මේ වනාහි හුදු සාහිත්‍යයික කියවීමක් නොවේ.

DSC_0580.jpg

BNM

සිය සහාලින් ¥පත් චාරිකාව ඇන්තන් චෙකොෆ් සිදු කරනුයේ ඔහු ගේ ජීවිතයේ පරිණත අවධියේදී ය. තමන්ගේ ජීවිතය තුළින්ම උපයා ගත් කළකිරීමක් ද දැකිය හැකි යැයි සිතෙන්නේ එකල්හි ඔහු අතින් ලියැවුණු නිර්මාණ මෙන්ම වෙනත් anton-chekhov-1901-everettලියවිලිද පිරික්සා බලන කල්හිය. එහෙත් මෙතැනදී කළකිරීම යන්න සාමාන්‍ය ජීවිතයේ දී අත් විදින පෘථග්ජන මානසිකත්වයෙන් තේරුම් නොගත යුතුය. කළකිරීම යන එය මෙතැනදී ගෙන ඇත්තේ කියැවීමක් වශයෙනි. එය උකටලී වීමක් නොවේ. එපා වීමද නොවේ. ඊට වඩා ගැඹුරු උපේක්ෂාව යන අරුතම මෙතැනදී ඊට සුදුසු වේ.

පෙර කී ආකාරයට සහාලින් ¥පතට ගොස් ආපසු නැව් මගින් රුසියාවට එද්දී ලද විවිධ අත්දැකීම් විසින් ”ගුසෙෆ් ” කෙටිකතාව ලියන්නට ඔහුව පොළඹවන ලද්දේ යැයි සඳහන්් වේ. ඒ පසුබිම ඇතිව හෝ නැතිව එම කතා වස්තුව කියවන විට ඔබට අර මා කීව කලකිරිම ද කියවන්නට ලැබෙනවා ඇත. ඒ කළකිරීමේ (උපේක්ෂාව* මානසිකත්වය ජීවිතයේ අවශ්‍යතාව සහ අනවශ්‍යතාව, පිලිගැනීම සහ අත්හැරීම මැනවින් පෙන්වා දෙන්නේ ය. ඒ මානසිකත්වයේ ඇති විශිෂ්ටත්වය වන්නේ ද එය යි.

ඇන්තන් චෙකොෆ් බෞද්ධ දර්ශනය හැදෑරූ බවක් මා අසා නැත. කෙසේ වුව එවැනි දාර්ශනික හැදෑරිමක් ඔහුට තිබුණේ නම් අඩුම තරමින් ආභාෂයක් හෝ තිබුනේ නම් වඩාත් යථාර්තවාදීවූත්, දාර්ශනිකවූත් ආස්ථානයකට, නිර්මාණාත්මක විග‍්‍රහයකට අර කීව කලකිරීම ගෙන යෑමට ඔහුට හැකි වනු ඇතැයි මට සිතේ. කෙසේ වුව ඒ සිතුවිල්ලට පසුබිම සපයන්නේ ගුසෙෆ් නම් කෙටිකතාව පමණක්ම නොවේ. THE BET (ඔට්ටුව) නම් කතාව ද එහිලා මට සිදු කල බලපෑම සුළුපටු එකක් නොවේ. සිංහල පාඨකයන් අතර එතරම් ජනප‍්‍රිය නොවූ කතාවක් වුවත්  THE BET සියුම් මානුෂීය හැදෑරීමක් සහිත බෞද්ධ දර්ශනයේ එන නිරාමිස හෙවත් අත්හැරීම නම් දාර්ශනික මානසිකත්වය ගැන කියා දෙන්නා වූ කතා පුවතක් වේ. මා විසින් පරිවර්තනය කරන ලද ”අවසන් නොවූ කතා බහක් ” නම් කෙටිකතා සංග‍්‍රහයට ”නික්මයාම නමින් එය එකතු කළේ ද අර කීව වටිනාකම දැනුණු නිසාය.

