සංක‍්‍රමණික කූරුල්ලෝ බෙල්ලන්විල- අත්තිඩිය අත් හරිති.

 

image4.jpg1980- 90 දශකයන්හීදි සංක‍්‍රමණික සහ නේවාසික පක්ෂීන්ගෙන් පොහොසත් ජෛව කළාපයක් වූ බෙල්ලන්විල- අත්තිඩිය අභය භූමිය අද ඔවුන් විසින්ම අත් හරින තත්වයකට පත්ව තිෙබි.තවද අද එය තවදුරටත් අභය බිමක්ද කසළ භූමියක්ද යන්න පළමුවෙන්ම නිශ්චය කරගත යුතුව තිෙබි.

මුලදීම කී ආකාරයට එදවස පොහොසත් පක්ෂි නවාතැනක් වූ මෙහි 90 දශකයේ මුල් කාලයේදී පක්ෂි විශේෂ 168 ක් පමණ හමු වී තිෙබි. ඒ අතරට ගිරා මලිත්තා, හීන් කොටිටෝරුවා, හිස දුඹුරුපැහැ දෙමලිචිචා යන ආෙවිණික පක්ෂි විශේෂද අයත් වී ඇත. පසුව ෙමි තත්වය ක‍්‍රමයෙන් පිරිහිණි. ඒ අනුව ඉඳහිට හමුවන විශේෂද ඇතුළුව අභය භූමියේදී හමු වන පක්ෂි සංඛ්‍යාව 88 තෙක් පහත වැටී තිබිණි. ආෙවිණික විශේෂයක් වශයෙන් හමු වී ඇත්තේ හීන් කොටිටෝරුවා පමණි. එසේ ගත් කළ ඒ වන විට අභය භූමියෙන් ඉවත් වී ඇති පක්ෂි සංඛ්‍යාව ප‍්‍රතිශතයක් වශයෙන් ගත් කළ සියයට 48 ක් තරමි ඉහළ සංඛ්‍යාවක් විය..

කෙසේ වෙතත් සංක‍්‍රමණික කාල සීමාෙවිදී මෙරටට පැමිණෙන පොදු වැහි ළිහිණින්ගේ උප විශේෂයක් වන ’ ටයිටිලර්ගේ වැහි ළිහිණියා ලංකාව තුළ ප‍්‍රථම වරට වාර්තා වූයේ ද මෙම පරිසර කළාපයෙනි.රත් පැහැයට හුරු දුඹුරු පැහැ බඩවතක් හිමි ෙමි පක්ෂියාව 1989 වර්ෂයේදී නීතිඥ ජගත් ගුණවර්ධනද වාර්තා කොට තිෙබි. ඒ හැරුණු කල තවත් දුර්ලභ පක්ෂි විශේෂයක් වූ පළඟැටි හමිබු කුරුල්ලා පළමු වරට වාර්තා කෙරුණේද මෙම භූමියෙනි. ඒද ජගත් ගුණවර්ධන අතින්මය. එම කුරුල්ලා වගුරුබිමෙහි බෙරදිය නිල්ල පඳුරු අතරේ සිය සංක‍්‍රමණික සමය ගෙවා තිෙබි. ඒත් ඒ අලංකාරය අද අතීතයට එකතු වී තිෙබි.

sri-lanka-stork-yala-national-park

ඒ අනුව අද සිදු වෙමින් පවතින්නේ පක්ෂීන් අභය භූමිය අත්හැර යාමයි.. දුර්ලභ සංක‍්‍රමණික පක්ෂි විශේෂයක් වූ දමි සිලූටු දෑ තුඩුවා ඊට හොඳ උදාහරණයක් සපයයි. ඒ අනුව ෙමි පක්ෂි විශේෂය අද හමු වන්නේ අභය භූමියෙන් පිටත වගුරු බිමි වලදීය. එසේ අභය භූමිය අත්හැර ඒ ආශි‍්‍රත වෙනත් වගුරු බිමි සොයා ගියවුන් අතර බළල් සේරා මෙන්ම විල් කුකුළාද වෙති. විශේෂයෙන්ම දිවුලපිටිය, බොරලැස්ගමුව යන ප‍්‍රදේශවල වගුරු බිමි වලදී මොවුන්ව දැකගත හැකි බවට වාර්තා ෙවි.4188834345_3c4bedd84d

