ඒ හිස්තැන මගේ ජීවිතය පුරාමත් තියෙනවා. – උපුල් ශාන්ත සන්නස්ගල

’‘බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත‍්‍රික්කයේ, සල්පිටි කෝරළයේ, උඩහපත්තුවේ මත්තේගොඩවත්ත, ආසිිරි උයනේ අංක 192/160හි පදිංචි වූ සන්නස්ගල මුදියන්සෙලාගේ උපුල් ශාන්ත වන මා විසින් විසිවැනි සියවසේ අවසන් කාර්තුවේ නගරයට සංක‍්‍රමණය වූ අවසන් පරම්පරාවේ මහජන වංශයෙන් අංශු මාත‍්‍රයක් කියනු වස් ලියන ලද ’අම්මා’ ප‍්‍රබන්ධ කතාව මෙයින් නිමියේය.” මෙතැන් සිට ආරම්භ වන්නේ ් ඒ නිමා වූ ප‍්‍රයත්නය ගැන ඔහුත් සමඟ අප ඇති කරගත් සංවාදයයි.

හුඟාක් ඈතට නොගියත් ඔබගේ ‘අම්මා‘ නවකතාව නූතන සාහිත්‍යයට අදාලව මොන ආකාරයේ හඳුණාගැනීමක් දැයි ඇසුවොත්….

තවමත් මම විස්මයට පත් වෙනවා, සිද්ධාර්ථ – යශෝධරා පේ‍්‍රම කතාව ලියන්නේ නැත්තේ ඇයි කි්යළා. ඒ වගේ දිගු කාලීන සංසාරගත පේ‍්‍රම සන්ථවයක් ලොව නොතිබිය හැකියි. මං මේ කතා කරන්නේ බුදුන් වහන්සේ ගැන නෙවෙයි. උන් වහන්සේගේ ගිහි ජීවිතය ගැනයි. ඇයි අපි එහෙම නොලියන්නේ. කිසියම් ආගමික බිය ගැන්වීමක් හා බැඳුණු පූජනීය මානසිකත්වයක් අපව එතැනදී වළක්වනවා.

අම්මා ගැන වුණත් එහෙමයි. හැම කවි පොතකම මව් ගැන ලියූ කවියක් තියෙනවා.හැම ගීත ඇල්බමයකම ඇය ගැන ලියූsannasgala-003 ගීතයක් තියෙනවා. හැම ලේඛකයෙකුම වගේ කෘතියක් අම්මාට පුද කරලා තියෙනවා. ඒත් ඇයි අම්මා ගැන නවකතාවක් නොලියන්නෙ. එතැන තියෙනවා ස්වයං වාරණයක්. ඒ තමයි මැක්සිම් ගෝර්කිගේ ‘අම්මා‘ නවකතාව. එතැනින් එහාට අම්මා කෙනෙක් ගැන හිතන්න බැරි විදිහට වාරණයක් අපේ හිත් ඇතුලේ තියෙනවා.

සියබස්ලකරේ එන ”පෙදෙන් බුදු සිරිත” නියමය ගැන ඔබත් දන්නවා. අපිට ජන කවි සාහිත්‍යයක් තියෙනවා. ඒත් අපට එවැනි නාට්‍ය සම්ප‍්‍රදායක් නැහැ. බෞද්ධ ශික්ෂාපද වලින්ම එය වාරණයට ලක් කරලා තියෙනවා. සම්භාව්‍ය සාහිත්‍යයේ කර්තෘත්වය පැවැතුණේ භික්ෂූන් අත නිසා ප‍්‍රාචීන සාහිත්‍යය ඇතුලේ නාට්‍ය කලාව වාරණයට ලක් වෙනවා. ඒ වගේම තහංචියක් තමයි ගෝර්කිගේ අම්මා ගෙන් නූතන සාහිත්‍යයට පැනවිලා තියෙන්නේත්. එහෙම අම්මා කෙනෙකු ගැන තමයි අපි හිතන්නෙ. එහෙම බැලූවම අදටත් අපට අපේම අම්මා කෙනෙක් ඉන්නවද? ගෝර්කිගේ අම්මාට වෙනස් අම්මා කෙනෙක් අපේ ඔළුවට එන්නෙම නෑ. ලෝකය මැවුණේ හිරුගේ ?ස් වලිනුත් මව්ගේ කිරි වලිනුත්ය කියන පාඨය විතරමයි”අම්මා” සම්බන්ධයෙන් අපේ ආරම්භක වාක්‍යය වෙන්නෙ. ෙමිකත් අර සිද්ධාර්ථගේ පේ‍්‍රම කතාව නොලියවෙන්නට හේතු වුන වාරණය හා සමානම සමාජ මානසික තත්වයක්.

maxresdefault-1
එය පිළිගත හැකිද?