k

” පැමිණ සිටි අමුත්තන් අතර, තරුණයෙක්ද සිටි අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 25ක් යැයි කිව හැකිව තිබිණි.” ඔහු වෘත්තියෙන් නීතිඥයෙකු වූ බවත් අනිත් පාර්ශවයේ සිටියේද තරුණ විය නොඉක්ම වූ එහෙත් ඉක්මන් කේන්තිකාරයෙකුද වූ බැංකු හිමියෙක්ය කියාත් සඳහන්ව තිබේ. මොවුන් දෙදෙනා අතර හටගත් ප‍්‍රශ්නකාරී සංවාදය වුණේ එල්ලා මැරීම සුදුසුද එසේ නැත්නම් වරදකරුවාට ජීවිතාන්තය තෙක් සිරදඬුවම ලබා දීම සුදුසුද යන කාරණයයි. තරුණ නීතිඥයාට අනුව ජීවත්වීම වැදගත්ය. ඒ නිසා ඔහු තෝරා ගන්නේ සිර ගතවීම නම් දෙවැන්නයි. එහෙත් බැංකු හිමියා එසේ දිගු කාලයකට නිදහස අහිමි කර ගැනීම ප‍්‍රතික්ෂේප කරයි. එසේ සිය නිදහස අහිමි කර ගන්නා අයෙකු වේනම් ඒ තැනැත්තාට ඉහළම මුදලක් ගෙවිමටද ඔහු පොරොන්දු වෙයි. තරුණ නීතිඥයා එවැනි මුදලකට සිය නිදහස පාවාදිමට එකඟවෙයි.9781493661077_p0_v1_s260x420

” ඔය කියන මුදල් ඔට්ටුව ඇත්තක් නම් මම ලෑස්තියි අවුරුදු පහකට අවුරුදු 15ක් හිරේ ඉන්න. ”

කෙසේ වුව ජීවිතය යනු එක් මොහොතක් නොවේ. එය ගලා යෑමකි. එනිසා ජීවිතය සම්බන්ධයෙන් කෙනෙකුට තනි තීරණ ගත හැකි නොවේ. ඔට්ටුව ආරම්භ වී කාලය ගත වී කෙමෙන් විය පත් වන සමයක බැංකු හිමියා මෙසේ කල්පනා කරන්නට වූයේය. වඩාත් නිවැරැුදිව කියනවා නම් ඔහු ඒ ගැන ලත වුණේ ය.

”ඇත්තටම ඇයි මම එදා ඒ වගේ ඔටටුවක් ඇල්ලූවේ. මං අහන්නේ මොන දේකටද?
ඒ නීතිඥයා තමන්ගේ ජීවිත කාලයෙන් අවුරුදු 15ක් නැති කරගන්න කොට, මම ලොකු මුදලක් කිසි තේරුමක් නැතිව අහිමි කර ගන්නවා. අඩු ගානේ ඒ නිසා ඔප්පු වෙනවද මරණ දඬුවම සිර දඬුවමට වඩා අඩුවෙන් හරි වැඩියෙන් හරි හොඳය කියලා. නැහැ. සෑම දෙයකම අවසානයේදී මනස්තාපයක් විතරයි.”

කොහොම වුණත් එතැන් සිට කතාව ගලාගෙන යන්නේ ලොකු මුදලකට නිදහස අහිමි කරගත් හිරකරුවකුගේ කාලානුරූප වෙනස්කම් ඔස්සේය. චෙකොෆ්ගේ සියුම් ජීවිත කියැවීම ද එයම වන්නේය. අපට එය ”සැකෙවින් ” මෙසේ පෙළ ගැස්විය හැකිය.

DSC_0583.jpg

”මේ ආකාරයට හිරභාරයට පත් හිරකරුවා සිය පළමු වසරේදී වයින් සහ දුම්පානය ප‍්‍රතික්ෂේප කළ අතර දිවා ? වෙනසකින් තොරව ගිටාරය වාදනය කරනවා අසන්නට ලැබුණි. ඒ පළමු වසර තුළදී ඔහු විසින් ලියන ලද සටහන් වල සෑමවිටම සටහන් වුණේ පාළුවත් කළකිරීමත් පමණක්මය කියා කිව හැකිය.”
‘’හිරකරුවා නිතරම කළාවූ කටයුත්තක් වේනම් ඒ පොත් පත් කියැවීමයි. ඔහු පළමු අවුරුද්ද පුරාම ඉල්ලා සිටියේ ආදරය ගැන, අපරාධ පරීක්ෂණ ගැන මෙන්ම හාස්‍යෝත්පාදක කතා වස්තු සහිත පොත පතයි. ඒ ගැන විශේෂයෙන් ම යමක් කියනවා නම් ඒ තරම් ගැඹුරක් ඇති පොත්පත් වශයෙන් ඒවා හැඳින්විය නොහැකි යි.”

