වසා දැමු තිරය හමුවේ ”නාට්‍ය හා රංගකලා”

14322770_1615849495379101_8305436415979573528_n

” ෂව්වා මෙන්න මෙතැනින්
තියාපන් ආසනය,
එළිමහනෙ ඉඳගෙන නීතිය විසඳන එක
සැපදායකයි, ඇතුළෙ ඉඳගෙන
විනිශ්චය දෙනවට වැඩිය.
සුළං වැදීමෙන් නීතියේ සළුපිළි
විසිරිලා සත්‍යය මතුවෙනවා.”
(” හුණුවටයේ කතව”

”හුණුවටය අ.පො.ස.(උ.පෙ* විභාගය සඳහා සිංහල විෂය පොතක් ලෙස දැන් නියමව ඇත. එම අවශ්‍යතාව සපුරා ලීමට මෙම පස්වැනි මුද්‍රණයද ඉක්මනින්ම පිට කිරීමට අපට සිදුවිය.”- හෙන්රි ජයසේන

පාසැල් අධ්‍යාපනයට නාට්‍ය කෘතියක් නියම වීම නිදහස් අධ්‍යාපනය නිසා ඇති වූ යහපත් ප‍්‍රවණතාවක් වේ. සී. ඩබ්. ඩබ්. කන්නංගර ඇතුළු නිදහස් සටන් නායකයන් පාසැල්වල අධ්‍යාපනය ස්ව භාෂාවෙන් කළ යුතුය යනුවෙන් නැගූ හඬ එවැනි කටයුත්තකට මඟ පෑ¥ බව පැහැදිළිය.

කෙසේ වුව නිදහස් අධ්‍යාපන පනතත් සමඟ නාට්‍ය කලාව පන්ති කාමරයට මුලින්ම පිවිසුණේ සෞන්දර්ය කලා රස විඳීමක් වශයෙනි. ඒ අනුව එය නාට්‍ය කලාව නමින් සෘජුවම සිදු කළ විෂය අධ්‍යයනයක් නොවීය. ඒ නිසාම ඊට අදාළ ප‍්‍රායෝගික හැදෑරීමක් එකළ දැකිය නොහැකි විය. එහෙම වුණත් 1947 මැයි 15 දින නිදහස් පනත සම්මත වීමත් සමඟම 1ශ්‍රේණියේ සිට 8 වැනි ශ්‍රේණිය දක්වා සිංහල පෙළ පොත් වලට ඇතුළත් කළ නාට්‍ය පෙළ රචනා නිසා පාසැල් වියේ සිටම නාට්‍ය කලා රසාස්වාදයක්, අවබෝධයක් මෙන්ම විචාරාත්මක බවක් ඇති වූ බව නම් බොරුවක් නොවේ. ඒ නිසා එය පාසැල් මට්ටමින් නාට්‍ය හා රංග කලාව හැදෑරීම සම්බන්ධයෙන් මුල් අවස්ථාව වී යැයි ගැනීමේ කිසිදු වරදක් නැත.

