උපේක්ෂාව යනු ගාමක බලයකි.

rays-of-the-sun-at-dawn-susan-savad.jpg

උපේක්ෂාව එය කුමක්ද? එය අපේ ජීවත් වීමට බලපාන්නේ කෙසේද? මේ ප‍්‍රශ්න සඳහා කෙටි පිළිතුරු නැත. අනිත් අතට උපේක්ෂාව යන්න පොදුවේ අප තුළ ජනිත කරන්නේ ආගමික හැඟීමකි. ඒ නිසාම ආගමික ජීවිතයේදී ඒ සම්බන්ධයෙන් සංවේදී වන අපි සාමාන්‍ය දෛනික දිවි පැවැත්මට පිළිපන් කල්හි ඊට හාත්පසින්ම වෙනස් අරුත්් ඇති රැුස් කිරීම් සහ වැළැඳ ගැනීම් කෙරෙහි වුවමනාවටත් වඩා උනන්දු වන්නෙමු.

මානව ශිෂ්ටාචාරයේ මුල සිටම මිනිසා විසුවේ ජීවත් වීම පිළිබඳ (සංසිද්ධියක් වශයෙන් ගත් කල එහි පැවැත්ම සම්බන්ධව * කුකුසකිනි. ඒ නිසාම ජීවත්වීම සහ මරණය වැනි සංසිද්ධිය වටහා ගැනීමට ආගමික සාහිත්‍යයෙනුත් දාර්ශනික විග‍්‍රහවලිනුත් අර්ථ නිරූපණය උකහා ගැනීම දිගින් දිගටම සිදු වූ සහ සිද්ධ විය.. මේ ආකාරයට ජීවිතය සොයා යෑම නම් ක‍්‍රියාවලිය අවසානයේදී එය උත්තම අරුතකින් සාක්ෂාත් කෙරෙනුයේ බුද්ධාවබෝධයත් සමඟ ය. තවද ඒ බුද්ධාවබෝධය වෙනත් ආගමික ලබ්ධීන්ද (දෘෂ්ටීන් * ඇසුරු කරමින් ලද උගැන්ම සහ අත්දැකීම් විශ්ලේෂණයෙන් පසක් කරගත් (ඥානනය කරගත්* පරම අවබෝධයක් වේ. තමා කේන්ද්‍ර කරගනිමින් තමන්වම විමසිය යුතු එසේ නැත්නම් ඥානනය කළ යුතු දැක්ම බුදුන්වහන්සේ විසින් ලොවට අනාවරණය කරනු ලබන්නේ ඒ බුද්ධාවබෝධය මත පිහිටමිනි. තමාට තමාවම නිදර්ශනයක් කරගැනීම (තමාට තමා පහනක් වීම* මෙන්ම තමන් විසින්ම තමන්ව සොයා ගනු ලැබීමේ පරම අවබෝධය වනාහි එදා මෙදා තුර මානව ශිෂ්ටාචාරය විසින් උපයා සපයා ගනු ලැබූ ශ්‍රේෂ්ඨතම සොයා ගැනීම බවට විවාදයක් නැත.

තවද බුද්ධාවබෝධය ලබා ගැනීමත් සමඟ මමය මගේය යන හැඟීමෙන් උපදින මමත්වය හෙවත් මමංකාරය මිනිස් ශිෂ්ටාචාරය විසින්ම නිර්මාණය කරගන්නා ලද පැවැත්මක් මිස විශ්ව ලෝක ධාතුව තුළ පවත්නා නියතියක් නොවේ. එකී පැහැදිලි කිරීම තුළ මිනිසා සිය ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලන තත්ත්වයක් ද නිර්මාණය වූයේ යැයි පැවසීම යුක්ති සහගත නොවන්නක් නොවේ. කෙසේ වෙතත් අවම වශයෙන් උපේක්ෂාව යන්න ඒ නිසා ම අවධාරණය වුණේ යැයි සිතිය හැකිය. එහෙත් උපේක්ෂාව යන්නෙහි අරුත අප නිසි ලෙසින් අවබෝධ කොට ගෙන තිබේද? උපේක්ෂාව වනාහි මන්දෝත්සාහි බව නොඑසේ නම් ක‍්‍රියාකාරිත්වයකින් තොර උදාසීන ආකල්පයක්ය යන්න ඇත්ත නොවේ. එය උපේක්ෂාව සම්බන්ධයෙන් නිවැරැුදි වටහා ගැනීමක් නොවේ. නමුත් ඒ ගැන නිසි වැටහීමක් ලබා ගන්නා අයෙක් වේනම් ඔහු ලොව පවත්නා නිවැරැුදිම ගාමක බලවේගය අත්පත් කරගන්නා පුද්ගලයා බවටද පත්වේ. වඩාත් පැහැදිලි කරන්නේ නම් උපේක්ෂාවෙන් යුතු වීම යනු ජීවිතය නිවැරැුදි ලෙසින් ස්ථානගත කිරීමකි. එමෙන්ම කළමනාකරණය කර ගැනීමකි.

sunrise-forest-wallpaper-4.jpg

ඒ අනුව උපේක්ෂාව යනු මැදුම් පිළිවෙතයි. එතැනදී ජීවත්වීමට අදාලව අධි සතුට කරා නොයෑමත් සන්තාපය, වියෝ දුක වැනි අවර ගනයේ හැඟීම් ප‍්‍රතික්ෂේප කිරීමත් ඊට අයත්ය. උපේක්ෂාව පිරිසිදු ගාමක බලවේගයක් වන්නේ එවිටය. ආගමික දෙසුම් වලදී පෙන්වා දෙන මැදුම් පිළිවෙත නම් තත්ත්වය මෙම ගාමකත්වයෙන් ඉවත් කොට අරුත් මැරුනු, ශක්තිය හීන වුණු, හැඟීම් නොදැනෙන සාම්ප‍්‍රදායික පදයකට සීමා වේ. ඒ අනුව අදටත්. පවත්නා තාක්ෂණ ජයග‍්‍රහණ හමුවේත් මුළුමනින්ම වලංගු මානසිකත්වයක් වශයෙන්, ප‍්‍රායෝගික භාවිතාවක් ලෙසින් උපේක්ෂාව හඳුන්වා දීමට සාම්ප‍්‍රදායික ආගමික සංස්ථාව අසමත්ය.