” නමුත් දෙවැනි අවුරුද්දේ දී නිතර ඇසුණු ගිටාර් වාදනය නො ඇසුණු බව කිව හැකි ය. ඔහු ඉල්ලා සිටි පොතපත අතර ද වැඩිපුරම තිබුණේ ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථයයි.”unnamed-1

” පස් වැනි අවුරුද්දේ දී අර නෑසී ගිය ගිටාර් වාදනය යළිත් හඬන්නට පටන් ගත් අතර මෙතෙක් ඉල්ලා නොසිටී වයින් ද ඉල්ලා සිටීම ගැන විශේෂයෙන් ම සඳහන් කළ යුතුව තිබේ. හිරකරු ගැන පරික්ෂාවෙන් සිටියවුන් වාර්තා කළ අන්දමට මේ අවුරුද්දේ දී ඔහු වැඩිපුරම කර ඇත්තේ ආහාර පාන ගනිමින් නිදා ගැනීමයි. පොතපත කියෙව්වේ නැති තරම්ය. නමුත් ඇතැම් රාත‍්‍රී කාලයක දී මේසයට හිඳගෙන දිගින් දිගටම ලිවීමේ නිරතව සිට ? පහන් වන විට ඒ සියල්ල ඉරා දමා තිබුණි. අවස්ථා කිහිපයක දීම ඔහු වැළපෙනවා ද අසන්නට ලැබී ඇත.”

” ඉනික්බිතිව අවසන් වුණේ හයවන අවුරුද්දයි. ඒ කාලයේ දී දර්ශනවාදය, භාෂාව වගේම ඉතිහාසය ගැන ඔහු මහත් ආසාවෙන් කියවා තිබුණි. ”

” මේ අතර දහවෙනි අවුරුද්ද ද පැමිණියේය. එ්ත් සමඟම ඔහු එකම තැනකට වී හිඳ සිටිනු දක්නට ලැබුණු අතර හිරකරුවා එක දිගටම නව තෙස්තමේන්තුව කියවමින් සිටියේය. කොහොම නමුත් මේ ගැන බැංකු හිමියා පුදුමයකට පත් වූ බව නම් කිව යුතුය. අවුරුදු හතරක් තරම් කාලයක් උසස් මට්ටමේ පොත් පත්ම කියැවූ මිනිහෙක් එකපාරටම මේ වගේ ඒ තරම් ගැඹුරු පදරුත් නැති ග‍්‍රන්ථයක්් කියවමින් අවුරුද්දක් ම ගත කිරිම ගැන ඇත්තටම ඔහු පුදුමයට පත් වී සිටියේය. එතැනින් පසුත් ආගමික ඉතිහාසය, ධරම ශාස්ත‍්‍රීය කරුණු සහිත පොත්පත් ම කියවමින් හිරකරුවා සිය දහවන අවුරුද්ද ගත කරමින් සිටියේය.”

”දැන් මේ වන විට අවුරුදු දහතුනක්ම ගෙවී ගොසිනි. තවත් ගත වෙන්නට ඇත්තේ අවුරුදු දෙකක් පමණය.එවර ඔහු ඉල්ලා සිටියේ ශේක්ස්පියර් කාතීන් ය. ඒ හැරුණු කළ බයිරන් ගේ කෘති, ස්වභාව විද්‍යා විෂය පොත් ද ඔහු වෙත පමුණුවන්නට බැංකු හිමියාට සිදු විය. තවද රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, දර්ශන වාදය පමණක් නොව දේ්වධර්ම විද්‍යාව ගැන ලියැවුණු පොතපතද අර පොත් ලයිස්තුවටම ඇතුලත් ව තිබුණි. ”

