මම නම් වූ ස්වභාවයක් ඇත. – භාරතීය ලේඛිකා කමලාදාස්.

Kamala-Suraiyya.jpg

BNM

”මගේ අම්මාගේ විවාහය ඇසුරේ ලොකු ආත්ම වංචාවක් තිබුණා. මම ඒක හොඳින් දුටුවා. ඒ නිසා කිසිදාක ඒ අය ගිය මඟ නොයන්නට මම තීරණයක් ගත්තා. සතුටින් ගත වන ඇගේ ව්වාහ ජීවිතයක් ගැන ඇය කොතෙකුත් ලිව්වා. ඒත් හැම රාත‍්‍රියකම අම්මා තාත්තාත් සමඟ ආරවුල් ඇති කර ගත්තා. ඒ අය ? මැදියමේ එසේ ගැටුම් ඇති කර ගන්නා ඒ සද්දෙට නැගිටින මම පුදුම බයකින් ඇඳේ වැතිරිලා සිටියා.”kamala-das_1900285151_p

එසේ පවසන ඇය ඉන්දීය සාහිත්‍යයේ විවාදාත්මක ලේඛිකාවක් වන කමලාදාස්ය. පොදුවේ ගත් කළ ඇය ඉන්දීය සාහිත්‍යය තුළ වෙනස් ආකාරයක ජනප‍්‍රියත්වයක් අත් කර ගන්නේද භාරත සමාජයේ ඇතැම් අභිවන්දනීය පරමාදර්ශ මෙන්ම උත්තම චරිත සිය මතයට අනුව යමින් නිර්දය විචාරයට ලක් කිරීම නිසාය. ඒ ආකාරයට සිය මව ගැන එසේ පවසන ඇය පියා ගැන කරන විවේචනයද සුළුවෙන් තැකිය හැක්කක් නොවේ.

ඇගේ පියා මහත්මා ගාන්ධිගේ බැතිමත් අනුගාමිකයෙකු බව ඇය පවසයි. මව හා විවාහ වී පසු දිනම සිය පියා නම් වූ මහත්මාගේ බැතිමත් අනුගාමිකයා කදාර් රෙද්ද අඳින්න යැයි මවට නියෝග කොට තිබේ. මහත්මා මුල් කොටගත් එම භාරත සංස්කෘතික විප්ලවය ගැන ඇගේ ආකල්පය පහත දැක්වේ.

”මහත්මා ගාන්ධි ජනතාව මත බලෙන්ම පැටවූ ඒ සුචරිතවාදයට, අල්පේච්ඡුතාවට, එමෙන්ම හික්මවීමට මම නම් විරුද්ධයි. මම හරිම ආසාවකින් හිටියා විචිත‍්‍රවත් සිල්ක් සාරි අඳින්න. ඒ වගේම රත‍්‍රන් ආබරණ පළඳින්න.” ඇය පවසන අන්දමට ඇගේ ඒ විරෝධයට පසුබිම් හේතුවක්ද ඇත. ඒ, එකී සුචරිතවත් සංස්කෘතික හික්මවීම, බැතිමතෙකු සිය ආගම පිළිගන්නා අයුරින් වැළැඳගත් ඇගේ පියා නිවසේදී දරුවන්ට සලකා ඇත්තේ මෙහෙකරුවන්ට සලකන අයුරින් වීමය. වෙනසකට තිබුණේ මෙහෙකරුවන්ට වැටුප් ගෙවීමත් දරුවන්ට එසේ නොගෙවීමත් තුළය.

5ff343e313918cb90751787e042f2bf2.jpg
ඇත්ත වශයෙන්ම කමලාදාස් මෙහිදී සිදු කරනුයේ විශේෂයෙන්ම ඉන්දීය නිදහස් සටන මුල් කොට ගත් මහත්මාගේ භාරත සංස්කෘතික විප්ලවය නව නූතනවාදී අදහස් වලින් ප‍්‍රශ්න කිරීමය. ඒ ප‍්‍රශ්න කිරීම වූකලී එකී සංස්කෘතික විප්ලවයේ ඇතැම් අධිපතිවාදී මුල් බැස ගැනීම් හෙලිදරව් කිරීමක්ද වේ.

kamla-das_nimavatකිවිඳියක වන ඉයුජිනිස් ද සූසා කමලාදාස් සම්බන්ධයෙන් මෙසේ සටහන් කොට තිබේ. ”ඇය ලිවීම තුළින් විශාල නිදහසක් අත් කරගෙන ඇත.” එහෙත් ඊට අදාළව ප‍්‍රමාණවත් ආරක්ෂාවක් සපයා ගැනීමට ඇය අසමත් වී ඇති බවක්ද සූසා පෙන්වා දී ඇත. මේ අතර ඇය කමලදාස් සමඟ සාකච්ඡුාවක් ද පවත්වයි.