එවැනි පසුබිමක මෙම අභය භූමියේ සීඝ‍්‍ර පරිහානිය අවම මටිටමකින් හෝ ගළවා ගැනීමට හැකිද යන්න බරපතල ගැටළුවක් වී තිෙබි. අභය භූමියක් වශයෙන්ම පමණක් නොව ආසියාෙවි වැදගත්ම තෙත් බිමි නාමාවලියටද ඇතුළත් රැුමිසා ප‍්‍රඥප්තියෙන්ද ආරක්ෂිත ෙමි පරිසර කළාපය අව්‍යක්ත දේශපාලන හා මානව හැසිරීමි හේතුකොටගෙන එවැනි තත්වයකට ඇද වැටී තිෙබි. පක්ෂීන්ටද එපා වූ භූමියක් බවට පත් වී තිෙබි.

අදාල භූමියට අයත් බොහොමයක් වගුරු කළාපවල අද දකින්නට ඇත්තේ පෞද්ගලික නිවාස මෙන්ම අවිධිමත් ලෙසින් ඉදි කළ කර්මාන්ත ශාලාය. එමෙන්ම වාහන නවතන අංගන සහ ඒවා පිරිසිදු කරන තැන්ය. ෙමි සෑම තැනකින්ම පිට කෙරෙන අප ජලය විධිමත් බැහැර කිරීමකින් තොරය. ඒ නිසාම ඒවා අභය භූමියේ ජල මූලාශ‍්‍රයන්ට එකතු වීම නොවැළැක්විය හැකිව තිෙබි.ඒ නිසා බොහෝ ජල මූලාශ‍්‍ර ¥ෂණය වී ඇති පසුබිමක වෙල් ආත්තා, හමිබුපන්, බෙරුදියනිල්ල හා ජපන් ජබර යන දරුණු ආක‍්‍රමණික ශාකයන්ගෙන් එම ජලජ පරිසර පද්ධති තවදුරටත් විනාශයට පත් වී තිබෙනු දැකිය හැක.ඒ සියල්ල විසින් ඒ අසිරිමත්් ජෛව පරිසරය ගෙන යමින් ඇත්තේ නරක අවසානයක් කරා බව පැහැදිලිය.

13

අප දන්නා තරමින් බෙල්ලන්විල- අත්තිඩිය වගුරු බිම අභය භූමියක් ලෙසින් උසස් කර ගත්තේ පොදුෙවි ගත් කළ පරිසරෙවිදීන්ගේම උත්සහායෙනි. ඉකුත් දශකයන්හීදි පක්ෂි නිරීක්ෂකයින්ගේ තෝතැන්නක්ව තිබූ ෙමි භූමිය දඩයක්කරුවන්ගේද ගොදුරු බිමක් බවටද පත් වී තිබිණි. ෙමි තත්වය නොඉවසූ පරිසරෙවිදීහු ඒ සමිබන්ධයෙන් දිගින් දිගටම වගකිව යුත්තන්ට කරුණු ඉදිරිපත් කිරීම සිදු කළහ. අවසානයේදී ඔවුන්ගේ එම උත්සහායේ ප‍්‍රතිඵලයක් වශයෙන් 1990 ජූලි 25 දින කොළඹ දිස්ත‍්‍රික්කයේ රත්මලාන, දෙහිවල, කැස්බෑව යන ප‍්‍රාදේශීය ලේකමි කොටිඨාශ තුනට අයත් බෙල්ලන්විල- අත්තිඩිය වගුරු බිමෙන් හෙක්. 372 ක භූමි ප‍්‍රදේශයක් වන ජීවි දෙපාර්තෙමින්තුව යටතේ පාලනය වන අභය භූමියක් බවට පත්විය. එහෙත් අද එතැන තවදුරටත් අභය භූමියක් දැකිය නොහැකි තරමිය. එහි පැමිණෙන සංචාරක පක්ෂීන් මතු නොව එයි වෙසෙන නේවාසික පක්ෂීහූද අභයක් නැති එම භූමිය අත්හැර යමින් සිටිති. බෙල්ලන්විල- අත්තිඩාව අභය භූමියේ වර්තමාන තත්වය එයයි.

මොහාන් ශි‍්‍රයන්ත ආරියවංශ

Views-2,666

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s