පෘථිවියේ ආයුෂ කෙටි වෙයි.

Thermometer_Klimwandel_Urheber-Kilian-Eichenseer.png

13321964_1355186707828608_952208683268675564_n”ජීවිතය නැතිව ගියත් ජනතාවට ඇත්ත කිව යුතුය.”එසේ පවසන්නේ ඔස්ටෙ‍්‍රිලියානු ජාතික පුවත්පත් කලාවේදි නීල් ඬේවිස්ය.

පසුගිය කාල වකවානුව තුළ සිටම මෙරට කාලගුණය විපරීත යැයි හැඳින්විය හැකි තැනකට තල්ලූු වෙමින් තිබේ. ඒ අනුව කාලගුණ විද්‍යඥයාටද හුදු නිරීක්ෂක තත්වයෙන් එහාට ගිය විශ්ලේෂකයෙකුගේ කාර්යයක් පැවැරී තිබේ. හුදු කාලගුණික වෙනස්වීම් අභිබවනය කළ දේශගුණික අර්බුදයක් ඔහු හමුවේ පැවැතීම ඊට හේතුවයි.

ජේම්ස් ඊ හැන්සන් යනු විශ්ව කාලගුණය විද්‍යාවක් වශයෙන් ප‍්‍රගුණ කළ ප‍්‍රවීණයෙකි. 1981 වර්ෂයේදී ගෙවී ගිය ශත වර්ෂය තුළ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම ගැන කතා කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ අදාල කාලය තුළ දී ෆැරන්හයිට් අංශක එකකින් එය ඉහළ ගොස් ඇති බවයි. තවදුරටත් එහි වර්ධනයක් මිස පහත වැටීමක් දැකිය නොහැකි බවත් ඔහු පවසා තිබේ. ඒ අනුව අනාගත පෘථිවිය දැඩි වාෂ්පීභවන අවදානමකට මුහුණ පා සිටියි. උත්තර සහ දක්ෂිණ ධ‍්‍රැව අයිස් කඳු දියවීම, අකාල නියං කාල මෙන්ම වැසි කාල, සුළි සුළං වැනි ආපදා ඊට අදාල සංසිද්ධීන් හැටියට ඔහු හඳුණාගෙන ඇත.

greenhouse-effect.jpgමේ අතර අතීතයේ සශ‍්‍රික ගොවි කලාපයක් වන රජරට ප‍්‍රදේශය ශුෂ්ක කලාපීය ලක්ෂණ පහල කරමින් සිටින්නේ යැයි නිරීක්ෂණය කොට ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර දිග වෙරළ, මධ්‍යම සහ බටහිර ප‍්‍රදේශවල මෙතෙක් පැවැති වැසි සහිත දේශගුණය අතුරුදහන් වෙමින් පවත්නේ යැයිද වාර්තා වේ. වරක් එම කලාපයන්හි ඇති වූ අධික උෂ්ණත්වය විසින් ඇති කළා වූ උණුසුම් වායු දහරා හේතුවෙන් විශාල සංඛ්‍යාවකින් මිිනිසුන් මිය ගිය බවත් ි සඳහන්ය. 2014 වර්ෂයේ රජරට කළාපයට බල පෑ නියං තත්වය කාලගුණික විකෘතියකි. ඒ හා සමාන තත්වයක් ආර්ජන්ටිනාවෙන්ද වාර්තා විය. ඒ නිසා ඔවුන්ගේ ධාන්‍ය අස්වැන්න සියයට 30 කින් පහතට වැටුණු බවත්, ගවයන් විශාල සංඛ්‍යාවක් මිය ගිය බවටත් වාර්තා පල විය.

