ග‍්‍රැහැම් ග‍්‍රීන් කියන්නේ ඔහුම තමයි. – සේනාරත්න වීරසිංහ.

s

ලෝක සාහිත්‍යයේ අපරාධ විෂයයික නවකතා ගත් කළ අවර ගණයේ කෘති ලෙසින් සැලකෙනවා ඒ ඇයි?

90 දශකය අවසානයේ දී මම අපරාධ නවකතා නවකතා ෂෝනරයට අයිති රොබට් බ්ලොච් ගේ ” සයිකෝ ” සිංහලයට පරිවර්තනය කළා. එය ජනප‍්‍රිය වූ නිසා අගතා ක‍්‍රිස්ටි, හැඞ්ලි චේස් යන දෙදෙනා ගේ ජනප‍්‍රිය නවකතා දෙකක් ද සිංහලයට පරිවර්තනය කළා. මේ නවකතා අවර ගණයේgreene003

(චමකච ඔයරසකකැර)
කෘති හැටියට බොහෝ විචාරකයන් ගේ ගැරහුමට ලක් වුණා. ඒවායින් මිනිසුන් සමාජ ප‍්‍රශ්නවලින් තාවකාලික ව පලා යෑමට ඉඩ සලස්වනවා යැ යි චෝදනා කෙරුණත් කිංසලි ආම්ස් කියන විචාරකයා පවසන්නේ පලා යෑම Escapism ලොව සෑම සාහිත්‍ය කෘතියකින්ම සිදු කරන දෙයක් බවයි. වෙන එකක් තියා හැම්ලට් නාටකය කියවන ඔබ මොහොතකට හෝ පවතින සමාජයෙන් පලා නොයන්නේ දැයි ඔහු විමසනවා. ඒ අනුව අපරාධ විෂයයික සාහිත්‍යයට පිලිගැනීමක් අද වන විට තිබෙනවා.

එවැනි පසුබිමක ග‍්‍රැහැම් ග‍්‍රීන් අපරාධ සිද්ධි වස්තු කරගත් නවකතාවට වෙනස් මානයක් ඇති කරනවා යැයි මා කීවොත්….

ඒක වෙන්නේ මෙහෙමයි. විශේෂයෙන්ම දෙවන ලෝක සංග‍්‍රාමයෙන් පසුව මේ සාහිත්‍යය විෂය පථය සංවර්ධනය වුණා. ඒ අනුව සමාජ විද්‍යා, මනෝ විද්‍යා, දේශපාලන දර්ශනවාද, නව තාක්ෂණය යන හැදෑරීම් මේ ක්ෂේත‍්‍රය පෝෂණය කලා. පී. ඞී. ජේම්ස්, රූත් ?න්ඩෝල් යන ඉංග‍්‍රීසි ලේඛිකාවන් වගේම ග‍්‍රැහැමි ග‍්‍රීන් ඉහත කී විෂයයන් ඇසුරු කර ගනිමින් අපරාධ නවකතාව ඔස්සේ සමාජ හා මනෝ විද්‍යාත්මක තේමා ගවේෂණයේ ප‍්‍රමුඛතාවක් අත් කර ගන්නවා.

විශේෂයෙන්ම ග‍්‍රැහැම් ග‍්‍රීන් මෙතැනදී තමන්ගේ නවකතා Entertainment ඒ කියන්නේ විනෝදාස්වාදය කියන අර්ථයට ගොනු කරනවා. ඒ අනුව ඔහු සම්භාව්‍ය සාහිත්‍යය පැත්තට යන්නේ නෑ. නමුත් ඇතැම් විචාරකයන් ග‍්‍රැහැම් ග‍්‍රීන් ව හෙන්රි ජේම්ස්, සමර්සෙට් මෝම්, ජෝසෆ් කොන්රඞ් සමඟත් සසඳා තිබෙනවා. එහෙත් මා සිතන්නේ එවැනි සැසඳීම් ඔහු සම්බන්ධයෙන් අනවශ්‍යයි. ඊට හේතුව ග‍්‍රීන්ගේ අනන්‍යතාව ඔහු තුළම පවත්නා දෙයක් මිස වෙනත් අය තුළ ඇති වූ දෙයක් නොවීමයි. ග‍්‍රැහැම් ග‍්‍රීන් කියන්නේ ඔහුම තමයි.

The-Third-Man-1949-Wallpapers.jpg

The Third Man  ඔබ ”තෙවැනි මිනිසා” නමින් සිංහල බසට නගනවා. ඔබේ ඒ තෝරා ගැනීමට හේතුව හුදෙක් ඒ කෘතියද? එහෙම නැත්නම් එහි එන සමාජ දේශපාලනික හඳුණා ගැනීමක්ද?