සූසා – ”මා දන්නේ නෑ ඔබ ස්ත‍්‍රීවාදිනියක්ද නැද්ද කියන්න. ඒත් ඔබ ලියන්නේ ස්ත‍්‍රීවාදී කවි යැයි මා සිතනවා.”

කමලාදාස් – බාහිර ලෝකයා මා ස්ත‍්‍රීවාදිනියක ලෙස හඳුණාගන්නවා. ඒත් මම, මාව හඳුණාගන්නේ සිත් ඇදගන්නා සුළු පිරිමින්ගේ මෙන්ම ගැහැණුන්ගේද ඇසුර ප‍්‍රිය කරන ස්ත‍්‍රී ෙලෙංගිකයෙකු හැටියටයි.” (එහෙත් තමා කිසි දිනෙක ෙලෙංගිකත්වය මුල් තන්හි තබා කිසිවක් තීරණය නොකළ බවත්, තමන් එවැනි අයෙකු නොවන බවත් ඇය ප‍්‍රකාශ කොට තිබේ. එහෙත් සමහර විට බොහෝ දෙනා විශේෂයෙන්ම නූතනවාදීන්ව විමතියට පත් කරමින් මේ විවාදාත්මක ලේඛිකාව ගබ්සාව නීතිගත කරන ලෙස ඉල්ලා සිටී. ස්ත‍්‍රී සමාජ හමුවේ සිය විරෝධය පල කර සිටියාය.*

සූසා – කාව්‍යකරණයේදී ආත්ම ප‍්‍රකාශනයට යන ඔබත් මාත් ඇතුළු සෙසු කිවිඳියනුත් එහිදී සිදු කරන්නේ ස්වයං ලිවීමකට යන එකයි. ඒ නිසා අප දකින්නේ පෞද්ගලික ආමන්ත‍්‍රණයක් මිසක් විශ්ව සාධාරණතාවක් නොවේ. එසේම ඒ පෞද්ගලික ආමන්ත‍්‍රණය දේශපාලනිකයි කියන තැනට ස්ත‍්‍රීවාදීන් පැමිණෙනවා. මම වුණත් ඊට විරුද්ධ නෑ. එහෙත් ඉන්දීය ස්ත‍්‍රීන් ගෙවල් වලට සීමා වීම, ඔවුන්ගේ හුදකලාව, අවමානයට පාත‍්‍ර වීම යන ඔබේ කාව්‍ය ආමන්ත‍්‍රණ කතා කරන්නේ හැඟීම් වලට යැයි මා කියනවා.

කමලාදාස් උක්ත ප‍්‍රශ්නයට ලබා දුන් පිළිතුර තුළ, ඉඳින් සාහිත්‍යය යනු එය නොවේ නම් අන් කුමක්ද යන ප‍්‍රශ්න කිරීමද තිබේ. තවද අත්දැකීම් වලින් තොර නිර්මාණ උසස් කෘති වශයෙන් අගය කළ නොහැකි බවත්, එය හරියට අක්බාර් රජුගේ ඉතිහාස කතාව ලිවීමට අසමාන නොවේය යනුවෙනුත් ඇය ඊටම අදාළව පවසා තිබේ. ඒ ආකාරයට හැඟීම් නොහඳුණන එවැනි ලියවිලි සම්බන්ධයෙන් ඇය තුළ ඇගැයීමක් නොවිණි. එහෙත් කෙනෙකු තම හැඟීම් ප‍්‍රකාශනයේදී විශ්වසනීයත්වය ආරක්ෂා කරගත යුතුය යන්නද ඇය ඊට එකතු කොට තිබේ.

03LRKAMALA2_519199f.jpg

කමලාදාස් – පිටස්තර මිනිසුන් ගැන ලියන විට මම ලේඛකයෙකු හැටියට සම්පූර්ණයි කියළ මට කවදාවත් දැනිලා නෑ. එහෙම ලියනකොට ලියවෙන ඒ වචන අතරින් මගේ මුහුණ පා වී යනවා මට පෙනෙන්නේ නෑ. එතැනදී මම කැටයම් My_Story_Kamala_Das.jpegකලාව ප‍්‍රගුණ කළ දක්ෂ වඩුවෙකු වීමට ඉඩ තියෙනවා. ඒත් හුදු දක්ෂතාව පමණක් මම මගේ පරමාර්ත සාධනය බවට පත් කර ගත්තේ නෑ.”( ඒ අනුව ඇය සමාජය කොටස් දෙකකට බෙදා දක්වයි. එහි එක් පැත්තක සිටින්නේ දක්ෂ මිනිසුන්ය. අනිත් පස සිටින්නේ පොදු මිනිසුන්ය. එමෙන්ම දක්ෂතාව යනු මිනිසාගේ පැවැත්මට අදාළව ඊට අයත් එක් කොටසක් පමණක් බවද ඇය පවසයි. දක්ෂතාව යනු බාහිරව ඇති කරගන්නා ආරෝපණයක් වේ. ඊට අදාලව සිය ලිවීම පිළිබඳව ඇයගේ අදහස පහත දැක්වේ.*