ගෝලීය උණුසුම වැඩි වීම නම් සංසිද්ධිය මෙහිදී නිවැරදිව තේරුම් ගැනීම වැදගත් වේ. පොදුවේ කවුරුත් සිතන ආකාරයට එය වනායි ඕසෝන් වියන සිදුරු වීමෙන් අහිතකර ලෙසත්, අධික ලෙසත් සූර්ය තාපය පෘථිවියට ළඟා වීමක් වේ. ගෝලීය උණුසුමට අදාලව එය වනාහි මූලිකම තත්වය වුණත් ජගත් දේශගුණික අර්බූදය යනු දේශගුණික සහ පාරිසරික හැසිරීමක් වේ. ”සයන්ස්” සඟරාව පෙන්වා දෙන අන්දමට අධික වර්ෂාපතනයද ඒ නිසාම ඇති වන්නකි. එමෙන්ම කාලගුණ 006b9e0c2f9eaf08edbb6408e4bff6beවිද්‍යාඥයින්ගේ නිරීක්ෂණ සීමාවෙන්ද එහාට ගිය ආපදාකාරී වර්ෂාවක් ඉහතින් කී දැඩි වර්ෂාපතනය යන්නට ඇතුළත් විය හැකි යැයිද එම සඟරාව තවදුරටත් පෙන්වා දෙයි. එවැනි ව්‍යසනකාරී වර්ෂාපතනයන්ට මුහුණ පෑමට ලෝකය සූදානම් විය යුතු යැයි ද එය පවසයි. මේ සඳහා ඔවුන් පසුගිය දශක දෙකක කාලයක් තුළ ඇමරිකානු සහ ප‍්‍රංශ විද්‍යාඥයින් විසින් එකතු කර ගන්නා ලද චන්ද්‍රිකා තාක්ෂණ දත්ත ප‍්‍රයෝජනයට ගෙන ඇති බවක්ද සඳහන් වේ. ඔවුන් නිරීක්ෂණය කොට ඇත්තේ ඉහත කී සංසිද්ධිය හේතු කොටගෙන ජල චක‍්‍රයට ඇතිවිය හැකි බලපෑම ගැනය. අධික වැසි සහිත මෙන්ම වැසි රහිත කාලගුණික තත්ව හමුවේ ජල චක‍්‍රයට ඇති විය හැකි විපරීත තත්ව ගැනය. එතැනදී ඔවුන් ගේ හඳුණාගැනීමක් වන්නේ වියළි කලාප දිගින් දිගටම වියලී යාමත්, තෙත් කලාප අධික වර්ෂාපතන හේතුවෙන් ව්‍යසනයට ලක් වීමත් නොවැළැක්විය හැකි තත්ව වෙනු ඇති බවය. එහි විද්‍යාත්මක තත්වයද අද වනවිට හඳුණාගෙන තිබේ. ඒ අනුව වැඩි ආර්ද්‍රතාවක් සහිත උණුසුම් වායු ගෝලීය තත්වයක් යටතේ වැසි කඩා හැලීමේ වේගය වැඩි වේ. ඒ බව සනාථ කරමින් අග්නිදිග කළාපය තුළ අධික සුළං සහිත නියං සහිත දේශගුණික තත්වයක් නිර්මාණය වෙමින් පවතින්නේ යැයි ද ඊට අදාළවම පෙන්වා දී තිබේ. එමෙන්ම එය ඇත්තේ ඉදිරි සියවස තුළ තවදුරටත් වර්ධනය වන අවදානමකය.

2.jpg

ඇන්ටාර්ටික් සහ ආක්ටික් යන ධ‍්‍රැවීය ශීත කළාප පෘථිවි පැවත්මට අවශ්‍ය වන්නේ මන්ද යන කාරණයත් ඉහත තත්වයට අදාළව වැදගත් කරුණක් වේ. ඒවා වනාහි හුදෙක්ම ශීත ගබඩා නොවේ. පෘථිවි පැවැත්මට අවශ්‍ය පමණින් සූර්යාලෝකය පාලනය කර ගැනීමට මේ ශීත ගබඩා කටයුතු කරයි. ඒ අනුව පෘථිවියට පැමිණෙන සූර්යා ලෝකයෙන් සියයට 30 ක් තරම් වූ ප‍්‍රතිශතයක් ආපසු හරවා යැවීමට මේ ධ‍්‍රැවීය කළාප කටයුතු කරන්නේ යැයි සඳහන් වී තිබේ. මිදුනු අයිස් පර්වත එහිදී දර්පන තල මෙන් කටයුතු කරන බවටද හඳුණාගෙන තිබේ. ඒ අනුව ඒ හරවා යැවීම පරාවර්තනීය කටයුත්තක් වශයෙන් විස්තර කොට තිබේ. එසේ බලන කළ ධ‍්‍රැවීය අයිස් කළාප දියවීම පාථිවි පැවැත්මට අදාලව බරපතල තත්වයක් වේ. එතැනදී සිදු වන්නේ අධික සූර්ය තාපයක් පෘථිවියට පැමිණීම වළක්වන පාලනීය ක‍්‍රමවේදයක් ක‍්‍රමානුකූලව අහෝසි වීමයි.

