අපි තවමත්- ”චේ” කියවන්න අසමත්.- චූලානන්ද සමරනායක

Che-Guevara-Camera-Rolex.png

චූලානන්ද සමරනායක වන ඔබ පරිවර්තන කර්තව්‍යයේදී කරන ලද කෘති සංඛ්‍යාව අනුව නොව තෝරා ගත් විෂයයන් අනුව ප‍්‍රවීණත්වයක් හිමි කරගන්නා පුද්ගලයෙක් හැටියටයි මා දකින්නේ.19898022083f3512e3bf3c347ab5860f

මට ඒ ගැන කියන්න තියෙන්නේ මෙහෙම දෙයක්. මගේ මුල්ම පරිවර්තන කෘතියෙ ඉඳලම මට අරමුණක් තිබුණා. කුඩා කාලයේ ඉඳලමත් මට ඒ සම්බන්ධයෙන් දැනුණ දෙයක් තිබුණා. ඒ කාලයේ ඉඳලම අපිට අපේ ගුරුවරු ඉගැන්නුවෙත්, මව්පියෝ පවා කීවෙත්, අපි ජීවත් වෙන්නෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක කියළයි. ඒත් දිගින් දිගටම අපි මුහුණ පෑවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන අත්දැකීම් වලටයි. මෙන්න මෙතැනදී තමයි මට මුලින්ම හිතුණේ මේ සමාජ ක‍්‍රමය වෙනස් විය යුතුයි කියළා. පසුව සාහිත්‍යකරුවෙක් හැටියට මේ ගැන හිතනකොට ඒ සම්බන්ධයෙන් ජනතාවද දැනුවත් විය යුතුය කියාත්, ඒ වෙනුවෙන් පුංචි කවුළුවක් හෝ විවෘත විය යුතුය කියාත් මම කල්පනා කළා. එහෙමයි මම සාහිත්‍යය නිර්මාණ පරිවර්තකයෙක් බවට පත් වෙන්නෙ.

ඒ විදිහට මම, මගේ මුල්ම පරිවර්තන කෘතිය ”සමුගනිමු ගුල්සාරි” නමින් එළි aitmatovhorseback1024දක්වනවා. මම අර මුලින් කියපු අරමුණ තමයි එවැනි කෘතියක් තෝරා ගැනීමට පසුබිම නිර්මාණය කරන්නෙ. අනික අපේ රටේ සෝවියට් කෘති ජනප‍්‍රිය වූ ඒ කාල වකවානුවේදීම තමයි මෙය එලි දකින්නෙ. නමුත් ”සමුගනිමු ගුල්සාරි ප‍්‍රකාශයට පත් වෙන කොට අපි හ\ූුණාගෙන සිටි සෝවියට් දේශය බිඳ වැටිලා අවසානයි. නමුත් සමාජවාදය සම්බන්ධයෙන් සමාජගත වූ කතා බහ අවසානයක් නැතිවම සිදු වෙමින් තිබුණා. විශේෂයෙන්ම චිංගීස් අයිත්මාතොව් බිඳුනු සමාජවාදී දේශයක සුන්බුන් අතර හිඳිමින්ම ඒ කතා බහට එකතු වී සිටියා. එතැනදී සමාජවාදයේ වැටීමට බල පෑ හේතු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඔහු විසින් සිදු කරනු ලබනවා. ඒ ආකාරයට ඉදිරිපත් කෙරෙන හේතු අතරින් මුල් තැනට එන්නේ නිලධාරිවාදයයි. මෙන්න මේ කාරණය නිවැරදිව වටහා ගැනීම වාම දේශපාලන ක‍්‍රියාකාරීත්වයකට අදාළව වැදගත් වෙනවා. ඒ සම්බන්ධයෙන් එැලකිය යුතු බලපෑමක් ”සමුගනිමු ගුල්සාරි’‘ කෘතියෙන් කෙරෙනවා. ඒ කෘතිය තෝරා ගැනීමට හේතුවත් එයම තමයි.

