මහසෙන්ට තිබුණේ මහා විහාරය ගැන විරෝධයක් නෙවෙයි. – ආචාර්ය මාලනී ඩයස්.

abaya.jpg

ඞී.ඊ.හෙට්ටිආරච්චි, ජයවික‍්‍රම, විජේසේකර යන මොවුහු කීර්තිමත් මහැදුරන් වූහ. නමුත් විශ්ව විද්‍යාලයට තේරුණු එක් ශිෂ්‍යාවක් තමන් තෝරා ගත් විෂය ධාරාවන් වශයෙන් පාලි, සංස්කෘත, සිංහල ඉදිරිපත් කරද්දී ඔවුහු විස්මයට පත් වූහ. පසුව ඒ ශාස්ත‍්‍රාභිලාෂි දියනිය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශයේ අධ්‍යක්ෂවරිය වූවාය. අභිලේඛන විෂයට අදාලව, Epigr a Phical Notes- The Growth Buddhist Moastic Institution- Sri Lanka from Brahmi Inscription  මෙන්ම වල්ලිපුරම් රන්පත යන කෘතීන් ලියා පල කිරීමටද යෙදුණාය. රාජකීය ආසියාතික සමිතියේ උප සභාපතිත්වයට සහ ලෝක බෞද්ධ සම්මේලනයේ ධර්ම ¥ත කාරක සභාවේ සභාපති ධූරයටද තේරී පත් වන ඇය ආචාර්ය මාලනී ඩයස් නම් වෙයි.gv

කුඩා කාලයේ ඉඳලම අධ්‍යාපනයේ පරප‍්‍රාප්තියකට යෑම සම්බන්ධයෙන් ඔබට සිහිනයක් තිබුණද?

කුඩා කාලයේදී මම හුඟක්ම ඇළුම් කළේ ක‍්‍රීඩාවටයි. මලල ක‍්‍රීඩා තරඟ වලදී නිතර නිතර ජයග‍්‍රහන ලබන තැනක මා සිටියා. ගාල්ලා වගේම කොළඹටත් ආවා ක‍්‍රීඩා තරඟ වලට සහභාගි වෙන්න. ඒත් අපේ අම්මා ඒ් ගැන කැමැත්තක් දැක්වූයේ නෑ. ඒ සම්බන්ධයෙන් ඇය හැම වෙලේම හරහට හිටියා. අම්මා වෘත්තියෙන් ප‍්‍රාථමික විද්‍යාලයක ප‍්‍රධානාචාර්ය ධූරයක් දැරූ නිසාත්, එකල පැවැති සමාජ පරිසරය තුළ ගැහැණු ළමයෙකු සම්බන්ධයෙන් බල පෑ සංස්කෘතික සීමා නිසාත් ඊට එරෙහිව යෑමේ හැකියාවක් පොදුවේ ගැහැණු ළමයින්ට තිබුණේ නැහැ. කොහොම වුනත් ඔය කාලයේම මම නාට්‍යයට, සංගීතයට, ගායනයට වගේම චිත‍්‍ර අඳින්නත් ලොකු උනන්දුවක් දැක්වූවා. අද කාලේ නං අම්මලානෙ පිටිපස්සෙන් ඉඳල ළමයින්ව මේ දේ වලට යොමු කරන්නෙ. නමුත් ඒ කාලයේ දී ළමයින්ම තමයි ඒ දේවල් හොයා ගෙන ඒවාට යොමු වුණේ.

මෙතැනදී මට ප‍්‍රශ්නයක් ඇති වෙනවා, එවැනි පසුබිමක සිටි ඔබ කොහොමද පාලි, සංස්කෘත වැනි ප‍්‍රාචීන භාෂා හදාරමින් අභිලේඛන කියවිමේ ශාස්ත‍්‍රීය අධ්‍යයනයකට යොමු වෙන්නේ කියළ.

