BOOK FAIR එකෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනාවක්

box2logo1.png

ආයතනයක් හැටියට අධ්‍යාපන අමාත්‍යාංශය ඊට අවශ්‍ය බඩු භාණ්ඩ ගන්න ක‍්‍රමෙවිදයක් තියෙනවා. ඒ අනුව ක‍්‍රීඩා උපකරණ, වෛද්‍ය උපකරණ, ඩෙස්ක්, පුටු, අල්මාරි ආදිය මිල දී ගන්නේ ඒ ක‍්‍රමෙවිදය අනුවයි. ඔය විදිහටම පොත් මිල දී ගැනීෙමි ව්‍යාපෘතියකුත් තිබුණා. පාසැල් පුස්තකාල වලට පොත් මිල දී ගත්තේ එහෙමයි. එසේ මිල දී ගත යුතු පොතපත මොනවාදැයි නිර්දේශ කරන්න විද්වත් කමිටුවක්ද තිබුණා.

බුද්ධි වර්ධනය පාසැල් මටිටෙමි සිටම ඇති කළ යුතු දෙයක් බව අපි පිලිනොගත්තත් මුළු මහත් ලෝකයම පිලි ගන්නවා. ඒ නිසා වඩා සුදුුසුයි ඒ කටයුත්ත නැවතත් ආරම්භ කිරීම. ඒ අනුව යමින් පාසැල් පුස්තකාල සඳයා යොවුන් සාහිත්‍ය කෘති, ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ වගේම නවකතා, කෙටි කතා වැනි නිර්මාණ සාහිත්‍ය කෘති ඒ වගේම විචාර පොත් පිලිගත් නිර්දේශ මත තෝරා ගෙන පාසැල් පුස්තකාල අතරේ බෙදා හැරීම නිකං අවශ්‍යතාවක් යැටියට නෙවෙයි ජාතික අවශ්‍යතාවක් විදිහට පිලිගත යුතුයි.

පුස්තකාලවලට අවශ්‍ය පොත් ලබා ගැනීම අදටත් පාසැල් මට්ටමින් සිද්ද වෙන බව ඇත්තයි. ඒත් දුර බැහැර ප‍්‍රදේශවල සිට ඒ සඳහා පැමිණෙන ගුරු මහත්ම මහත්මීන්ට පුළුවන්කමක් නෑ පාසැල් පුස්තකාලයකට සුදුසු පොත් එක දවසක් තුළදී තෝරා ගන්න. ඒ නිසා අද බොහෝ විට සිද්ද වෙන්නේ වෙන් කරපු මුදලට හරියන්න අතට අසුවෙන පොත් ප‍්‍රමාණයක් මිල දී ගන්න එකයි. මේ විනාශය නැවැත්විය යුතුයි. එසේ කළ හැක්කේ අර මං කීව විද්වත් මණ්ඩලයක් හරහා පොත් තෝරා ගැනීමේ වැඩ පිලිවෙල නැවත ඇති කිරීමෙනුයි. හැබැයි ඒ විද්වත් මණ්ඩලය නිවැරදි පත් කිරීමක් වෙන්නත් ඕනෙ. එක එක ලේඛක පෙරමුණු වල අරමුණු වලට, පුද්ගල අවශ්‍යතා වලට ඒ විද්වත් මණ්ඩලයේ ආසන වෙන් කිරීම සුදුසු නෑ. මං කියන්නේ ඒක විද්වත් මණ්ඩලයක්ම විය යුතුය කියළයි.

එවැනි වැඩ පිලිවෙලක් තියෙනවනම් හොඳ පොත්පත් බිහි වීමත් අපේක්ෂා කරන්න පුළුවන්. ප‍්‍රවීනයින්ගෙන් මෙන්ම ආධුනික ලේඛකයින් අතිනුත් හොඳ උසස් මට්ටමේ කෘති බිහි වෙනවා. ඒ නිසා විද්වත් මණ්ඩලයක් හරහා උසස් කෘති මොනවා දැයි තෝරා පාසැල් පුස්තකාලවලට ලබා දීම අනාගත ආයෝජනයක් හැටියටයි සලකන්න ඕනෙ.

විශේෂයෙන්ම සංවර්ධිත රටවල විශ්ව විද්‍යාල වැනි ආයතන පොතපත කියවීමට අදාලව එහි ගුණාත්මක තත්වය ?ක ගන්නේ නිරීක්ෂණ වගේම පරීක්ෂණ කටයුතු සිදු කරනවා. ඒ සඳහා සුදුසු මොන වගේ පොතපත ද යන්න සම්බන්ධයෙන් ඔවුන් නිරන්තර අවධානයකින් පසු වෙනවා.

රටක් සංවර්ධනය කරා යා යුත්තේ පොදු රසිකත්වයේ ගුණාත්මක තත්වයන්ද ආරක්ෂා කර ගනිමිනුයි. නමුත් අපි තවම එතැනට ඇවිත් නැහැ. පොත් නොකියඑීම ගැන ආඩපාලි කියමින් කාලය නාස්ති කරනවා විතරයි. විසඳුම් ඉදිරිපත් කිරීමක් නැහැ. විශ්ව විද්‍යාල මට්ටමින්වත් ශාස්ත‍්‍රීය පර්යේෂණ කටයුතු සිදු කෙරෙන්නේ නැහැ. ප‍්‍රශ්න ක්ිරීමක් වෙනුවට නිහඬ කිරීමක් තමයි දකින්න තියෙන්නෙ. අපේ සංස්කෘතික ඇබ්බැහිකම් අපට වධ දෙනවා. අපි පුරුදු වෙලා ඉන්නෙ අහන්න මිසක් කියවන්න නෙවෙයි. ඒත් ලෝක සංවර්ධනය පවතින්නේ කියවීමත් සමඟයි. කියවීම හුරු කළ හැක්කේ පාසැල් වයසේදීමයි. ඒ හුරුව නැතිව වැඩිහිටියෙකු වී කොයි තරම් උසස් ?කියාවක් කළත් වැඩක් නෑ. කියවන්නෙ නෑ.

සේනාරත්න වීරසිංහ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s