අද පාසැල්වල නාට්‍යයක් පෙන්වන්න පුළුවන්ද?- නාට්‍යවේදිනි, කෞශල්‍යා ප‍්‍රනාන්දු

14322770_1615849495379101_8305436415979573528_n

පාසැල්වල නාට්‍ය හා රංග කලා විෂය උගන්වන්නේ විශ්ව විද්‍යාල උපාධිධාරීන් වුණත් විශ්ව විද්‍යාලවල අදටත් සිදු කෙරෙන්නේ නාට්‍ය හා රංග කලාව න්‍යායිකව හැදැරීමක් පමණයි. ඒ අනුව මේ විෂය උගන්වන පාසැල් ගුරුවරුන් එය ප‍්‍රායෝගිකව හදාරලා තියෙනවද කියන එක ප‍්‍රශ්නයක්. ඒ විතරක් නෙවෙයි විශ්ව විද්‍යාලවලදීත් ඔවුන් එය හදාරන්නේ තවත් එක් විෂයක් වශයෙන් පමණයි. එහෙම නැත්නම් කොහොම හරි විභාගය ගොඩ දාගන්න තෝරා ගන්නා විෂයක් හැටියටයි.

kaushalya.jpgඇත්තටම අද පාසැල්වල නාට්‍යයක් පෙන්වන්න පුළුවන්ද? කොළඹට තදාසන්න ප‍්‍රදේශවල පාසැල්වල පවා පාසැල් මට්ටම්න් නාට්‍යයක් පෙන්වීමට අවශ්‍ය අවම පහසුකමක්වත් නැහැ. විෂය ඉගැන්වීමේදී ගුරුවරුන් පවා ඉහත කී හේතුවත් තවත් හේතුත්් නිසා ඊට අදාළ නිර්මාණාත්මක අවබෝධයෙන් තොර බවක් තමයි දකින්න ලැබෙන්නෙ. මේ වනාහි අපේ සමස්ත අධ්‍යාපනයේම ඇද වැටීමත් සමඟ ඇති වූ තත්වයක්. අපි අමතක කරල තියෙනවා නාට්‍ය හා රංග කලාව හොඳ අධ්‍යාපන ක‍්‍රමවේදයක්ය කියන කාරණය.

ඒ වගේම මම අහනවා අද පාසැල්වල නාට්‍යයක් පෙන්වන්න අවසරයක් තියනවාද? කියළා. අධ්‍යාපන අමාත්‍යාංශය එහෙම පසුබිමක් හදල තියෙනවද? විදුහල්පතිතුමාගේ අවසරය මත පාසැල්වල නාට්‍යයක් පෙන්වන්න පුළුවන්. නමුත් ඒ නිසා යම් ප‍්‍රශ්නයක් සිදු වුණොත් ඒ ගැන විදුහල්පතිවරයා වග බලා ගන්න ඕනෙ. ඒ නිසා විදුහල්්පතිවරු කියන්නෙ පාසැල් වෙලාවෙන් පසු නාට්‍යය පෙන්වන්න කියළයි. නමුත් වැඩක් තියෙනවද? එතකොට පාසැලේ ළමයි නැහැ. ඒ වගේ පසුබිමක තමයි නාට්‍ය හා රංග කලාව විෂයක් වශයෙන් පාසැල්වල අද උගන්වන්නෙ.

අනිත් ප‍්‍රශ්නය තමයි හොඳ නාට්‍ය ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශ වලට යන්නෙ නැතිකම. අද නාට්‍ය දුවන්නේ සංවිධායකවරු නිසායි. ඒ අයගේ ඉලක්කය තියෙන්නේ හොඳ නාට්‍යයක් කියන තැන නෙවෙයි. ලාභය තියෙන තැනයි. ඒ නිසා වගකීමක් තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයට නාට්‍ය හා රංග කලා විෂය ඉගැන්වීමට අදාළව අවශ්‍ය කරන යටිතල පහසුකම් සපයා දෙන්න. ඒ වගේම දැනගත යුතුයි නාට්‍යයක් තමන්ගේ වියදමින් ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශ කරා ගෙන යෑම අධික වියදම් සහිත වැඩක්ය කියන කාරණාවත්. ඒ නිසා අමාත්‍යාංශයට හැකි විය යුතුයි ඊට මැදිහත් වෙන්න. ඒ කටයුත්තට යම් සහායක් සපයන්න. දේශපාලනිකව සිදු කෙරෙන මුදල් නාස්ති දිහා බැලූවම ඒක අපරාධයක් නෙවෙයි.

(2014 11 30- ”රන්දිව” පුවත්පත)

Views-1811

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s