මට මිනිස් ඇසුර අප‍්‍රිය විය. – ලියොන් ට්‍රොට්ස්කි

Leon-Trotsky-4.jpg

” පාසැල් සමයේදී පමණක් නොව තරුණ විය පුරාමත් මගේ ජීවිතය ඇතුලේ ස්වභාව ධර්මය සහ මිනිසුන් ඇසුරු කිරීමට පොත් පත් සහ අදහස් මතවාද ඇසුරට සාපේක්ෂව ලැබුණේ අවම ඉඩකි. ගමක හැදී වැඩුණු එකෙකු වුණත් මම ස්වභාව ධර්මයට සංවේදි නොවුණෙමි. එසේ පවසන්නේ ලියොන් ට්‍රොට්ස්කිය. ඔහු එසේ පවසා ඇත්තේ් සිය චරිතාපදානය වන My Life නම් කෘතියේය.( එය ටී. අන්ද්‍රාදි, ”මගේ ජීවිතය” නමින් සිංයල බසට නගා තිබේ.) එක්තරා කාලයකදී මිනිසුන් ඇසුරු කිරීමට තමන් දැක්වූ බලවත් අකමැත්ත ට්‍රොට්ස්කි තවදුරටත් මෙසේද විස්තර කරයි.05521891

”බොහෝ කාලයක් ගතවන තුරු මිනිසුන් මගේ මනස තුළින් ගමන් කලේ අහඹු සෙවනැලි ලෙසිනි.” ඒ අනුව කාලයක් යන තුරුම පොත්පත් වලටම කා වදිමින් මතු නොව තමා තුළටමත් නැඹුරු වෙමින් ගෙවු කාලයක් තමන්ට වී යැයි ඔහු පවසයි. එකල්හි හැකිතාක් දුරට තමන් මිනිස් ඇසුර මෙන්ම සොබා දහමෙහි හැසිරීමද මඟ හැරියේ යැයිද හෙතෙම පවසයි. එහෙත් පසු කාලයකදී අවබෝ්ධයත්, උද්‍යෝගයත් නිසා එම තත්වය මඟ හැරුණේය කියාද එම කෘතියේ සඳහන් වේ. පහත දැක්වෙන්නේ එහි එන තවත් සටහනකි.

”මේ පොත මගේ ජීවිතය පිළිබඳ නිශ්චල ඡුායාරූපයක් නොව එහි (ජීවිතයේ* අඩංගු කොටසකි. මගේ ජීවිතය කැප කෙරුණු අරගලය මම චරිත නිරූපණය කරමි. අගයමි. කතාව කීමේදී මම මාව ආරක්ෂා කරමි. බොහෝ විට පහර ද දෙමි. ස්වයං චරිතාපදානයකට වඩා වඩා ඉහල අරුතකින් එය විෂය මූලික බවට පත් කිරීමේ එනම් එය පෞද්ගලික තත්වයන් සහ යුගය පිළිබඳ වඩාම පුමාණවත් ප‍්‍රකාශයක් බවට පත් කිරීමේ එකම ක‍්‍රමවේදය එය බැව් මට පෙනී යයි.”
පුද්ගලයෙකුට මනුෂ්‍ය සබඳතා වලින් ඈත් වී ඒ ගැන නොතකා ජීවත්වීම කළ හැක්කක්ද යන්න පැහැදිලිවම ප‍්‍රශ්නයකි. ඒ නිසා තමන් තුළ හිස් තැනක් ඇති එීමද එවැන්නෙකු බලාපොරොත්තු විය යුත්තකි. ට්‍රොට්ස්කි වඩ වඩාත් පොතපතට නැඹුරු වන්නේ ද එකී කාරණය නිසාමය. ”මිනිස් සබඳතා පිළිබඳ සඟවනු ලැබූ ලෝකය, මගේ විඥානයට වරින් වර ඇතුළු වූයේ පොත් වලිනි. මා අසා තිබූ බොහො දේ කතා කෙරුණේ, අහඹු වූත් සාමාන්‍යයෙන් රළුපරළු වූත් ගොරහැඬි අයුරිනි. සාහිත්‍යය තුළින් ඒවා සාමාන්‍යකරණය විය. ගෞරවනීය තත්වයකට පත් කෙරුණි. ඒ එය කිසියම් තත්වයකට ඔසවා ලමිනි.”

