සුන්දරත්වය සහ බලය ලෝකයේ විශ්මය අසිරිය වන්නේය

 

Wetland-Yala-Park_019.JPG

පන්සල් ගොස් ආගමික වතාවත් කොට ආපසු පැමිණෙන ගැමියන්ගේ සිනා හඬ ඔබ සවන් වැකෙනු ඇත. එසේම ? ඇඳිරියේ නිසන්සල බව බිඳි ඔවුන් නගන සිනා හඬ ධි්වනිත කරන්නේ වන්දනාකරුවන් ලද ආස්වාදයයි. රාත‍්‍රියේදී ඔවුන් සුවදායක නින්දක් ලබනු ඇත. ඒ අතර ගම්මානයේ බල්ලන් බුරන හඬද, එළදෙනුන් නඟන හඬද ඈතින් ඈතට වරින්වර දෙසවන වැකේ. සිනාමුසු මුහුණින් යුත් සුන්දර ගැමි තරුණියෝ උපැස් යුවලක් පැළැද පන්සලේ පුද පූජා නැරඹීමට පැමිණ සිටින සුද්දාට ද නෙළුම් මල් කිහිපයක් දුන්හ. එහෙත් ඒ අමුත්තාට එමඟින් ඔවුන් ළඟා කරගන්නා සේ ශාන්ත සුවදායක සැනසුමක් ළං කර ගැන්ම දුෂ්කරය.

ඉක්බිති මුළු ජනපදයම නින්දේ නිමග්න වේ. සඳ රැුල්ලේ සිට සෘජුවම හමා එන සුළං රැුල්ලේ කිසියමි විශ්මිත බලයක් ඇතැයි හැෙඟ්.

yala-national-park.jpg

පාසැල් විෂය මාලාවට කුරුල්ලන් ගැන සොයා බැලීම අනිවාර්යයෙන් ඇතුළත් විය යුතු පාඩමකැයි කිව යුතුය. එමඟින් පාසල් දරුවන්ට තම දෙනෙත ද බුද්ධිය ද එකවර සියුම් ලෙස යොමු කළ යුතු ආකාරය ගැන කදිම අධ්‍යයනයක් කිරීමට ලැබෙනු ඇත. පුරාණයේදී ශිෂ්‍යයෝ ස්වභාවධර්මය ආශ‍්‍රයෙන් එබඳු උසස් අධ්‍යාපනයක් ද ලදහ. මොළය ද දෙනෙත ද එකවර යොමු කර අවබෝධයක් ලැබීම අධ්‍යාපනයේ උසස් ප‍්‍රථීඵලයක් වනු ඇත.

රනවරා තම්බා බීමෙන් සිරුරට යහපත් ප‍්‍රථීඵල ලැබේ. රනවරා මල් හිරු එළියේ වියලා උනු වතුරින් තම්බා බීම නිසා වකුගඩු පවිත‍්‍ර වී මුත‍්‍රා ආබාධ බොහෝ දුරට දුරු වේ. මේ පිළිබඳව ඉතා වැදගත් ලිපියක් ”රීඩර්ස් ඩයිජස්ට්” සඟරාවේ පළ විය. එසේ රනවරා මල් තම්බා බීම නිසා ලේ පිරිසිදු එන බවද අත්දැකීමෙන් පවසනු රිසියෙමි. වයස අවුරුදු හතළිහක් පමණ වූ කාන්තාවක් දිනකට තුන් වතාවක් රනවරා මල් තම්බා බීම නිසා ඇගේ සිරුරේ යෞවන ප‍්‍රභාව ක‍්‍රමයෙන් වර්ධනය වීමට පටන් ගැනුණි. එයින් පාඩමක් උගත් මම මාසයක් නොකඩවාම දිනකට තුන් වරක් රනවරා මල් තම්බා බීවෙමි. මගේ සම පැහැපත් වී මෘදු නැවුම් ස්වභාවයක් ඒ නිසා හට ගත්තේය.

img_7860

සුන්දරත්වය සහ බලය ලෝකයේ විශ්මය අසිරිය වන්නේය. හැඩරුව, වර්ණ, ආලෝකය හා ඡුායාවන්ද එලෙසින්ම පුදුම සහගතය.

ග‍්‍රීෂ්ම සමයේදී උෂ්ණ කලාපීය වනාන්තරවල වුවද උදෑසණ පහෙන් පසු නිදා ගැනීමට දුෂ්කරය. සමස්ත ප‍්‍රදේශයට අඳුර වැටුණු පසු අළුයම දක්වා නිශ්චලය. නිහඬය. එහෙයින් ඔබට රිසි පරිදි පැය හතක නින්දක් නිවිසැනසිල්ලේ විඳිූිය හැකිය. මට පැය පහමාරක හෝ හයක නින්දක් අවශ්‍ය වේ. එබඳු නින්දකින් පසු මගේ සිරුරට සුව සහනයක් දැනේ. ඉන් පසු මම වනපෙත සිසාරා උදෑසණ හමන ඇල් පවන් මැද තදින් හුස්ම ගනිමින් පිට කරමින් ව්‍යායාම් කරමි. රක්ෂණ සහතිකයක් නොමැතිව වුවද අළුයම වනගත පිරිසිදු වාතය ආශ්වාස කිරීමෙනි ද ව්‍යායාම් කිරීමෙන් ද ජීවිතයේ සුරක්ෂිතතාවක් ඇතිවන ඩව අත්දැකීම් කෙරෙන් දැන් මට පැඑැදිලිය.

bear

මෑතදී ගංගා ආශ‍්‍රිතව පවත්නා වනාන්තර ද ආක‍්‍රමණයට ගොදුරු වී ඇත. වනාන්තර එළිපෙහෙලි කළ ප‍්‍රදේශ වලට ඇද හැලෙන වැස්ස පුරාණයේදී වනාන්තර වශයෙන් පැවැති කාලයේ ලැබුණු වැස්සට වඩා බෙහෙවින් අඩුවෙමින් පවතී. වනාන්තර එළි පෙහෙලි කිරීම නිසා ක‍්‍රමයෙන් ගංගා වියළී යන අනතුරට මුහුණපා තිබේ. එමගින් ජනයාගේ අවශ්‍යතා සඳහා මෙන්ම කෘෂිකාර්මික කටයුතු සඳහා ද අපේක්ෂිත ජල ප‍්‍රමාණය නොලැබේ. කෘෂිකාර්මික කටයුතු සඳහා පමණක් නොව බීම නෑම, සේදීම සඳහා ද ජලය බලවත් ප‍්‍රශ්නයක් වේ.

ඩග්ලස් රැුෆල් – වෘත්තියෙන් බි‍්‍රතාන්‍ය උසස් නිලධාරියෙකු වූ ඔහු රුහුණු වන පියසට පැමිණියේ හෘදය රෝගියෙකු හැටියටය. එසේ පැමිණ දිගු කාලයක් වෙරළාසන්න වනගත ගමිමානයක විසූ ඔහු මවි රට බලා ගියේ නිරෝගි මිනිසෙකු වශයෙනි. ඒ අතර කාලයේදී ඔහු අත්වින්ද නිදහස මෙන්ම මානසික සහනය ගැන අවසානයේදී ඔහු විසින්ම ලියන ලද ලියවිල්ලයි in ruhunu jungle

gf

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s