ලෝක දේශපාලන තන්ත‍්‍රය තුළ සමාජවාදය යනු සාධනීය තත්වයක් වුණත් පොදුවේ මානව පැවැත්මට අදාළව වෙනස් ආකාරයේ කියැවීම්ද තිබෙනවා.

paulo_coelho_2013-10-01_001ඔව්, මගේ යොමු වීමත් සෝවියට් දේශයට පමණක් සීමා වෙන්නෙ නෑ.ලතින් ඇමරිකාව, බ‍්‍රසීලය, ඉන්දියාව යන රටවල සාහිත්‍යයනුත් මගේ තෝරා ගැනීම් බවට පත් වෙනවා. මේ හැම කෘතියක් හරහාම මා දුටුවා අපට මගක් ඇති බව. මිනිසුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කරන්න වගේම ඊට බලපෑමක් කළ යැකිය කියන කාරණය. උදරණයක් හැටියට පාවුලෝ කොයියෝගේ ”සන්තියාගෝහි සැරිසරන්නා”, ”යක්ෂයා සහ ප‍්‍රයිම් මෙනෙවිය” ගත හැකියි. ඉනුත් දෙවැනියට කී කෘතිය ආගමික ලක්ෂණ සහිතව වැණත් ප‍්‍රශ්න කරන්නේ යහපත සහ නපුර අතර දෝලනය වන මිනිස් පැවැත්ම සම්බන්ධවයි. එතැන තියෙනවා ලොකු හැලහැප්පීමක්. ඒ හැලහැප්පීම තුල මානව පැවැත්මට අදාළ සමාජ ආගමික සංස්ථා දෝලනය වන ආකාරය අපට දකින්න පුළුවන්. එතැනදී එිග‍්‍රහයක් නිර්මාණය කර ගන්නත් පුළුවන්. මේ ආකාරයට මනුෂ්‍ය පැවැත්ම සම්බන්ධයෙන් විවිධ කෝණ වලින් ලබා ගත් ප‍්‍රවේශ ලෝක සාහිත්‍යයේ තියෙනවා. අපි ඒවා මඟ හැර යා යුතු නැහැ. අවසාන විග‍්‍රහයේදී අනාවරණය වන්නේ පවත්නා සමාජ දේශපාලන අධිපතිවාදය තුළ මනුෂ්‍ය පැවැත්ම කොයි තරම් දුරට නොසලකා හැරෙනවාද කියන කාරණයයි. ඒ තුළම මානව පේ‍්‍රමය, සිය පැවැත්ම වෙනුවෙන් මිනිසා කරන අරගලය යන ඒ කියැවීම්ද දැකිය හැකියි.

තවත් එවැනි උදාහරණයක් තමයි, ලතින් ඇමරිකානු ජාතික සන්තියාගෝ රොන්කාද් ලියෝලාගේ ”රතු අප‍්‍රියෙල්” කෘතිය. එි එන අත්දැකීම් බොහෝ දුරට අපට සමානයි. මා හිතනවා එහි එන පුද්ගල සහ ස්ථාන නාම වෙනස් කළොත් අපට පුළුවන්ය කියළ එය අපේම අත්දැකීමක් කරගන්න. ”ෂයිනිං පාත්” ගරිල්ලා ව්‍යාපාරයත් එය මර්දනය කිරීමට පේරු රජය ගත්් ක‍්‍රියාකාරීත්වයත් ඊට ගොදුරු වන සහ ඒ නිසා ව්‍යාකූලත්වයට පත් වන රාජ්‍ය නිලධාරි තන්ත‍්‍රයත් ගැනයි මෙහි විස්තර වන්නේ. රාජ්‍ය අධිකාරියක් සිය මර්ධනීය පාලන තන්ත‍්‍රය ගෙන යන ආකාරය ඕනෑම රටක එවැනි අවස්ථා සමඟ සමපාත වෙනවා.

AlbertoKorda-Che-05-DateUnknown.jpg

චේ ගෙවේරා කියැවීම ගැනයි මගේ ඊළඟ ප‍්‍රශ්නය.

