේද දොස්තයෙව්ස්කි,
අදෘශ්‍යමාන බලවේග, ආත්මය,
දෙවියන්, ඉරණම, දෛවය වැනි අප
හරිහැටි හඳුනානොගත් සාධක ඔස්සේ
ගැඹුරු අධ්‍යාත්මික විග‍්‍රහයක් කරා
ගමන් කරනවා. ඒ තමයි මේ ඉත්තෑ
ගණයේ ලේඛකයන්ගේ සුවිශේෂත්වය.
ඒ වගේ අධ්‍යාත්මික විග‍්‍රහය පුෂ්කින්
හෝ ශේක්ස්පියර් ඉදිරිපත් කරලා
නෑ කියලයි බර්ලින් කියන්නේ
දොස්තයෙව්ස්කිගේ කෘති කියවද්දී අප
මෙතෙක් හඳුනානොගත් එහෙත් අපට
අයත් ඇතුළාන්තයක් අඳුරු අහුමුළු ඒ
වගේම ඒ ගැන අලූතෙන් සිතන්න හැකි
ආකාරයේ තැන් පදාස බෙහෙවින්ම
දකින්නට ලැබෙනවා. නමුත් බර්ලින්ට
මේ වර්ගීකරණයට පහසුවෙන් ඇතුළත්
කරගන්න නොහැකි වෙන්නේ ඉහතදීත්
කී ආකාරයට තොල්ස්තෝයිවයි.
කොහොම නමුත් බොහෝ සේ කිරා මැන
බැලීමෙන් අනතුරුව ඔහු නිගමනයකට
එනවා තොල්ස්තොයි ඉත්තෑ ගණයට
වැඩි නැඹුරුවක් ඇති ලේඛකයෙක්
කියලා.

fox_hedgehog-100588858-primary-idge
එතකොට ඔබේ අලූත් කෘතිය
වන z ගැන ඇසුවොත්?

වසිලිස් වසිලිකොස්
නම් ලේඛකයා ලියූ ’ නම්
මේ ග‍්‍රීක නවකතාව කෑන්ස්
සහ ඇකඩමි සම්මානයෙන්
පිදුම් ලද චිත‍්‍රපටයක් ද වෙනවා.
‘යුද්ධය හමාරය’ යන නම මම ගත්තේ
ඒ චිත‍්‍රපටයේ නාමයෙන් වසිලිස්
වසිලිකොස්ගේ මේ නවකතාවේ
එන ප‍්‍රධාන චරිතයේ නම තමයි,
ඉසෙඞ්. (ඉංග‍්‍රීසි ’Z අකුර* මේ ඉසෙඞ්
මූලික වශයෙන්ම පැසිස්ට්වාදයට
එරෙහි වූ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී
චරිතයක්. එහෙත් ඔහු අන්තිමේදී
පැසිස්ට්වාදීන් අතින්ම ඝාතනය8b9ed480-a14c-0133-f238-0e8e20b91aa1
වෙනවා. මේ චරිතයට පාදක වන්නේ,
ඒ ආකාරයටම ඝාතනය වූ සැබෑ
ලෙසින්ම ජීවත් වූ ග්‍රෙගරි ලැම්බාඞ්
නම් ඉතිහාසගත පුද්ගලයෙක්. එදා
ලැම්බාඞ් එසේ ඝාතනය වූ පසු
ජනතාව උද්ඝෝෂණය කරමින් නැගී
සිටියා යැයි ඔබ සිතනවාද? නෑ එහෙම
වුණේ නෑ. ඒත් ඒ අවමංගල්‍ය පෙරහර
පසු පසින් ලක්ෂ හතරක ජනකායක්
මුවින් නොබැණ නිසොල්මනේ ගමන්
කළා. ඔවුන් වැලපුණා. එපමණය.
කොහොම ඔවුන් මරණයෙන් පසු මසක්
ඇවෑමෙන් තාප්පවල පෝස්ටර් වගයක්
ඇලවුණා. එහි තිබුණේ ඉංග‍්‍රීසි ’
අකුර. මේ අක්ෂරයේ තේරුම වුණේ,
‘තවදුරටත් ජීවත් වෙන්නා’ යන්නයි.
ඒ අරුතින් විය යුතුයි මේ පොතටත් ’
යන නම දාන්න ඇත්තේ.14322475_1288321571201563_7158532318456614909_n.jpg
දැන් බලන්න ඒ මරණය සිද්ධ
වෙන ආකාරය ගැන. ඉසෙඞ්ව මරන්නේ
ඒ නගරයේම ජීවත් වන ලූම්පන්
නාගරික සංස්කෘතියේ චරිත විසිනුයි.
ඒ ලූම්පත් චරිත එවැනි මිනීමැරුම්
කරන්නේ බොහොම සුළු කාරණාවලට
තමයි ඒ ඝාතනය කරන්නේ ගෙයක්
දොරක් ගන්න. වැඩිපුර මුදලකට,
රස්සාවක් ගන්න ඔන්න ඔය වගේ සුළු
කාරණාවලට කෙසේ වෙතත් මෙවැනි
දේශපාලන නවකතාවක් ලිවීමට
අවදානමක්, අභියෝගයක් වූ සමයකයි
වසිලිස් වසිලිකොස් මේ කෘතිය
ලියන්නෙත් එහෙම බැලූවම මෙවැනි
කෘතියක් විතරක් නෙවෙයි, එවැනි
ලේඛකයනුත් අපේ සාහිත්‍යය ලෝකයට
අභියෝගයක්. ඒ විතරක් නෙවෙයි
ආදර්ශයක්.

ඔබ එහෙම හිතනවද?
ඔව්, මම එහෙම හිතනවා.

සාකච්ඡුාව – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s