පොදුවේ ගත්තම හැම දෙයක්ම සාහිත්‍යයිකයි – ප්‍රේමරංජිත් තිලකරත්න

ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකයකු ස්වතන්ත්‍ර නාට්‍ය රචකයෙකු, ලේඛකයෙකු මෙන්ම පරිවර්තකයකු ලෙස දසක පහකට අධික කාලයක සිට ලාංකේය සාහිත්‍යය හා නාට්‍ය ක්ෂේත්‍රයට ප්‍රබල සංස්කෘතික දායකත්වයක් දක්වා ඇති ‘ප්‍රේමරංජිත් තිලකරත්න’ සිය නවතම කෘතිය ‘දුර්ගය’ නමින් එළිදක්වා ඇත. මෙවර ‘සත් සංලාප’ වෙන් වන්නේ, ප්‍රේමරංජිත් තිලකරත්නයන් සිය නවතම කෘතිය පිළිබඳව මෙන්ම සිය ජීවන සංස්කෘතික හා සමාජීය අත්දැකීම් අරබයා කැරෙන සංලාපයක් වෙනුවෙනි.

ඔබේ අලුත්ම කෘතිය, අලුත්ම ආකෘතියක්ද? නිර්වචනයක් වශයෙන් ඒ ගැන ඔබට කිව හැක්කේ කුමක්ද?

160804-10-3.jpgඔව්, ඒක මෙහෙමයිත මගේ අලුත්ම කෘතිය ‘දුර්ගය’ මගේම ජීවිත අත්දැකීම් විස්තර කරන එහෙත් නවකතාවක අකෘතික ස්වරූපය ගත් කෘතියක්. කාලක්‍රමානු ගතව හැසිරුණු ආකාරය, ළමාවිය, තරුණ විය, වෘත්තීය ජීවිතය සම්බන්ධයෙන් අසම්බන්ධ නොවූ අඛ්‍යානයක් හැටියටත් මෙය හඳුන්වන්න පුළුවන්. විකිපීඩියා වෙබ් අඩවිය මේ අඛ්‍යාන විශේෂය නිර්වචනය කරන්නේ මෙහෙමයි.

ස්වයංචරිතානුබද්ධ නවකතා යනු (Auto biological Novel) ස්වයං චරිතාපදාන සහ කලිපිත ප්‍රබන්ධයන්හි සංකපනයක්. එහෙත් එහි පදනම යථාර්ථයෙන් බැහැර නොවෙයි. පුද්ගල නාම සහ ස්ථාන නාම ඉඳහිට මාරු කරනු ලැබිය හැකි අතර සිද්ධීන් නාට්‍යානුරූපීව නැවත නිර්මාණය කළ හැකිය. එහෙත් කතා වස්තුව කතෘගේ ජීවිතයට බොහෝ සෙයින් සමාන විය යුතු වුණත්, කර්තෘගේ ජීවිතයේ සිදුවීම් සම්බන්ධයෙන් පරම සත්‍යයම අනාවරණය විය යුතුය කියා නියමයක් නැත. සමහර සිද්ධි අතිශයෝක්තියටත්, තවත් ඒවා වෙනස් කිරීම්වලටත් භාජනය විය හැකිය. කලාත්මක ගතියක් ඉස්මතු කිරීමට හෝ තේමාව උද්දීපනය කිරීම සඳහා ඒ දේ එහෙම වෙන්න පුවවන්. මෙය දෙමුහුන් ප්‍රබන්ධයක්. එය ස්වයං චරිතානුබද්ධ නවකතාවක් හැටියට සලකන්නේ එහි කතා නායකයාගේ චරිතය කර්තෘගේ චරිතයට අනුරූපව නිර්මාණය කෙරෙන නිසයි. කතාවේ සන්දර්භය ඔස්සේ ඔහුගේ ජීවිතයේ සිදුවීම් මාලාව දිග හැරෙනවා නම් ඒ වනාහි ස්වයං චරිතානුබද්ධ නවකතාවක්.

මා කියනවා දුර්ගය ඔබ ගැනම ඔබ සිදු කරගන්නා ස්වයං පැහැදිලි කරගැනීමක් කියලා

කුඩා කාලයේ සිටම මට යම් ස්ථාවරයක් තිබුණා. ප්‍රතිපත්තියක් තිබුණා. ගේසිත පැවැත්මක් කඩා වැටෙන ආකාරය තමයි මම මුල්ම නාට්‍යය වන ‘වගුරු බිම’ මඟින් නිරූපණය කළේ. එදා මට එවැනි අත්දැකීමක් තිබුණේ නැතත්, පසු කාලයේදී මා හිස මත කඩා පාත් වුණු ඒ අත්දැකීම එදා ඒ ආකාරයට මා තෙවැනි ඇසකින් දුටුවා දැයි අද මට හිතෙනවා. මා සාන්තුවරයෙක් වැනි මිනිහෙක් යැයි මට හිතෙනවා, එහෙත් මා තුළත් පෘථක්ජන හැඟීම් අවදි වෙනවා. ඉන් ගැලවීමක් මට නැහැ. ඒ නිසා මා වනාහි දෙවැදෑරුම් චරිතයක් කියලා අවට ලෝකයා තේරුම් ගත්තා දැයි කියන්න මා දන්නේ නෑ.