ඒ ගැන මම මෙහෙම කියන්නම්. නවකතාවට ඔහු ඒ නම යොදන්නේ, ටී. එස්. එලියට් නම් කවියාගේ කවි පංතියකින්. ඒ කවිය මෙහෙමයි. greene-1

Who is the Third who walks always beside you?
When I count there are only you and together

එලියට් කවියාගේ ” ද වේස්ට් ලෑන්ඞ්” කෘතියේ ඒ කාව්‍ය දෙපාදයේ අර්ථය අනුව යමින් තමයි ඔහු ඒ නම තෝරා ගන්නෙ.

මේ කෘතිය තමන් ලියුවේ කියැවීමට වඩා දැකීම සඳහාය යනුවෙන්ද ඔහු පවසා තිබෙනවා. එහිදී මතු කෙරෙන්නේ ”විෂුවලයිසින්” කියන අර්ථයයි. ඒ අනුව සාම්ප‍්‍රදායික ඉංග‍්‍රීසි නවකතාවේ ආඛ්‍යානයට වඩා බොහොම මෑත ශෛල්‍යයක් (සිනමා තිර පිටපතකට සමාන වන* අපට මෙහිදී දකින්න පුළුවන්. උදාහරණයක් හැටියට එහි එන ”කැලොවේ” නම් චරිතය කතාව කියන්නේ අතීත සිද්ධි වර්තමානයට ගෙන එන ආකාරයෙනුයි. එතැනදී ග‍්‍රැහැම් ග‍්‍රීන් නවකතාවක් කියැවීම සම්බන්ධයෙන් න්‍යායාත්මක ප‍්‍රභේදයක් මතු කරනවා යැයි කියන්න පුළුවන්.images3

ඔබ සිතනවාද එය නිවැරදි කියැවිමක්ය කියලා?

ඔව් එහෙම හිතුවට ඒකෙ කිසි වරදක් නෑ. ඒ ආකෘතිවාදී කියැවීමේ ප‍්‍රතිඵලක් හැටියට (කතා නායක කැලොවේ තෝරා බේරාගෙන ඉදිරිපත් කරන්නාවූ දේ අතරින්* වැදගත්කම අනුව කරුණු තෝරා ගැනීමේ අවස්ථාවක් පාඨකයාට ලැබෙනවා.

ප‍්‍රශ්නයට සෘජුවම අදාල නොවුණත් මීට අදාලව තවත් කාරණයක් ද තියෙනවා කියන්න. ඒ තමයි ලෝක දේශපාලන ඉතිහාස පුවතක් මේ නවකතාව පසුබිමේ තියෙනවාය කියන කාරණය. වියානාව රුසියන් ආධිපත්‍යයෙන් නිදහස් වෙලත් දස වසරක්ම පැවැතුණේ මිත‍්‍ර පාක්ෂිකයන් යටතේයි. එදා එහි පැවැති ආහාර හිඟය, බඩු මිල ඉහල යෑම්, නීති විරෝධි වෙළඳාම්, සෞඛ්‍යයේ පිරිහීම්, සරණාගත ප‍්‍රශ්න යන මේවායින් සමාජ දේශපාලන ආතතියක් තිබුණා. ඒ කියපු සමාජ දේශපාලන අර්බූදය තමයි ග‍්‍රැහැම් ග‍්‍රීන් මේ නවකතාවට පසුබිම් කර ගන්නෙ.

ඔබ එයින් අදහස් කරන්නේ ඔහු යම් තෝරා ගැනීමක සිටි විචාරශීලි නවකතාකරුවෙක්ය කියන එකද?

මෙහෙමයි, මිනිස් පැවැත්ම එහි සංකීර්ණතාව සමිබන්ධයෙන් යම් ගවේෂණයක ඔහු යෙදෙනවා. ඒ පසුබිමේ තමයි ග‍්‍රැහැම්45889-004-accb5abd ග‍්‍රීන් කියන නවකතාකරුවා සිටින්නෙ. ඔහුගේ ආඛ්‍යානයේ පසුතලය තමයි ඒ ගවේෂණය. ඒ අනුව මේ තෙවැනි මිනිසා, යුද්ධයෙන් පසු වියානාවේ මනුෂ්‍ය හැසිරීම්වල සංකීර්ණ ගැටළු සහගත බව, සිරිිත් විරිත් පමණක් නොව රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන්ද විමසන අයුරු මේ නවකතාවේ අන්තර්ගතයට එකතු වෙනවා. ඔහුගේ Human Factor නවකතාවේත් පාවා දීම්, ද්‍රෝහි වීම්, රටට සතුරු වීම් යන මානව සමාජ දේශපාලන හැසිරීම් දැකිය හැකියි. ”තෙවැනි මිනිසා” ගත්තත් සිය මිතුරා සොයා යන මිනිසා අවසානයේදී පවත්නා සමාජ දේශපාලන පසුබිම තුළ මිත‍්‍ර ද්‍රෝහියෙක් බවට පත්වෙනවා. ඒ ද්‍රෝහියා තමා කතා නායකයා.

