මේ කතාව “ප‍්‍රවෘත්ති” ගැනයි.

01.jpg3051795-poster-p-1-fast-company-is-hiring-a-senior-editor-for-news.jpg

”මෙහි නිදන්නා වූ ඔබ සැම මහා සංග‍්‍රාමයක් සිදු කරන ලද්දවුන්ය. ඒ, සුළුතරයක් අත වූ ධන සම්පත්, වලටත්, බලයටත්, දැනුමටත් එරෙහිවය.”

”ඒ ධන සම්පත්, බලය හා දැනුම පොදුවේ සැමට ලබා දීම සඳහා ඔබ විසින් කරන ලද්දා වූ ජීවිත පූජාව අසිරිමත්ය.”

ඒ උද්ධෘතය දකින්න ලැබෙන්නේ ලෙනින්ග‍්‍රෑඞ්හි මියගිය විප්ලවවාදීන් ස්මරණය කිරීම සඳහා පිහිටුවන ලද ශිලා ස්ථම්භයකය. මානව ශිෂ්ටාචාරයේ මුල සිටම මිනිසා ඉල්ලා සිටි තොරතුරු දැනගැනීමේ අයිතිය තමන් වෙනුවෙන් ලබා ගැනීම, විප්ලවීය කාර්යභාරයක්ය යන්න සියුම් ලෙස අවධාරණය කළ හේතු පාඨයක් ලෙසින් එය ගත නොහැකි දැයි කල්පනා කොට බැලීම වටී.34081_l

”දැනුම බලය වේ” යැයි කියමනක් පවතී. එය කවුරුත් දන්නා කරණක්ද වේ. එහෙත් බොහෝ දෙනා නොදන්නා කරුණක් වන්නේ ඒ බලය සත්‍ය වශයෙන්ම තමන් සතුව පවතීද යන්නයි. වැඩවසම් ක‍්‍රමයට සාපේක්ෂව ධනවාදය ප‍්‍රගතිශීලි යැයි කී කාල් මාක්ස් නිවැරදිය. ඒ අනුව ධනවාදී සංවර්ධනය යටතේ විශාල ව්‍යාප්තියක් අත්පත් කරගත් ප‍්‍රවෘත්ති මාධ්‍යය (එහි අධිපති බව ඇත්තේ කාටද යන්න වෙනම කතා කළ යුත්තකි.* පොදුවේ ප‍්‍රජාතාන්ත‍්‍රිකකරණයකට ලක් වීම මාක්ස්ට සාපේක්ෂව ගත්තත් ප‍්‍රගතිශීලි ජයග‍්‍රහණයක් වේ.

වැඩවසම් ක‍්‍රමය තුළ පැවැති සංවෘත සමාජ මෙන්ම දේශපාලන ආකෘතිය පුළුල් ජාත්‍යන්තර අත්දැකීමක් බවට පත් වන්නේ ධනවාදී ආර්ථික සංවර්ධනයත් සමඟය. ප‍්‍රවෘත්ති සන්නිවේදනයද එහිම නිෂ්පාදනයක් වේ. එමෙන්ම අවශ්‍යතාවක්ද වේ. එතෙක් ඉතිහාසයේ පැවැති ජාතික රාජ්‍ය පැවැත්ම පසු කරමින් පුළුල් ජාත්‍යන්තරකරණයක් වෙනුවෙන් විශ්ව ගම්මානය නම් හඳුණා ගැනීම දක්වා ලෝකය ගෙන එන්නේ එසේ නැතහොත් ඊට පසුබිම සපයන්නේ නූතන ප‍්‍රවෘත්ති මාධ්‍යයයි. එසේ ගත් කළ ප‍්‍රවෘත්ති යනු අද සංසිද්ධියකි. නිකංම සංසිද්ධියක් නොව සමාජ දේශපාලන සංසිද්ධියකි. විෂයයික අර්ථයෙන් තවදුරටත් එය තොරතුරු සන්නිවේදනයක් වුණත් ක‍්‍රියාකාරිත්වයේදී ඉන් එහාට ගිය සිවිල් දේශපාලන බලයක් එය අත්පත් කරගෙන ඇතැයි යන්න අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ.