මම පැහැදිලි කරන්නම් අදටත් ”ගැහැණිය” නම් සත්වයා අර්ථ නිරූපනය වෙන්නෙ පිරිමි සංස්කෘතියක් ඇතුළෙ. නොමේරු තරුණයෙකු ඇයව හඳුන්වන ”පට්ට කෑල්ල” යන්නෙහිත්, දේපල ලියන විට පවා පිරිමිියාව මුල් තැනට ගැනීමෙදීත්, සමාගමක හවුල්කාර බව සිල්වා සහ පුත‍්‍රයෝ එහෙම නැත්නම් සහෝදරයෝ යනුවෙන් නම් කිරීමේදීත් මතු වන්නේ පිරිමි සංස්කෘතියක් ඇතුලේ ගැහැණිය නම් පැවැත්ම මතු නොවීම කියන කාරණයම තමයි. ඉතිං ආගමික ක්ෂේත‍්‍රයේදීත් ඒක එහෙමම තමයි. අපේ සංස්කෘතියට අනුව ගැහැණියකට බුදු වෙන්නවත් බැහැ.sanna

නමුත් අම්මා සම්බන්ධයෙන් ඒක එහෙමම නෙවෙයි. බුදුන් නම් වූ පදය සෘජුවම අම්මා වෙනුවෙන් යොදා ගන්නවා. ඒ අනුව පිරිමි සංස්කෘතිය ඇතුලේ වුණත් අම්මාට පොදුවේ ගැහැණිය අයත් වන්නා වූ අවර ස්ථානය හිමි වෙන්නේ නෑ. යම් පූජනීය අරුතක් ඇයට හිමි වෙනවා. අනිත් අතට ඒ තත්වහම ඇය ගැන විවෘතව කතා කරන්න වාරණයක් වුණාදැයි හිතන්න වෙනවා. අම්මා ගැන නොලියන්න, ඇයව කතා වස්තුවකට ඇතුළත් කර නොගන්න ඒ කරුණ හේතු වුණාදැයි සොයන්න වෙනවා.
හොඳයි, ඔබ අම්මා ගැන මෙහෙම ලියන්න හිතුවේ ඇයි?

අපේ ජීවිතවල රික්තකයක් තියෙනවා. හැන්දෑවට වැඩ ඇරිලා බාර් එකට ගිහින් සූර් වෙලා ගෙදර යන කෙනෙක් ඒ විදිහට හැසිරෙන්නේ තමන් තුළ ඇති ඒ රික්තකය පුරවගන්නයි. මේ ආකාරයටත් තවත් ආකාර වලිනුත් අපි ඒ හිස් තැන් වහ ගන්න කටයුතු කරනවා. හැබැයි ඊට අදාළ දෙයින් නොවේ. මම ඈත ගමකින් ආව එකෙක්. එහෙම ඇවිත් ගමත් එක්ක තිබුණු මගේ පෙකණි වැල කඩාගෙන අද මම නගරයේ ජීවත් වෙනවා. තවත් අය ආපහු ඒ ගම හොයන්න පටන් ගන්නවා. ඒක ගන්ධබ්බ හැසිරීමක්. ඒ මොකද එවැනි හැසිරීම් ගමටත් නෑ. නගරෙටත් නෑ. ඒ වගේ ගන්ධබ්බයෝ තමයි ”හිල්ටන්” එකට ගිහිල්ලා නෙළුම් කොළේ බත් හොයන්නෙ. ඒ වගේ එවුන් වෙනුවෙන් තමයි ”ඇමුළ” වගේ හෝටල් ඇරෙන්නෙ. මේ තමයි නගරයට ඇවිත් එහි පැලපදියම් වෙලා ආපහු ගම හොයන ගන්ධබ්බ සිරිත.