අපේ අම්මාගේ වෘත්තිය ගැන මා ඔබට කීවා. ඒ වගේම මගේ පියාත් විදුහල්පතිවරයෙක්. මම පවුලේ එකම දරුවා. හැදුණෙ වැඩුණෙ පූර්ණ අධ්‍යාපන පසුබිමක් ඇතුලේ. ඒ වගේ මම වැඩි කැමැත්තක් දැක්වූයේ භාෂා අධ්‍යයනයටයි. මුලදී ගාල්ලේ සවුත්ලන්ඞ් විද්‍යාලයටත් පසුව කොළඹ විශාඛා විද්‍යාලයටත් ගොස් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරී පත් වෙනවා. එහිදී මම පාලි, සංස්කෘත, සිංහල විෂයන් වශයෙන් තෝරා ගන්නවා. ඉතිහාසයත් මගේ විෂයක් වුනා. කොහොම වුණත් අපි දැනගන්න ඕනෙ භාෂා අධ්‍යයනයෙන් අපේ කියැවීමත් පුළුල් වෙනවාය කියන කාරණය. ඊට අදාළව මහාවංශය විල්හෙල්ම් ගයිගර්ගේ පරිවර්තනය කියවනවාට වඩා මහාවංශය ම කියවන්නයි මම කැමති වුණේ. කෘතියක් හැටියට මහාවංශය ගැන කුමන විෙවිචන තිබුණත් එයින් අපට ගත හැකි දේ පෘථුලයි. අද්භූත කතා තියෙනවා තමයි. ඒත් ලෝවාමහාපාය විස්තරයේදී ඊට අදාල ගෘහ නිර්මාණ සැලසුම් පවා විස්තර කරන්නට මහාවංශය ඉදිරිපත් වෙලා තියෙනවා.

chandrika-wewa-1.jpg

නමුත් පසු කාලීනව අභිලේඛන විද්‍යාවට වැදගත් තැනක් හිමිවන්නේ ඉතිහාස මූලාශ‍්‍රයක් වශයෙන් මහාවංශයේ පවත්නා අසම්පූර්ණතාව නිසායි.

ඔව් ඒක ඇත්තයි. මහාවංශය කෙරෙහි සම්පූර්ණ විශ්වාසයක් තියාගෙන අපට ඉතිහාසය හදාරන්න බැහැ. ඒ වගේම තමයි අභිලේඛන විතරක් කියවීමෙනුත් ඉතිහාසය ගැන සම්පූර්ණ කියවීමක් ලබා ගන්න බැහැ. ඊට හොඳම උදාහරණය තමයි මහසෙන් රජු හා සම්බන්ධ ඉතිහාසය. මහාවංශය මහසෙන් රජුට සාධාරණය ඉෂ්ට කරන්නේ නෑ. අප හොඳින් දන්නවා මහසෙන් කියන්නේ මහා විහාරයට ප‍්‍රතිශෝධන ඉදිරිපත් කළ රජෙක්. ඒ ප‍්‍රතිශෝධන ගැන ලියන්න මහාවංශය කැමති වෙන්නේ නෑ. ඒ අනුව මහාවංශය එතැනදී නිශ්ශබ්දයි. නමුත් අපි හොඳින් මතක තබා ගත යුතුයි මහසෙන්ට මෙතනදී තිබුණේ මහාවිහාර විරෝධයක් නොවේය කියන කාරණය. ඇත්ත වශයෙන්ම ඔහු එහිදී සිදු කරන්නේ පොදුවේ භික්ෂූන් අරභයා ”ධම්ම කම්ම ව්‍යාපාරයක්” යෝජනා කිරීමයි.

