මන්නාරම – සුළං බලාගාර වාර්තාව පිළිගත නොහැකියි. – ජගත් ගුණවර්ධන –

Uditha Hettige (16).jpg

ඉදිරයේ ඇති වීමට නියමිත ලෝක බලශක්ති අර්බුදය ජය ගනු වස් රටවල් වශයෙන් සූදානම් වීම මේ වන විටත් සිදු වෙමින් පවතී. පසුගිය කාලයේ ශ‍්‍රී ලංකාව ද විකල්ප බලශක්ති ජනනය සම්බන්ධයෙන් අවධානය යොමු කොට තිබේ. එහි අලූත්ම පියවර වන්නේ මන්නාරම කේන්ද්‍ර කොට ගෙන ඉදි කිරීමට නියමිත සුළං විදුලි බලාගාරයයි. කෙසේ වුව මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති පාරිසරික දත්ත වාර්තාව නෛතික වශයෙන් දෝෂ සහගත යැයි චෝදනා කෙරේ. සැප්තැම්බර් 20 වන දින තරුණ සත්වවේදීන්ගේ සංගමය පැවැත්වූ පුවත්පත් සාකච්ඡුාවේදී මේ සම්බන්ධයෙන් සිදු කළ කරුණු අනාවරණය පහත දැක්වේ.

පරිසරවේදී – උදිත හෙට්ටිගේ.

මන්නාරම යනු දිගු හැඩයෙන් යුත් ¥පත් පිහිටීමක්. විශේෂයෙන්ම ආදම්ගේ පාලම කේන්ද්‍රීයව ඇති ¥පත් සමූහය uditha-hettige-6පාරිසරික වටිනාකමක් සහිතයි. බහුල ලෙසින් එහි පැමිණෙන සංක‍්‍රමනික පක්ෂීන් නිසා එම පරිසර කලාපය විශේෂ අවධානයක් දිනා ගන්නවා. හඳුනාගෙන ඇති ආකාරයට ප‍්‍රධාන මාර්ග තුනකින් මේ පක්ෂීන් ලංකාවට පැමිණෙනවා.

1. ආසියා පැසිෆික් මාර්ගය.
2. ආසියා ඕස්ටේ‍්‍රලියානු මාර්ගය.
3. මධ්‍යම ආසියානු ඉන්දියානු මාර්ගය.

මෙයින් අවසානයට කී මාර්ගය ඔස්සේ පැමිණෙන පක්ෂීන්ගේ අවසාන නැවතුම් පොල වන්නේ මෙම පාරිසරික කලාපයයි. එතැනින් එහාට දිගු දුරකට පසු හමුවන්නේ ඇන්ටාර්ටික් ධ‍්‍රැවයයි. ශීත කාලගුණය මඟ හරවා ගැනීමට උණුසුම් කලාපයකට පැමිණෙන එම පකෂීන්ට සාම්ප‍්‍රදායික භූමිය අහිමි වුනොත් උන් ඇන්ටාර්ටිකාවට පියඹා යාවි යැයි ඔබ සිතනවාද? අදාල ව්‍යාපෘති වාර්තාවට අනුව එම කලාපයේ සුළං බලශක්ති බලාගාරයක් ඉඳිවුනොත් එකී පක්ෂීන් ඒ නව තත්වයට අනුවර්තනය වනු ඇතැයි බැලූ බැල්මට පිලිගත හැකි තර්කයක්ද ගෙන ආ හැකියි. නමුත් දිගු දුරක් ගෙවා ශරීරයේ අවසාන ශක්තියද වැය කොට එහි පැමිණෙන මේ පක්ෂීන්ට තවදුරටත් එසේ බලාගාර ක‍්‍රීයාකාරිත්වයකට අනුගත විය හැකිද?

unnamed (3).jpg

අනික් අතට එවැනි සුළං මෝල් හැටක් පමණ මඟ හරිමින් එම ප‍්‍රදේශයේ හැසිරෙන්නට මේ සංක‍්‍රමනික පක්ෂීන්ට හැකි unnamed-2යැයි සිතන්න පුළුවන්ද ? මීටර් 130ක් දිග සුළං තටුවක් මිනිත්තුවකට වාර තිහක් වත් කැරකෙයි නම් එහි වේගය පැයට සැතපුම් 100ක් වත් විය යුතුයි. අදටත් ගාල්ල අධිවේගි මාර්ගයේ උදෑසනම ගොස් බැලූවොත් එවැනිම වේගයකින් එන වාහන වලට හැපී කොපමණ කුරුල්ලන් සංඛ්‍යාවක් මැරී ඇත්දැයි ඔබට දැක ගන්නට පුළුවන්. ඉතිං එවැනි හෝ ඊටත් වඩා වේගයෙන් කැරකෙන සුළං පෙති ගණනාවකට කිසිදු අපහසුවකින් තොරව අනුවර්තනය වීමට මේ පක්ෂීන්ට හැකි යැයි ඔබ සිතනවාද? නේවාසික පක්ෂීන්ටවත් එසේ විය නොහැකි කොට අවුරුද්දකට සැරයක් මෙහි එන පක්ෂීන් ඊට අනුවර්තනය වෙන්නේ කොහොමද?

