කලාවට යුනිෆෝම් අනවශ්‍යයි. – අනෝමා රාජකරුණා

14224673_10154268841177559_5416856320947691268_n.jpg

මේ සාකච්ඡුාව අප අතර ඇති වුණේ 2014 වසරේ යුරෝපා ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙල නිමිත්තෙනි. පල වුණේ 2014 12 07 ”රන්දිව” පුවත්පතේය. එහි කාලීන වටිනාකම සලකා නැවත මෙසේ පල කරන්නෙමු.

මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙලේ ඔබත් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරනවා. ඒ නිසාම ජාත්‍යන්තර තලයේ ආස්වාදනීය අත්දැකීමක්ද ඔබ අත් විඳිනවා ඇතැයි මා සිතනවා.

ජාත්‍යන්තර සිනමාව ගැන අපි කතා කරනවා. චිත‍්‍රපට උළෙල පැත්තකින් තියමු. අපි හොයාගෙන ගියත් නැතත් සෑම10926192_10152917523197559_1657118661113820682_n මොහොතකම ජාත්‍යන්තර සිනමාව අපට සම්බන්ධ වෙනවා. අපව ආකර්ශනය කරනවා. හැබැයි එතැන තියෙන්නේ වාණිජ ග‍්‍රහනයක්. ඒත් ජාත්‍යන්තර සිනමාව කියන විශාල පරාසය ඇතුලේ වෙනස් ආකාරයක සිනමාවක්ද තියෙනවා. ඒ විශාල වානිජ සීමාවන් තුළ වුව අනන්‍යතාවක් සොයන වෙනස් සිනමාවක් ද තියෙනවා. මේ සිනමා උළෙල ඇතුලේ අපි කතා කරන්නේ ඒ වෙනස් සිනමාව ගැනයි. ඔබට මතක ඇති අගනුවර තානාපති කාර්යාල හරහා උසස් විදේශීය චිත‍්‍රපට බලපු අතීතයක් අපට තිබුණා. ඒ වෙනුවෙන්ම අපි කොළඔට ආවා. ඒ හා සමාන අත්දැකීමක් තමයි මේ ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙල. මීට පෙර සය වතාවක්ම මෙය පැවැත්වූවා. ඒ හැම වතාවකදීම දැකපු මුහුණු මම මෙහිදීත් දකිනවා. අලූත් මුහුණුත් දකිනවා. මෙවැනි උළෙලවල් අපට නිහඬවම කියන කතාවක් තියෙනවා. ඒ තමයි මෙවනි අත්දැකීමක් විඳ ගන්න පිපාසයක් ඇති ජනතාවක් අප අතර සිටිනවාය කියන කාරණාව.

විශේෂයෙන්ම අපේ රට තුළ කෙටි චිත‍්‍රපටකරුවා කියන්නේ මඟ හැරී ගිය නිර්මාණ සාධකයක්. නමුත් සිනමා උළෙල තුළ සාධනීය තත්වයකින් ඔහුව සලකා බලා ඇති බවක් දකින්න තියෙනවා.

ලංකාවට අදාළව නම් චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා යන හඳුන්වාදීම ලබා ගන්නේ වෘතාන්ත චිත‍්‍රපටයක් කළ අයෙක් විතරයි. කෙටි චිත‍්‍රපටකරුවාව එතනට ගන්නේම නැති තරම්. හරියට කෙටි චිත‍්‍රපට සිනමා මාධ්‍යයට අයිති නැතුවා වගේ. කසි කබලක් හරි කමක් නෑ හැදුවේ වෘතාන්ත චිත‍්‍රපටයක් නම් එක රැුයකින් ඔහු චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක් බවට පත් වෙනවා. එහෙත් ඉහළම ආකාරයකින් වුණත් හදල තියෙන්නේ කෙටි චිත‍්‍රපටයක් නම් ඒ පිලිගැනීම ලැබෙන්නේ නැහැ. නමුත් ජාත්‍යන්තර චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකුගේ ප‍්‍රවීණත්වය මනින්නේ නිර්මාණය කෙටි ද වෘතාන්තද කියන තැන ඉඳලා නෙවෙයි. ඒ විතරක් නෙවෙයි ඔවුන් වාර්තා චිත‍්‍රපට වලින් පවා චිත‍්‍රපට අධ්‍යක්ෂවරයාගේ ප‍්‍රවීණත්වය අගයනවා. ටෙලිවිෂන් මාධ්‍යයෙන් ඒවාට නිසි තැන ලැබෙනවා. ඒ අනුව යමින් තමයි අපි මේ චිත‍්‍රපට උළෙලට Agenda 14 එකතු කළේ.

