ඒ නිහඬතාව මනුෂ්‍ය ආත්මයේ ගැඹුරු ඇතුලාන්තය ගැන පවසයි.

tumblr_m146deC8Uh1qb09lpo1_1280.jpg

ඇගේ ඒ අසීමිත අහංකාරය අතරමැද සමාදානයකින් තොර එකක් විය. එක්කෝ ඔබ ඇගෙන් ඉවත් විය යුතුය. නැත්නම් ඇයට යටත් විය යුතුය. ඇගේ නම ෂුන්කින් ය. ඇගේ අහංකාරය හමුවේ ඉහත කී ඉරණමට මුහුණ පෑ ඔහු සසුකේය. එතැනදී ඔහු ගත් මග දෙවැනියට කියා ඇත. නමුත් එය යටත් වීමක් ද යන්නද ප‍්‍රශ්නයකි. ඒ කුමන තත්වයක් යටතේ වුණත් අප අමතක නොකළ යුතු කරුණක් මෙතැන තිබේ. ඒ කිසිදු සමාජ චරිතයකට අදාළ සමාජ පංතිමය නියෝජනයකින් තොරව පැවැතිය නොහැකිය යන්නයි. ෂුන්කින් සහ සසුකේ සම්බන්ධයෙන් ද එය එසේම විය. ඒ අනුව ඔවුන්ගේ හැසිරීම් රටා අප හඳුණාගත යුතුව ඇත්තේ ද එසේ යමිනි. ඔව්හූ එක් ඵෙතිහාසික කාල පරාසයකට අයත් වන සමාජීය නියෝජිතයෝ වෙති.

කෙසේ වෙතත් ෂුන්කින් යනු එක්තරා ආකාරයක ගැහැණියක් වන තරමටම සසුකේ වනාහි වෙනස්ම ආකාරයේ චරිතයක් tattයැයි ”ගැහැණියකගේ චරිතාපදානය නම් මෙම කෘතිය පළමු වරට කියවන්නෙතුට හැඟී ගියහොත් ඒ ගැන පුදුම විය යුතු නැත. නමුත් ඒ වනාහි බැලූ බැල්මට අසු වන නිරීක්ෂණයකි. වෙනස් සමාජ පංති දෙකකට අයත්වන එනිසාම වෙනස්ම මං දෙකකින් පැමිණ ද්වන්දනාත්මක හැසිරීමකට හිමිකම් කියමින් කෙසේ හෝ ඒකමිතියක් තුළ පැවැත්ම නිර්මාණය කරගත් චරිත දෙකකින් පැවසෙන මේ නවකතාව එක් අතකින් පුදුම සහගත සාහිත්‍යයික අත්දැකීමකි. විශ්වාස කළ නොහැකි තත්වයකි. එහෙත් ඒ නිසාම ”ගැහැණියකගේ චරිතාපදානය කියවාගෙන යන අයෙකු එහි එන සමාජ විග‍්‍රහය ඉවත ලා චරිත වෙතින් ප‍්‍රකාශ වන විශ්වාස කළ නොහැකි බව විස්මයක් ලෙසින් ගෙන සමස්තය අද්භූතයක් බවට පත් කර ගැනීමකට ගියහොත් එය වනාහි පැහැදිලිවම සාහිත්‍යයික අපරාධයකි.

කෘතියේ කථා නායිකාව වන ෂුන්කින් ඕසක නගරයේ ඖෂධ වෙළෙන්දෙකුගේ දියැණියයි. 1886 ඔක්තෝබරයේ 14 දින සදහටම දෙනෙත් පියා ගන්නා විට ඇය පනස් හත් වැනි වියේ පසු වූවාය. කෘතියේ කතුවරයා වන තනිශකි ජුන්ඉචිරෝ ඇගේ සොහොන් කොත ගැන මෙසේ විස්තර කරයි. ” ඕසක නගරයෙහි ෂිතදෙර පෙදෙස්හි පිහිටි ජෝදෝ නිකායට අයත් එක්තරා බෞද්ධ විහාරස්ථානයක සුසාන භූමියෙහි ඇගේ සිරුර මිහිදන් කෙරිණි.”

