නාඩගම් රංගනයේ දියුණු රංග ලක්ෂණ නැහැ.- නිශ්ශංක දිද්දෙනිය

l.jpg
”පුරාතන නාඩගමේ අද්‍යතන ස්වරූපය” වුකලී මා විසින් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව හා ජන සන්නිවේදන පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සංගෘහිත සම්මන්ත‍්‍රණ පති‍්‍රකාවකි. සිංහල නාඩගම් සංගීතයේ සුභාවිත තාල රූප යනු නාඩගම් සංගීතයේ ජීවය සදිසි වූ මද්දලය හෙවත් නාඩගම් බෙරයේ පරම නාද ධවනිය නංවාලීම අරභයා ව්‍යවහාරික තාල පිළිබඳ සවිස්තර කරුණු ඇතුළත් නිබන්ධයකි. මෙහි තෙවැනි කොටසට ඇතුළත් කර ඇති සවිසි වසරක සිංහබාහු රංගනය හා සබැඳි මගේ කතාව යනු සිංහබාහු භූමිකාව නිරූපණය කරමින් ගෙවුණු කාල පරාසය තුළ එම නාට්‍යය ඇසුරින් මා ලැබූ අත්දැකීම්වල ස්වභාවයත්, සාර පලයත් සහෘද රසික ප‍්‍රජාවට අනාවරණය කිරීමට ගත් උත්සහායකි.” ( ඒ සටහන තබන්නේ නිහ්ශංක දිද්දෙනියයි. පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් ඔහුත් සමඟ අප ඇති කරගත් සාකච්ඡුාවයි.)

nishshanka-diddeniya-20140612
ඒ ගමන ආ හැටි ගැන මුලින්ම ඇසුවොත්…

මහාචාර්ය සරච්චන්ද්‍රගේ ”පේමතෝ ජායති සෝකෝ” නාට්‍යයෙන් තමයි මම වේදිකාවට පය තියන්නෙ. ඒ 1968 දී. ”මනමේ නාට්‍යය ගැන කිව්වොත් එහි චරිත තුනකටම මා පන පොවා තිබෙනවා. ඒ මනමේ කුමරු, වැදි රජු, රාජ ගුරු හැටියටයි. ”සිංහබාහු” නාට්‍යයේ පළමු සිංහයා වන මාක් ඇන්ටනීගේ ඇසුරත් සමඟයි මම ඒ චරිතයට අවතීර්ණ වෙන්නෙ. එතැන් සිට ජීවිතයේ පනස් විය ඉක්ම යන තුරුම ඒ සිංයබාහු දර්ශනත් සමඟ මම සිටියා.

මා හිතනවා මහාචාර්ය සරච්චන්ද්‍ර නාඩගම් නාට්‍ය සම්ප‍්‍රදායත් සමඟ ඇති කරගත් නිත්‍ය ඇසුර ඔබටත් එසේම බල පෑවාය කියළා.

මහාචාර්ය සරච්චන්ද්‍ර ”ලෝමහංස” නාට්‍යය කළෙත් ඔබ ඔය කීව නාඩගම් නාට්‍ය රංග කලාවට අනුවම තමයි. මමත් ඊට සම්බන්ධ වෙලා කටයුතු කළා. නාඩගම් නාට්‍යය ශෛල්‍යයේ ඇසුර දිගින් දිගටම මගේ ජීවිතයත් සමඟ බැඳී පැවතුණාය කීවොත් ඒක වැරදි නැහැ. හැබැයි මෙතැනදී කින්නෝනෙ නාඩඟම් රංගය දියුණු රංග ලක්ෂණ සහිත වූවක් නොවේය කියන කාරණයත්. ඒත් එහි සියුම් රංග ලක්ෂණ නොතිබුණාම නෙවෙයි, මහාචාර්ය සරච්චන්ද්‍ර අර ගත්තේ ඒ කීව සියුම්තාවයි.

.lp.jpg

මා සිතනවා නාඩගම් රංග සම්ප‍්‍රදාය කෙටියෙන් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍යයි මෙතැනදී…

ඔව්, දැන් මෙහෙමයි. නාට්‍ය ආකෘතියක් හැටියට ගත්තොත් පළමුවෙන්ම එන්නේ ප‍්‍රථම රංගයයි. ප‍්‍රධාන චරිතය වේදිකාවට පැමිනෙන්න පෙර කෙරෙන පැහැදිලි කිරීමක් නැත්නම් ඊට පසුබිම සකස් කිරීමක් ඒ පූර්ව රංගයෙන් සිදු වෙනවා. ඒ අනුව කතාවේ පසුබිම හැදෙන්නේ මෙහිදී ඉදිරිපත් කෙරෙන කථනයෙනුයි. ඉන් පසුව පැමිනෙන්නෙ ”බෙරහරයො”. (බෙර වාදනය කරන්නවුන් ඒ නමින් හැඳින්වෙයි.* ඉන් පසුව තමයි ”හඬ ¥තයා” පැමිණෙන්නෙ. එතැනින් පූර්ව රංගය අවසන් වෙනවා.