මහසෙන් රජුගේ සෙල් ලිපියක් තියෙනවා ”මහසෙන් කතිකාවත මුල පටන්ගැන්ම” කියළා. ඔහුගේ ඵෙතිහාසික කර්තව්‍යය සම්බන්ධයෙන් එය හොඳ මූලාශ‍්‍රයක්. ඒ ආකාරයට මහසෙන් ප‍්‍රශ්න කරන්නේ පැවැති භික්ෂු සමාජයේ ශීල, සමාධි, ප‍්‍රඥා යන පැවැත්මයි. ඔහු ඒ සම්බන්ධයෙන් අභියෝගාත්මක ප‍්‍රශ්න කිරීමක් කරනවා, ශීල, සමාධි, ප‍්‍රඥා යන මන්දිරය තුළ සිටීමට සුදුසු එක් භික්ෂුවක් හෝ සිටියි නම් මට පෙන්වන්න – මම උූන් වහන්සේව රන් කහවණු දහසකින් පුදනවාය කියා ඔහු පවසනවා. ඒ වගේම එහි සඳහන් වෙනවා වෛතුල්‍ය වාදයත් පැවැතිය යුතුය කියළාත්. ඒ වගේම මහා විහාරවාසී සංඝයා වහන්සේලාගේ එකමුතුවක් නැතිකම ගැනත් සඳහන් වෙනවා. මේ විදිහට එකමුතුවක් නැති සංඝ සමාජයකට දන් නොදිය යුතුය කියන විෙවිචනයත් ඊට අදාලවම ඔහු ඉදිරිපත් කරනවා. එමෙන්ම ඒ ලිපිය කා හටත් දැකගත හැකි ආකාරයට පිහිටුවිය යුතුය කියන යෝජනාවත් ඔහු ඉදිරිපත් කරලා තියෙනවා. එහෙම බැලූවම අපට පැහැදිලි වෙනවා මහසෙන් රජතුමා ඉදිරිපත් කරන්නේ පැවැති සමාජ තත්වයන්ට අදාළව සංස්කෘතික ප‍්‍රතිශෝධනයක්ය කියන කාරණය.

31541057.jpg

ලන්ඩන්හි ප‍්‍රාචීන භාෂා සහ අප‍්‍රිකානු භාෂා අධ්‍යයන අංශයේ සිංහල භාෂාව පිළිබඳ කොටස අද වන විට නොසලකා හැර ඇති තත්වයක ඇති බවක් අසන්නට ලැබෙනවා…..

ව්්ක ඇත්ත. ඒත් ඒ දේ වෙලා තියෙන්නේ අපේම වරදින්. ඒ වෙනුවෙන් සුදුසු උගත් පඬිවරයෙක් පත් කරන එක අපේ වගකීමක්. කාලයක් මහාචාර්ය අනුරාධ සෙෙවිරත්න යිටියා. කොහොම වුනත් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන්ගෙන් පසු එවැනි උගත් නියෝජනයක් අපට දකින්න ලැබෙන්නේ නෑ. පත් කරපු අයෙකු හරහා සිංහල අධ්‍යයන අංශය පවත්වාගෙන යා යුතු නිසා පවත්වාගෙන යන තත්වයක් තමයි අද දකින්න ලැබෙන්නෙ. නමුත් ඉන්දියාව තමන්ගේ භාෂා අධ්‍යයන අංශය ඉතාමත් හොඳට පවත්වාගෙන යනවා. එහෙම බැලූවම සිංහල භාෂාවට ලෝකයේ තියෙන තැන නැති කර ගන්නෙත් අපිම තමයි.sri-lanka-0048a

ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න යටතේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට බැඳෙන ඔබ ගැන මහාචාර්ය පරනවිතානගේ තිබුණේ වෙනස් ආකල්පයක්ද?