”පාඨකයාම අරමුණු කොටගෙන පාඨක අවශ්‍යතා සපුරන දේම ලිවිය යුතු යැයි නියමයක් නැහැ. ඒත් තමන් ලියන්නේ කුමක්ද, ඒ දේ කාටත් වැටහෙන අයුරින් ලිවිය යුතුයි. මා පාඨකයන්ගේ විවෙචනයට ගොදුරු වන්නේ ඔවුන්ට අවශ්‍ය දේම නොලියන නිසාය. එහෙත් කෙනෙකුට සමාජයට මෙහෙයක් කළ හැක්කේ තමා තමන් වශයෙන්ම ඉදිරිපත් වීමෙනුයි.”

තවත් අවස්ථාවකදී ඇය පවසා ඇත්තේ හොඳ ලේඛකත්වයක් හිමි කර ගැනීමේ විශේෂ හැකියාවක් ගැහැණුන්ට ඇති බවය. ”ඒ ඇයි කියන්න ඔබ දන්නවද? ඒ තමයි ගැහැණුන්ට කවදාවත් තමන්ගේ අත්දැකීම් සඟවා ගන්න හිතෙන්නේ නැතිකම.” (එහෙත් එතැනදී තම ලිවීම ගැන ස්ත‍්‍රී ලිංගික දෘෂ්ටි කෝණයෙන් බැලීම හෝ වර්ග කිරීම ගැන නම් ඇය සිය විරෝධය පළ කරයි. සූසා කිවිදිය තවදුරටත් ඇගෙන් ප‍්‍රශ්න කරමින් ඉතිහාසය සහ පුරාවෘත්තම පාදක කර ගනිමින් ලිවිය යුතුය යන මතය ගැන ඇගේ අදහස විමසයි.

කමලාදාස් – ඉතිහාසය ලිවීමට ඉතිහාසඥයෝ සිටියාවේ. එහිදි ඔබ හොඳින් සිතට ගත යුතුයි මෙන්න මේ කාරණය. ලොව ඇති එකම පුරා වෘත්තය තමයි – මම වෙනස් පුද්ගලයෙක් – කියන එක. මම නම්වූ ස්වභාවයක් ඇත. ඒ ඔස්සේ තමයි මම ලිවීමේ හැකියාවක් ලබන්නේ. ඒ අනුව ඔබට කලාත්මකව ලිවීමත් කල හැකිය….. යම් වචනයක් සතු ෙඖචිට්‍යය විමසා අවබෝධ කරගැනීමට මා යොදාගන්නේ මගේම ශරීරයයි.

මේ ආකාරයට ශරීර භාවිතාවක් ලෙසින් භාෂාව විමසා බැලීම කමලාදාස් විසින් සිදුකරනු ලැබ තිබේ. එහිදී ඇය අදහස් කොට ඇත්තේ යම් වැකියක් කියවද්දී ඔබ සිරුරේ හිරිගඩු පිපීමක් වැනි වෙනසක් සිදුවේනම් එවැනි වචන තෝරා ගැනීමට තමා යොමු වන බවයි. ඉඳින් එවන් වෙනස්කමක් කිරීමේලා අසමත් වචන ගැන තමා කිසිම අවධානයක් යොමු නොකරන බවද ඇය පවසා තිබේ.

kamala collage.jpg

” එවැනි වචන මිය ගිය සමක් හා සමානය. ජීවයෙන් තොරය. ”