”පියගැට පෙළ දිගේ අඩක් පමණ දුර යන විට තරමක් එළිපෙහෙලි වූ බිම් කඩක ෂුන්කින්ගේ සොහොන් කොත පිහිටියේය. ගලින් සැදුම් ලත් එහි සිහිවටනය මත මෙසේ කොටා තිබුණි. ’මොශුය කොතො හෙවත් ෂුන්කින් වර්ෂ 1886ක් වූ ඔක්තෝබරු මස 14 වැනි දින පනස් යත් වැනි වියේහීදි අභාවප‍්‍රාප්ත වූවාය. එහි පසෙකින් මෙවැන්නක් ද තිබෙනු පෙනිණි. මෙය ඉදි කරන ලද්දේ ඇගේ ශිෂ්‍යයා වූ නුකුයි සසුකෙ විසිනි.” එහිදී කතුවරයා තවත් සොහොනක් දකියි. එය මලින් කී එකට වඩා කුඩා ය. පිහිටා ඇත්තේ ද ඊට මදක් පහලිනි. එහි මෙසේ සඳහන් ව තිබිණි. ”මොශුය ෂුන්කින්ගේ ශිෂ්‍යයා වූ නුකුයි සසුකෙ හෙවත් කින්දයි. ඔහු 1917 ක්වූ ඔක්තෝබර් මස 14 වැනි දින අසූ දෙවැනි වියෙහිදී අභාවප‍්‍රාප්ත විය.” කතුවර තනිශකි ජුන්ඉචිරෝ, සසුකෙ ව හඳුණා ගනියි.

Tanizaki_Matsuko_and_Emiko.JPG

”එසේ නම් මෙය සුපතල සමිසෙන් වාදකයාගේ සොහොන් කොත නොවේද? ඔහුගේ සොහොන් කොත ඇගේ සොහොන් කොතට වඩා ප‍්‍රමාණයෙන් කුඩා වීමටත් ඔහු ඇයගේ ගෝලයෙකු ලෙස හඳුන්වා තිබීමටත් හේතුව කුමක්ද? මරණයෙන් පසුව පවා ඇයට යටහත්ව පහත්ව සිටීමට ඔහු තුළ තිබූ දැඩි ආශාවයි. සන්ධ්‍යා කාලයේදී මද හිරු ?සින් බබළන සොහොන් කොත් දෙක අසල සිට ගත් මම, මට පහළින් ඈතට විහිදුණු නගරය දෙස බලාගෙන හුන්නෙමි. තෙන්නෝ විහාරස්ථානය තෙක් බටහිර දෙසට විහිදී මෙකී කඳුකර භූමිය දීර්ඝ ඉතිහාසයකින් යුත් ඕසක පළාතේ ආරම්භයේ සිටම මෙයාකාරව පවතින්නට ඇති බවට කිසිදු සැකයක් නැත.”

එවැනි පරිසරයක මෙසේ සැඟ වී ගිය එම චරිත දෙක ජීවත් වු කාලයේ දී ඒ අය තමන් වෙනුවෙන්ම නිර්මාණය කරගත් 14264040_1291674797532907_5224981558304955196_nපැවැත්මක් ඇති කරගෙන සිටි ආකාරය කතාව කියවාගෙන යන කල්යි පැහැදිලි ෙවි. එසේ ඒ වෙනුවෙන් ඇති කරගත් නිහඬ එකඟතාවක් ඔවුන් අතර තිබිණි. ඒ නිහඬ එකඟතාව ඉතා සියුම් ලෙසින් ඉදිරිපත් කිරීමට කතුවර ජුන්ඉචිරෝ දක්වන සාමාර්ථය පැසසිය යුත්තකි.
ඇත්ත වශයෙන්ම ගත් කළ සසුකෙ යනු කවරෙක්ද? ඔහුගේ වෘත්තිය, පෙලපත, පුද්ගලිකත්වය කුමක් වුණත් කෘතිය පුරාම නොවක් ලෙසින් ගොඩ නැගෙන සංකීර්ණ ප‍්‍රශ්නය වන්නේ සසුකෙ යනු කවරෙක්ද යන්නයි. සසුකෙ යනු වෙනස් ආකාරයක 0රිතයක් යැයි කීමෙන් ඉහත ප‍්‍රශ්නයෙන් යමි පමණකින් හෝ ගැලවවී යාමට පුළුවන්කමක් තිබුණත් එය කොයි ආකාරයෙන්වත් සැබෑ පිළිතුරක් නම් නොවේ. සසුකෙ යනු දෛවෝපගත චරිතයක් වේ.එහෙත් ඒ ද ඔහුට අදාලව නොව ෂුන්කින්ට බලපාන ආකාරයෙනි. එතැනදී ඔහු ෂුන්කින් වෙනුවෙන් ආත්ම පරිත්‍යාගයෙන් කටයුතු කළ පුද්ගලයෙක් යැයි කියාද කෙනෙකුට පෙනී යා හැකිය. අනිත් අතට සසුකෙ සෙන් බුදු සමයෙන් උපන් ශාන්තුවරයෙක් ලෙසින් සලකා තෙන්රියු විහාරස්ථානයේ ශමන් පූජකතුමා ඔහු ගැන කරන තක්සේරුව සිත අලවන්නක් වුණත් එය සත්‍යයක්ද කියන ප‍්‍රශ්නය ඒ නිසාම යටපත් නොවේ. කෘතියේ කතුවරයා ඒ සම්බන්ධයෙන් කරන ප‍්‍රකාශය ද කොහෙත්ම බැහැර කල හැක්කක් නොවේ. ඒ අනුව කතුවර ජුන් ඉචිරො උන් වහන්සේගේ එම ප‍්‍රකාශයත් 51gsozk8u8l-_sx322_bo1204203200_සමඟ අප කී දෙනෙකුට නම් එකඟවිය හැකිදැයි ප‍්‍රශ්න කරයි. ඔහුගේ එම ප‍්‍රශ්න කිරීම වැදගත්ය. මන්ද පූජකතුමාගේ ඉහත ප‍්‍රකාශයෙන් සිදුවන්නේ සසුකෙ නම් ඒ පුද්ගල චරිතය විමසා බැලීමකට වඩා වසා යටපත් කිරීමක් ය යනුවෙන් කෙනෙකුට සිතෙන්නට පුළූවන් කමක් ඇති හෙයිනි. එමෙන්ම අදාල පුද්ගලයා ඔහුට හිමි සමාජ පසුබිමෙන් ගලවා පසුව වෙනම තැනක තැන්පත් කොට කෘතියට හිමි සමාජ විග‍්‍රහය ඊට අහිමි කිරීමක්්්්්්ද එවැනි නිර්දිෂ්ට කියුමක් නිසා සිදුවිය හැකිය. අප අවට සමාජ සත්තාව විග‍්‍රහ කල යුත්තේ ඊට හිමි පසුබිම තුල තබා මිස ඉන් එහාට ගිය ඇතැම් විට එම චරිතයද බලාපොරොත්තු නොවූ ආස්තානයක් එයට හිමිකර දීමෙන් නොවේ.

