දැදුරු ඔය යළි ගලා නොයනු ඇත

40296466.jpg
”දැදුරු ඔය වෙසෙන්නෝ කොටස් දෙකකට වෙන් වෙති. ඒ පාරම්පරිකව එහි වෙසෙන්නන් සහ ආගන්තුකයින් නැතහොත් සංක‍්‍රමණිකයන් වශයෙනි. විවාහ සම්බන්ධකම් අනුව ආ අය මෙන්ම වාණිජ්‍ය ව්‍යාපාර, වතු වගාව සඳහා පැමිණි ඇත්තෝ මෙහි සඳහන් දෙවැනි ගනයට වැටෙති.”

දැදුරු ඔයබඩ ජන ඇදහිලි මැයෙන් ලියූ ග‍්‍රන්ථයේ ලා ඇන්, ටී, කරුණාතිලක එසේ සඳහන් කරයි. ඒ අනුව එදවස එම ප‍්‍රදේශයේ ප‍්‍රධාන ජල මුලාශ‍්‍රයක් වූ දැදුරු ඔය කිසිදු අපල උපද්‍රවයකින් තොරව ගලා ගොස් තිබේ. ඔය බඩ වාසීන්ගේ දුක ද සතුට ද නිහඬව ඉවසමින් පළාතක්ම පොහොසත් කළ දැදුරු ඔය අද තුවාල ලත් දැවැන්ත සත්වයෙකු මෙන් තව දුරටත් ගලා යා නුහුණුව එකම තැන ලැග සිටියි. ඊට හේතුව වැලි හෑරීමයි. මුලින්ම ගං පතුලද හෑරී යන අයුරින් වැලි හෑරීමේ යෙදුණු මේ විනාශකාරීහු පසුව ඉවුරු කඩා බිඳ දමමින් ද වැලි ජාවාරමේ නිරත වුහ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඉවුරු කැඞී විනාශ වූ දැදුරු ඔයේ ජල කඳ ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශය ගිලා බස්සවන්නට පටන් ගෙන තිෙබි.

මාතලේ නිම්නයට අයත් ගලගෙදර කඳු වැටියෙන් උපත ලබන දැදුරු ඔය එතැන් සිට සැතපුම් 142 ක් දුර ගෙවා සාගරයට එකතු වන්නේ හලාවත ප‍්‍රදේශයේ දීය. මෙම ජල මූලාශ‍්‍රයට ”අප්පට පුතේ කියු දැදුරු ඔය” යනුවෙන් පවසන ගැමියන් අදටත් හමු නොවෙනවාම නොවේ. එහි තේරුම තුමක් දැයි මා ඇසූ විට ඔහු කීවේ ඔයේ ජල ප‍්‍රවාහය හිටිවනම වෙනස් වන ස්වභාවයක් ගැනීමේ හේතුවෙන් ඒ නම පට බැඳී ඇති බවයි. තවද එය පසුබිමේ ජන කතාවක් ඇතැයිද ඔවුහූ පවසති.

