නදීක සහ නදීක නිහඬ නොවේවා!

90 දශකය හරහා ගමන් කරමින් සිටි ඔහුට 80 දශකයට අයත් බොහෝ නිර්මාණශීලි ඉදිකිරීම්වල යම් අව පැහැ ගැන්වීමක් දකින්නට ලැබුණි. එමෙන්ම ඉකුත් දශකය අවසානයේ දී දැකිය හැකි වූ මානව සුන්බුන් විසිරුණ ඒ විරූපි ඛේදාන්තය පදික වේදිකාවෙ සිට කෙසේ වෙතත් ගෙදරට වී දොරගුළු ලාගෙනවත් විමසීමට නිර්භීත වූ අයෙකු එදා සිටියේදැයි පැහැදිලි නැත. එසේ බියපත් ඒ නිහඬ සමාජවත ගැන එකල ලියැවුණු කවියක මෙසේ සටහන් වී තිබිණි.

කපුටෙකිunnamed-5
තුඩින් අනින පොල් කට්ටකට
බොල් හඬක් නැෙඟයි ඉන්
ටොක්, ටොක්, ටොක්
නිරුවතිනි තුරු සිරස්
හිස් අහසට අත් පාමින
දෙස් දෙවොල් තබනු වැනි
විඩාපත් මාරුතය
ගාටමින් හමා යයි
බසින හිරු
රත් රුහිරු
පෙඟණු බිම
තණ පතක් හෝ පොළවේ ඉතිරි නැත

ඒ කවියේද එන එකී අරාජික මුඩු බව 90 දශකය හරහා ද හමා යමින් තිබිණි. සුගත්ලාටත්, දම්මිලාටත් තවදුරටත් සිය ගොළු හදවත් සිහි කරමින් සෞන්දර්යාත්මක කඳුළු හෙලන්නට එය කාලයක් නොවීය. ඉන් පසුව එළැඹුණේ 2000 දශකයයි. නව අවශ්‍යතා නිර්මාණය වෙමින්, නව අදහස් දළු ලමින් නව හැඩතල ඉල්ලා සිටි දශකයක් ලෙසින් එය කෙමෙන් ඉදිරියට ඇදුණේය. විශේෂයෙන්ම ගීත ක්ෂේ්ත‍්‍රයේදී වෙනස් ආරක් සහිත අලූත් හඬක් නැඟී ආ බව පැහැදිලිය. නව්‍ය පද මාලාවක් ගැයූ ඒ නව තාරුණ්‍යයේ හඬ නමින් කිවහොත් නදීක ගුරුගේ නම් වේ.

”එහෙම තමයි මගේ ආරම්භය සිද්ද වුණේ. එය අතිශයින්ම දේශපාලනිකයි. 2000 දශකය තුළ ඒ ආරමිභය සිද්ද වෙන කොට, එහි තුළ විකල්ප සංවාදයක් ද තිබුණා. ඒත් ඒ විකල්ප සංවාදයට පේ‍්‍රක්ෂකාගාරය සහ වේදිකාව කියල දෙයක් තිබුණේ නැහැ. ඒ දෙකම එකක් බවට පත් වුණා. එතැනදී සංගීතය මතවාදීව විමසන එහෙම නැත්නම් විසංයෝජනයට ලක් කරන, එහෙමත් නැත්නම් තර්කයට බඳුන් කරන තත්වයක්ම නෙවෙයි එතැන තිබුණේ. එය සාහිත්‍යය, ගේය පද ප‍්‍රකාශනය…. බොහෝ විට එවැනි දේවල් ඒ කතා බහ ඇතුලේ තිබුණා.” ඒ අදහස් නදීක ගුරුගේ සතුය. අවශත්‍ නම් තරුණ පරපුරේ සංගීතඥ වැනි පෙර නමක් වුව ඉදිරිපත් කළ හැකිය. එහෙත් නදීකලාව හඳුන්වා දීමට එවැනි පුර්ව වාක්‍ය අවශ්‍ය නැත. ඔහු තවදුරටත් මෙසේද පැවසීය.

unnamed (6).jpg

”එකල්හී මම ගායනා කළ මම ම ලියා ගත්ත බොහෝ ගීත අතිශයින්ම දේශපාලනිකයි. ලංකාවේ මතුපිටින් සහ සැඟවෙමින් ඇති සංස්කෘතික අර්බූදය ගැන මට ප‍්‍රශ්න නොකර සිටීමට බැරි වුණා. මම හිතනවා එතැන තියෙන්න ඇති මම අර කීව විකල්ප සංවාදයත්.”