නාඩගම් කලාව ගත්්තම එහි කතා පුවත් බයිබලයේ එන අති දීර්ග කතා බව දැකිය හැකියි. ඒත් මේ සාම්පුදායික නාඩගම් සම්පුදාය වේදිකාව සම්බන්ධයෙන් දැක්වු ආකල්පයේ විශේෂත්වයක් තිබුණා. ඒ අනුව ගත්තම ඔවුන් වේදිකාව භාවිතයට ගත්තේ නිශ්චිත අංගයක් හැටියට නෙවෙයි. කාල්පනික අංගයක් හැටියටයි.drama2

අනික අපේ නාට්‍ය ඉතිහාසයේ ”නෘත්‍ය” විශේෂයක්ද පැවැතුණ බවත් මෙහිදී කිව යුතුව තිබෙනවා. අපේ ඉතිහාසයේ මුල් කාලයේ සිටම ෙමි නෘත්‍ය ලක්ෂණ පැවැතිලා තියෙනවා. කාශ්‍යපයන්ගේ රාජධානිය වන සීගිරිය ගල මුදුනේ රජු වෙනුවෙන් රංග කාර්යයේ යෙදුණු ස්ථානයේ අපට මේ කියන නෘත්‍ය ලක්ෂණ දැකිය හැකියි. පොළොන්නරුවේත් එවැනි නෘත්‍ය රංගයන් පැවැත්වුණු ස්ථානයන්හි නටබුන් අපට දැකිය හැකියි.

යළිත් අපි නාඩගම් සම්ප‍්‍රදාය ගැන කතා කළොත් මහාචාර්ය සරචිචන්ද්‍ර එවැනි කාර්යයකට අත ගසන තුරු එවැනි ආභාෂයකින් නාට්‍යයක් වේදිකාවට ආවේ නෑ.

මේ සම්බන්ධයෙන් ඔබේ වර්තමාන කාර්යභාරය ගැන ඇසුවොත්…..

ඇත්තම කියනවා නම් මෙවැනි අධ්‍යයනයක් ගැන 90 දශකයේ ඉඳලාම මගේ හිතේ පැලපදියම් වෙලා තිබුණා. ඒ ආශාව ඔස්සේ ලූහු බඳිමින් මද්දල් වාදක සිරිසේන සූරියආරච්චි, මහේන්ද්‍ර ගුණසිංහ (චාලස් ගුණසිංහයන්ගේ මුණුබුරු * මේ අය ඇසුරු කරමින් තවත් එවැනි පාරම්පරික ශිල්පින් සොයා යමින් ගත් වෙහෙසක ප‍්‍රතිඵලය තමයි ( පුරාතන නාඩගමේ අද්‍යතන ස්වරූපය * යන මේ අධ්‍යනය එළි දැක්වෙන්නේ.විශේෂයෙන්ම මගේ උත්සහාය වුණේ ජනප‍්‍රිය සංස්කෘතිය තුළ සිරගත වූ වත්මන් තරුණ පරපුරට මේ ඥානය ලබා දීමයි.

,l.jpg

හොඳයි, ඔබ නාඩගම් සහ නෘත්‍ය යන සම්ප‍්‍රදායන් දෙකක් පිළිබඳව කතා කරනවා. මේ දෙකම සම්බන්ධයෙන් ඔබට ප‍්‍රායෝගික අත්දැකීම් ඇත්දැයි මා විමසුවොත්…?

