රයිෆලය කඳවුරේ තබා පුස්තකාලයට පැමිණෙන්න. – සේනාරත්න වීරසිංහ

369617032.jpg

161025-050-121edd2c”ජූනි 12 වැනි දින බටහිර යුරෝපයේ හමුදා දේශ සීමාව තරණය කළේය. යුද්ධය ඇරඹිණි. එනම් මනුෂ්‍යයාගේ හේතු යුක්ති සහගත බවට සහ මනුෂ්‍ය ස්වභාවයට ප‍්‍රතිවිරුද්ධ සිද්ධියක් හට ගත්තේය. දශ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු එකිනෙකාට එරෙහි වූහ. ඒ සා විශාල අපරාධ සමූහයක්, ප්‍රෝඩාවන් යටි මඩි ගැසීම්, සොරකම්, හොර ලියවිලි, අවලංගු මුදල් නිකුත් කිරීම්, කොල්ලකෑම්, ගිනි තැබීම් සහ මිනී මැරීම් කළේද යත්, මුළු මහත් සියවස් ගණනාවක් මුළුල්ලේ කළ කුරිරුකම්වල, එවන් එකතුවක් කිරීමට ලොව අපරාධ අධිකරණයන් සියල්ලටම වුව නොහැක. එසේද වුවත්, ඒවා කළ අය, ඒවා අපරාධ ලෙස නොසැලකූහ.” ( යුද්ධය හා සාමය- ලියෝ තෝල්ස්තෝයි *

යුද පසුබිමක් තුළ ඒ ඒ සමාජ පංතීන්ගේ හැසිරීම්, දේපාලන විකෘතීන් කොයි ආකාරයෙන් ප‍්‍රකාශ විය හැක්කේද යන කරුණු සම්බන්ධයෙන් උසස් මට්ටමේ පැහැදිලි කිරීමක් උූක්ත කෘතිය විසින් සිදු කොට ඇත්තේය. ඒ ගැන විවාදයක් නැත. ඒ හැරුණු කළ ඇමරිකානු සාහිත්‍යයේ විශිෂ්ට කෘතියක් ලෙසින් ගැනෙන Gone with the Wind මාගරට් මිචෙල්ගේ කෘතියක් වන අතර ඇමර්කානු සිවිල් යුද්ධය පසුබිම් කරගෙන ලියැවී තිබේ. එවැනි යුද පසුබිමක් තුළ ංාතික මට්ටමින් සිදු වන සදාචාරයේ පිරිහීම,වර්ගවාදී බෙදීම්, සමාජීය දෙදරා යෑම් යන කරුණු පදනම් කරගෙන ලියැවුණු ඵෙතිහාසික පේ‍්‍රම කතාවක් වශයෙන් එය කීර්තියක් අත් කර ගනියි. විශේෂයෙන්ම මනුෂ්‍ය පැවැත්ම යටපත් වීම, දේශපාලනය තුළ අධිපතිවාදී බව මතු වීම යන කරුණු මැනැවින් විග‍්‍රහ වීම මේ කෘතියේ ඇති විශේෂත්වය වේ.