12227763_10153750342399993_6728417932416232482_n

 

ඒ අනුව කෙටි චිත‍්‍රපටකරුවෙකු මෙහිදී තමන්ගේ කෙටි චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කර ඒ වෙනුවෙන් රු. 2500 ක දිරි දීමනාවක්ද ලබා ගත හැකියි. පෙන්වන වාර ගණන අනුව එය වැඩි කරගන්නත් පුළුවන්. විදේශ රටවලට සාපේක්ෂව එය අවම මුදලක් වුණත් අපි යම් ආරම්භයක් ලබා දීලා තියෙනවා. අඩු ගානේ අපිට කියන්න පුළුවන් අපි ඒ දේ කළාය කියළා. පසුගිය කාල වලදී සිනමා ශාලාවල වෘතාන්ත චිත‍්‍රපටයක් පෙන්වන්න කළින් කෙටි චිත‍්‍රපටයක් පෙන්නුවා ඔබටත් මතක ඇති. නමුත් අද චිත‍්‍රපට සංස්ථාවටවත් උවමනාවක් නෑ ඒ කටයුතු දියුණු කරන්න. ඒ නිසාමත් තමයි අපි මෙවැනි අවකාශයක් නිර්මාණය කරන්නේ කෙටි චිත‍්‍රපටකරුවා වෙනුවෙන්.unnamed-6

මා සිතනවා වාර්තා චිත‍්‍රපට ඊටත් එහා ගිය පැවැත්මකට හිමිකම් කියනවාය කියළා. උදාහරණයක් හැටියට Song of Ceylon ගත්තොත්…..

පෞද්ගලිකව මා විශ්වාස කරන්නේ නෑ Song of Ceylon හොඳ වාර්තා චිත‍්‍රපටයක්ය කියළා. එයින් කියැවෙන්නේ යටත් විජිතයක් ඇතුලේ මේ රටේ ජන ජීවිතය ගැනයි. ඒ වගේම එය අධි විනිශ්චයකට ලක් වුණා යැයි ද මා සිතනවා. කොහොම වුණත් එය මෙරට වාර්තා චිත‍්‍රපට කලාවේ සන්ධිස්ථානයක්. අපිට එය මඟ හැරලා යන්න බැහැ. වාර්තා චිත‍්‍රපටකරණය අපේ රටේ මුල් බැස ගන්නේ රජයේ ප‍්‍රවෘත්්ති දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම නිසායි. ඒ ප‍්‍රවෘත්ති වාර්තා ච්ත‍්‍රපටවල මුලදී දැකිය හැකි වූයේ ප‍්‍රවෘත්ති වටිනාකමක් විතරක් වුණාට පසුව එය මෙරට ජන ජීවිතය හඳුනා ගැනීමටත් යොමු වෙනවා. නමුත් ජාත්‍යන්තර තලයේදී වාර්තා චිත‍්‍රපටය පර්යේෂණාත්මක මෙන්ම ගවේෂණශීලි කර්තව්‍යයක් බවටත් පත් වෙනවා. ඇත්ත දකින්න බය ජාතියක් වශයෙන් අපි තවම එතැනට ගිහින් නැහැ. අනික ජාත්‍යන්තර මට්ටමින් ගත්තොත් වාර්තා චිත‍්‍රපට වෙනුවෙන් වෙන් කළ ටෙලිවිෂන් නාලිකා පවා තියෙනවා. ඊට සාපේක්ෂව අපි කොහෙද ඉන්නෙ.

ඔබ කියන ආකාරයට අපේ සමාජ ප‍්‍රශ්න සම්බන්ධයෙන් මෙරට වාර්තා චිත‍්‍රපටකරණය මැදිහත් වීමක් සිදු නොකළ තරම්….

