දිවි මගේ කඩ ඉම් එකසිය දෙකක්

nicanor_112232.jpg

1914 සැප්තැම්බරයේ පස් වෙනිදා උපන් නිකැනොර් පාරා ලෝක අවධානයට පාත්‍ර වන්නේ කවියෙකු වශයෙනි.
ගුරුවරයෙකු ලෙස වෘත්තීය දිවිය අරඹා භෞතික විද්‍යාවේ මුදුනටම පැමිණියෙකු, ගණිතඥයකු හා මහාචාර්ය වරයෙකු NICANOR PARRAලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත් ඔහුගේ “Poemas y antipoemas” ලෝක සාහිත්‍යයේ විමසුම් ඇසට පාත්‍ර විය.
චිලියේ ජනකලා පවුලකින් පැවත එන ඔහු ගේ නම කිහිප අවස්ථාවකදී ම නොබෙල් ත්‍යාගය සඳහා ද යෝජනා විය.ස්පාඥ්ඥ බස වෙනුවෙන් ඔහු කළ මහඟු සාහිත්‍ය මෙහෙවර වෙනුවෙන් 2012 දී “Miguel de Cervantes” සම්මානය ඔහු වෙත පිරිනැමිණ.
දිවි මගේ කඩ ඉම් එකසිය දෙකක් සපිරෙන මේ මොහොතේ ඔහුගේ “Chronos” පැදිය අප බසට පෙරලන්නට මම මෙ ලෙසින් වෑයම් කළෙමි.

යන හැටි යළි නො එන ලෙස දින- සති- මාස
පැන යයි අවුරුද්ද අත් තටු ලැබුණු ලෙස
එනමුදු සන්තියාගෝවේ එක- දවස
පණ අදිමින් හෙමින් යන්නේ කිමද දොස

Palitha Jayakody

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s