464960366_16e1f13ad6_z (1).jpg

දැදුරු ඔයෙන් වැලි ගොඩ දැමීම අද ඊයෙක සිට සිදුවන්නක් නොවේ. එහෙත් 2003 පමණ වන තුරු එසේ වැලි ගොඩ දැමීම මහා පරිමාණයෙන් සිදු වුණේ යැයි කිඑ හැකි තැනක නොවීය. මේ තත්වය වෙනස් වුයේ දැදුරු ඔයේ වැලි වෙනත් ප‍්‍රදේශ වල වැලි වලට වඩා වටිනාකමක් ලබා ගැනීමය. දැදුරු ඔය විනාශ කරන විනාශකාරී වැලි නකාල්ලය ආරම්භ වන්නේ එතැන් සිටය. ඉදි කිරීම් ක්ෂේත‍්‍රයේදී අවම මැටි සාන්ද්‍රණයක් සහිත මෙම වැලි ගුණාත්මක බවින් වැඩි බවට ලැබුණු පිලිගැනීම නිසා වැඩි මිළක් සහ ඉහල ඉල්ලූමක් නියම වීමෙන් ජාවාරම්කරුවෝ දැදුරු ඔය ගල පල්ලටම හාරමින් එහි ඉවුරු ද බිඳ දමන්නට වූහ. 2006 වර්ෂයේ සිට පුත්තලම දිස්ත‍්‍රික්කයේ සිට විශාල වශයෙන් වැලි ප‍්‍රවාහනය කෙරුණේ ද එහි ප‍්‍රතිඵලයක් හැටියටය. එසේ ප‍්‍රවාහනය කිරීම වෙනුවෙන් වැලි ලබා ගැනීමට මං කඩවල් ?සක්ද දැකිය හැකි විය. එතෙක් කාලයක් මානව ශ‍්‍රමය යොදා ගෙන සිදු කළ කූඩයෙන් වැලි ඇදීම ඓනුවට ගංගා පත්ල සහ එහි ඉවුරු ද සුන්බුන් කරමින් යන්ත‍්‍රානුසාරයෙන් විනාශකාරී ලෙස වැලි ගොඩ දැමීම ආරම්භ වුයේද එතැන් සිටය. නිසි බලපත‍්‍ර නැතිවත් බාධාවකින් තොරව මේ විනාශයට දායක වීමට ජාවාරම්කරුවන්ට කිසිදු බාධාවක් තිබුණේද නැත.

මේ අතර වයඹ පළාත් සීමාවට අයත් මා ඔයද මේ ආකාරයටම වැලි හෑරීමේ ව්‍යසනයට ගොදුරු වූ අතර ඊට එරෙහිව ශ්‍රේෂ්ඪාධිකරනයේ නඩු පැවරීමට පරිසර සංවිධාන කිහිපයක්ද කටයුතු කොට තිබිණි. අධිකරනය එහිදී තීන්දු කළේ වැලි ගොඩ දැමීම යන්ත‍්‍රානුසාරයෙන් සිදු නොකළ යුතු බවයි. පසුව එය දැදුරු ඔයටද බලපවත්වන ආකාරයටද යොදා ගත්තේ යැයි වාර්තා වේ. නමුත් ජාවාරම්කරුවන්ට බලපත‍්‍ර ලබා දීම දිගටම සිදු වී තිබේ. විශේෂයෙන්ම යන්ත‍්‍රානුසාරටයන් වැලි හෑරීම මෙනිම ප‍්‍රවාහනයද අත්හිටුවා තිබියදීත් පුත්තලම දිස්ත‍්‍රික්කයේම වෙනත් ප‍්‍රදේශවල සිට වැලි ප‍්‍රවාහනය කිරීමට නිකුත් කළ බලපත‍්‍ර හරහා ඉතා සූක්ෂම ලෙස දැදුරු ඔය තවදුරටත් හාරමින් ප‍්‍රවාහනය කිරීමට ජාවාරම්කරුවෝ අසමත් නොවූහ.

14666216_1333583493342037_6776042803450415847_n.jpg

3151358788_b9ced09007_b.jpg

කෙසේ වුව මේ සම්බන්ධයෙන් වැටලීම් කිහිපයක්ම සිදු කරමින් අල්ලා ගත් ජාවාරම්කරුවන්ට එරෙහිව නඩු පැවරීමටද පොලිසිය සමත් වී තිබේ. එසේ කටයුතු කොට 2006 වර්ෂය තුළ දී පමණක් අය කරගත් දඩ මුදල් ප‍්‍රමාණය රු. 6112500 ක් යැයි දැනගන්නට තිබේ. තවද ඒ වර්ෂය්ම අගෝස්තු මාසයේදී පමනක් අය කළ දඩ මුදල් ප‍්‍රමාණය රු. 1090500 ක් වේ. එහෙත් මේ කිසිදු කටයුත්තක් නිසා හෝ දැදුරු ඔය මුහුණ පා ඇති තත්වයෙන් ගොඩ ගැනීමට නිලධාරී හෝ බලධාරී තීරණ සමත් නොවුණි. එහෙම වුණේ ඇයි?