” තෙරක් නොපෙනෙන මහා සාගරයක් මැද බිඳී ගොස් ගිලෙන නැවකින් ඉවතට විසිවුනු අයෙක් ජීවිතය බදා අල්ලා ගැනීමේ මහත් වූ බලාපොරොත්තුවෙන් ඒ බිඳුණු සුන්බුන් අහුවන, අහුවන ආකාරයෙන් අල්ලා ගැනිම සහ මේ හිරකරුවාගේ පොතපත කියවීම අතර වෙනසක් නොවීය. කොහොම වුණත් දැන් ඔහුගේ හිරකාර ජීවිතයේ කාලය අහවර වෙමින් තිබේ.”

” හෙට රාත‍්‍රී දොළහ වන විට හිරකරුවා තමන්ගේ පොරොන්දු ප‍්‍රකාර සිරගත ජීවිතය සම්පූර්ණ කරනු ඇත. එවිට ගිවිසුම ක‍්‍රියාත්මක වීමේ ප‍්‍රතිඵලයක් ලෙස බැංකු හිමියාට ද එදා පොරොන්දු වූ මුදල දීමට සිදුවනු ඇත. එහෙම වුනොත් තමාට අහිමි වන්නේ සුළුපටු මුදලක් නොවේ. මීට අවුරුදු 15කට පෙර එතරම් මුදලක් නොවූ එය ගෙවීමට තිබූ ඒ සූදානම අද අවදානමක් බවට පත් වී ඇත. ” මේ ආකාරයට සියල්ල නොපිට පෙරළී ගිය වසර 15ක් අවසානයේ බැංකුකරුවා සිය සිරකරුවා සම්බන්ධයෙන් ගත් තීරණය පහත දැක්වේ.

” තියෙන්නේ එකම විසඳුමයි. ඒ තමයි ඔහුගේ මරණය. ”

DSC_0585.jpg

” ඔරලෝසුව තුන් පාරකට හැඬුවේය. වේලාව තුනයි. ගෙදර හැම කෙනෙක්ම තද නින්දේය. හොඳින් අහගෙන සිටියත් ඇහෙන්නේ සුළඟින් සැලෙන ගස් වැල්වල හඬ විතරයි. පුරා වසර 15ක් එක දිගට වසා තිබුනු කාමරයක යතුරු කැරැුල්ල ඔහු සිය අතට ගත්තේය.”

” දැනටමත් බාගෙට මැරිලා ඉන්න මේ මිනිහාව මරා දාන්න ආයේ අමුතු උත්සාහයක් වුවමනා නැත. …. බැංකු හිමියා ඒ විදිහට සිතමින්, ඔහු දෙස බලමින් එතැනට වී සිටින අතරම ඔහු ලියා ඇති ලියවිල්ලේ ඇත්තේ කුමක්ද කියාත් කියවිය යුතු යැයි සිතුවේය. ”

ලියවිල්ල

14358866_1290622654304788_7857222690154668751_n.jpg14358985_1290622677638119_8017678274929822182_n.jpg14358985_1290622677638119_8017678274929822182_n.jpg14344965_1290622727638114_8486222529869010200_n.jpg

මෙවැනි කියැවීමක් ඔබ හඳුනාගන්නේ කෙසේදැයි මම නොදනිමි. එය ඔබට අනන්‍ය සාධාරණ හඳුනාගැනීමක් වීම ඊට හේතුවයි. එහෙත් මම ඔබට මෙසේ කියමි. මේ වනාහි හුදු සාහිත්‍යයික කියවීමක් නොවේ. ගැඹුරු ජීවිත හැදෑරීමක් ද මෙහි පවතී. ඉඳින් මෙතැනදී ඔබ කළ යුත්තේ කුමක්ද? ඒ ජීවිත හැදෑරීම තුළට පිවිසෙමින් සාහිත්‍යයික කියවීම ඔබ අතට ගැනීමයි.

කියවීම මිනිසා සම්පූරණ කරන්නේ එවිටය.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s