phoca_thumb_l_v1

අනිත් අතට ඒ නිසාම නාට්‍ය පිටපත් සාහිත්‍ය කෘති වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමේ තත්වයක්ද දැකිය හැකි විය. නිදසුන් ලෙසින් ඩබ්. ඒ. සිල්වාගේ ”මායා ලෝකය”, මාර්ටින් වික‍්‍රමසිංහගේ ”චිත‍්‍රා”, ටී.බී.ඉලංගත්නගේ ”නාට්‍ය අට”, කේ.ජයතිලකගේ ”නගරාධිපති” යන කෘති පෙන්වා දිය හැකිය. එමෙන්ම 1956 ඇති වූ දේශපාලන පෙරළිය විසින් බිහි කරන ලද ”සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය” (එය පිහිටුවන්නේ 1958 දීය* ද පන්ති කාමරයේ නාට්‍ය අධ්‍යාපනයට අත්වැලක් වී යැයි ද සැලකේ. ඊට පසු අවුරුද්දේ එනම් 1959 දී ප‍්‍රථම වරට සිංහල නාට්‍ය උත්සවයක් පවත්වන්නට යෙදුණූ අතර එහිදී පාසැල් ළමුන් සඳහා වෙනම නාට්‍ය උත්සවයක් ද සංවිධානය කිරීමත් විශේෂත්වයක් විය. පාසැල් නාට්‍ය සම්බන්ධයෙන් උද්‍යෝගිමත් අවධානයක් ඇති කිරීමට එය ද හේතුවක් වී යැයි පෙන්වා දී තිබේ. එසේ ඇතිවූ නාට්‍ය ප‍්‍රබෝධයත් සමඟ විද්‍යාලන්තරව මෙන්ම දිස්ත‍්‍රික් මට්ටමින්ද පාසැල් නාට්‍ය තරඟ සංවිධානය කෙරුණි.

ඒ ආකාරයට ගොඩ නැගී ආ පාසැල් නාට්‍ය ප‍්‍රබෝධයට ඊලඟට අවශ්‍ය වූයේ නාට්‍ය රඟහලක්ය. හොරණ ශ‍්‍රී පාලියේ එවැනි පහසුකම් සහිත තත්වයක් දැකිය හැකි වුවද කොළඹ නගරය තුළ එවැනි තත්වයක් ඒ වන විිටත් දැකිය නොහැකි විය. කොළඹ රාජකීය විද්‍යාලයේ එවකට විදුහල්පති එච්. ඞී. සුගතපාල මහතා එම විද්‍යාලය තුළ නාට්‍ය රඟහලක් ඉදි කිරීමට ඉදිරිපත් වීම අදටත් විශේෂ ඇගැයීමකට ලක් වන්නක් වේ. කෙසේ වුව ”ලූම්බිණි” සහ ජෝන් ද සිල්වා යන රඟහලවල් රාජ්‍ය නාට්‍ය උත්සවයට අදාළව සුවිශේෂ කාර්යභාරයක් සිදු කළ ස්ථාන වේ.

එසේ 1945 සිට 1960 අතර කාලයේදී පාසැල් මට්ටමේ නාට්‍ය අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය මූලික පදනම් යට කී ආකාරයට සකස් වුණත් ඒ වනාහි නාට්‍යයේ ප‍්‍රායෝගික පක්ෂය වන රංගය, වේදිකා අලංකරණය, ආලෝකකරණය ආදී ලක්ෂණ පිළිබඳ හැදෑරීමක් සහිත පූර්ණ නාට්‍ය අධ්‍යයනයක් නොවූ බව නැවතත් සඳහන් කළ යුතුය. එක්තරා ආකාරයකින් එය සිංහල භාෂා අධයයනයට අදාළව භාෂා ඥානය, සාහිත්‍ය රසාස්වාදනය දියුණු කිරීමට නාට්‍යය අතුරුපසක් ලෙස යොදා ගැනීමක් යැයි කීවද වරදක් නැත.

4-timons-false-friends

අද පාසැල් අධ්‍යාපනය තුළ මෙම හැදෑරීම ”නාට්‍ය හා රංග කලා” යනුවෙන් වෙනම විෂයක් බවට පත් වී තිබේ. ඒ සම්බන්ධයෙන් පිළිගත හැකි විස්තරයක් ඉදිරිපත් කරමින් විජයරත්න පතිරාජ මෙසේ පවසයි.