ඔව්, නාඩගම් සම්ප‍්‍රදායේ ප‍්‍රධාන නාට්‍යය තුනක රඟපෑමෙන් පසුව මම නෘත්‍ය සම්ප‍්‍රදායේ නාට්‍ය තුනකත් රඟපා තිබෙනවා. ඒ නෘත්‍ය සම්ප‍්‍රදායේ නාට්‍ය ගත්තොත් ඒවායේ නොමනා දෙබස් තිබුනා. හැබැයි ඉතින් ඒ ගැන දොස් කියන්නත් බැහැ. ඒ මොකද මේ සම්ප‍්‍රදායේ නාට්‍ය බිහිවුණු පසුබිම ගත්තොත් ඒ තමයි ඉංග‍්‍රීසි යටත්විජිත සමය. එකල්හි අපේ භාෂාව, සාහිත්‍යය මෙන්ම සංස්කෘතිය අතිශයින්ම පිරිශිමකට ලක්වී තිබුණා. මේ නෘත්‍ය සම්ප‍්‍රදායේ නාට්‍ය බිහිවුණේම සමාජ දේශපාලන සංශෝධනයක් ඉලක්ක කරගෙනයි. ඔවුන් උත්සහා කළේ අපේ බිඳුණු සමාජ පුරුෂාර්ථ යළි නඟා සිටුවීමටයි.nissanka-diddeniya

වසන්ත කුමාර ගේ ( ඔහු තමයි මනමේ. සිංහබාහු නාට්‍යවල නැටුම් නිර්මාණය කළේ.* ”රාමායනය ” නෘත්‍යයේ රාම කුමරු වුණෙ මමයි. වසන්ත කුමාර මෙම නෘත්‍ය නිර්මාණය අර්ථකථනය කළෙ Dance & Drama යනුවෙනුයි. ඊළඟට දයානන්ද ගුණවර්ධන චාල්ස් ඩයස් ගේ ” පද්මාවතී ” නෘත්‍ය නිෂ්පාදනය කළා. එහි දිල්ලියේ වෙළෙන්දා ලෙසත් හෙන්රි ජයසේනගේ ’‘ සිරිසඟබෝ ” හි ගෝඨාභය ලෙසත් මම රඟ පෑවා. මේ අත්දැකීම් සහ විෂය අවබෝධය ඉහතින් කී අධ්‍යයනය සඳහා මට පුළුල් අවකාශයක් ලබා දුන්නා. ඒ අනුව ”පුරාතන නාඩගමේ අද්‍යතන ස්වරූපය ” කියන්නේත් මහාචාර්ය සරච්චන්ද්‍ර කළ දේම තමයි.

මගේ ප‍්‍රියතම විෂය වුණේ සෞන්දර්යය අධ්‍යයනයයි. සංගීත විශාරදත්වය වෙනුවෙන් අධ්‍යයන කටයුතුවල නිරත වුණේත් ඒ නිසාම තමයි. භරතමුනි කියන අන්දමට රංග ශිල්පියෙකුට භෘෂාව ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ. වචනයක අර්ථය එකම තැනෙක ?ඳෙන්නේ නෑ. එය ස්ථානය අනුව වෙනස් වෙනවා. ඒ අවබෝධය නළුවෙකුට අවශ්‍යයි. ඒ වගේම අභිධා ලක්ෂණ, ව්‍යංජන, මේවා තමයි වචනයක ශක්තීන් වෙන්නෙ.
එහිදී ලාක්ෂණික වශයෙන් ගම්‍ය වෙන අරුත් අපි ව්‍යංජන වශයෙන් හඳුණා ගන්නවා. සාහිත්‍යය තුළ වචන විවිධාර්ථයෙන් හැසිරෙනවා. උදාහරණයක් හැටියට යසෝදරාවත කියනවා ”කැලේ තිබෙන කොයි දේවත් රස වේවා” කියලා. නමුත් එහි වාචාර්ථය අනුව ගියොත් කැලේ තිබෙන හැම දෙහක්ම රසවත් වෙන්නෙ නැහැනෙ. ඒ අනුව මෙතැනදී ව්‍යංගාර්ථවත් වෙන්නෙ සිද්ධා්ථ කෙරෙහි යසෝදරා දැක්වූ සැළමුතු පේ‍්‍රමයයි. රංග ශිල්පියා භාෂාවක එන වචන විවිධත්වය ගැන දැන සිටිය යුතුමයි. එහෙම නොවුණොත් වේදිකාවේ අපට දැකිය හැකි වන්නේ රංගධරයෙක් නෙවෙයි දේශකයෙක්. රංගයක් කියන්නේ එක්තරා ආකාරයක අධ්‍යයනයක්. පූර්වයෙන් ලබාගත් විෂය දැනුමත් සමඟ එය පොහොසත් වෙනවා. වෙනස් නාට්‍ය සම්ප‍්‍රදායන් බිහි වෙන්නත් එය හේතු වෙනවා. අපට එහෙම යුගයක් තිබුණා.

2012. 06. 24. – රන්දිව.
සාකච්ඡුා කළේ – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s