ප‍්‍රවෘත්ති විසින් ලෝකය නිර්මාණය කළ ආකාරය නීලංගම් සිත්රාම නම් ලේඛකයා සිත් කා වදින අයුරින් පෙන්වා දී තිබේ. ඒ අනුව කාර්මික විප්ලවයට පෙර සමාජය සිය පැවැත්ම නිර්මාණය කර ගත්තේ ස්වභාව ධර්මය පාලනය කර ගැනීමෙනි. එමෙන්ම ඉන් ප‍්‍රයෝජන ලබා ගනිමිනි. නමුත් කාර්මික සමාජය සිය පැවැත්ම තහවුරු කරගෙන ඇත්තේ ශක්තිය සහ භාණ්ඩ නිෂ්පාදනය මතය. මෙහිදී ශක්තිය ප‍්‍රයෝජනයට ගැනුණේ නිෂ්පාදන හා සේවා සපයා ගැනීම වෙනුවෙනි. කෙසේ වුව පශ්චාත් කාර්මික සමාජය මුළුමනින්ම වාගේ ?ඳී ඇත්තේ ප‍්‍රවෘත්ති මෙන්ම දැනුම පැතිරවීම සංවිධානය කර ගැනීම සඳහා ප‍්‍රවෘත්ති මාධ්‍යය ප‍්‍රයෝජනයට ගැනීම මතය.

media.png

ජන මාධ්‍යය සතු වගකීම ජනතාව දැනුවත් කිරීමය යන්න උගත්කමක් ඇතිව හෝ නැතිව වහරන කියුමක් බවට පත් වී තිබේ. එහෙත් අද වන විට ප‍්‍රවෘත්ති ජනතාවගේ දැනුවත් වීම වෙනුවෙන් සිදු කෙරෙන ප‍්‍රවෘත්ති වාර්තාකරණයකට වඩා, ජනතාව දැනුවත් විය යුත්තේ කෙසේද යන්න වෙනුවෙන් සිදු කෙරෙන නිෂ්පාදනයක් යැයි කවුරුන් හෝ කීවොත් එයට කොයි ආකාරයෙන්වත් විරුද්ධ වීමේ හැකියාවක් අද අපට නැත. එසේ ගත් කළ ප‍්‍රවෘත්ති යනු නිෂ්පාදනයකි. එය විසුරුවා හරින්නා වූ ජනමාධ්‍ය නම් යාන්ත‍්‍රණය යනු මෙවළමකි. එතැනදී මාධ්‍ය නිදහස, වෘත්තීය ගරුත්වය, අපක්ෂපාතී ප‍්‍රවෘත්ති වාර්තාකරණය යන ඒ හා බැඳුණු අයිතීන් අර කීව තත්වයට යටපත් වෙමින් තව දුරටත් හඬ නොනඟන නිශ්ශබ්ද සංකල්ප බවට පත්ව තිබේ. අද දවසේ අප රටේ ජන මාධ්‍යය මුහුණ දී ඇති කණගාටුදායක ඉරණම වන්නේද මෙයයි.

ඔබ හොඳින් මතක තබා ගත යුතු තත්වයක්ද මෙහි තිබේ. එනම් ජනතාව දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක් ලෙසින් හඳුණාගත් මෙම යාන්ත‍්‍රණයම ජනයා නූගතුන් බවට පත් කිරීමටද යොදා ගත හැකිය යන්නයි.

ප‍්‍රවෘත්ති සන්නිවේදනය යනු සංවර්ධනාත්මක භාවිතාවක්ය යන්න ගැන තුන්වැනි ලෝකයේ රටක් වශයෙන් අප මීට වඩා අවබෝධයෙන් සිටිය යුතුය. ප‍්‍රවෘත්ති විශ්ලේෂනය කිරීම එහිලා අවශ්‍ය කරන කටයුත්තක් වුණත් එවැන්නක් ඉටු කිරීමට සමර්ථ බවක් අපේ ජන මාධ්‍ය බලධාරීන් හෝ නිලධාරීන් පල කරනවා යැයි සිහිනෙකින්වත් සිතන්නට අපට පුළුවන්කමක් නැත. බොහෝ විට කිසිදු උගත්කමක් නැති මොවුුහු අත්තෙන් අත්තට පනින දේශපාලන හෙංචයියන් වෙති. කෙසේ වුව මේ සම්බන්ධයෙන් වැදගත් ඉස්මතු කිරීමක් කළ ලියවිල්ලක් හැටියට ”ඩෑග් හැමර්ෂල් වාර්තාව’ හඳුණාගෙන තිබේ.

