නොදත්කම යනු ඵෙතිහාසික සංසිද්ධියකි. – මිචෙල් ෆූකෝ

”අනාගතයේදී සිදුවන දේ ගැන අප දන්නවා නම්, එය පැහැදිලි නම් මිනිසෙකුට ලිවීමට උත්තේජනයක් ඇති විය හැකිද? ඔබ, ඔබේ ඉදිරිය ගැන නොදන්නතාක් කල් ඒ නොදත්කම හමුවේ ලිවීමට ඇති වන පෙළඹවීම මැඩගත නොහැක්කකි.” – මිචෙල් ෆූකෝ

මිචෙල් ෆූකෝ (Michel Foucault) සමාජ ආයතනික ව්‍යුහයන් ගැන සිදු කළ විවේචන ඔස්සේ ඉදිරියට ආ චරිතයක් d51cb30cd185ab530c59b08fa09c8d3dලෙසින් හැඳින්වීමේ වරදක් නැත. එසේ පල කරන්නට යෙ¥ණා වූ විවේචන අතර නොදත්කම යනු ඵෙතිහාසික සංසිද්ධියකි.
වූ මානසික විද්‍යාව, පුනරුත්ථාපන ආයතන, බන්ධනාගාරවල පවත්නා වාතාවරණය සම්බන්ධයෙන් ඇති අදහස් ජගත් අවධානයටද පාත‍්‍ර වී තිබේ. ව්ශේෂයෙන්ම සමෙලෙංගිකත්වය පිළිබඳව ඔහු පළ කල අදහස්වල ඇති විවෘත බව මෙහිදී අමතක කළ නොහැක්කකි. ඒ අනුව සමෙලෙංගිකත්වය ඔහු දකින්නේ නම් කළ නොහැකි අනන්‍යතාවක්, නමක් නැති ක‍්‍රියාකාරීත්වයක් වශයෙනි. තවද එය නිකංම කියූවක්ද නොවේ. තමන් විසින් සිදු කරන ලද ගවේෂනයකින් පසුව කියූවක්ම වේ. ඒත් සමඟම පශ්චාත් නූතනවාදියෙකු ලෙසින් තමන්ව හඳුන්වාදීම සම්බන්ධයෙන් සිය බලවත් අකමැත්ත ප‍්‍රකාශ කිරීමටද ඔහු කටයුතු කොට තිබේ. අද්‍යතන නූතනවාදය ගැන තමන් පවසන අදහස් ඒ අරුතින් නොගත යුතුය යන්න ඔහුගේ අදහසයි. ෆුකෝ පශ්චාත් නූතනවාදීයෙකු ලෙසින් ඇතමුන් හඳුණාගන්නේ ආයතනික වේවා යම් ව්‍යුහහමය තත්ව ගැන ඔහු පල කල අදහස් සැලකිල්ලට ගැනීමෙන්ය යන්න මෙහිලා කිව යුත්තක් වේ.

තමන් කවුද යන්න සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් දැනුවත් වීමක් කෙනෙකුට අවශ්‍ය නැතැයිද ඔහු පවසයි. ඒ අනුව මිනිසෙකු සිය මුල් කාලයෙන් පසු වෙනස්කම් වලට ලක් වෙන්නේ එවැනි තත්ව උදෙසා ක‍්‍රියා කිරීමෙනි. එම ක‍්‍රියා කිරීම රඳා පවතින්නේ නොදත්කම මතය. එසේ ගත් කළ මානව ශිෂ්ටාචාරයේ මුල සිටම සියලූ ක‍්‍රියාකාරීත්වයන් රඳා පැවතුනේ නොදත්කම නිසාය. යමෙකු ලිවීමට උත්තේජනයක් ලබන්නේද ඒ නොදත්කම හේතු කොට ගෙනය. මේ ආකාරයට මානව සිත් පරම්පරාවන් ඔස්සේ ඉතිහාසය සොයා යෑම ඔහු සිය විෂය ක්ෂේත‍්‍රය කරගෙන සිටියේය. එහිදීද මිනිසා යනු කවරෙකුවත් නොවේ. සිතුවිලි පරම්පරාවක් වේ. ඒ සිතුවිලි ඒකාත්මික වීම සමාජ දේශපාලන, ඉතිහාසයීය වශයෙන් පමණක් නොව විශ්වීය වශයෙන්ද සිදු වන්නේය. ඔහුට අනුව මිනිස් පැවැත්මට අදාලව සිතුවිලි යනු සුවිශේෂයක් වේ. එමෙන්ම ඒ සුවිශේෂත්වය ඔවුන්ගේ පොදු සමාජ සම්බන්ධතා වලින් ඈත්ව පිහිටා ඇත්තේය. එසේ ගත් කළ මිනිසා සිතන පතන ආකාරය වටහාගත හැකි සුදුසු තර්කවාදයක් අදටත් අපට නැත. අප විශ්වීය චින්තනයක් ගැන කතා කරන්නේ එවැනි තැනක හිඳගෙනය. සමාජ පැවැත්ම සහ මිනිසුන් සිතන ආකාරය, ඒ පිළිවෙල දෙතැනක පවතී. ඒ මැදින් ඇත්තේ දෙවැටක් වැනි කුඩා මඟකි.් යථොක්ත විෂය හදාරන්නෙකුට ඒ සඳහා ඇත්තේ ඒ සීමිත ඉඩකඩක් සහිත මඟය.
වෙනත් මඟක් නැත.