උපේක්ෂාවෙන් යුතු තැනැත්තා සැම විටම එළැඹී සිහියෙන් කටයුතු කරයි. එසේ කටයුතු කිරීම නිසාම ඔහු හෝ ඇය ජීවිතයේ සුඛ දුක්ඛ අවස්ථාවන් මැනවින් කලමනාකරණය කර ගැනීමටද සමත් වෙයි. පසුතැවිල්ලෙන් අත්මිදෙයි. සමාව ඉල්ලීමෙන් තොර වෙයි. ජීවත්වීම සම්බන්ධයෙන් නිවැරැුදි අවබෝධය ලබන තරමට ජීවිතය අත්විඳීම, සැනසිල්ල ළඟා කරගැනීම අපහසුවකින් තොරව කළ හැකිවේ. එවැනි ජීවිතයක් උජුපටිපන්න (සෘජු බව* ගුණයෙන් සැමවිටම ශක්තිමත් වේ.

උපේක්ෂාවෙන් තොර වීම යනු ජීවත්වීම හමුවේ ප‍්‍රාථමික හැසිරීම් ප‍්‍රදර්ශනය කිරීමක් නොවේ නම් අන් කුමක්ද? පෘථග්ජන පැවැත්ම තුළ එවැනි තත්ත්ව ආවේගීලි හැසිරීම් ලෙසින් දැකිය හැකිය. ඉඳින් එය එසේ නොවීමට නම් සම්‍යක් ඥානය ඇවැසි බව අමුතුවෙන් කිව යුතු නොවේ. පෘථග්ජන පැවැත්ම හා බැඳී පවතින බරපතල මානසික සීමාවක් වන තෘෂ්ණාවද උපේක්ෂාව ඉදිරියේ තවදුරටත් ශක්තිමත් බාධාවක් නොවේ. උපේක්ෂාව ගාමක බලවේගයක් යැයි අප පවසන්නේ එම කරුණද සැලකිල්ලට ගනිමිනි. උපේක්ෂාව අත්පත් කර ගත් තැනැත්තා සම්මා සති , සම්මා සමාධි යන බලශක්තීන් ද අත්පත් කර ගනී. ශිෂ්ටාචාරයේ මුල සිටම මිනිසාට ජීවිතය නම් විඳීම අත්හැරී යන්නේ තෘෂ්ණාව නම් අර කීව අසංවේදී මානසික බාධාව නිසාය. අත්හැරීමෙන් ලබන සුවය දිගින් දිගටම අත් හැරෙන්නේද ඇතැම් විට එය පසුගාමි මානසික ආකල්පයක් ලෙසින් හැඟී යන්නේද තෘෂ්ණාව නම් සීමාන්තික මානසිකත්වය නිසා බව කිව යුතුය. ඇත්ත වශයෙන්ම කියනවා නම් තෘෂ්ණාව යනු මිනිසාගේ අධ්‍යාත්මික පැවැත්මට අදාලව ඔහු හෝ ඇය ලබන ආත්ම පරාජයකි. නමුත් වර්තමාන භෞතික සමාජ පැවත්ම විසින් සම්පාදනය කරනු ලබන ඉලක්ක හමුවේ මෙම සත්‍යය පෙනෙන නොපෙනෙන සෙවනැල්ලක් සේ අප වෙතින් ඉවත්ව යෑම නිතර සිදු වන්නකි. එහිදී තමන් ආත්මීය වශයෙන් පරාජය වන බව මිනිසාට නොදැනෙනවා නොවේ. එහෙත් එතැනදී ඔහු හෝ ඇය කරන්නේ ඊට එරෙහිව විවිධ අර්ථ නිරූපණ ඉදිරිපත් කරමින් අවබෝධයෙන් තොරව බුද්ධිමය පෞරුෂත්වයක් ඇති කර ගනිමින් අර කීව ආත්ම පරාජය ආත්ම වංචාවකින් වසා ගැනීමය.

nature_sunrise_forest_fog_landscapes_hd-wallpaper-78457.jpg

නමුත් එසේ වූ පමණින් සැබෑ ජයග‍්‍රහණය තමන් වෙත ළඟා කරගැනීමට මිනිසා අසමත් බව දැන ගැනීමට ද උපේක්ෂාව නම් ගාමක බලවේගය අත්පත් කරගත යුතුය. ඊට එරෙහිව කොතෙක් අර්ථ නිරූපණ හිස පුරවා ගත්තත් එය බුද්ධිය හෝ ඥානය වශයෙන් හඳුනාගත්තත් සඵල ප‍්‍රතිඵලයක් ලබා ගැනීම කළ නොහැක්කක් වේ. ජීවිතය නම් විඳීම අත්හැරීයාම එතැනදී නොවැළක්විය හැක්කකි. අද දවසේ අප අත්විඳිමින් සිටින්නා වූ ඛේදවාචකයද එය ම වේ.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.
රනිල් ඇල්විටිගල.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s