Home-Media-interview-training.png

”වත්මන් තත්වයන් යටතේ ප‍්‍රවෘත්ති හා අධ්‍යාපනය බොහෝ විට, ස්වකීය ආත්ම ලාභය සඳහා ජන මතය හසුරුවනු ලබන්නා වූද, කලින් ඇති කරනු ලැබූ අදහස්, නූගත්කම හා උමතුව සෑම කල්හිම පවතින්නට සැලැස්වීමට ඉඩ හරින්නා වූද බලවතුන් විසින් ස්වකීය ඒකාධිකාරයට යටත් කොට තිබේ.” ( උපුටා ගැනීම – 1976 ආර්ථික විමසුම*

අතිශය කණගාටුදායක ලෙසින් විශේෂයෙන්ම පසුගිය කාලයේදී ශ‍්‍රී ලංකාවේ සමාජ දේශපාලනය සීමාන්තික ආගම් වාදයටත් පටු වර්ග වාදයටත් ඒ ඔස්සේ නූගත්කමේ ප‍්‍රපාතයටත් ජන විඥානය ඇද දැමීමට මෙරට බොහෝ ජන මාධ්‍ය දැන හෝ නොදැන කටයුතු කොට තිබේ. සාධනීය ජයග‍්‍රහණ වෙනුවට පරාධීන ආකල්ප සමඟ කොදෙව් මානසිකත්වයක ජන මනස හුදකලා කිරීම ජනතාව ජයග‍්‍රහණය කරවීමක් නොවේ. අනිත් අතට සිංහල පාඨකයා පොදුවේ මුහුණපාන බරපතලම සීමාව වන සිංහල භාෂාව පමණක් දැන සිටීම අදටත් නොවිසදුණු ප‍්‍රශ්නයක් වේ. කීර්තිමත් දේශපේ‍්‍රමී ජාතික නායකයකු වන මහාචාර්ය ගුණපාල මලලසේකරයන් මෙසේ පවසන්නාහ. ”සිංහලයන් විසින් යටත් පිරිසෙයින් තව එක භාෂාවක්වත් ඉගෙන ගැනීම ස්වකීය බුද්ධිය පළල් කර ගැනීම සඳහා අවශ්‍ය වන්නේය.”

මේ සම්බන්ධයෙන් කීර්තිමත් ඉන්දීය නායකයෙකු වන ජවහාර්ලාල් නේරූ සිය ජාතියේ නූගත්කම පරාජය කිරීමට සිදු කල විශිෂ්ට සේවාවක් ගැනද කිව යුතු යැයි සිතමි. ඔහු ලෝකයේ උසස් සාහිත්‍ය කෘති ස්වදේශීය බසට පෙරළා ජනතාව අතරේ බෙදා හැරියේය. ඒ වෙනුවෙන් කිසිදු මුදල් ප‍්‍රතිලාභයක් බලාපොරොත්තු නොවුණේය. නමුත් මේ කටයුත්ත කොතරම් නම් දුරදිග බලා සිදුකල අනාගත ආයෝජනයක් ද යන්න අමුතුවෙන් පැහැදිලි කල යුතු නොවේ.

ප‍්‍රවෘත්ත,ි විශ්ලේෂණය කොට ලෝකය හඳුනා ගැනීම රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ට වැදගත් වන කර්තව්‍යයක්ය යන්න මෙරට පාලකයන්ට අමුතුවෙන් කියා දීමට සිදුව තිබේ. එහෙත් පොදු ජන විඥානය නම් තවමත් එවැනි පහත් තත්වයකට වැටී නැත. නමුත් ප‍්‍රශ්නය වන්නේ බලාපොරොත්තු තැබිය හැකි එවැනි ජන මනසක් වෙනුවෙන් උසස් ප‍්‍රවෘත්ති විශ්ලේෂනීය කාර්යභාරයක් සිදු කිරීමට අද්‍යතන ජන මාධ්‍යය සමත්ද යන්නයි. අප අනාගත සංවර්ධන ඉලක්ක ගැන කතා කරන්නේ මෙවැනි දිළිඳු, අස්ථානගත වීමක සිටිමිනුයි.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s