මමත් ඔය කියන ආකාරයේ අමුම අමු ගන්ධබ්බයෙක්. ”අම්මා” ලියන මම කරන්නෙත් ”ලිබර්ටි ප්ලාසා” එකට ගිහිං මැටි වළඳෙ බත් කන්න හොයන අර ගන්ධබ්බයෝ කරන වැඬේම තමයි. ඒ ආකාරයට අත අරින්න බැරි මූලය වන නැවත නැවතත් ගම සොයා යාමක් තමයි ”අම්මා” කියන්නෙ. අප තුළ රික්තකය පුරවා ගන්න ගත් වෑයමක් තමයි ”අම්මා” කියන්නෙ. මම හොඳ උදාහරණයක් පෙන්වා දෙන්නම්.

sannasgala-004

ඔහු හොඳ මාක්ස්වාදියෙක්. ස්ත‍්‍රීවාදී අදහස් පිළිගත් දැවැන්ත කාර්යධරයෙක්. විවාහ වෙන්නෙත් අගනුවර – ඉහළ පාංතික එවැනිම ක‍්‍රියාකාරිනියක් සමඟයි. හැබැයි වැඩි කාලයක් යන්න කළින් මිනිහට ජීවිතේ එපා වෙනවා. කොච්චර එපා වෙනවද කියනවනම් අන්තිමට ඈත හද්දා පිටිසරකට ගිහිං හේනක් කොටාගෙන අමුම අමු ගොඬේ ගෑනියක් විවාහ කරගෙන ජීවත් වෙන්න පටන් ගන්නවා. තමන්ගේ ජීවිතය ඇතුලේ තිබුණු පුරවාගත නොහැකි වූ ඒ රික්තකය ඔහු පුරවා ගත්තේ ඒ ආකාරයටයි.

ඔබ තර්කයක් ගොඩ නගනවද රික්තකය ගැන. එහෙම නැත්නම් සංකල්පයක් හැටියට ඉදිරිපත් කරන්න උත්සහා කරනවාද?

නෑ මේක සමාජ යැසිරීමක්. ඉතිහාසයේ මුල සිටම පැවැති සමාජ හැසිරීමක්. මිනිසුන් තුළ විවිධ ආකාරයෙන් අපට මේ තත්වය දකින්න ලැබෙනවා. කුස ජාතකයේ කුස කුමාරයාට වගේම එංගලන්තයේ චාල්ස් කුමරුටත් එය පොදුයි. මනමේ කුමරිය වැදි රජෙක් සමඟ මහ වන මැද සංසර්ගමය එකතු වීමක් ඇති කර ගන්නේත් මේ තත්වය නිසායි. ලොව ජන මාධ්‍ය විසින් අධි විනිශ්චය කරන ලද ප‍්‍රභාසම්පන්න ඩයනා අත්හැර ඇයට සාපේෂව රූමත් නැති කැමිලා නම් ගැහැණිය කරා චාල්ස් කුමරු ඇදෙන්නේත් මේ හේතුව නිසායි.

අප හොඳින් හඳුණන කුස කුමරුගේ තත්වයත් ඊට වෙනස් නෑ. ඔහුට විවාහයක් අවශ්‍යයි. පුද්ගල පැවැත්ම වෙනුවෙන්ම විතරක් නෙවෙයි. රාජ්‍ය තන්ත‍්‍රය භාර ගන්න, රාජ්‍ය උරුමය ඉදිරියට ගෙනි යන්න ඔහුට විවාහක් අවශ්‍යයි. නමුත් ඒ වෛවාහික ඉල්ලීම විසින් පිට මං කරන ලද මේ පුද්ගලයා අවසානයේදී කාමරයක් තුළට වැදී දොර වසා ගන්නවා. ඒ ආකාරයට සමස්ත සමාජ ප‍්‍රවාහයෙන්ම පිටමං වෙනවා. එසේ පිට මං වෙලා සිටින අතර තනි රත්තනින් නාරි දේහයක් නිර්මාණය කරමින් සිය රික්තකය පුරවා ගන්න උත්සහා කරනවා. ඉතිං මගෙ තත්වයත් ඒ්ුකම තමයි. ගමෙන් නගරයට ඇවත් බොහෝ දේ කරනවා. විශ්ව විද්‍යාලයට යනවා. පත්තර වලට ලියනවා. විවාහ වෙනවා. දරුවො හදනවා. මුද්‍රණාලයක් දානවා. ඒත් මේ හැම දෙයක්ම අර රික්තකය හා බැඳුණු දේවල්. පුවාගත නොහැකි එවැනි රික්තකයක් තුළ දරුණු පීඩනයක් තියෙනවා. බරපතල ආතතියක්ද නිර්මාණය වෙනවා. මොන ආකාරයෙන්වත් පුරවාගත නොහැකි වු ඒ හිස්තැන පුරවා ගන්න තමයි අන්තිමේදි මම මේ පූජනීය කටයුත්තට අත ගැහුවෙ.bup_dft_dft-17-72

ඒ පුජනීය කියන අර්ථය ඔබේ සාහිත්‍යයික කටයුත්තත් සමඟ ගැලපෙන්නේ කොහොමද?

