බෙල්ලන්විල අත්තිඩිය අභය භුමිය පෞද්ගලික අයිතියේ ලයිසමට බිලිවෙයිද?

bundala5.jpg

ආණ්ඩුව පවසන අන්දමට නම් ඔක්තෝබරය ”වන රෝපණ මාසය”වේ. ඒ නිසාම වනාන්තර රෝපණය කිරීම ගැන බොහෝ ප‍්‍රකාශයන්ද තොරතෝංචියක් නැතිව අසන්නටද සිදු වී තිබේ. නමුත් අපට ඇති ප‍්‍රශ්නය වන්නේ වන රෝපණයක් ගැන උදාන වාක්‍ය ඇද බාන බලධාරීන් සිදු වෙමින් පවත්නා වන විනාශය ගැන වචනයක්වත් කතා නොකරන්නේ මන්ද යන්නයි. බෙල්ලන්විල අත්තිඩිය අභය භූමිය ඊට සුදුසු උදාහරණයකි. තිබුණු තත්වයෙන්ම තිබුණා නම් බෙල්ලන්විල අත්තිඩිය යනු මහා ජෛව කලාපයකි. එහෙත් අද එය පවතින්නේ එහි 2/3 ක්ම පෞද්ගලික ඉඩම් හිමියන් විසින් අත්පත් කරගන්නා ලද පසුබිමකය. ඒ ආකාරයට අද ඒ වටිනා වගුරු බිම නින්දා සහගත අයුරින් ගොඩ කෙරෙනවාය යන්න බලධාරීන් නොදන්නා තත්වයක් නොවේ. අප සිතන අන්දමට එවැනි පාරිසරික ප‍්‍රතිලාභයක් ඇස් පනාපිටම විනාශ වෙමින් තිබියදී ඒ ගැන වගක්වත් නැතිව වනාන්තතර සිටුවන්න කතා කිරීම මහා පරිමාණ විහිළුවක් වේ.

විශේෂයෙන්ම සමස්ත ලෝකයම දේශගුණික සහ පාරිසරික වශයෙන් බරපතල අවදානමකට මුහුණ පා ඇති කාලයක අභය භූමි, රක්ෂිත වනාන්තර ඇසුරේ ”පෞද්ගලික ඉඩම්” යනුවෙන් අර්ථ නිරූපණයක් තබා ගැනීමම පුදුම සහගත තත්වයක් වේ. එවැනි පෞද්ගලික ඉඩම්වල සිදු කෙරෙන කටයුතු පොදු පාරිසරික ආරක්ෂණයෙන් බැහැර කොට සැලකීම ඊටත් වඩා පුදුම සහගත තත්වයක් වේ. ඒ අනුව මේ පෞද්ගලික නම් අර්ථ නිරූපණය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මෙන්ම ඒ සම්බන්ධහෙන් නිසි පියවර ගැනීම වනාන්තර වවන්න කලින් කළ යුත්තක් යැයි අපට සිතේ.

wt-30

බොහෝ කාලයක සිට පරිසරවේදීහුු මේ තත්වය පෙන්වා දෙමින් සිටිති. උදාහණයක් හැටියට ඉහත වගුරු බිම ආඔ‍්‍රිතව ඉදි කිරීමට යෝජනා වී ඇති බහුකාර්ය ක‍්‍රීඩාංගනයක් සහ සුපිරි නිවාඩු නිකේතනයක් ගැන හිටපු පරිසර ඇමතිවරයෙකුගෙන් ප‍්‍ර්‍ය්න කළ අවස්ථාවේදී ඔහුගේ සෘජු පිළිතුර වූයේ ඒවා ඉදි කරන්නේ පෞද්ගලික ඉඩම්වල බවයි. එමෙන්ම ඊට අදාල පරිසර වාර්තා කැඳවා ඇති බවයි. පසුගිය කාලය පුරාවටම එවැනි ප‍්‍රකාශ වලින් තරම් පාරිසරික හානියක් අන් කිසිවකින් සිදු වී දැයිි සොයා බැලීම වටී.

අප දන්නා තරමින් තෙත් බිම් ගොඩ කිරීමට අදාළව පහත් බිම් ගොඩ කිරීම හා බැඳී පැවැති ව්‍යාකූලත්වය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතේ නව සංශෝධනයෙන් නිරවුල් කොට දී තිබේ. එසේ බලන විට කිව නොහැකි තරම් විනාශයකට බෙල්ලන්විල අත්තිඩිය ඇද වැටී ඇත්තේ අසම්පූර්ණ නෛතික තත්ව නිසා යැයි කියන්නට තවදුරටත් පුළුවන්කමක් නැත. සියළු නීති එසේ තිබියදීත් උපක‍්‍රමශීලි ලෙසින් සිය පෞද්ගලික ඉඩමි ්වලට වගුරු බිම ගොඩ කරමින් ඈඳා ගැනීම අදටත් නොසිදුවන්නක් නොවේ. එමෙන්ම මේ අවස්ථා නිර්මාණය කොට ඇත්තේද අර කීව පෞද්ගලික අයිතිය නම් අර්ථ නිරූපණයයි. එහෙයින් වනාන්තර අළුතින් ඇති කිරීමට පෙර එකී අර්ථ නිරූපණය ගැන ආණ්ඩුව සිය පූර්ණ අවධානය යොමු කළ යුතුව තිබේ.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s