WW2-Soldier_reading.jpg

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව යුද භීෂනයක් තුළ මානවීය හැසිරීම්වල ස්වභාවය කෙසේ වීද යන්න විස්තර විභාග කරමින් ලියැවුණු සාහිත්‍ය කෘති ගණනාවක් ලෝකයට එකතු වී තිබේ. යුද්ධය කොයි තරම් බිහිසුණු අයුරින් මනුෂ්‍ය සිත්සන්තානයන්ට වධ වේදනා පමුණුවන්නේද යන්න ගැන මේ කෘති වලින් මොනවට එළිදරව් වී තිබේ. වියට්නාම යුදු්ධය ඉහත තත්වය සනාථ කරන කෲරතම උදාහරණයක් ලෙසින් අදටත් සැලකෙයි. එහිදී වියට්නාම භූමිය ගැන මද a823bf30dbacc812a76ec5705ce0f262අවබෝධයක් හෝ නැති ඒ සමාජ සංස්කෘතියටද සපුරාම ආගන්තුකයින් වූ ඇමරිකානු සොල්දාදුවන් තමන්ව නොහඳුණන , තමන්ට වරදක් නොකළ ඒ ආගන්තුක දේශයට යුද්ධය ලබා දෙන්නේ හුදෙක්ම දේශපාලන බල අවශ්‍යතාවක් වෙනුවෙනි. අනිත් අතින් ගත් කළ ඒ සොල්දාදුවන්ද එසේ යුද්ධයට යාමට පෙර යහපත් මනුෂ්‍ය සබඳූතා පැවැත්වූ, ගේහසිත සෙනෙහසක කොටස්කරුවන් වූ මනුෂ්‍ය සාමාජිකයන්ය යන කරුණද මෙහිදී අමතක නොකළ යුත්තකි. නමුත් පූර්ව යුද සමයේ සිටි ඒ මිනිසා ඒ ආකාරයෙන්ම පශ්චාත් යුද සමයේදීත් අපට හමු වෙනවාද යන්න බරපතල ගැටළුවකි. කොටින්ම කිවහොත් සොල්දාදුවෙකු වූ මිනිසා යළි සමාජගත වෙන්නේ තමන් ලද යුද භීෂනයේ අත්දැකීම් මෙන්ම ඒ නිසා වෙනස් එූ මානසිකත්වයක්ද සමඟය. ඔහුගේ ඒ වෙනස සමාජ අවදානමක් වේ.

මේ තත්වය මනා ලෙස නිරූපණය කරන්නා වූ විශිෂ්ට නවකතාවක් ලෙස DEER HUNTER හැඳින්විය හැකිය. ( පසුව චිත‍්‍රපටයක් ්ද වූ එය ඔස්කාර් සම්මානයෙන්ද පිදුම් ලැබීය.* රටක් සම්බන්ධයෙන් ගත් කළ පශ්චාත් යුද සමයක් යනු වෙසෙස් කාල පරිචිෙඡ්යක්ය යන්න අමතක නොකළ යුත්තකි. අනිත් අතට ”යුද්ධය” යනු ජනතා අවශ්‍යතාවක්ද නොවේ. උදාහරණයක් හැටියට වියට්නාම යුද්ධය යනු කොයි ආකාරයෙන්වත් ඇමරිකානු සහ වියට්නාම ජනතාව ඉල්ලා සිටි තත්වයක් නොවේ. එහිදී සිදු වුයේ ඇමරිකානු රාජ්‍යයේ බල අධිකාරය වෙනුවෙන් යුද්ධයක් නිෂ්පාදනය කිරීමයි. ඒ අනුව වියට්නාමයට පහර දුන් ඇමරිකානු සොල්දාදුවෝ වියට්නාම වැසියන්ගේ සමාජ සංවේදිතාවන්, දරිද්‍රතාවන් ගැන කිසිවක්ම දැන නොසිටි තරමටම, වියට්නාම ජනයාද තමන්ට පහර දෙන ඇමරිකානු සොල්දාදුවන්ගේ සොම්නස, දොම්නස මෙන්ම සෙසු සමාජ සංවේදිතාවන් ගැන කිසිවක්ම දැන සිටියේ නැත. ඒ අනුව පාර්ශවීය වශයෙන් එකිනෙකා නොහඳුනන ජන කණ්ඩායම් දෙකක් අතර නිෂ්පාදනය වූ එම යුද්ධය ඇමරිකාවේ හෝ වියට්නාමයේ ජනතා අවශ්‍යතාවක් නොවීය. ඒ බව ඉහතදීත් සඳහන් වුණි. නමුත් එහි ප‍්‍රතිඵල බුක්ති වින්දේ දෙපාර්ශවයෙම ජනතාවය.