එසේ ආපසු හරවා යැවිය යුතු සුර්ය තාපයක් බාධාවකින් තොරව පෘථිවියට පැමිණියහොත් ඒ අනවශ්‍ය තාපය රඳවා ගැනීමට සමත් වායු විශේෂ 3 ක්ද මේ වන විටත් වායු ගෝලය තුළ සිය අණසක පතුරුවමින් සිටීම මෙහි ඇති බිහිසුණුම තත්වයයි. එම වායු ත‍්‍රිත්වය වන්නේ කාබන්ඩයොක්සයිඞ් CO2 ,  මිතේන් ,CH4 ,හා නයිට‍්‍රජන් ඔක්සයිඞ් NO2ය. මෙම වායු වශේෂ 3 මානව ක‍්‍රියාකාරකම් හමුවේ වැඩි ව්‍යාප්තියක් වායු ගෝලය තුළ අත්පත් කර ගනිමින් සිටින්නේය යන්නද නොදත් තත්වයක් නොවේ.

140917-blair-found-01

මේ අතර ජාත්‍යන්තර වෙබ් අඩවියක් පෙන්වා දෙන අන්දමට කැනඩාවේ උතුරු දිග ආක්ටික් කලාපයේ තිබුණු විශාලතම සහ ස්ථාවරම අයිස් පර්වත දෙකක් මේ වනවිටත් මුළුමනින්ම වාගේ බිඳී වෙන්වී තිබේ. එහි ඉතුරු කොටස් ද කැඞී යමින් තිබේ. එහි තේරුම ආක්ටික් අයිස් කලාපය ඉතා පහසුවෙන් දැක ගත හැකි ආකාරයට දිය වෙමින් පවතින බවයි. තවද කලාපයේ දැවන්ත අයිස් පර්වතයක් වන ” වෝර්ඞ් හන් ” ද තවත් කාලයක් තුල දියවීමේ අවදානමට මුහුණ පා සිටියි.

සිදුවෙමින් පවතින මේ විනාශය තවදුරටත් උග‍්‍ර කරන තත්වයක් ඇන්ටාර්ටික් කලාපයේදී විද්‍යාඥයින් කණ්ඩායමක ගේ නිරීක්ෂණයට හසුවී තිබේ. ඒ සාගර අයිස් පර්වත යටින් අලූතින් උප ග්ලැසියර ජලාශ කිහිපයක්ම නිර්මාණය වෙමින් තිබීමයි. මේ වනාහි භූගත ජලාශ නිර්මාණය වීමක් ලෙසින් හඳුනාගෙන තිබේ. විද්‍යාඥයින් ගේ පෙන්වා දීමට අනුව එය නව තත්වයක් නොව ග්ලැසියර දියවීමේ ප‍්‍රතිඵලයක්ම වේ. මෙසේ බලන කළ ඉතා පැහැදිලිවම පෘථිවියේ පැවැත්ම පවතින්නේ අවදානමකය. එමෙන්ම අදටත් සියළු තාක්ෂණ භාවිතාවන් යොදා කළ සොයා බැලීම් වලින් පසුවත් පෘථිවිය හා සමාන ජෛව වාසයක් විශ්වය තුලින් සොයා ගැනීමට මිනිසා සමත් වී නැති බවද අවසන් වශයෙන් කිව යුතුව තිබේ.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s