capa_robert_2408_1992_427628_displaysize.jpg

ලියොන් ට්‍රොට්ස්කිගේ එම පොතපත කියැවීම වඩාත් උස් තැනකට යොමු වන්නේ ඒ සම්බන්ධයෙන් ඔහු ඇති කරගත් සමාජ දේශපාලන විග‍්‍රහයද නිසාය. ඒ නිසා ඔහු තුළින් මතුවන්නේ හුදෙකලා සාහිත්‍යයික කියවීමක් සමඟ පසුවන තනි පුද්ගලයෙකු නොවේ. ඒ දේශපාලන විග‍්‍රහය නිසාම මනුෂ්‍ය ඇසුරින් ඉවත් වී සිටියත් මේ හුදෙකලා මිනිසා සාමුහික පුද්ගලත්වයක නියෝජනයක් බවට පත් වේ.

mte4mdazndewmti4mzczmjyy”ගමේදී මෙන්ම නගරයේදීද මා දිවි ගෙවුයේ සුළු ධනේශ්වර වටපිටාවකය. එහි ප‍්‍රධානතම උත්සහාය යොමුව තිබුණේ අත්පත් කර ගැනීම් වෙතය. අත්පත් කරගැනීමේ සහජාසය, සුළු ධනේශ්වර දෘෂ්ඨිය සහ ජීවන ගති සිරිත් යන මේවායින් මා ඉවතට ගසාගෙන ගියේ දැවැන්ත තල්ලූවක්ද සමඟිනි.” තවද සුවිශේසය අභිබවා සත්‍යයේත්, සත්‍යය කරුණ අභිබවා නියමයේත්, පෞද්ගලික කරුණ අභිබවා න්‍යායේත් පවත්නා උත්තරීතර භාවය පිළිබඳ හැඟීම තමන් තුළ හට ගත්නත් මුල් කාලයේ සිටම යැයිද ඔහු පවසයි. ගෙවී ගිය වසරක් ගානේ ඒ හැඟීම තමන් තුළ සර්ව බලධාරීත්වයක් අත් කර ගැනීමට සමත් වූයේ යැයි ද ඔහු පෙන්වා දෙයි. කෙසේ වුව එහිලා පාදක භූමිය වූයේ නගරය බවත්, ඒ හැඟීම පසු කළෙක සිය ජීවිතයේ දාර්ශනික දෘෂ්ඨිය වීය යනුවෙනුත් ඔහු පවසයි.

”බුද්ධිමත් පස මිතුරු බව” යන්න උක්ත කෘතියේ එන වැදගත් පෙන්වා දීමකි. ඒ අනුව වැරදි විකාර සහගත සිතුවිලි පිළිගැනීම උදෙසා අවිවාදිත සත්‍යයක් ප‍්‍රතික්ෂේප කිරීම ඔහු, බුද්ධිමත් පස මිතුරු බව යනුසවන් හඳුණාගෙන තිබේ. එමෙන්ම ඔහු ඒ ගැන මෙසේ ද ලියා තිබේ. ”වැරදි සහ විකාර සහගත සිතුවිලි පිළිගැනීම උදෙසා අවිවාදිත සත්‍යයන් ප‍්‍රතික්ෂේප කිරීමට මිනිසුන්ට හැකිය යන කරුණ තේරුම් ගැනීම හෝ ඒ සමඟ පෑහීම හෝ මගේ මනස ප‍්‍රතික්ෂේප කළේය. ”

TROTSKYService-revolucionario-secundarias-historiografia-tradicional_CLAIMA20110523_0106_19.jpg

” මගේ මුළු අභ්‍යන්තරික දිවියේ ස්ථිර කේන්ද්‍රීය කරුන බවට පත් සමාජ විප්ලවාදී රැුඩිකල් වාදය වැඩුණේ ඒ පටු අරමුණු උදෙසා දැරෙන ප‍්‍රයත්නය කෙරෙහිත් අමුම අමු ප‍්‍රායෝගික වාදය කෙරෙහිත්, මතවාදී වශයෙන් ආකෘතියකින් තොර සහ න්‍යායික වශයෙන් සාමාන්‍යකරණය නොකෙරුණ සියළු දේ කෙරෙහිත් පැවැති මේ බුද්ධිමය පස මිතුරු බව තුලිනි.” මේ අනුව සීමාන්තික මතවාද ප‍්‍රතික්ෂේප කිරීමට ඔහුට තිබූ යොමුවීමත්, පදනම් විරහිත ප‍්‍රායෝගික ක‍්‍රියාකාරිත්වය කෙරෙහි, මතවාද වශයෙන් ගත් කළ ආකෘතියෙන් තොර න්‍යායික පදනමක් නැති සාමාන්‍ය තත්වයෙන් නොපවතින දෑ විෂයයිකව ඔහු දැක්වූ නිෂේධනාත්මක බවත් ඔහුගේ චරිතාප‍්‍රදානයේ පැහැදිලිවම දකින්නට තිබේ.17361734_1495349167165468_888222841444685956_n

සිය සමකාලීන මිත‍්‍රත්වයක් වන රෝසා ලක්සම්බර්ග් ගැන ද ට්‍රොට්ස්කි ලියයි. තවද එය අපූර්ව සාහිත්‍ය ශෛලියකින් ලියන්නට ද ඔහු සමත් වෙයි.