කුඩා කාලයේදීම හට ගන්නා රෝගයක් යේතු කොටගෙන ෂන්කින්ගේ දැස්වල පෙනීම නැති වේ. ඒ අනුව ඇය වැඩවියට පත් වන්නේ අන්ධ එකියක් ලෙසිනි. එහෙත් ඇගේ ඒ අන්ධ බව පොදුවේ අප හඳුණන තත්වයට වඩා වෙනස් තත්වයක් බව මෙම නවකතාව උඩින් පල්ලෙන් කියවන්නෙකුට වුණත් පෙනී යන්නකි.

”ඇගේ පියවුණ දෑසෙහි ඇගේ සොහොයුරියන්ගේ විවෘත දෑස් වලට වඩා ජීවමාන බවක් සිත්කළු බවක් ඔහු දුටුවේය. 200px-Junichiro_Tanizaki's_handwriting_1963.jpgඇගේ දෑස සාකල්‍යයෙන්ම ස්වාභාවික ලෙස, ඔහුට හැඟී ගියේය. එහි මීට වඩා කිසිදු වෙනසක් තිබිය යුතු නැත. ” එමෙන්ම පොදුවේ අන්ධ මිනිසෙකු සම්බන්ධයෙන් මතු වන දුර්වල පෞරුෂත්වය, අසරණ මානසිකත්වය ඇගේ මානාධික හැසිරීමෙන් යටපත් ව ඇති ආකාරයද කතුවරයා ඉදිරිපත් කරන්නේ සියුම් එමෙන්ම සංවේදී අයුරකිනි.

ගමේ සිට අලූතින්ම නගරයට පැමිණෙන සසුකෙට පැවැරෙන්නේ මේ අන්ධ යුවතියට සහාය වීමයි. එතැනදී මොශුය පවුලට සාපේක්ෂව ඔහුගේ සමාජ පසුබිම අවම බවද කිව යුතුය. එනිසාම ෂුන්කින් නැමැති මානාධික, ශෝභමාන යුවතියගේ නිර්දය හැසිරීම් ඉවසීමට ඔහුව යොමු කළේද? එසේ නැත්නම් කෙමෙන් ඇගේ ඇසුරට හුරුවෙමින් ඔහු වෙනස් අපූර්ව පරිකල්පනීය මානසිකත්වයක් ඇය වෙනුවෙන් ඔහු තමන් තුල උපදවා ගත්තේද ? මෙම ප‍්‍රශ්නවලට කෘතියෙන් සෘජු පිළිතුරු නොලැබෙයි. ” ගැහැණියකගේ චරිතාප‍්‍රදානය ” නම් මෙම කෘතියේ පවත්නා විශේෂත්වය ද එයයි.