ඔව් මම දන්නවා ප‍්‍රකාශයක් හැටියට එය භාවාතීෂයයි. ඒත් ඒ බව දැනගෙනම තමයි මම එහෙම කියන්නේ. නමුත් මේ භාවාතීෂය බව ප‍්‍රතික්ෂේප කිරීමටද නොහැකියි. හිතල බලන්න. තමන්ගේ දරුවෙක් අසනීප වෙනවා. නූතන වෛද්‍ය විද්‍යාවේ සියළු සත්කාර ඒ දරුවාට ලබා දෙනවා. ඒත් ප‍්‍රතිඵල හොඳ අතට නොඑන පසුබිමක සංස්කෘතිය ඉදිරියට එනවා. ඒ අනුව අපි බෝධි පූජාවක් කරන්න තීරණය කරනවා. ඒකත් භාවාතීෂයයි නේද? 71 කැරැුල්ලට සහභාගි වී භෞතිකවාදී දර්ශනවාදයක් යටතේ හැදී වැඩුනු ක‍්‍රියාකාරිකයන් කිහිපදෙනෙක්ම අධ්‍යාත්මික විසඳුම් සොයා ගොස් තිබෙනවා. ඔවුන් ඒ දෙවෙනි අවස්ථාවේදී එසේ වනගත වී ඇත්තේ පළමු අවස්ථාවේදී මෙන් ගරිල්ලා සටනකට නෙවෙයි. එසේ අධ්‍යාත්මවාදය සොයා ගිය ඔවුන්ද තමන් තුළ ඇති ඒ හිස්තැන සම්පූර්ණ කර ගන්නට උත්සාහ කොට තිබෙනවා.

මම කලිනුත් කීවා වගේ සම්පූර්ණ හුදකලාවකට වැදී කුස කුමරු කළෙත් තමන් තුල ඇති රික්තකය පුරවා ගැනීමට කටයුතු කිරීමයි. රන් රුවක් හැදුවේද ලොව සිටින අංක එකේ මූර්ති ශිල්පියා වීමට නොවේ. තමා වෙත එල්ල වූ වෛවාහික සමාජ පීඩනයට, ඒ තෙරපීමට එරෙහිව සිය ශක්ති පමණින් විශිෂ්ටතම පිළිතුරක් ලබා දීමටයි. මම මගේ අම්මා නවකතාව ලියන්නේත් එවැනි පසුබිමක ඉඳගෙනයි. ඇත්තම කියනවා නම් මම මේක ලේ කිරි කරලා ලියපු නවකතාවක්. අනික මම දැන් මේ පොත ලියලා ඉවරයි. මගේ කාර්යභාරය අවසානයි. පැමිණ තිබෙන්නේ ඔබේ වාරයයි. මෙතැන් සිට ඒ වේදනාවේ. ඒ පීඩනයේ. ඒ ආතතියේ ප‍්‍රකාශකයා ඔබයි. ඔබ එය කොයි ආකාරයෙන් ප‍්‍රකාශ කරාවිදැයි මා දන්නේ නැහැ. තවද මම එය ප‍්‍රශ්නයක් කරගන්නෙත් නැහැ.

කුස කුමරු කියනවා තමන් අතින් නිර්මාණය වුනේ ස්වර්ණ තාල ස්කන්ධයක් ( රත්තරන් තල් කඳක් * ය කියලා. ඒත් විචාරකයෙකුට ඒ ගැන මෙහෙමත් කියන්න පුළුවන්. නෑ ඒක මැටි කඳක්. උඩින් රත්තරන් ගාලයි තියෙන්නේ.

සාකච්ඡුා කළේ – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

( මේ අදහස් මුලින්ම පල වුයේ 2014, 08, 24 ”රන්දිව” පුවත් පතෙහිය. නමුත් එහි කාලීන වටිනාකමක් ඇති හෙයින් යළිත් මෙසේ පල කළෙමු.)

Views – 2,341

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s