ඔබ සම්බන්ධයෙන් ගත්තෝත් සාහිත්‍යකරුවා කියන හඳුනාගැනීමකුත් තියෙනවා

පොදුවේ ගත්තම හැම දෙයක්ම සාහිත්‍යයිකයි. එයින් ගැලවෙන්න කිසි කෙනෙකුට පුළුවන්කමක් නැහැ. අනික මා ඔබට කීවා මම හැමදේකටම කලින් මම බොහෝ සෙයින් කියැවීමට යොමු වෙලා හිටියාය කියලා. පුස්තකාල ඇසුරු කළා c2කියලා. මා බොහෝ සෙයින්ම කියෙව්වේ බටහිර සාහිත්‍ය කෘතිය කියන කාරණාවත් මෙහිදී කියන්න ඕනෙ. ඒ සාහිත්‍යයේ සන්දර්භ ලක්ෂණයන් ගෙන් ලද ආභාසයෙන් මා මුවහත් වූණා. සංවර්ධනාත්මක සාහිත්‍ය නිර්මාණ පැවැත්මකට එවැනි ආභාසයන් අවශ්‍යයි. එක් භාෂාවක් පෝෂණය වීමට තවත් භාෂාවක සහාය අවශ්‍යයි. ඒත් අද අපි ආභාසයෙන් තොරයි. භාෂාව සම්බන්ධයෙන් නම් ජාතියක් හැටියටම අපි අනාථයි. එතැනදී රටක් වශයෙනුත් අපි සිටින තැන අතිශයින්ම පසුගාමීයි. කොටින්ම කියනවා නම් අපි අද හැම දේකින්ම විචාර හැකියාවක් නැති නිරීක්ෂණයක් නැති වෙලා ඉන්නවුන් පමණක් බවට පත් වෙලා ඉවරයි. මේ නිසා අපට අදාළව විචාරය යනු නොහැකියාවක්. කුහකවතක්, දුෂ්ටත්වයක්, ඔය පොත් සමීක්ෂණය කරන්න ඉන්න අයගෙන්වත් අපට පුළුවන් ද ශාස්ත්‍රිය විනිහිචයක් බලාපොරොත්තු වෙන්න. එක්තරා කාලයක් තිබුණා විශේෂයෙන්ම ඉංග්‍රිසි පුවත්පත්වල හොඳ සාහිත්‍ය විචාර පළවුණා. සිංහල පුවත්පත්වලත් එහෙම නොවුණා නොවේ. ඒත් පෞද්ගලිකව මම හිතනවා අද දවසේ පිබිදීමට වඩා පරිහානිය බලවත් කියලා. උදාහරණයක් අවශ්‍ය නම් රජයේ සේවය ගන්න. ඒ කාලයේ ඒ සේවයට අදාළ විභාගයට ඉඳගෙන එය සමත් වුණාම පත්වීම් යැව්වේ තැපෑලෙන්. අද රාජ්‍ය සේවා පත්වීම් ලබා දෙන්නේ ඇමති හස්තයෙන්. මොන ආකාරයෙන් විවේචනය කළත් ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක කියන්නේ උගත් තරුණ පරපුරට රජයේ සේවයෙන් ඉහළට යන්න හැකි ආකාරයට වැඩපිළිවෙළක් සකස් කරපු ස්ථීරසාර ප්‍රතිපත්තියක් ඇතුව කටයුතු කළ දේශපාලකයෙක්. ඒත් ඔහු නොමරා මැරුවා. විවේචනය කියන්නේ ගැඹුරු හැදෑරීමක්ය කියන කාරණය. අපි තාම අවබෝධ කරගෙන නෑ. අවස්ථාවාදී පහර දීමක් තමයි අදටත් අපි විවේචනය නමින් අරගන්නෙ.

ඔබ පෙන්වා දෙන අන්දමට ඒ කාලයේ දී රජයේ සේවය සහ උගත් තරුණ පරපුර අතර කිට්ටු සම්බන්ධයක්ද තිබිලා තියෙනවා?

ඔව්, රජයේ සේවය තමයි එදා උගත් තරුණ පරපුරට එකම පැවැත්ම වෙලා තිබුණේ. ලේඛකයෝ, කලාකරුවෝ මේ ar0808031.jpgකවුරුත් එදා ශිල්ප දැක්වූවේ රජයේ සේවයෙන් ලැබුණු වැටුපෙන්ය කියන කාරණයට මං හිතන්නේ නෑ අපේ පරම්පරාවේ කිසිවෙක් විරුද්ධ වෙයි කියලා. ඒ මොකද මේ රටේ කිසිම කාලයක වෘත්තීය කලා ශිල්පියකු හැටියට පැවැත්මක් හදාගන්න පුළුවන් කමක් තිබුණේ නෑ. අදටත් නෑ. සිංහල පාඨක සමාජය සීමිතයි. වැඩිම වුණොත් පිටපත් දාහයිනේ එක මුද්‍රණ වාරයකට ගහන්නේ. බලවත්ම තැන ඉන්නෙ ප්‍රකාශකයෝ. ලේඛකයෝ නෙමෙයි.

ඉතිහාසයේ මුල සිටම අප මහා දෙයක් කරලා නෑ. අපි නිකං පලා ආ කොන්වූ ජන කොට්ඨාසයක් වගෙයි. නැඟී සිටින්න. වෙනස් වෙන්න අපිට කිසිම උනන්දුවකුත් නෑ. මොකක්ද හේතුව මතක තියාගන්න. බ්‍රිතාන්‍ය අගමැති වින්සන්ට් චර්චිල් කියන්නේ හොඳ ලේඛකයෙක්. ඒ රටවල්වල නායකයෝ එහෙමයි. ඒ රටවල්වල සංවර්ධනය වුණෙත් ඒ නිසාමයි. ඒත් අපිට මොනවද තියෙන්නේ. ඒකයි මං කියන්නේ අපි කොහෙදෝ ඉඳලා පලා ඇවිත් හැංගිලා ඉන්න මිනිසුන් කණ්ඩායමක් වගේය කියලා.

සාකච්ඡුා කළේ – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

Views – 2,700

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s