ජාතික කිරි මණ්ඩලයට මොකද වුණේ?

1.jpg

සියළුම පාසැල්වල ළමයින්්ට කිරි වීදුරුව බැගින් ලබා දීමේ වැඩ පිළිවෙලක් පසුගිය කාලයේ ආරම්භ විය. එය අදටත් ක‍්‍රියාත්මක වෙනවා දැයි පැහැදිලි නැත.අතීතයේදීද කිරි පාලක මණ්ඩලයක් මෙරට පැවැති කාලයේ කොළඹ නගර වාසීන්ට කිරි පයින්ට් එකක් ශත 55 බැගින් ලබා දෙන්නට කටයුතු කොට තිබේ.එය පනතක් වශයෙන් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට ඉදිරිපත් කළේ එවකට ආහාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ජේ. ආර්. ජයවර්ධන මහතාය. තමා එසේ කිරි ලබා දීමට බලාපොරොත්තු වන්නේ දේශපාලන පක්ෂ භේද මත නොවේය යනුවෙන්ද එහිදී ඔහු වැඩිදුරටත් පවසා තිබේ. ඒ අතරවාරයේදී 2011-2015 අතර කාල වකවානුවේදී කිරි වලින් මෙරට ස්වයංපෝෂනය කරනවා යැයි නන්දෙඩවීමක්ද තිබිණි.sahiwal-400

ඒ කොයි හැටි වුණත් අකාර්යක්ෂම කළමනාකරණය, වංචාව, ¥ෂනය යන පසුබිමේ ප‍්‍රධාන පෙලේ දේශීය කිරිපිටි සමාගමක් විසින් අපතේ යැවෙන දියර කිරි ප‍්‍රමාණය ලීටර් 15 000 ක් පමණ වෙතැයි අදාළ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි. 2012 දී එසේ අපතේ ගිය ප‍්‍රමාණය ලක්ෂ 7 ක් යැයි දැනගන්නට තිබේ. වාර්තා වන අන්දමට මෙරටට ආනයනය කෙරෙන සමස්තය තුළ සියයට 1.7 ක් පමණ ප‍්‍රතිශතයක් හිමි කර ගන්නේ කිරි සහ ඒ ආශ‍්‍රිත නිෂ්පාදන යැයි සඳහන්ය. ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනය පෙන්වා දෙන අන්දමට සිය සෞඛ්‍යමය පැවැත්ම වෙනුවෙන් පුද්ගලයෙකු දිනකට කිරි මි. ලී. 100ක් වත් පානය කළ යුතුය. නමුත් අදටත් අපේ රටට අවශ්‍ය කිරි ප‍්‍රමාණය නිෂ්පාදනය කරගත හැකි තැනක අප නැත.

ලෝකයේ භයානකම වාණිජ මාෆියාවන් වශයෙන් ආයුධ සහ මත් ද්‍රව්‍ය වෙළූඳාම සැලකේ. පසුගිය කාලයේදී ඖෂධද ඊට එකතු වූ අතර අද දවසේ බහු ජාතික කිරිපිටි වෙළඥාම ගැනෙන්නේද වාණිජ මාෆියාවක් ලෙසිනි සකී බහු ජාතික සමාගම් කොතරම් දක්ෂ ලෙස එම කටයුත්ත සිදු කොට ඇද්දැයි විමසා බැලීමට සුදුසු රටක් වේ නම් ඒ ශ‍්‍රී ලංකාව යැයි නොබියවම පැවැසිය හැකිය.