පැහැදිලිවම ඒක තමයි ඇත්ත. අපේ තරුණ ප‍්‍රජාව ලිංගික ප‍්‍රශ්න වලට මුුහුණ පානවා. ඔවුන්ට එවැනි ප‍්‍රශ්න තියෙනවා. සමාජ හිමිකම් පිළිබඳ ප‍්‍රශ්න තියෙනවා. නමුත් එහෙම තියෙනවාය කියළවත් අපි පිලිගන්නවාද?

යුරෝපය කියන්නේ භූමියට, සම්පත් වලට, දේශ සීමා වලට මරා ගත්ත දේශපාලන කලාපයක්. කෑලි වලට කැඩුණු භූමියක්. නමුත් අද ඔවුන් ඒ සීමාවන් හඳුණා ගනිමින් මානව සබඳතාවන් ගැන කතා කරනවා. යුරෝපය කියන්නේ බහුවිධ සමාජ කොටස් සහිත භූමි කළාපයක්. නමුත් ඔවුන් ඒ බහුවිධ බව අපහරණයට නොව උත්කර්ෂයට නංවනවා. ඒ වෙනුවෙන් සිනමා මාධ්‍යය යොදා ගන්නවා. අපට මෙයින් උගත හැකි පාඩම් නැද්ද?

unnamed (5).jpg

එතැනදී වාරණය පවතින්නෙත් බැරියරයක් හැටියට යැයි මා කීවොත්…

ප‍්‍රසන්නගේ ”ඔබ නැතුව ඔබ එක්ක” චිත‍්‍රපටය එවැනි අත්දැකීමකට මුහුණ දුන්නා. ඊට පෙරත් ඔහුගේම ”පුරහඳ කළුවර” එවැනිම අත්දැකීමකට මුහුණ පෑවා. නමුත් එදා ප‍්‍රසන්නට පූළුවන්කමක් තිබුණා අධිකරණයට ගොස් තමන්ට හිමි නොවූ සාධාරණත්වය හිමි කරගන්න.

මම කියන්නේ අපේ සමාජයේ කොටස්කරුවන් වන හමුදා සෙබලා, මව, ස්ත‍්‍රිය, දරුවා යන මේ චරිත යුනිෆෝම් එකක් හැටියට ගන්න බැහැ කියන එකයි. ඒ අයවත් ගන්නෝනෙ පුද්ගල විවිධතා සහිත චරිත හැටියටම තමයි. ඇයි මේ කලාවට යුනිෆෝම් අන්දන්න යන්නෙ. අයිතියක් තිබිය යුතුයි කලාවේදී පුද්ගල විවිධතා ගැන කතා කරන්න. එය උත්කර්ෂයට නංවන්න. ඒ නිසාම තමයි කලාවේ විවිධත්වය ඇතිවන්නේ. විශිෂ්ටත්වය ආරක්ෂා වෙන්නේ. කලාවට යුනිෆෝම් අන්දන්න යෑමෙන් අපි බලාපොරොත්තු වෙන සංවර්ධනය ලැබෙන්නේ නැහැ. පාරවල් ගොඩනැගිලිම නෙවෙයි සංවර්ධනය කියන්නේ. මානව සංවර්ධනය ඒ වෙනුවෙන් මූලිකයි.

ජාත්‍යන්තර මට්ටමින් ගත්තත් ප‍්‍රජාතන්ත‍්‍රවාදි රජයකට විශේෂඥ උපදෙස් අවශ්‍යයි. අපේ රටේත් එවැනි උපදේෂකයො ඉන්නවානේ. කලාව සම්බන්ධයෙන් ද එහි වෙනසක් නැහැ. නමුත් මොවුන් විද්වතුන්ද කියන ප‍්‍රශ්නය තියෙනවා. විශේයෙන්ම කලාවට උපදේශකයන් වී සිටින්නේ මල්ල අල්ලන් කඬේ යන අය නොවෙයිද? මල්ලෙ කට ඇරලා තමන්ට යමක් බලාපොරොත්තු වෙන අය නොවෙයිද? එතකොට කොතැනද තියෙන්නේ අපි බලාපොරොත්තු වෙන සංවර්ධනය. මං අහන්නේ ඒකයි.

සාකච්ඡුා කළේ – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

Views 3,346

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s