අපේ කතාව මේ ආකාරයට ඇති වුණේ ඔහුගේද මැදිහත් වීමෙන් පැවැත් වීමට නියමිතව තිබූ pocket concert එකක් නිසාය. එය ”නදීක සහ නදීක” යනුවෙන් නම් කොට තිබිණි. ඒ නදීකලා දෙදෙනාගෙන් එක් අහෙකු නදීක ගුරුගේ වු අතර අනිකා නදීක ජයවර්ධන වූයේය.avatars-000005060245-wmphep-t500x500

” මම මුලදීත් කීවා වගේ මගේ ආරම්භය දේශපාලනිකයි.” නදීක ගුරුගේ යළිත් කීය. ”ඒවගේම තවමත් මම එතැන ඉන්නවා. ‘?ඩිකල් පේ‍්‍රමය‘ ගීතය නිර්මාණය කරද්දී මම හිටියේ යම් වෙනසක් ඇතුලේය කිව්වොත් නිවැරදියි. උදාහරණයක් හැටියට එතැනදී මම ගිටාරය පාවිච්චි කළේ ලීග් පාට් එකක් ගහන්න විතරයි. සංගීත විචාරකයෝ මේ රටේ නැති නිසා අපි කළ දේවල් අපිටම කියන්න සිද්ද වෙලා තියෙනවා. කොහොම වුණත් මේ පවත්වන්න යන ප‍්‍රසංගයේ එදා මා කළ සාහිත්‍යය හෝ දේශපාලනය ඇතුළත් වෙන්නේ නෑ. එයට හේතුව තමයි මෙතැනදී අප දෙදෙනා ආස්ථාන දෙකක සිටීම. නදීක ජයවර්ධනගේ ආස්ථානය සෞන්දර්යවාදීයි.”

”එහෙම වුණත් මෙතැනදීත් සම්මත වේදිකාව සහ ප්‍රේක්ෂකාගාරය ප‍්‍රතික්ෂේප වෙනවා. ඒ අනුව පැහැදිලිවම ඇති වෙනවා ( නිර්මාපකයා සහ රසිකයා අතර * ප‍්‍රතිපෝෂනීය තත්වයක්. මම මුලින්ම නදීක ( ජයවර්ධන * ට මෙය යෝජනා කළ අවස්ථාවේදී ඔහුත් ඊට එකඟ වුණේ ඒ ප‍්‍රතිපෝෂණීය තත්වය විශේෂයෙන්ම සැලකිල්ලට ගනිමිනුයි. අප දෙදෙනා අතර සමානකම් වගේම වෙනස්කම්ද තියෙනවා. එහෙම වුණත් ප‍්‍රතිපෝෂණීය අත්දැකීම, මුළුමනින්ම දේශපාලනීයකරණය නොවූ සෞන්දර්යාත්මක ප‍්‍රවේශය ගැන එකඟතාවක්ද අපි අතර තියෙනවා.”

unnamed (7).jpg

අපි ආපහු මුලට යමු යි මම නදීකට යෝජනා කළෙමි. ඔහුගේ ගීතයේ දේශපාලනයට පසුබිම සකස් කළ ජීවන පසුතලයක්ද ඔහුට තිබීම ඊට හේතුවයි.