cattle1.jpg

ලෝක කිරි මාෆියාවේ ක‍්‍ර‍්‍රියාකාරීත්වය විසින් මුලින්ම අපට අහිමි කරන ලද්දේ අපේ දේශීය ගවයාගේ පැවැත්මයි.. එකී දේශීය ගවයා කෘතීමව පෝෂණය නොකළ යුතු ස්වයං පැවැත්මක් ඇති ශක්තිමත් ගව විශේෂයක් විය. විශේෂයෙන්ම මෙරටට ආවේණික දීර්ඝ මෝසම් වැසි සමයන්හීදීත්, දිගු නියං කාලවලදීත් රෝගී නොවී සිටීමේ ධාරක ශක්තියක් ඌට තිබිණි. ආහාර අහේනියක් ඇති කරන වියළි කාළගුණික තත්ව වලදී වියළි කටුසර ශාක වලින් හෝ ඊලඟ වැස්ස එනතෙක් සිය පැවැත්ම ආරක්ෂා කර ගැනීමේ හැකියාව ඌ සිය ජාන වලින්ම ලබා සිටියේය. අනිත් අතට විදේශීය ගවයන් මෙන් නොව තණපත් උලා කමින් දිගු දුරක් ඇවිද යාමේ ශක්තියක්ද ඌ සතු විය. අසීමිත ආහාර ප‍්‍රමාණයක් ද ඉල්ලා නොසිටියේය. අතීතයේ සිටම මහා පරිමාණයෙන් කිරි නිෂ්පාදනය කිරීමක් හෝ වෙළඳාමක් මෙරට නොවු බවත්, අදටත් එහි ලොකු වෙනසක් නැති බවත් අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. එවැනි සමාජ හෝ වාණිජ සංස්කෘතියක් අපට නැත. අපට තිබුණේ පස්ගෝරස සංස්කෘතියකි. එමෙන්ම ප‍්‍රධාන ගොවි සංස්කෘතියක් තුළ කිරි ගොවිතැන අතුරු වගාවක් පමණක්ම විය. අපේ මිනිස්සු ගොවියෝ මිස ගොපල්ලන් නොවූහ. ඒ නිසා ප‍්‍රධාන ගොවි සංස්කෘතිය අභිබවමින් ගොපළු සංස්කෘතියක් වෙනුවෙන් ඉඩ අවසරයක් මෙරට සමාජ සංස්කෘතිය ලබා දේවිදැයි විමසීමට මහා පරිමාණයේ මොළයක් අවශ්‍ය වන්නේ නැත. නමුත් අදටත් අපේ රට පාලනය කරන්නේ මොළේ කළඳක්වත් නැති එවුන්ය.

ඉහත කී ආකාරයට මනා ධාරක ශක්තියක් තිබූ දේශීය ගවයාට හොඳ ධාරණ ශක්තියක්ද තිබිණි. ඒ අනුව ආහාර සොයාගෙන කොතෙක් දුර ගියද මඟ නොවරදවා නැවත තමන්ගේම නිවසටම පැමිණීමේ හැකියාවක් මේ සත්වයාට තිබිණි. ඒ නිසාම ඌ වෙනුවෙන් ගොපල්ලෙකු අවශ්‍ය නොවිණි. පවත්නා පාරිසරික මූලාශ‍්‍රයන්ගෙන් යැපෙමින්, කාලගුණික වෙනස්කමිද දරා ගනිමින් අවම වශයෙන් වසරකට එක් පැටවෙක්වත් බිහි කිරීමේ හැකියාවද ඌට තිබිණි. ඇතැම් වාර්තාවකට අනුව වසරකට දෙවතාවක් ගැබ් ගැනීමේ හැකියාවක් දේශීය ගවයාට තිබිණි. මේ ආකාරයට තමන් වසන ප‍්‍රදේශයේ සැරිසරමින් අමුතු යැපීමක් බලාපොරොත්තු නොවෙමින් කොස් මදුලක් කා හෝ කිරි ලබා දීමට ඌට හැකි වීය යන්න හුදු අතිශයෝක්තියක් යැයි නොසිතිය යුතුය.

cattle_farm1_mini-block_pic

කෘතීම සිංචන සේවා මෙහෙයුම

කෘතීම සිංචනය යනුවෙන් හැඳින්වෙන්නේ ස්වාභාවික සංසේචනයකින් තොව කෘතීම ව සිදු කෙරෙන ආදේශනයකින් සත්වයෙකු ගැබ් ගැනීමට සැලැස්වීමයි. දියුණු අභිජනන ක‍්‍රමයක් හැටියටත්, නව විද්‍යා තාක්ෂන ජයග‍්‍රහනයක් හැටියටත් ලොවට හඳුන්වා \ුන් එය අපට හඳුන්වා \ුන්නේ කෙසේද? මෙහිදී සලකා බලන්නේ එයයි.