මේ අතර ඇයගේ අනියම් සබඳතා ගැනද ප‍්‍රශ්න කොට තිබේ. එතැනදී ඇය ලබාදී ඇති පිළිතුරු සෘජුය. ඇයට අනුව එවැනි සබඳතාවන්ගෙන් තොර ලෝකයක සිට ලිවීමට පුළුවන් කමක් තමන්ට නැත. එහෙත් හුදෙක් වස්තු බීජ සොයා යෑමේ අරමුණින්ම එවැනි සම්බන්ධතා සොයා යෑමක් සිදු කොට නැතැයි ද ඇය පවසයි. කිසියම් ආකාරයකට හෝ ආදරයක් දැනෙන ජීවිතයක් ගෙවන්න තමන්් උත්සාහ කළේ යැයිද කමලාදාස් පෙන්වා දී තිබේ. ”ජෑම් ස්වල්පයක් එක් කළ රෝස් පාන් පෙත්තක් වැනි ජීවිතයක්”යි ඒ සම්බන්ධයෙන් අපූරු හැඳින්වීමක්ද ඇය සිදු කරයි. ඊට සාපේක්ෂව විවාහ ජීවිතය යනු පරළු පාන් පෙත්තකට එහා ගිය වටිනාකමක් ඇති දෙයක් නොවේ.

lg113_-973092265_P.png
” මම කැමැත්තෙන් හිටියා කවුරුහරි මාත් එක්ක ඇවිදින්න යන්න එනවට. මාත් එක්ක පීනන්න. එකතුවෙලා බැට්මින්ටන් සෙල්ලම් කරන්න.” ඒත් ඒ කිසිවක් තම සැමියාගෙන් බලාපොරොත්තු වීමට ඇයට හැකි වී නැත. එමෙන්ම එහිදී ඇයට විසඳාගත නොහැකි කාරණයක් ද තිබී ඇත. ඒ තමන් සතුටින් සිටිනවාට අන් අය අසතුටු මන්ද කියන කාරණයයි. කෙසේ වුව තමන්ට කිසි දිනෙකදී ලිවීමට අවශ්‍ය නොවූ දෙයක්ද තිබුණේ යැයි ද ඇය පවසා තිබේ. ඒ ගැහැණුන්ගේ රති කාමය ගැනයි.

”එහෙම දෙයක් මට කවදාවත් දැනිල නෑ. ” ඒ වනාහි ඇත්තටම සිය පුද්ගල සංවේදිතාව ගැන කළ ප‍්‍රකාශයක් ගැන නොසිතිය යුතුය. පුරුෂ කේන්ද්‍රීය සමාජය විසින් ගොඩනඟන ලද ප‍්‍රබන්ධයක් ලෙසින් ඇය එය සලකා ඇති බව පැහැදිලිය. ඒ ගැහැණුන්ට සිද්ද වෙන්නෙ පුරුෂ කාර්යභාරයට ගොදුරුවීම මිස අනෙකක් නොවේ. එය පුරුෂයාට අනුව යෑමක් වේ. ඒ නිසා තමා පුරුෂ රති කාමය ගැන ලියුවේ යැයි කමලාදාස් පවසයි. ඒ අනුව තමාට ගැලපෙන්නේ බ‍්‍රහ්මචාරි ජීවිතයක් යැයි පවසන ඇය ඒ බ‍්‍රහ්මචාරි බව යනු නිදහස් ශාරීරික පැවැත්මක්, පවිත‍්‍ර තත්වයක් පවත්වා ගැනීමක් වශයෙන් එය විස්තර කරයි.

” ඔය මෛථුන්‍ය සේවනය තියෙනවා නේද? ඒක මහා එපා කරපු දෙයක්. ඒත් තමන්ගේය කියා දරුවකු හදා ගන්නට නම් ඒ විදිහට ඉන්න වෙනවා.” හැඟීම් බර පුද්ගලයකු වශයෙන් තමාව පිළිගන්න යැයි ඇය ඉල්ලා සිටී. තමන්ට ආදරය අවශ්‍ය වන්නේ ඒ නිසා යැයිද පවසයි. ඒත් කිසිමදාක කිසිම කෙනෙකු ජීවිතය ගැන කිසිම දෙයක් තමන්ට කියා දී නැතැයි කමලාදාස් පෙන්වා දෙයි. මේ විවාදාත්මක ලේඛිකාවගේ එම අදහස් විශේෂ පුද්ගල පැවැත්මක් හැටියට යමෙකු සිතනවා නම් වඩාත් සුදුසු වන්නේ ඒ සිතුවිල්ලෙන් බැහැරවීමය. ඒ අනුව මේ වනාහි හුදෙක් ඇගේ කතාවම නොවේ. අප හොඳින් දත් ඇතැම් විට නොදත් ආසියානු සමාජ යථාර්තය සම්බන්ධයෙන් ඇගේ ප‍්‍රකාශය වේ.

( මෙම අදහස් ලිපියක් වශයෙන් මුලින්ම පළ වූයේ 2016.09.18 ”ඉරිදා’’ පුවත් පතෙහිය.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s