In Nature Experience

532116_13092713540016605230.jpg

උෂ්ණ කලාපීය රාත‍්‍රියක දෙවියන් වහන්සේට කළ හැක්කේ කුමක්දැයි කෙනෙකු හමුවෙහි දැක්වීමට මට වුවමනා වුවහොත් මා ඒ තැනැත්තා තංගල්ලේ තානායම ආලින්දය වෙත කැඳවාගෙන ආ යුතු යැයි මම කල්පනා කළෙමි. කිසිදු විශේෂත්වයක් නොමැති මේ කුඩා ගොඩනැගිල්ල ගල් කුට්ටිවලින් හා පොල් ගසින් ද සැදි කුඩා බොක්කක් අද්දර පිහිටියේය. මූදු රළ මෙහි ආලින්දයෙහි වැදිණි. සැදෑ වා තලය නිසලය. උණුසුම්ය.iwoolfl001p1

සුවිසල් ගුවන් තලයත්, දැවැන්ත සාගරයත් එකිනෙකාට මුහුණලා සිටී. තරු කැල අහසෙහි සේම මුහුදෙහි ද දිදුළයි. නාගයකුගේ වැනි දිගු ගෙලක් මූදේ තරු වෙතින් නිතර නිතර එස වී අහසේ තරු දෙස දෑස් යොමා මොහොතක් නොසැලි සිට යලි නිසොල්මනේ මුහුදු දිය තුල ගිලී යයි. මුහුදු ජලයෙන් මතු වන මේ කළුවන් හිස ආශ්වාසය සඳහා දිය මතුපිටට එන කැසැබුවෙකුගේ බව ඔබ දන්නා නමුත් මේ දර්ශනය දිස්වන්නේ කිසියම් ගුප්ත කාර්යයක් සේය. මුහුදු රළ තානායමේ බිත්තිවල ඇසෙන හඬත් ඇඟ කිලිපොලවන සේ පොල් අතු සැලීමෙන් නඟන හඬත් හැරුනු විට මේ උෂ්ණාධික රාත‍්‍රියෙහි වෙනත් කිසිදු සද්දයක් නොනැගිණි. අහස, මුහුද, තර, කැසැබුවන් මුහුදු බොක්ක හා පොල් රුක් ගස් යන මේ සියල්ල තංගල්ල තානායම අසල කොතරම් සෞන්ධර්යය ආකාරයකට සංකලනය වූයේද යත් සොබාදහම සරාගීත්වයේ ඉමටම පැමින සිටිතියි මට සිතිණි.

ලෙනාඞ් වුල්ෆ් –  Growing – ලක්බිමේ සත් වසක් –
පරිවර්තනය – පේ‍්‍රමචන්ද්‍ර අල්විස්

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s