” ලන්ඩන් සමුළුවේදී මම රෝසා ලක්සම්බර්ග් සමඟ දැන හැඳුනුම්කම් යලි අළුත් කර ගතිමි. මම 1904 සිටම ඇය දැන සිටියෙමි. ඇය කුඩා කාන්තාවකි. කෙට්ටුය. ඇයට රෝගී පෙනුමක් පවා තිබුණි. එහෙත් උදාර මුහුණක් ද, බුද්ධිය පතුරුවාලූ ලස්සන දෑස් ද ඇය සතු විය. ඇගේ මනසේ සහ චරිත ස්වභාවයේ හුදු දිරිමත් බව මතින් ඇය අන් අය මෝහනය කර ගත්තාය. එක්වරම නිශ්චිත වූත් තියුණු වූත් නිරානුකම්පක වූත් ඇගේ ශෛලිය සෑම විටම ඇගේ විරෝදාර ජීව ගුණයේ කැඩපතක් විය. ඇය සතු වූයේ බහු ආංශික ස්වභාවයකි. එය සූක්ෂම හැඩරුවින් යුක්ත විය. විප්ලවය සහ එහි හැඟීම්, මිනිසා සහ කලාව, සොබාදහම කුරුල්ලන් සහ වැඩෙන මේ දේ සියල්ලටම ඇගේ ආත්මයේ බොහෝ තත් වයනු හැකි විය. ” එමෙන්ම ඇගේ චරිතය නම් සංරචකය ඇය විසින්ම පෙන්වා දුන් සටහනක් ද ( ”එය, ඇය ලියන්නේ ලූවී කෞට්ස්කි ටය. ” * ට්‍රොට්ස්කි සිය චරිතාප‍්‍රදාන සටහන් අතරටම ඇතුළු කර ගනී. කෙසේ වෙතත් රෝසා සමඟ තමාගේ සම්බන්ධකම් පෞද්ගලික මිත‍්‍රත්වයක් වශයෙන් ගොඩ නැගුණේ නැති බවත් ඔහු පවසයි.

170983687.jpg

rosa_luxemburg
Rosa Luxemburg

” අපේ හමුවීම් බෙහෙවින් කෙටි විය. බොහෝ කලාතුරකින් සිදුවිය. මා ඇයට ගරු කලේ බොහෝ ඈතක සිටය. එසේ ද වුවත් මා එකල ඇයව ප‍්‍රමාණවත් තරමින් අගය නොකළාද විය හැකිය. ”

අවසාන වශයෙන් සිය හිතෛෂී සහායකයා මෙන්ම නායකයාද වන ලෙනින් ගැන ඔහු ලියූ සටහන් ද උක්ත කෘතියේ හිඟ නැති බවද කිව යුතුය..

” දැඩි සදාචාරවත් හැඟීම් සහිත මිනිසෙකු වූ ලෙනින්ට මිනිසුන් කෙරෙහි වන උපේක්ෂා සහගත බවක් පිළිබඳව සිතා ගැනීමට නොහැකිව තිබිණි. චින්තකයෙකු, නිරීක්ෂකයෙකු සහ මූලෝපායවාදියෙකු වූ ඔහුට මිනිසුන් කෙරෙහි උනන්දුව දැක්වීමේ කෙටි කාල පරාසයක් ද තිබිණ. ඔහුගේ මේ ලක්ෂණ කෘප්ස්කයාද ඇගේ මතක සටහන්වලදී සඳහන් කරයි. ලෙනින් කිසි විටෙකත් හුදු බැල්මක් හෙළා මිනිසෙකු කිරා මැන බැලූවේ නැත. ඔහු පිළිබඳව සාමාන්‍ය තක්සේරුවක් ද කලේ නැත. ඔහුගේ අස අන්වීක්ෂයක් වැනි විය. එය කිසියම් නිශ්චිත මොහොතකදී දර්ශණ පථයට එන ලක්ෂණයක් කිහිප වතාවක් විශාල කරනු ඇත. ඔහු බොහෝ විට මිනිසුන් ගැන පෙමින් බැඳෙයි. ඒ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්මය.”

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

Views – 3,743

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s