තවත් ජල පෝෂක වන පෙතක් විනාශයි.

ඉහල බොල්ගොඩ හි ජල පෝෂක භූමියක් වන බදුවිලවත්ත වනාන්තර බිම පසුගිය දිනවල සිට නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් ඩෝසර්කරණයකට ලක් කෙරෙමින් පවතී. මේ සම්බන්ධයෙන් 03. 11. 2016 දින පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී රයිගම්පුර සම්පත් රැුක ගැනීමේ සංවිධානය පැවසුවේ කිසිදු පාරසරික අනුමැතියක් මෙන්ම තක්සේරුවක් මේ වෙනුවෙන් ලබා ගෙන නැති බවයි. අධිකරණ නියෝගයක් ලබා ගෙන සිදු කරන්නා වූ මෙම කටයුත්ත මෙහෙයවීම කහතුඩුව පොලිසිය විසින් බාරගෙන තිබීම වටහාගත නොහැක්කක් යැයිද ඔවුහු පවසති. පොහොසත් ජෛව කලාපයක් වන මෙම භූමිය අක්කර 97 – 98 අතර වපසරියක් සහිත එකකි. වනාන්තර කලාපයේ ජෛව සම්පත් පිළිබඳව හැදෑරීමක් සහිතව තක්සේරු කිරීමක් පරිසරවේදී සංජීව රන්වැල්ල විසින් සිදු කොට ඇතැයි ද දැනගන්නට තිබේ. ඒ අනුව මෙය අත්හැර දැමූ භූමියක් හෝ වටිනාකමක් නොමැති වන ලැහැබක් හෝ නොවේ. ප‍්‍රදේශයට අදාල අවශ්‍යම කරන පාරිසරික සම්පතක් වේ.

හෙරලියවල, පාලගම, අම්බලන්ගොඩ, පොල්ගස් ඕවිට, කහතුඩුව, දියකඩ, වෙනිවැල්කොල, වීදියගොඩ, කිදෙල්පිටිය යන ගම්මාන ගණනාවක පිටාර ජලය බැසයාමට ඇති පහත් බිමක් වන මෙය කෙළවර වන්නේ බොල්ගොඩ නදියෙනි. එවැනි විශිෂ්ට වටිනාකමක් ඇති මෙම පාරිසරික කලාපය බණ්ඩාරගම, හෝමාගම සහ පිළියන්දල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනකටම ද අයත් වේ.

අදාල නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමේදී මෙම පහත් බිම අඩි පහත් අටක් අතර ප‍්‍රමාණයකින් ගොඩ කිරීමට ද බලාපොරොත්තු වන බව දැන ගන්නට ඇත. ඉඳින් එය එසේ වුණහොත් දැඩි වර්ෂාපතනයක් හමුවේ ඉහත ක ගම්මාන සමූහයම බරපතල අන්දමින් ගං වතුර තර්ජනයකට ලක්වීම නොවැලැක්විය හැකි වෙනු ඇත. මේ සම්බන්ධයෙන් තමන් පරිසර අධිකාරිය ඇතුළු සියළු බලධාරි ආයතන වෙත දිගින් දිගටම දැනුම් දුන්නත් කිසිදු ප‍්‍රතිඵලයක් නොලැබුණේ යැයි රයිගම්පුර සම්පත් සුරැුකීමේ සංවිධානය වැඩි දුරටත් පවසයි. මීට විරුද්ධව කරුණු ඉදිරිපත් කරන ගම්වැසියන්ට තර්ජනය කිරීමේ තත්වයක් ද මේ වන විට ගොඩ නැඟී ඇතැයි ද ඔවුහු පවසති.

මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට ප‍්‍රධාන පෙළේ පරිසර සංවිධාන වෙනුවෙන් සහභාගී වූ පුබුදු වීරරත්න සහ නයනක රන්වැල්ල යන පරිසරවේදීන්ද මීට අදාලව කරුණු ඉදිරිපත් කළහ. වීශේෂයෙන්ම ස්විස්ටර්ලන්ත සමාගමක් යැයි පැවසුවද ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය එවැනි සමාගමක් තම රටෙහි නැති බවත්, එම නමින් ලියාපදිංචියක් හෝ නැතැයි යනුවෙන් ද පවසා ඇත. එසේ බලන විට මෙම නිවාස ව්‍යපෘතිය ඉදිකිරීමට ඉදිරිපත් වී ඇත්තේ නිත්‍යානූකූල සමාගමක් ද යන සැකය පවා ඇති වී තිබේ. තවද එවැනි පසුබිමක් තුළ මෙසේ කටයුතු කිරීමට ඔවුනට හැකිවී ඇත්තේ කෙසේද යන්නද ගැටළුවකි.

ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී ප‍්‍රකාශ වූ අන්දමට මේ වන විටත් වනාන්තර භූමියෙන් විශාල ප‍්‍රමාණයක් බැකෝ යන්ත‍්‍ර යොදා ගෙන විනාශ කොට ඇත. රජය විසින් පසුගිය මාසය නම් කරන ලද්දේ වන රෝපණය වෙනුවෙනි. හාස්‍යයට කරුණ වන්නේ මේ වනාන්තර විනාශය එම මාසය තුළදීත් අඩුවකින් තොරව සිදු වීමයි. අදාල රාජ්‍ය බලධාරි ආයතන මෙන්ම මහජන නියෝජිතයන් ද පූර්ණ නිශ්ශබ්දතාවයෙන් යුතුව එය ඉවසා සිටීමයි.

En. Reporting

IMG_0542.JPGunnamed (5).jpgIMG_0538.JPG

Views – 4,574

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s