සිංහල, පාලි, සංස්කෘත යන භාෂා තුනම ගැන ලබා ගත් අධ්‍යාපතය මතයි මම පුරා විද්‍යා දෙපාර්තමේනුතුවට බැඳෙන්නෙ. ඔය කියන කාලයේ මහාචාර්ය පරනවිතාන විශ‍්‍රාම ගිහිල්ලයි හිටියෙ. නමුත් එතුමා දිගින් දිගටම ආයතනයට පැමිණියා. අදාළ කටයුතුවල නිරත වුණා. එහිදී එතුමා මා සම්බන්ධයෙන් යම් උකටලී බවක් පෙන්නුවා නම් ඒකට හේතු වෙන්නේ මම කාන්තාවක් වීම. සෙල් ලිපි, ලෙන් ලිපි කියවන්න නම් වනාන්තරගත වෙන්න සිද්ද වෙනවා. අනික පුරුෂ මුලික කණ්ඩායම් සමඟ තමයි එසේ වනාන්තරගත වෙන්න සිද්ද වෙන්නෙ. පරනවිතාන මහතාට සැකයක් ඇති වෙන්නේ එතැනදීයි. කාන්තාවකට මේ කටයුත්ත කළ හැකිද කියන ප‍්‍රශ්නයට එතුමා එහිදී මුහුණ පානවා. ඇත්තටම ඒක ප‍්‍රශ්නයක් තමයි. මුල් කාලයේදී එවැනි ගමන් වලට මගේ සැමියාත් සම්බන්ධ වුණා. ඒත් ඒ කාර්ය මණ්ඩලය සහෝදරයො වගේ, පවුලක් වගේ තමයි කටයුතු කළේ. ඒ නිසා සෑම කටයුත්තක්ම වගේ සාර්ථක වුණා.

90 දශකයේදී රිදියගම සම්බන්ධයෙන් කළ සොයා ගැනීම ඔබට විශාල කීර්තියක් අත් කර දුන්නා යැයි මා සිතනවා…..

1992 දී රිදියගම වැව් ජලයෙන් යට වී තිබූ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක නටබුන් අපි සොයා ගත්තා. එදා විදේශයන්ට අපනයනය කල භාණ්ඩ පවා ඒ අතර තිබුණා. මේ වැව අද තියෙන මට්ටමට ඉංග‍්‍රීසින් විසින් ගැඹුරු කල නිසා තමයි ඒ පුරා ස්ථානය ජලයෙන් වටවී ගියේ. ඒත් 1992 දී මේ වැවේ ජලය සම්පූර්ණයෙන්ම හිඳෙනවා. ඒ අනුව තමයි අපට අවස්ථාව ලැබෙන්නේ එම සොයා ගැනීම සිදු කරන්න. එහි තිබූ සෙල් ලිපියකින් කියවෙනවා ගොඩවාය වරායෙන් ලැබෙන තීරුබදු ආදායම එම විහාරයට ලබා දෙන්නය කියලා. ඒ වගේම වරාය ආසන්නයේ මුහුදුබත් වූ නැවක නටඹුන්ද තියෙනවා. මම මේ සම්බන්ධයෙන් දේශනයක් රාජකීය ආසියාතික සමිතියේදීත් කළා. නමුත් අදටත් ඒ හැම දෙයක්ම අනාරක්ෂිතයි. එම වරායේ ස්වභාවය අනුව එය දියකඩනයක් ද සහිතයි.

වර්තමානයේ අභිලේඛන කියවීම සම්බන්ධයෙන් පවත්නා තත්වය ගැන ඇසුවොත්….?

ලොකු උනන්දුවක් ඇති බව පෙනෙනවා. ඒත් මතක තබා ගන්න ඒ සඳහා භාෂා දැනුම මූලිකයි කියන කාරණය. එවැනි පොහොසත් භාෂා දැනීමකින් තොරව මේ කටයුත්ත කළ නොහැකියි. අනික උපාධියක් තිබූ පමණින් කිසිම කෙනෙකු පුරා විද්‍යාඥයෙකු වෙන්නේ නැහැ. මම වුණත් පුරාවිද්‍යාවට අයත් බොහෝ කටයුතු ඉගෙන ගත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැඳිලා කටයුතු කරන්න පටන් ගත්තායින් පසුවයි. ඒ කාරණය හරි වැදගත් මේ ක්ෂේත‍්‍රයට පිවිසෙන අයට.

(රන්දිව – 2013.02. 17. පුවත්පත. )

සාකච්ඡුා කළේ – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s