විදේශීය කිරිපිටි සමාගම් මුල සිටම මෙරටට කිරිපිටි ගෙන්වුවත් ඒ සඳහා සු\ුසු වෙළඳපල තත්වයක් සාදා ගැනීමට ඔවුහු අසමත් වූහ. ඊට හේතුව වූයේ ස්වයංපෝෂිත දියර කිරි පාරිභෝජනයක් මෙරට පැවැතීමය. ඒ සංවර්ධනීය යුගය වෙනස් වන්නේ දියුණු ගව අභිජනනයක් උදෙසා විදේශීය විශේෂඥයින් මෙරටට පැමිණීමත් සමඟය. කෘතීම සිංචන සේවා මෙහෙයුම ඔවුන්ගේ ඒ පැමිණීමේ ප‍්‍රතිඵලයකි. 1960-70 දශකයන්හි මෙරටට හඳුන්වා දීමට යෙ¥ණු කෘතීම සිංචන සේවාව හරහා අප ඉගෙනගත් පළමු පාඩම වූයේ දේශීය ගවයා ලබා දෙන කිරි ප‍්‍රමාණය යුරෝපීය ගවයින්ට සාපේක්ෂව ඉතා අවම බවයි. ඒ නිසා කළ යුතුව ඇත්තේ කෘතීම සිංචනය මඟින් දේශීය ගවයා සහ දියුණු යුරෝපීය ගව විශේෂ අභිජනනය කිරීමයි. ජාත්‍යන්තර ආධාර යටතේ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීමටද ඔවුහු කටයුතු කළහ. ඒ ඔස්සේ බිහිවෙන නව ගව විශේෂය මෙරට කිරි වලින් ස්වයංපෝෂණය කරනු ඇතැයි යන සිහින අපේක්ෂාවද ලබා දීමටද මේ අය කටයුතු කළහ.

නමුත් ඒ අභිජනන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් එකල සිටි බලධාරීන්ට මෙන්ම නිලධාරීන්ට අවබෝධයක් තිබුණේ දැයි පැහැදිලි නැත. අනිත් අතට එවැනි තාක්ෂනික මෙහෙයුමක් වෙනුවෙන් අවශ්‍ය පෙර සුදානමක් මෙරට ජන සමාජය තුළ තිබුණේද නැත.

domestic_cattle_breed_-_sri_lanka

කෙසේ වෙතත් බටහිර විශේෂඥයෝ මෙරට විසු දේශීය ගවයාගේ ඔරොත්තු දීමේ ගුණය ගැන හොඳින් දැන සිටියහ. මේ අනුව මෙම අභිජනන ක‍්‍රියාවලියෙන් ඔවුන් අපේක්ෂා කරන්නට ඇත්තේ දේශීය ගවයාගේ ඔරොත්තු දීමේ ගුණයත්, යුරෝපීය ගවයන්ගේ මහා පරිමාණ කිරි ධාරිතාවත් එකට එකතු කිරීමය. එහෙත් ඒ සම්බන්ධයෙන් පහත දැක්වෙන ආකාරයේ පූර්ව සූදානමක් අපේ පැත්තෙන්ද ඉටු විය යුතුව තිබිණි.

අභිජනනීය ගවයා මෙරට ස්වාභාවික පැවැත්මත් සමඟ සම්බන්ධයක් නැති පසුබිමක ඌ වෙනුනෙන් වියදම් අධික ආහාර සහ ඖෂධ වට්ටෝරුවක් අවශ්‍ය විය. නමුත් ඊට සාපේක්ෂව එවැනි ආයෝජනයක් සහිතව මහා පරිමාණයෙන් කිිරි ලබා ගෙන අළෙවි කිරීමේ වෙළඳ සංස්කෘතියක් මෙරට තිබුණේ නැත. මේ අනුව නව අභිජනනීය ගවයා යම් සාර්ථකත්වයක් ලැබුවේ රජයේ සහ පෞද්ගලික ගොවිපල මට්ටමින් පමණි. එතැනදී නව අභිජනනීය ගවයා නඩත්තු කිරීමේ වැය පාර්ශවය හමුවේ ග‍්‍රාමීය කිරි ගොවියා වැටුණේ ලොකු අමාරුවකය. එහි ප‍්‍රතිඵලය වුයේ තේරුමක් නැතිව ගවයන් නඩත්තු කරන තැනකට ග‍්‍රාමීය කිරි ගොවියා ඇද වැුටීම පමණක් නොවේ. නව අභිජනනීය ගවයා අවශ්‍ය පෝෂණය නොමැති කමෙන් ඌගෙන් බලාපොරොත්තු වූ නිර්දිෂ්ඨ කිරි ප‍්‍රමාණය කොලැබී යාමද ඒ නිසා සිදු විය.