sitessources-soldiers-reading1

යුද්ධයක් එසේ නිෂ්පාදනය වෙද්දී එක් පසකින් සොල්දාදුවන් ද අනික් පසින් ඊට එරෙහිව දේශපේ‍්‍රමීත්වයද නිර්මාණය වන ආකාරය ඉතිහාසය විමසීමෙන් දත හැකිය. එකී ලෝක තත්වයන්ට සාපේක්ෂව ශ‍්‍රී ලංකාවද පසුගිය කාලයේ මුහුණ පෑවේ යුද පරිසරයකටය යන්න අමුතු කතාවක් නොවේ. එක් වර්ගවාදි කණ්ඩායමක් විසින් ඇති කලාවූ ප‍්‍රචණ්ඩත්වයකට එරෙහිව සටන් වැදුණු අප සොලූදාදුවෝ ලෝකයේ බිහිසුණු යුද අත්දැකීම් ලද සොල්දාදුවන් හා බලන කල අඩු යුද අත්දැකීම් ලද්දවුන් වුවත් ඔවුහූද පශ්චාත් යුද සමයේදී ප‍්‍රති සමාජගත කිරමකට සුදුසු වෙති. තවද එය එසේ සිදු කිරීම ජාතික වගකීමක් ද වෙයි.soldier-reading

මේ අනුව යුද්ධයෙන් පසු සමාජ සහ මානසික වශයෙන් හිස්තැනකට යුද්ධය අත්හැර පැමිණි සොල්දාදුවන් තල්ලූ නොකල යුතුය. කිසිදු සාංකූලතාවකින් තොර පූර්ණ සමාජ තත්වයකින් ඔහු නැවත සිය නිවසට පැමිණිය යුතුය. තමන්ගේ අඹුදරුවන් හා බැදුණු ගේහසිත පේ‍්‍රමයට මොන ආකාරයකින්වත් ඔහු ආගන්තුකයෙකු නොවිය යුතුය. ලෝකයේ දියුණු රටවල ඒ සම්බන්ධයෙන් විවිධ අභ්‍යාස හා බැදුණු ක‍්‍රියාකාරකම් තිබේ. විදේශීය සොල්දාදුවන් නැවත සිය ගම් රටවල් බලා යන්නේ එවැනි සමාජ මානසික සකස් වීමකින් පසුවය. එහෙත් පසු ගිය කාලයේදී අප රටේ සිදුවූයේ යුද්ධය හමාර වීමෙන් පසුව සොල්දාදුවා සෘජුවම සිය ගමට පැමිණීමයි. මුලින් කී සමාජ මානසික සකස් කිරීම අපේ සොල්දාදුවන් සම්බන්ධයෙන් අදටත් සලකා නොබැලූ කරුණක් බව කණගාටුවෙන් වුවත් කිව යුතුය. මා සිතන අන්දමට නම් හොඳ සාහිත්‍යයික කියැවීමක් මගින් යහපත් සමාජ ප‍්‍රවේශයක් ලබා ගැනීමට හැකිවේ. ඒ නිසා තවදුරටත් අවි ගබඩා ගැන වද නොවී හමුදා කඳවුරුවලට පොහොසත් පුස්තකාලයක් බැගින් ලබාදීම ගැන අදාල බලධාරීන් කල්පනා කොට බැලිය යුතුය. ඉතා පැහැදිලිවම සොල්දාදුවන් සම්බන්ධයෙන් එය අවශ්‍යම කටයුත්තක් වේ. සොල්දාදු ප‍්‍රජාව පොත් සොයා ගෙන ගොස් කියවන සංස්කෘතියක සිටින්නවුන් යැයි සිතිය නොහැකිය. එසේ සිටියත් ඒ අල්ප වශයෙනි. ඒ නිසා කඳවුරු තුල පුස්තකාල සංස්කෘතියක් ඇති කිරීම පැහැර නොහැරිය යුතු ජාතික වගකීමකි.ඒ වෙනුවෙන් පුස්තකාල ප‍්‍රලේඛන සේවා ආයතනය, සංස්කෘතික දෙපාර්තමේන්තුව යන මේ ආයතන යොදා ගත හැකිය. තව දුරටත් සොල්දාදුවා සිය රයිෆලය අත තබා ගෙන සිටින ප‍්‍රතිරූපය දැකීමේ අවශ්‍යතාවක් ජනතාවට නැත. ඔවුන් ද පොත පත කියවන තමන් ලද අත්දැකීම් සාහිත්‍යගත කරන නිර්මාණශීලි මිනිසුන් ලෙසින් හඳුණා ගැනීමට ඇති සමාජීය කැමැත්ත අමතක නොකල යුතු කරුණක් වේ. සමාජ ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින අද්‍යතන රජයට මෙය කෙසේවත් මඟ හැරිය නොහැකිය.

සකස් කළේ – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

Views – 3,066

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s