සුදු රයිනෝසිරස් රකින්න හමුදාව කැඳවයි

ඒ දැවැන්ත ක්ෂිරපායි සත්වයා අවම වශයෙන් වසර මිලියන 50ක් තරම්වත් අතීතයකට හිමිකම් කියයි. ඒ සා දිගු අතීතයක සිට පැමිණෙන මේ දැවැන්ත සත්ව විශේෂය අද දවසේ අමානුෂික ඝාතනයකට ගොදුරු වී තිබේ. එකම හේතුව රයිනෝ අඟය. වියට්නාමය මේ වන විට ඒ ඝාතනය නවතා තිබේ. ඒ 2013 ඔක්තෝබර් මස ”කැට්ටයන්” ජාතික වනෝද්‍යානයේ සිටි අවසානම සත්වයාත් මරා දැමීමෙන් පසුවය. වෙඩි වැදී තිබුණේ උගේ පාදයටය. උගේ අඟ අතුරුදහන් වී තිබිණි.

shapeimage_3නීති විරෝධි වෙළඳ ජාලයක් තුළ මත් ද්‍රව්‍ය හා ආයුධ හා සමානවම රයිනෝ අඟ හා ඇත් දළ ජාවාරමද සියළු නෛතික විධි විධානයන් තිබියදීත් අවහිරයකින් තොරව සිදු වන්නක්ය යන්න අළුත් ප‍්‍රවෘත්තියක් නොවේ. අනිත් අතට මේ වනාහි හැංගිහොරා කෙරෙන කටයුත්තක්ද නොවන තරම්ය. උදාහරණයක් ලෙස 2008 සිට 2011 මැදක් වන තුරුම දකුණු අප‍්‍රිකාවේදී රයිනෝසිරස් සත්වයින් 776 ක් මරා දමා තිබෙන්නේ හෙලිකොප්ටර් යොදා ගෙන G.P.S තාක්ෂණය සහ අර්ධ ස්වයංක‍්‍රීය ආයුධ භාවිතා කරමිනි. ඉනුත් නැගෙනහිර අප‍්‍රිකාව මේ තත්වය වඩාත් දියුණු ආකාරයකට පවත්වා ගෙන යයි. ඊට අවශ්‍ය නීති විරෝධී අවි ආයුධ අලෙවි කෙරෙන්නේ සෝමාලියාවේදීය. කෙන්යානු හමුදාවෙන් සොරා ගත් රාත‍්‍රිය විනිවිද දැකිය හැකි දුරදක්න ද මේ අතර වෙයි. තවද සඳ ඇති රාත‍්‍රි කාලවලදී රක්ෂිත වනෝද්‍යානවලට පැන මේ සතුන් මරා දැමෙන්නේ සයිලන්සර් සවිකරන ලද ගිනි අවි වලිනි. එවා නිෂ්පාදනය කොට ඇත්තේ බයිසිකල් පොම්පවලින් බවට හඳුනා ගෙන ඇත. ඒ වෙනුවෙන් වනෝද්‍යානවල සේවය කරන ආරක්ෂකයන්වද මරා දැමීමට මේ අය පසුබට නොවෙති.

rhino_1.jpg

rhino-horn

මේ මහා සංහාරය සහ ජාවාරම රදා පවතින්නේ මුළුමනින්ම මිථ්‍යාවක් වන අතීත ප‍්‍රවාදයක් මතය. එනම් චීන වෛද්‍ය ශාස්ත‍්‍රයට අනුව දරුණු උණ රෝගයන්ට මනා පිළියමක් ලෙස රයිනෝ අෙඟහි ඖෂධීය වටිනාකමක් ඇතැයි පිළි ගැනේ. නූතන වෛද්‍ය විද්‍යාවෙන් සනාත නොකල මෙම මිථ්‍යාව නිසා අප‍්‍රිකානු කලාපය තුල පමණක් මේ වන විට රයිනෝසිරස්ගහනය 90‍්‍ර කින් ඝාතනය වී තිබේ. වසර 50 ක් වැනි කාලයක් පුරා එය එසේ සිදු වෙද්දී උණ රෝගය වෙනුවෙන් ඇස්ප‍්‍රීන් පෙත්තක් ගැනීමට අපේ කාලයේ මිනිසුන් කල්පනා නොකලේ මන්ද යන්න ගැටළුවකි.

අප‍්‍රිකාවේ වෙසෙන සුදු පැහැ රයිනෝසිරස් වර්ගය සිය ආහාරය වශයෙන් තෘණ විශේෂ තෝරා ගෙන සිටියි. එහෙත් කළු පැහැ විශේෂය වඩා ප‍්‍රිය කරන්නේ ශාකවල දළු රිකිලි බව පැවසේ. සුදු පැහැ යැයි කීවද අළු පැහැයට හුරු සමක් ඇති මෙම රයිනෝසිරස් විශේෂය පරිවර්තන දෝෂයක් නිසා එසේ වී ඇති බව බොහෝ අය නොදනිති. නැගෙනහිර අප‍්‍රිකාවේ ස්වදේශීය ජනතාව මෙම සුදු පැහැ සත්වයින් එසේ හඳුන්වන්නේ නැත. ඔවුන් කළු පැහැ සතුන්ට වඩා විශෘලය. එනිසා ස්වදේශීය වහර ඉංග‍්‍රීසියට පරිවර්තනය විය යුතුව තිබුණේ 2A8BB4A300000578-0-image-a-53_1436973717549.jpg

