මුහුදු වෙරළේදි දුටු සංගීතඥයා

වර්ෂය 1950. අප එගොඩ උයනේ පදිංචියට ගොස් වැඩි දවසක් ගත වී නොතිබුණි. මුහුදු වෙරළ අප පදිංචිව සිටි නිවසට ඉතා ආසන්නය. සෙනසුරාදා දිනයක් නිසා එදා හවස අපි වෙරළේ ඇවිදින්නට ගියෙමු. රේල් පාරෙන් පැන එගොඩ උයනේ දුම්රිය පාර පසුකොට වැල්ල දිගේ අපි මොරටුව පැත්තට නිදැල්ලේ ගමන් කලෙමු.

”අන්න ඩබ්ලිව්. ඞී. ඇල්බට් පෙරේරා” හිටි හැටියේ ලොකු අය්යා අපට කීවේය.

වෙරළින් මදක් මෑත පොල් ගහකට හේත්තු වී යමෙකු සිටගෙන සිටිනු මම දුටුවෙමි. ඔහු කුඩා මිනිසෙකි. වේට්ටියක් හා දිගු ජාතික බැනියමක් ඇඳ සිටි ඔහු පොල් ගසට පිට දී ඈත මුහුද දෙස බලා සිටියේය. ඔහුගේ දිගු කමිසයේ දෙපස සුළඟට අසු වී රිද්මයකට නලියයි. මදක් අවුල් වූ ?ලි වැටුණු දිගු කෙස් කළඹද මුහුදු සුළඟ සමඟ කෙළිදෙලෙන් නටයි. එක්වනම මම අමරදේව ( එකල ඩබ්ලිව්. ඞී. ඇල්බට් පෙරේරා * හඳුණා ගතිමි. මරදානේ ස්ටුඩියෝවකදී මා නිතර දැක පුරුදු ඔහුගේ දිග කමිසයේ දෙපස සිහියට නැගුණි.

පළමු වරට අමරදේවයන් මුණ ගැසුණේ මෙපරිදිය.

”මේ ඉලන්දාරීන්ට ටිකක් ඔයත් එක්ක කතා කරන්න ඔිනෑලූු” අප මිත‍්‍ර ඩඞ්ලි මෙන්ඩිස් තරුණ අමරදේවයන්ට විහිළුවට මෙන් පැවසුවේය.3

”කොච්චර හොඳ\?” අමරදේව සිනාසුණේය. ඔහුගේ අවිහිංසක සිනාවේ චමත්කාරයෙන් වශී වු මම නිහඬව බලා සිටියෙමි.අයියලා ඔහු සමඟ නොයෙකි දේ දෙඩුවෝය. අප මිත‍්‍ර ඩඞ්ලි මෙන්ඩිස් කලක සිට හඳුණයි. එකම ගමේ එකට හැදුණු වැඩුණු ඔවුහු ගමේ සංස්කෘතික හවුලකද හහකරුවෝය.

මට බාළ විය මතක් විය. බාළ වියේදී අගනුවර තරුණ සංස්කෘතික සංගමයක් විසින් මෙහෙයවන ලද ගායන තරඟ මට මතක් විය. ගම්පහ ලෝරන්ස් කොලිජියෙන් අපි සොහොයුරන් තිදෙනෙකු ඊට සහභාගි වීමු. එදින වයස දොළහෙන් පහළ ගායනා තරගයෙන් පළමු තැන දිනා ගත්තේ කුඩා දැරියකි. ඇගේ නම ශ‍්‍රීමතී වෙත්තසිංහයි. ඇගේ ගීයට තනුව සපයා වයලීනය වාදනය කළ වාදකයා මගේ සිිහියට නැගුණි. ඒ අනිකෙකු නොව, ඩබ්ලිව්. ඞී. ඇල්බට් පෙරේරා නැමැති එිසි විය නොඉක්මවූ තරුණයාය. එම ලයාන්විත ගීතයෙහි මුල් පද කිහිපය මගේ දෙසවන දෝංකාර දෙනු ඇසුණි.

”නයි.. සිත පිනයි – සිත පිනයි.. හදේ හදේ මොරගා..”

”මේ ඉලන්දාරියා මොකද කතා නැත්නත්”

අමරදේව මා දෙස බලා හිස අතගාන්නාක් මෙන් මුදු ලෙස සිනාසුණේය. පෙර සිද්ධිය මම ඔහුට මතක් කළෙමි. ඔහු හඬ නඟා සිනාසුණේය.