මුල් අවස්ථාවේදී අභිජනනීය කිරි ගවයන් කිරි ගොවීන්ට ලබා දුන්නේ නොමිළයේය. එහෙත් ඌ වෙනුවෙන් යන සෙසු සියළු වියහියදම් ගැමියන් මතම පැටවිණි. නමුත් අප මුලින්මත් පෙන්වා දුන් ආකාරයට ඒ වෙනුවෙන් පූර්ව සූදානමක මෙරට ගැමි ගොවීහු නොසිටියහ. අවශ්‍ය පෝෂණය නොලැබීම මත අභිජනනීය කිරි ගව්යන් දිගින් දිගටම පිරිහුණූ අතර අවශ්‍ය කිරි ප‍්‍රමෘණය ලබා දිමටද අසමත් විය. කෙසේ වෙතත් කිරි මාෆියාව ඒ ගැන දුුක් වූයේද නැත. මක් නිසාද යත් එතෙක් දියර ක්ෂීරයෙන් ස්වයංපෝෂිතව සිටි ජනතාවක් ක‍්‍රමානූකූලව පිටි කිරි පාරිභෝජනයක් තුළ සිරගත වීම ඒ නිසා සිදු වූ බැවිනි.

maxresdefault

එහි ඊලඟ ප‍්‍රතිඵලය වූයේ මෙරට කිරි නිෂ්පාදනයට ජාතික මට්ටමේ මැදිහත් වීමක් වේ නම් ඒවාද අහෝසි කිරීමය. ජාතික කිරි මණ්ඩලය අහෝසි වුයේ එවැනි පසුබිමක් තුළය. ඒත් එමඟම දීප ව්‍යාප්ත කිරි සමිති ක‍්‍රියාකාරීත්වයද මුලින්ම අඩපණ කොට පසුව අක‍්‍රීය කෙරිණි. එතැන් සිට කිරි ද විස විය. දිවයින පුරා වු කිරි සමිතිි ජාතික කිරි මණ්ඩලය සමඟ ගනුදෙනු කළ කාලයේදී උදේ – හවස වශයෙන් දෙවාරයකට කිරි සකතු කිරීම සිදු වූ අතර ඊට හේතුවක්ද තිබිණි. ඒ අනුව උදේ සහ සවස එකතු කෙරෙන කිරි වල මේද සංයුතියේ වෙනස්කම් පැවැතිණි. කිරි ගබඩා කිරීමේදී ඒ ගැන සැලකිළිමත් වීම අවශ්‍ය විය. නමුත් මණ්ඩලය අහෝසි කොට රජයේ අනුග‍්‍රහයෙන් රාජ්‍ය දේපලද තමන්ට පවරා ගත් ප‍්‍රධාන පෙලේ බහු ජාතික සමාගමක් එසේ දෙවාරයකට මහන්සි වී කිරි එකතු කලේ නැත. එක වාරයකදී දෙවරුවේම කිරි එකතු කළ අතර කිරි නරක් නොවී තබා ගැනීමට රසායනිකයක් භාවිතා කළ බවට විශේෂයෙන්ම එකළ පැවැති පුවත්පත විනින් වාර්තා කොට තිබිණි. ඒ ආකාරයට උදේ දොවා ගත් කිරි යථා තත්වයෙන් තබා ගැනීම සඳහා එකී රසායනිකය කිරි ගොවීන් අතරේ බෙදා හැර තිබුණේය යනුවෙන්ද තවදුරටත් වාර්තා වී තිබුණි.

එසේ ජාතික කිරි මණ්ඩලය මරා දැමීමෙන් පසුව එය සතුව පැවැති වටිනා ශීතාගාර ඇතුළු බොහෝ වත්කම් පෞද්ගලික කිරි සමාගම් විසින් අත්පත් කරගනු ලැබීය යන්න කුප‍්‍රකට රහසකි. අපගේ යැයි කිව හැකි දේශීය කිරි පිටි සමාගමක් හරහා මෙරට කිරි ගොවීන්ගෙන් එකතු කෙරෙන කිරි, මුලදීත් සඳහන් කළ ආකාරයට ලීටර් 15 000 ගණනේ අපතේ යැවෙන්නේද මේ තත්වයේම දිගුවක් ලෙසිනි. දේශපාලඥයන් නම් හිස් මිනිසුන් දරුවන්ට කිරි වීදරු ව බැගින් ලබා දෙනවාය කියාත්, ජාතියම කිරෙන් නහවනවාය කියාත් නන් දොඩවන්නේත් ඒ සියලු සම්පත් විනාශයට ඇද දැමීමෙන් අනතුරුවය. කීර්තිමත් ලේඛක සැමුවෙල් ජොන්සන් වරක් මෙසේ පැවසීය.

” ඕනෑම තක්කඩි අවලමෙකුගේ අවසාන ආරක්ෂෘව දේශපාලනයයි.”

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s