Wide ලෙසිනි. නමුත් එය Wide යනුවෙන් පරිවර්තනය කිරීම නිසා විකෘති වූ හඳුනාගැනීමක් සිදු විය. ප‍්‍රමාණයෙන් විශාල මෙම සුදු රයිනෝසිරස් විශේෂයේ මුඛයේ ස්වරූපය හතරැුස්ය. ඊට සාපේක්ෂව කුඩා, කළු පැහැ විශේෂයට යමක් ග‍්‍රහණයට ගෙන නෙලා ගත හැකි තොල් සඟලක් තිබේ. ශාක දළු සහ පලතුරු කඩා කෑමට ඔවුන් සමත් වන්නේ ඒ නිසාය. කෙසේ වෙතත් සුදු රයිනෝසිරස් විශේෂය අනෙක් විශේෂයට සාපේක්ෂව සාමකාමි ගති පැවතුම් ඇත්තෝ වෙති. එහෙත් ඒ නිසාම වඳවීමේ තර්ජනයෙන් මේ සතුන් අත් මිඳී නැත. එය කොතරම් දරුණු තත්වයකට පත්වී ඇත්දැයි කිවහොත් ඔවුන්ට හමුදා ආරක්ෂාව පවා ලබාදීමට කටයුතු කොට ඇත.

රයිනෝසිරස් ඝාතනය වලක්වන සංරක්ෂණය මුල්කරගත් ව්‍යාපෘති මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් පවතී. නෛතික සහ තාක්ෂණික සහායද ඊට ලැබෙන බවද කිව යුතුය. එපමණක් නොව ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මක වන බුද්ධි අංශයක්ද ආරක්ෂක සේවාවන්ද සපයා ගැනීමට ඒ සංරක්ෂණ ව්‍යාපෘති කටයුතු කොට තිබේ. තවද මේ සත්වයින් ඝාතනය නොවී රැුකබලා ගැනීමට මුල්‍ය දායකත්වය සැපයීමට පැවැති අයවලූන්ටද ඊට අවස්ථාව ලබාදී ඇත. එය වඩාත් විධිමත් කරමින් රයිනෝසිරස් සංරක්ෂණය ලාභදායි ආයේජන ව්‍යාපෘතියක් වශයෙන්ද හඳුන්වා දී තිබේ. එමෙන්ම මේ සතුන් සඳහා සංරක්ෂිත භූ කලාපද මේ වනවිට නිර්මාණය කොට තිබේ.
වනාන්තර එළිපෙහෙලි කිරීමේ අවිධිමත් බව නිසා සිය ආහාර බිම් අහිමි වන අලි ඇතුන් හා සමානවම රයිනෝසිරස් සත්වයින් ද අහර සොයා ගම් වැදීම අද අප‍්‍රිකානු කලාපය තුල දැකිය හැකි තත්වයකි. විශේෂයෙන්ම කළු පැහැ සතුන්ගෙන් 50‍්‍ර ක් තරම් ප‍්‍රතිශතයක් වෙසෙන්නේ වනාන්තරයේ නොව පෞද්ගලික ඉඩම්වල බවට හඳුනාගෙන තිබේ. කෙසේ හෝ මෙවැනි තත්වයක් ටැන්සානියාවේ හෝ උගන්ඩාවේදී දැකිය නොහැක. එහෙත් මෙම තත්වය සැලකිල්ලට ගත් කෙන්යානු රජය පෞද්ගලික ව්‍යවසායකත්ව වැඩ පිළිවෙලක් යටතේ රයිනෝසිරස් සංරක්ෂණය ආරම්භ කොට තිබේ. එවැනි සාර්ථක සංරක්ෂණ කලාපයක් කෙන්යාවේ ලයිකිපියා ප‍්‍රදේශයේදී දැකිය හැකිය. සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනය සඳහා කෙන්යානු රජය රයිනෝසිරස් සංරක්ෂණ කලාප සාර්ථක ලෙස යොදා ගනිමින් සිටියි.

lincoln-park-zoo-rhinos.jpg

මෙම තත්වයම අප රටේ වෙසෙන අලි ඇතුන් මුහුණ පා සිටින ඛේදවාචකයට එරෙහිව යොදා ගත හැකිය යන්න අපගේ කල්පනාවයි. එහෙත් එවැනි නිර්මාණශීලි වගකීමක් ගත හැකි රාජ්‍ය මට්ටමේ නිලධාරි තන්ත‍්‍රයක් අපට නැති බව කීමට සිදුව තිබේ. වැරදීමකින් හෝ එසේ සිටියත් මෙරට කාලකන්නි දේශපාලන වාතාවරණය තුල එවැනි සාර්ථක ව්‍යාපෘතියක් පවත්වා ගෙන යෑමට ඉඩ ලැබේවි යැයි සිතිය නොහැකිය.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

Views – 1,846

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s