”ඒ සින්දුව මට තව මතකයි”

ඔහු තවත් සිනාසෙයි.

”දැන් වගේ කාලෙක නම් එහෙම සින්දුවකට තෑගි ලැබෙන්නේ නෑ.”

”ඒ ඇයි?”

”ඒ සින්දුවේ වචන යෙදීම දුර්වලයි” ඔහු සිනාසෙමිේ පැවසීය. ’‘පිනයි- සිත පිනයි
හදේ හදේ මොර ගා” ඒ තමා ඒ සින්දුවේ පළමු පදේ. නමුත් එහෙම පදයක් සංගීතයට යොදන්න බෑ.ඒ නිසා මම පොඞ්ඩක් වෙනස් කරලා ”නයි සිත පිනයි” කියලා මාත‍්‍රා දෙකක් වැඩි කරලා තාලය හැදුවා. නමුත් එහෙම කලාම අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.”

ඒ වුණාට ඒ තාලය හරි ලස්සනයි.” මම තර්ක කළෙමි.thumb500_amaradewa_02

ඔහු යළිත් හිස අත ගාන්නාක් මෙන් සිනාසුණේය.

”ඔයා මොකද එතන කළේ?’‘

”දොළහෙන් පහළ දෙවැනි තැන දිනුවේ මමයි” මම ආඩම්බරනේ කීවෙමි.

”සින්දුවකටද?”

”නැහැ කවි පංතියකට”

”හරි හරි මට මතකයි. ලොකු ඇස් දෙකක් තියෙන ළමයෙකුට දෙවැනි තැන ලැබුණා.”

වටින් ගොඩින් කළුවර වැටීගෙන එන නිසා අපි එදා අමරදේවයන්ගෙන් සමු ගතිමු. එහෙත් ඒ හමුවීම මගේ මතකයෙි පැහැදිලිවම ?ඳී තිබේ.

එදා අපේ සංවාදයේ කොටසකට මාතෘකාව වූ එම ගීතයේ අුාරමිභක පදය මා මෙහි සනිටුහන් කළේ හේතුවක් ඇතිවය. එදා මෙදා තුර ගීත රචනය, තනු යෙදීම, සංගීත ස්වර නිර්මාණය ආදිය කොතරම් වෙනස් වී ඇත්ද? කොතරම් පරිවර්තනයකට අසු වී ඇත්ද? යන්න අද අපට පැහැදිලිවම පසක් වේ…..

කිසිම ගීතයක් ඔහු දෙවරක් එකම ලෙසකින් නොගයයි. දුෂ්කර චරිත රඟපාන කෘතහස්ත නළුවෙකු මෙන් ඔහු නිරතුරුවම නව අරුත්, නව සංයෝජන, නව ස්වර දැහැන් සොයයි. දකියි. අමරදේව සමඟ ගී ගයන ගායිකාවන් මේ නිසාම මහත් අසීරු තත්වයකට එළැඹෙන අවස්ථා මම දැක ඇත්තෙමි.

අමරදේව හදිසියේ වැඩ නොකරයි. ඔහුටම ආවේණික රිද්මයක්, තාලයක් ඔහුගේ එම දින චරියාෙවිද ඇත. අමරදේව සමඟ නිර්මාණයක යෙදෙන්නන් මෙම රහස දැන සිටිය යුතුය. ලෙහෙසියෙන් ඉක්මන් කරවිය හැකි පුද්ගලයෙකු නොවේ ඔහු. එසේ ඉක්මන් කරවීමට ගියහොත්, එක්කෝ ඔහු ඔබ හැර යයි. නොඑසේ නම් ඔබ ඔහු හැර යයි.

කාලය කිසිම විටක ඔහුට අභියෝගයක් නොවේ. ඔහුගේම විග‍්‍රහයක් අනුව සංගීතය නම්, කාලය පිරවීමකි. සුන්දර, මිහිරි, අර්ථවත් නාද රටාවන් ගෙන කාලය පිරවමට අමරදේව කාලයම අවියක් කර ගනියි. ඔහු කිසි විටෙකත් කාලයෙහි අතකොළුවක් බවට පත් නොවේ.

henry-jayasena-01

හෙන්රි ජයසේන විසිනි.

( අමරදේව ප‍්‍රතිසංවේදය – කෘතියෙනි. )

 

 

 

 

Views – 5,607

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s