” නාට්‍ය කලාව ප‍්‍රබල අධ්‍යාපන විෂයක් ලෙස බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ යුරෝපීය රටවල වැදගත් කොට සැලකීමට පියවර ගැනෙන්නේද 1960 – 70 දශකය තුලදීය. අධ්‍යාපන මනෝ විද්‍යාව හා අධ්‍යාපන විද්‍යාව පිළිබඳ චින්තන ධාරාවක් මේ සමය තුල මතුවීම ඊට හේතුව වේ. 1956 දී ඞී. එස්. බ්ලූම්ගේ අධ්‍යාපන අරමුණු වර්ගීකරණය මේ අතින් ප‍්‍රධාන තැනක් ගනී. අධ්‍යාපනය පූර්ව පුද්ගල සංවර්ධනය සඳහා යොදා ගත යුතු බවත් ඒ සඳහා ප‍්‍රජානනය (දැනුම*, ආවේදන (ආකල්ප* හා මනෝචාලක (කුසලතා* යන ත‍්‍රිවිධ අංශම සමව පෝෂණය විය යුතු බවත් එහි මූලික දර්ශනය විය. ආවේදන ක්ෂේත‍්‍රයෙහි වර්ධනය සඳහා සෞන්දර්ය අධ්‍යාපනයක ඇති වැදගත්කමක් එහිදී නාට්‍ය කලාවේ ඇති ප‍්‍රබලතාවත් අවධාරණය වූයේ මෙහිදීය. ක‍්‍රැතෝල්, එඞ්ෆර්ඬේල්, ගාබ්රියෙල්, බර්පීල්ඞ්, හර්බට් රීඞ්, පීටර් ස්ලේඞ් වැනි අධ්‍යාපනඥයන් රාශියක් විසින් ඉදිරිපත් කළ අදහස්වල ප‍්‍රථිපලයක් ලෙස බොහෝ රටවල මේ විෂය කෙරෙහි අවධානය යොමු වු අතර යුනෙස්කෝ වැනි ආයතනවල යෝජනා ක‍්‍රම මඟින්ද, නාට්‍ය විෂය කෙරෙහි ලෝක අවධානය යොමු විය. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් නාට්‍ය කලාව ලෝකයේ දියුණු අධ්‍යාපන පද්ධතීන් පවත්නා රටවල පාසල් අධ්‍යාපනය සඳහා දෙයාකාරයකින් යොදා ගැනීමට පියවර ගැනිණි.

1969 වන විට නාට්‍ය අධ්‍යාපනයෙහි ඇති අධ්‍යාපනික හා මනෝ විද්‍යාත්මක වටිනාකමත්, පුද්ගල සංවර්ධනය සඳහා නාට්‍ය කලාව වැනි සෞන්දර්යය විෂයන් ගෙන් සාක්ෂාත් කරගත හැකි ඵලදායිතාවක් ගැන යෝජනා ඉදිරිපත් වුණි. ඊටත් පෙර නාට්‍ය හා රංග කලාව විෂයක් වශයෙන් පාසල්වලට හඳුන්වා දීමේ වැදගත්කම පිළිබඳවද අදහස් ඉදිරිපත්වී ඇති බවක්ද විජයරත්න පතිරාජ පෙන්වා දෙයි. (අධ්‍යාපන සියවස ප‍්‍රකාශනය කලාප අංක 03)

14344194_1615848938712490_2968484252513701132_n

ඒ වාර්තාව, එය මෙසේ ගොනු කරයි.

1. පන්්තියේ විවිධ හැකියා ඇති ළමුන් සමූහයකට නාට්‍ය කියවීමට ඉඩ දීමෙන් ඇති වන උත්තේජනාත්මක ස්වභාවය නිසා, ඔවුන් තුළ ස්වභාවයෙන්ම රංග කෞශල්‍යය ඇති වේ.
මේ තත්වයට ලැබෙන ප‍්‍රතිචාර හා ප‍්‍රතිපෝෂණ නිසා ළමුන් තුල සැඟවී ඇති විභ්‍යවතාවන් ප‍්‍රගුණ කර ගැනීමට හැකි වෙයි.