අප විසින් සිදු කරන්නට යෙදුණා වූ නිරීක්ෂණ කිහිපයක් මත සිටිමින් උක්ත ප‍්‍රශ්නයට මෙවැනි පිළිතුරක් ලබා දිය හැකිය.2008010353950501

බොහෝ අවස්ථා වලදී මේ වැලි කොල්ලකරුවන් අත භූ විද්‍යා පතල් කැනීමේ කාර්යාංශය මඟින් නිකුත් කළ බලපත‍්‍ර තිබිණි. එසේ බලපත‍්‍ර නැතිව ප‍්‍රවාහනය කෙරෙන ලොරි රථ අල්ලස් ලබා ගැනීමට සූදානම්ව සිටින පොලිස් නිලධාරීන්ගේ සහායෙන් පලා යෑම ද තිබුණේ සුළුවෙන් තැකිය හැකි තැනක නොවේ. මේ ආකාරයට ජාවාරම්කාර මානසිකත්වයක් සහිත මේ කොල්ලකරුවන් කුමන ආකාරයේ හෝ මුදල්මය ගනුනෙුවක් මත කටයුතු කිරීමේ සුදානමකින් පසු වීමද වලවේ ගඟ ව්‍යසනය වඩාත් විනාශකාරී තැනකට ඇද දැමී යැයි පැවසේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අද අප හමුවේ ඇත්තේ යළි ප‍්‍රතිසංස්කරණය කළ නොහැකි යැයි සිතෙන අන්දමට සුන්බුන් වූ ජල මූලාශ‍්‍රයකි. ඒ ආකාරයට විනාශ වූ ගංඟා පත්ල පියව් ඇසින් දැකිය නොහැකි වුණත් ඉවුරු විනාශ වී ඇති අයුරු නම් පැහැදිලිවම දැකගත හැකිය. ඒ අනුව ඇතැම් තැන්හි ඉවුරු අතර පරතරය කොතරම්ද යත් එය ඔයක් යැයි වටහා ගැනීමට නොහැකි තරම්ය. මහා මඩ වගුරක් යැයි කිව හැකි අන්දමට විනාශ වු තැන් ද හිඟ නැත. එි ආකාරයටම මල් අස්න දේවාලය අසල සිට නිකවැරටිය පාලම ළඟට යන තෙක් ඉවුර හාරා විනාශ කල තැන් 30 කට වඩා දැකිය හැකිය. එපමණක් නොව මේ ජාවාරම්කාරයන් ඉවුරේ ආරක්ෂාව සැලසු කුඹුක් ගස් ද ගලවා ගෙන ගොස් තිෙබි.

hqdefault.jpg

අද මෙවැනි තත්වයක තිබුණත් අතීතයේ එක්තරා කාලයක දැදුරු ඔය අද්දර සරුවට වැඩුණු පොල් ගස් දැකිය හැකි විය. පැසුණු පොල් ගෙඩි ගඟ දියට වැටී පහළට ගසාගෙන යන විට ගැමි කොල්ලන් ගඟට පැන පොල් ඇහිළු ආකාරය එම පළාතතට ආෙවිණික දර්ශනයක් ලෙසින් සැලැකිණි. එහෙත් අද පොල් ගෙඩියක්වත් ගඟ දියට වැටෙනවා දැකිය නොහැකිය. වෙන එකක් තබා ඒ දිය එදා මෙන් ගලා යන්නේද නැත. විනාශයේ කර්තෘවරුන්ට කිසිදු අපල උපද්‍රවයක්ද නැත.

( මේ පෙන්වා දීම අප මුලින්ම සිදු කළේ 2008, 12, 21 ”සියත” පුවත්පත මඟිනි. *

මොහාන් ශ‍්‍රියන්ක ආරියවංශ

Views – 946

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s