චේ, අද වෙන විට වානිජමය මෙවළමක තත්වයට වැටිලා. ඔහුගේ රුව සහිත බැජ් ගහගන්න කෙනෙකුට පුළුවන්. ටී ෂර්ට් අඳින්නත් පුළුවන්. ඔහු අනුස්මරණය කරමින් උත්සව පවත්වන්නත් පුළුවන්. නමුත් අපි තවමත් ” චේ ” වෙන්න අසමත්. අනික තමයි හැම වෙලාවකම බොහෝ අය බොහෝ විට චේ ව උත්කර්ෂයට නංවන්නේ මිලිටරි තොප්පියක් දමා ගත් ගරිල්ලා නායකයෙකු හැටියටමයි. නමුත් ඇත්තටම නම් ඔහු මුළු ජීවිත කාලය තුරාම කටයුතු කරළා තියෙන්නේ මානව හිතවාදියෙක් හැටියටයි. ඔහු ශූර ගරිල්ලා නායකයෙක් බව ඇත්තයි. නමුත් එය ඔහුගේ සමස්තයම නොවෙයි. අපි සිතන්න කැමති තුවක්කුවක් අතින් ගත් ඒ ගරිල්ලා භටයා, චේ නැමැති සම්පූර්ණ මිනිසා නොවෙයි. එය ඔහුගේ ජීවිතයේ එක් අවස්ථාවක් පමණයි. කියුබානු ආර්ථිකය යළි ගොඩ නැංවීම වෙනුවෙන්, ලෝක සමාජවාදී පැවැත්ම ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔහු අතින් සිදුවූ විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ අනුව චේ කියන්නේ බහුවිධ හැසිරීමක් සහිත මිනිසෙක්. මෙන්න මේ කාරණය ඉස්මතු කිරීම තමයි චේ ගේ පරිවර්තන ඇසුරින් මම සිදු කළේ.

10411019_10202054292238263_1972924122992443540_n.jpg

වෙනස්ම ප‍්‍රශ්නයක් අහන්නම්. ” තරු මගට පිවිසුනෙමි. ” මේ පරිවර්තනය යූරි ගගාරින් චරිතය පිළිබඳවයි. මෙතැනදී ඔබ කලින් කී සමාජ දේපාලන විග‍්‍රහයට මොකද වෙන්නේ ?

yuri-gagarin-bමම මුළින්ම කී ආකාරයට ඒ අරමුණ මතම හිඳගෙන තමයි මේ පරිවර්තන කටයුත්තත් සිදු කළේ. යූරි ගගාරින් ගේ ජීවිතය සහ ඔහුගේ චරිතය සාමුහික අරමුණක් වෙනුවෙන් ආත්මාර්ථයෙන් තොරව කටයුතු කළ අසීමිත පුද්ගලභාවයක් ගැන අපට කියනවා. යූරි ගගාරින් කියන්නේ ලොව ප‍්‍රථම අභ්‍යාවකාශගාමියාටයි. ඒත් ඒ කීර්තිය පුද්ගල ජයග‍්‍රහනයක් වශයෙන් ඔහු අරගන්නේ නැහැ. ඔහු සැමවිටම ප‍්‍රකාශ කළේ එය සාමුහික පැවැත්මක ප‍්‍රතිඵලයක්ය කියන කරුණයි. සෝවියට් ක‍්‍රමය ගොඩ නගන්නට උත්සහා කළේ එවැනි මිනිසුන්වයි. ඒත් ඒ උත්සහාය අසාර්ථක වෙනවා. හැමදේම තනිව භුක්ති විඳින, සියලූ ගෞරව තමන්ටම පවරා ගන්න කාලකන්නි ධනවාදි සමාජයක් ඇතුලේ ගගාරින් කියන්නේ සිහිනයක්.

එතකොට ලෝක ධනවාදය තමයි යථාර්තය..?

නැහැ ලෝක ධනවාදය ලෝකය පුරාම අසාර්ථක වෙමින් පවතිනවා. අපි එය දකිනවා. තත්වයම අපට බලපෑම් කමින් සිටිිනවා මාක්ස්වාදය ගැන ගැඔුරින් සිතා බලන්නත්. සමාජවාදය ලෝකය පුරා අසාර්ථක වෙමින් පවතින්නේ භාවිතයේදී පමණයි. දර්ශනයක් වශයෙන් නෙවෙයි. ඒ නිසා අළුතින් බලන්න, අළුතින් හිතන්න සුදුසු කාලයක් ඇවිත් තිබෙනවා.

( මේ අදහස් මුලින්ම පල වූයේ 2012.12.92 ”රන්දිව” පුවත්පතෙහිය. )
සාකච්ඡුා කළේ

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s