2. රංගනය යනු වෙනත් පුද්ගලයකු මෙන් පෙනී සිටීමකි. වෙනත් කෙනෙකුගේ හැසිරීම අනුකරණය කර පෙන්වීමකි. එය තම අභ්‍යන්තර විඥානය මගින් කරන හැඩ ගැසීමකින් වෙනත් කෙනෙකු බවට සෑම අතින්ම පත් වන්නකි. අපට සාමාන්‍ය ජීවිතයේදී විවිධ අවස්ථාවල විවිධ චරිත රඟපෑමට සිදුවේ. එහෙයින් නාට්‍ය අධ්‍යාපනය මගින් ළමුන් තුල ඇති වන පෞරුෂ වර්ධනය ඔවුන්ට ජීවිතයේ ගැටළුවලට මුහුණපෑමේ හැකියාවත්, වින්දනීය හා ශිල්පීය කුසලතාවත් උදා කරලනු ඇත.

3. සමාජය විසින් නාට්‍ය වෙත කර ඇති තහංචි නිසා පොඩි පට්ටම් වී ගිය පෞරුෂයකින් හෙබි තරුණ තරුණියන් ගණනාවක් පසුව ලබා ගත් නාට්‍ය අත්දැකීම් මඟින් ජීවිත ආලෝකය ලබා ගත් බව මම පසක් කරගෙන සිටිමි. නාට්‍ය මගින් ළමයා තුල උත්තේජනය හා නිර්මාණාත්මක චින්තනය වර්ධනය වේ. එහෙයින් පාසැල් විෂයක් ලෙස නාට්‍ය කලාව යොදා ගැනීම අනාගත පරම්පරාවේ පෞරුෂ වර්ධනයට මහෝපකාරී වනු ඇත.

දීර්ඝ වශයෙන් කර ඇති මෙම ප‍්‍රකාශය අනුව අනාගත ශ‍්‍රී ලංකාවේ නාට්‍ය අධ්‍යාපනය සකස් කිරීමේදී අවධානය යොමු කල යුතු අංග ප‍්‍රධාන ශීර්ෂ හතරක් යටතේ වර්ග කොට ඇත.

1. නාට්‍යයමය කියවීම මගින් වාචික ශබ්ද සමාවබෝධය ලබාදීම.

2. රංගන කුසලතා වර්ධනය මගින් බහු පෞරුෂත්වය නංවාලීම.

3. චරිත නිර්මාණය තුලින් නායකත්වය සඳහා පුහුණු කරවීම.

4. සාමුහික කලාවක් වන නාට්‍ය මගින් සාමුහික ආකල්ප වර්ධනය කිරීම.

ඉහත කරුණු විමසා බලන විට අපට පෙනී යන්නේ සමකාලීන වශයෙන් ලොව බොහෝ රටවල ක‍්‍රියාත්මක වන ආකාරයේ නාට්‍ය අධ්‍යාපනයක් ලබාදීමට ඉදිරිපත් වූ ආකාරයක් පසුගිය කාලයේදී අපේ රට තුලද දැක ගත හැකි වූ බවයි. එහිදී රංග ශිල්පීන් බිහි කිරීමේ පරමාර්ථයට වඩා පන්ති කාමරයේ සිටින දරුවන් තුල පරිකල්පනය, රසිකත්වය, සමබර පෞරුෂයකින් යුත් හැසිරීමක් ඉලක්ක කොට ගෙන ඇති බව දැකිය හැකිය. එය ” අධ්‍යාපනික ගුණය ” නමින් හඳුණාගෙන ද ඇත. පවත්නා අධ්‍යාපන රටාවේ ඇති බිඳ වැටෙන ළමා පෞරුෂත්වය පිළිබඳව නැගෙන චෝදනාවට මීටත් වඩා සුදුසු යහපාලනීය ප‍්‍රතිකර්මයක් ඇත්දැයි බලධාරිහු කල්පනා කර බලත්වා

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s