”අන්ධ ෂුන්කින් ගේ ගුප්තමය ශෝභනත්වය ඔයුගේ සිත තුල වඩාත් කා වැදිණි. ” ෂුන්කින් සම්බන්ධයෙන් සසුකෙගේ junichiro-tanizakiපළමු හඳුනාගැනීම එසේය. ” ජීවත්වන සියළු සත්වයන් දෙස අඬවන් වූ සානුකම්පිත දෙනෙත් යොමු කොට බලා සිටිනා බුදුවරුන්ගේත්, බෝධිසත්වවරුන්ගේත් රූප අපි දැක ඇත්තෙමු. පිය වුණු දෑස විවර වුණු දෑසට වඩා කාරුණික බවක් පිළිබිඹු කරන අතරම ගෞරව සම්ප‍්‍රයුක්ත බියක් ද ජනිත කරවයි. ෂුන්කින් විනීත, මෘදු, මොළොක් ගතිගුණ ඇති ගැහැණියක බැවින් ඇගේ වැසුනු දෑසේ කරුණාවට අධිපති කන්නන් දෙවඟනගේ දෑසෙහි මෙන් කාරුණික බවක් ගැබ්වී ඇතැයි හැඟී යයි.” නමුත් සත්‍ය වශයෙන්ම එවන් උදාර කාරුණිකත්වයක් වෙනුවෙන් ඇගේ පෘථග්ජන පැවැත්ම සූදානම් වූයේදැයි තීරණය කල යුත්තේ විචාරකයා නොව එම කාතියත් සමඟම ආත්මගත සම්බන්ධයක් ඇති කරගන්නා පාඨකයා යැයි සිතමි. සසුකෙ සහ ෂුන්කින් අතර පැවතියේ මොනතරම් සියුම් එක්වරම නොවැටහෙන සම්බන්ධතාවයක්ද යන්න අවබෝධ කර දීමට බොහෝ කරුණු දත් විචාරකයකුට වත් හැකියැයි මම නොසිතමි. ඇගේ සියළු හැසිරම් ඉවසීමට තරම් පුළුල් හදවතක් සසුකෙට තිබිම නිසා ඔහු සෙන් බුදු සමයේ එන ශාන්තුවරයෙක් ලෙසින් පෙනීයාමද නොවැළක්විය හැකිය. එහෙත් එය සැබෑ තත්වය නොවන බව සියුම් ලෙසින් කෘතිය විඳින පාඨකයෙකුට වැටහෙයි. විශේෂයෙන්ම ෂුන්කින් ගේ ද්වන්දනාත්මක හැසිරීම ගැන කතුවරයා මෙසේ පෙන්වා දෙයි. ”ෂුන්කින් තමා ශ්‍රේෂ්ඪ කලාකාරියක් යැයි දැන සිටීම ඇගේ ක‍්‍රෑර, දුෂ්ට ayako-wakao-tatouageදඬුවම් වලට කිසියම් ආකාරයක හේතුවක් වන්න ඇතැයි මට සිතේ……..මෙසේ ක‍්‍රමයෙන් හිස් බවින්, අහංකාරයෙන් පෙළෙන්නට , පෙළෙන්නට ඇගේ ආත්ම සංයමයද මුළුමනින්ම හීන වී යන්නට ඇත.” අනිත් අතින් ගත් කළ ඒ වෙනුවෙන් නොවක් අනුබලයක් සසුකෙගෙන් ලැබීම පුදුම සහගත තත්වයක් වේ. ඒ අනුව නවකතාව තුළ සංකීර්ණම චරිතය වන්නේ කතා නායිකාව නොවේ. උප ප‍්‍රධාන චරිතයක් වන සසුකෙ යැයි සිතේ. එහි උච්චතම අවස්ථාව වන්නේ උණු වතුර ප‍්‍රහාරයකින් ෂුන්කින්ගේ මුහුණ විරූපි වූ අවස්ථාෙවිදී සසුකෙ හැසිරෙන ආකාරයයි.

”ගැහැණියකගේ චරිතාපදානය” නම් මේ කෘතිය පහසුවෙන් හඳුනාගැනීමක් කල නොහැකි වීම එහි විශේෂත්වයක් දැයි නොදනිමි. කතුවරයා පවා එම චරිත හඳුනාගෙන ඇත්තේ උපකල්පන ඇසුරින් බව පෙනේ. ඊට හේතුව එම චරිත ඔහුගේම නිර්මාණ නොවීම විය හැකිය. නමුත් එවැනි පසුබිමක් තුළ සිටිමින් මෙවැනි මානව හැසිරීම් අති සියුම් ලෙසින් නිරීක්ෂණය කිරීමට ඔහුට තිබූ හැකියාව අතිශයෝක්තියෙන් තොරව කීවත් අති විශිෂ්ටය.

සිංහල පරිවර්තනය – මහාචාර්ය ආරිය රාජකරුණා

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s