මේ පරිසර පද්ධතිය කටු ලැහැබ් පඳුරු සහිත මිනිස් ක‍්‍රියාකාරකම්වලට ගොදුරු වූ එතරම් වටිනාකමක් නැති වනාන්තර නොවන කලාපයක් හැටියට හඳුන්වා දීමක් වැනි ඇඟවිමක් ද මෙම වාර්තාවේ දකින්න පුළුවන්. එය වැරදියි. මේ ප‍්‍රදේශයේ පාරිසරික අනන්‍යතාව තමයි ඒ. එහි වෙසෙන ජෛව ප‍්‍රජාවට අවශ්‍ය උත්කර්ෂම ශාක ප‍්‍රජාවක් තමයි ඒ ආකාරයට දකින්න ලැබෙන්නේ. හොඳින් මතක තියා ගන්න පරිසරය ගැන කිසිවක් නොදන්නා මිනිසුන්ට වඩා හානියක් ඒ ගැන දන්නා අයගෙන් පරිසරයට සිදුවෙනවා. මෙතැන වෙන්නෙත් ඒකම තමයි. ඔවුන් දිගින් දිගටම පවසනවා ඉතා අඩු දත්ත සංඛ්‍යාවකින් මෙවැනි වාර්තාවක් කළාය කියලා.
ඉතිං ලැබී ඇති දත්ත ප‍්‍රමාණවත් නැතිනම් තොරතුරු මද නම් ඒ මත අසම්පූර්ණ වාර්තාවක් සකස් කරන්නේ ඇයි? මාස 27 ක් තුළ සිදු කළ අධ්‍යයනයක් වන මෙහි සංක‍්‍රමණික පක්ෂීන් ගැන අධ්‍යයනය කොට ඇත්තේ එක දවසක් පමණයි. එසේ සිදු කොට ලබා දෙන නිගමනය වන්නේ පක්ෂීන් සංක‍්‍රමණය වන සහ එසේ නොවන කාලවලදී ලොකු වෙනසක් දකින්නට නොලැබෙනවාය යන්නයි.

විද්‍යානුකූල ක‍්‍රමවේද මත සිදු නොවුණත් ලංකා කුරුළු සංගමයේ වාර්තාවලට අනුව ලක්ෂ තුනත් පහත් අතර සංඛ්‍යාවක වල් තාරාවුන් මේ ප‍්‍රදේශයට පැමිණෙනවා. සෙසු වර්ග වුව පැමිණෙන සංඛ්‍යාත්මක අගය 60,000ක් වත් වෙනවා. මෙවැනි ව්‍යාපෘති වාර්තාවක් එවැනි හුදු නිරීක්ෂණ මත පදනම් වූවක් නොව විද්‍යාත්මක පදනමක් මතම සිදු වූවක් විය යුතුයි. නමුත් මේ සකස් කරල තියෙන්නේ එහෙම වාර්තාවක් නෙවෙයි. එය අතිශයින්ම අසම්පූර්ණයි. ව්‍යාජ වාර්තාවක් යැයි කියන්න පුළුවන්.