” මම මගේ සහෝදරයා වන සුහද ගුරුගේ සමඟයි මුලින්ම දේශපාලන භූමියේ ඉඳ ගත්තෙ. ඔබටත් මතක ඇති ඒ ඇත්තෝ බොහොම දෙනෙක් හිටියේ රැුවුල් වවාගෙනයි. කොණ්ඩ වවානෙයි. එකල ඒ ?වුල, කොණ්ඩය, ගිටාරය අසම්මතයේ ප‍්‍රකාශ බවටත් පත් වුණා. ඒ වගේම මටම කියන්න සිද්ද වෙලා තියෙනවා 2000 දශකයේ මුල් කාලයේදී උපන් මගේ ගීතයෙන් අපේ රටේ ගීත සම්ප‍්‍රදායට එකතු වීමක් වුණා එමෙන්ම යමි වෙනසක් වුණාය කියන කාරණයත්. ඒ වගේම අපට බල පෑ වෙනස් සංස්කෘතීන්ද තිබුණා. පසන් කොඩිකාර, අජිත් කුමාරසිරි යන අය සමඟ මමත් ඒ ප‍්‍රවාහයේ සිටියා. අපි දේශපාලන වශයෙන් වෙන වෙන ස්ථාවරවල සිටියත් අවසානයේදී එක් වුණා. ඒ වගේම අදත් ඇතැම් තරුණයින් රැුවුල් සහ කොණ්ඩ වවාගෙන දේශපාලන ගීත කියන අයුරු දුටුවම අපට ඇතිවන්නේ ලොකු සතුටක්.”

අදාල සංගීත අත්දැකීම ගැන නදීක ජයවර්ධන අප හා පැවසූ දෑ මේය.

 

” මෙතැන තියෙන විශේෂත්වය තමයි ගීතයක් නිර්මාණය වීමේ මුල්ම අවස්ථාව ප‍්‍රකාශයට පත් වීම. ඒ නිර්මාණය මූලයක්. අමුද්‍රව්‍යයක් වශයෙන් පවතින අවස්ථාවේදීම රසිකයා හමුවට පැමිණවීමක් තමයි මෙතැනදී සිදුවන්නේ. ලෝකයේ සංගීත සංස්කෘතියක් ඇති රටවල මෙවැනි Pocket Concert ඇති වෙන්නේ එවැනි තත්ව තුලයි. සංගීතය නම් මහා සම්ප‍්‍රදාය ඇතුලේ මෙය ගැනෙන්නේ උප සංස්කෘතියක් හැටියටයි. එවැනි ප‍්‍රභේදයක් මෙහි දකින්න පුළුවන්.
Music Performance යන්න ජාත්‍යන්තරව ගත් කල අතිශයින් වැදගත් දෙයක්්. ඔවුන් ඉතා කැමැත්තෙන් කරන දෙයක් තමයි රසිකයින්ට විවෘතව සිටිමින් සංගීත නිර්මාණකරණයේ යෙදීම. එහි තේරුම ඔවුන් විවෘත ප‍්‍රතිචාර අපේක්ෂා කරනවා කියන එකයි. ඇතැම් රටවල තරුණ ගායකයින් ප‍්‍රසිද්ධ මාවතක ඉඳගෙන තමන්ගේ මුල්ම නිර්මාණය ඉදිරිපත් කරන්න වැඩි කැමැත්තක් දක්වනවා. මෙය සරල තත්වයෙන් ගන්න මම කැමතියි. ඒ නිසාම මෙය උප සංස්කෘතියක් හැටියට හඳුන්වනවාට මම කැමති නැහැ. එය අනවශ්‍ය බරක්. මෙතැනදී සිද්ද වෙන්න ගිටාර් දෙකක් අතින් ගත්ත දෙදෙනෙක් තමන්ගේ නිර්මාණ රස විඳිමින් ඉදිරිපත් කිරීමක් විතරයි. ඊට රසිකයින් යැයි හඳුණාගත් පිරිසක් සහභාගි වේවි. බොහොම සරල අවස්ථාවක්.”

maxresdefault

රබීන්ද්‍රනාත් තාගෝර් ඔහුගේ ”ගෝරා” නවකතාවේ ලා කියූවක් මෙහිදී අපට සිහිපත් වේ.

”මිනිස් ජීවිතයේ පැවැත්ම මහා ගංගාවක් වැන්න. එය සිතිය නොහැකි ආකාරයෙන් පෙර ගලා නොගිය ඉසව් සොයමින් ෙවිගයෙන් ගලා බසියි. මේ වනාහි පැවැත්මේ විවිධත්වයයි.”

( මේ අදහස් මුලින්ම පල වුයේ 2915, 03, 15 ”රන්දිව” පුවත් පතෙහිය. නමුත් එහි කාලීන වටිනාකමක් ඇති හෙයින් යළිත් මෙසේ පල කළෙමු.)

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Views – 1,876

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s