ඒ ද්‍රෝහියාගේ නම ”හැරී ලයිම්.”

ඔව් ඒ චරිතයම උදාහරණයක් වෙනවා සමකාලීන සමාජ දේශපාලන පසුබිම විග‍්‍රහ කරන්න. හැරී ලයිම් කියන්නේ කෙසේ හෝ දියුණු වීමේ අපේක්ෂාවෙන් z_mon350දැපුණු, හෙළිදරව් නොවන ප‍්‍රතිපත්ති ඇති මහත්මා දුෂ්ටයෙක්. ඒත් ඒ තුළම හැරී ලයිම් ප‍්‍රබල චරිතයක් හැටියට ඉදිරිපත් කිරීමටත් කතුවරයා සමත් වෙනවා. ඔහු පෙන්වා දෙනවා රජයේ පාලනයකින් තොර දූෂිත ආර්ථික ක‍්‍රමයක් යහපත් සමාජයකට සුදුසු නැහැයි කියලා. තවදුරටත් ඔහු පෙන්වා දෙනවා ධනේශ්වර ආර්ථික ක‍්‍රමය තුළ අවසානයේදී ආර්ථික ක‍්‍රමයත් සමගම සමාජ සාරධර්ම ඇතුළුව සංස්කෘතික පැවැත්මම බිඳ වැටෙනවාය කියන කාරණයත්. එතැනදී ග‍්‍රීන්ගේ හඳුණා ගැනීම පැහැදිලියි. ඔහු පවසන්නේ පුද්ගලත්වය බිඳ වැටුණු, සාරධර්ම පිරිහුණු, ¥ෂණය ඉහ වහා ගිය ඒ සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් නොකෙරෙන පාලන ක‍්‍රමයක් යටතේ අපරාධ නැවැත්විය හැකිද යන්නයි. එවැනි විචාරශීලි සමාජ දේශපාලන මතයක් ” එන්ටර්ටේට්මන්ට්ස් ” නවකතා කලාවෙන් ඔහු මතු කොට තිබෙනවා. ඒ වගේම ග‍්‍රැහැම් ග‍්‍රීන් ගේ මෙම නවකතාව සම්බන්ධයෙන් පෝල් රියා නම් විචාරකයා කළ හැදෑරීමක් ගැනද මෙහිදී කිව යුතුව තිබෙනවා. ඒ අනුව ග‍්‍රීන් ගේ නවකතාවෙන් ලොව ප‍්‍රවණතා තුනක් අපට පෙන්වා දෙනවා.

primary_the-third-man-361.jpg

poster-thumb-10351

1. සමාජ පුද්ගල සදාචාරය බිඳ වැටීම.
2. කාර්මික තාක්ෂණ දියුණුව ඉදිරියේ මනුෂ්‍යත්වය බිඳ වැටීම.
3. සූරා කෑම එමෙන්ම මිනිස් පෞරුෂත්වයේ බිඳ වැටීම.

එහිදී අපට පැහැදිලිවම දකින්න පුළුවන්, මෙම නවකතාකරුවා තියුණු සමාජ දේශපාලන නිරීක්ෂණයක් ඇති අයෙක්ය කියන කාරණය.

ඔහු කොමියුනිස්ට් පාක්ෂිකයෙක් යැයි චෝදනාවක් ද තිබෙනවා.

ඔහු කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත් වූ පුද්ගලයෙක්. ඒ කාලය ලෝක දේශපාලනයේ ශීතල යුද සමයයි. මෙතැන ප‍්‍රශ්නය වුණේ අපේ නවකතාකරුවා ඊට අදාලව සමාජවාදී කඳවුර පැත්තට යාමයි. ඔබ කියූ චෝදනාව ඔහුට නැගෙන්නේද ඒ නිසායි. නමුත් ග‍්‍රෑහැම් ග‍්‍රීන් කියන්නේ අප දන්නා අන්දමට ශූද්ධ වූ සමාජවාදියෙක් නෙවෙයි. ඔහු ආගමික භක්තිවාදය සමඟත් පවතිනවා. කෙසේ වෙතත් ඔහුගේ බොහෝ නවකතාවල අපට ප‍්‍රගතිශීලි දේශපාලන ආකල්ප දැකිය හැකිය. මේ දක්ෂ ලේඛකයාට නොබෙල් සම්මානය ලබා නොදෙන්නේ ඔහු සමාජවාදි කඳවුරේ සිටින්නෙකු ලෙසින් සලකා වුණත් ග‍්‍රැහැම් ග‍්‍රීන් කියන්නේ පුළුල් සමාජ දේශපාලන නිරීක්ෂණයක් තිබූ ප‍්‍රබල ලේඛකයකුටයි.

( මෙම අදහස් ලිපියක් වශයෙන් මුලින්ම පළ වූයේ 2016.09.18 ”ඉරිදා’’ පුවත් පතෙහිය.)

සංවාදය – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

Views – 1,816

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s