Uditha Hettige (4).jpg

ජ්‍යෙෂ්ඨ පරිසර නීතිවේදි ජගත් ගුනවර්ධන

සුළං බලයෙන් විදුලිය නිපදවා ගැනීමේ මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි. ඒ අනුමැතිය දෝෂ සහගතයි. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී කටයුතු කොට ඇත්තේද uditha-hettige-14දෝෂ සහගතවයි. ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික ආරක්ෂණ කලාපයට අයත් භුමි ප‍්‍රමාණය පසු ගිය කාලයේදී යම් අවම කිරීමකට ලක් වෙන විට අපට ඒ ගැන සැකයක් ඇති වුණා. අපි දන්නවා ආරක්ෂිත වන උද්‍යානයක මායිමේ සිට සැතපුමක ආරක්ෂිත කලාපයක් තිබෙන බව. කිසිදු සංවර්ධන කටයුත්තක් එම සීමාවේ සිදු කල නොහැකියි. එය ක‍්‍රියාත්මක කළ යුත්තේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි. එහෙත් එම දෙපාර්තමේන්තුව එතැනදී සිය වගකීම පැහැර හැර තිබෙනවා. එහි අනුමැතිය ඊට අවශ්‍ය වුණත් අනුමැතිය ලබා දී ඇත්තේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2011 සංශෝධිත පණතට අනුව මෙවැනි අනුමැතියක් සඳහා මහජන අදහස් විමසීම අවශ්‍ය නැහැ. අන්න ඒ වාසිය ගැනීමට තමයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරල තියෙන්නේ. එහිදී වෙරළ සංරක්ෂණයට අදාල උපදේශක මණ්ඩලයේ උපදෙස් ලබා ගැනීමක්වත් සිදු කොට නැහැ. එම උපදේශක මණ්ඩලයට වනජීවි සංරක්ෂණය පිළිබඳව ප‍්‍රාමාණික දැනුමක් ඇති අය අතුලත් නැති වුණත් ඔවුන්ගේ උපදෙස්වත් මේ වාර්තාව සඳහා ලබාගෙන නැහැ.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී සහභාගි නොවීම කනගාටුදායකයි. එහි උපදේශක මණ්ඩලය අතට මේ අසම්පූර්ණ වාර්තාව පත්වුනා නම් ඔවුන් මීට අනුමැතිය ලබා දෙනු ඇතැයි මා සිතන්නේ නෑ. මේ අනුව අදාල වාර්තාවට ලබාදී ඇති වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය පිලිගත නොහැකියි.

පක්ෂි නිරීක්ෂකයෙකු වශයෙනුත් මෙහිදී අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි. අදාල සුළං බලාගාරය ඉඳිවුණහොත් වේගයෙන් පියාසලන ඔලෙයියන් එම සුළං පෙතිවල වැදී විශාල වශයෙන් මිය යාමට තියෙන ඉඩකඩ වැඩියි. උන්ගේ වේගවත් පියාසැලීම නිසා බොහෝ විට ගුවන්යානා අනතුරුවලටද මේ පක්ෂීන් ලක්වෙනවා. ඒ ඇරුනම ලැමිංගෝ, සියක්කාරයන්, වල්තාරාවුන් වැනි ශරීර බර වැඩි පක්ෂීන් ද ප‍්‍රමාණවත් ඉඩකඩක් නොමැතිවීම නිසා මෙම සුළං පෙතිවල වැදීමට තියෙන අවස්ථාව වැඩියි. ඒ නිසා මෙහිදී පක්ෂීන් අනතුරට ලක්වෙන ආකාරය වර්ගීකරණයකින් යුතුව හඳුනාගැනීම අවශ්‍යයි. නමුත් එවැන්නක් මේ අවස්ථාවේ සිදුවෙලා නෑ.

unnamed (4).jpg

ආචාර්ය සෙව්වන්දි ජයතිලක.

ලංකාවේ බොහොමයක් පාරිසරික ප‍්‍රශ්නවලට හේතුව විද්‍යාත්මක ක‍්‍රමවේද ගැන අවබෝධයකින් තොරව කටයුතු කිරීමයි. ඒ නිසා අමනෝඥ තීරණ ගෙන තිබෙනවා. මේ කියන සුළං බලාගාරය ඉදිකිරීම වෙනුවෙන් ප‍්‍රධානම කුරුළු සංචරන මාර්ගයක් තෝරා ගැනීම ඊට හොඳ උදාහරණයක්. සංක‍්‍රමණික පක්ෂීන් ගැන කතාකිරීමේදී බොහෝ විට එම කටයුත්ත සිදුවන්නේ රාත‍්‍රී කාලයේදීයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් දත්ත රැුස්කිරීමේදී දිවා රාත‍්‍රී වෙනස වෙන වෙනම හඳුනා ගත යුතුයි. නමුත් මේ වාර්තාවට අනුව එම දත්ත රැුස් කරල තියෙන්නේ උදේ සහ සවස් කාලවලදීයි.

සුළං, වර්ෂාපතනය වැනි සාධක ගැනත් එම කාලවලදී කුරුළු සංක‍්‍රමණය සිදුවන ආකාරය ගැනත්, ඔවුන් ජල පරිසර පද්ධතිවල හැසිරෙන අයුරු සම්බන්ධයෙන් ද නිවැරැුදි දත්ත එක්රැුස් කිරීමක් මේ වාර්තාවේ දැකිය නොහැකියි. 2014 – 2016 තෙක් කාලය තුල දත්ත රැුස්කිරීම සිදු කොට තිබුණත් එහි එන තොරතුරු සහ දත්ත ප‍්‍රමාණවත් නැහැ. ඒ නිසා අපට සැකයක් ඇති වෙනවා ඔවුන දත්ත එකතු කොට වාර්තාව හැදුවාද? නැත්නම් සකස් කල වාර්තාවකට දත්ත එකතු කළාද කියලා.

End. Reporting

Views-3,780

Uditha Hettige (2).jpg

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s