bd69e9702d3723112bdb51ee5867afcfඔහුගේ අනිත් විශේෂ පැහැදිලි කිරීම වන්නේ බුද්ධිවාදියෙකුගේ කාර්යභාරය කුමක්ද යන්නයි. තමන්ගේ වැඩ සටහන් වලට පැමිණෙන ජනයා තමන්ගේ අනාගත පැවැත්ම ගැන පැහැදිලි කිරීමක් කරන්න යැයි ඇතැම් විට ඉල්ලා සිටින්නේ බල කරන්නාක් වැනි තත්වයකින් යැයි ඔහු පවසයි. මිචෙල් ෆූකෝ ඒ සම්බන්ධයෙන් සිය අදහස මෙසේ ඉදිරිපත් කරයි.

”හොඳම හොඳ පරමාර්ථ මත ආරම්භ කරන්නා වූ කොතරම් උසස් වැඩ සටහනක් වුණත් අවසානයේදී ආයුධ මෙවලම් බවට පත් වූ අවස්ථා තිබෙනවා. ඇතැමුන් ගේ බලය වෙනුවෙන් එම වැඩ සටහන් මෙවලම් බවට පත් වෙනවා. රූසෝ කියන්නේ සාදරයෙන් පිලිගත යුතු නිදහස් වාදියෙක්. ඒත් ඔහුගේ ඒ නිදහස් අදහස්ම තමයි ප‍්‍රංශ විප්ලවය ඇතුලේ මර්ධනයේ හැඩතල නිර්මාණය කලෙත්. මාක්ස්වාදය, ස්ටැලින්වාදය ලෙසින් හැඩතල ගනිීවි යැයි ලෙනින් සමයේ දැන සිටියේ නෑ. එහෙම දැන සිටියා නම් බියෙන් ගල් ගැහෙන්නත් ඉඩ තිබුණා.”

”ඉතිහාසයේ එවැනි තැන් තියෙනවා. එවිට එකී පැවැත්මවල් නිර්දය ලෙස විවේචනය කොට කඩා ඉහිරවන්න හැකි වුනානම් මිනිසුන් නිදහස යන දේ ගැන මීට වඩා හොඳින් දැන ගනීවි. මම මගේ කාර්යභාරය වශයෙන් ගන්නේ එයයි. බුද්ධිවාදියකු ක‍්‍රියාකල යුත්තේ එසේයි.”

BergnF.jpg

මිචෙල් ෆූකෝ ලේඛකයෙක් වශයෙන් ස්ථානගත වූයේ කොතැනද? ඔහු සෑමවිටකම පාහේ සිය අවධානය යොමු කළේ පොදු සමාජ ප‍්‍රවාහයෙන් ඉවතට යන චරිත ගැන සොයන්නය යන්න විශේෂයෙන්ම පෙන්වා දිය යුත්තක් වේ. උදාහරණයක් ලෙස නපුංසකයන්, ලාදුරු රෝගීන් යන අය වැනි පොදු සමාජයෙන් පිටමං වූවන් ඔහුගේ වීමංසනයට ලක්වී තිබේ. මේ ආකාරයට සමාජ මායිම්වල ජීවත් වෙන චරිත පොදු ප‍්‍රවාහයේ සිටින්නවුන්ට වඩා තමන්ව සොලවා දමන්නට සමත් වූ බවක් ඔහු පවසයි. සාමාන්‍ය තත්වයට සාපේක්ෂව අසීරු විඳ ගැනීමක් ඒ අය තුල දැකිය හැකියි. අනෙක් අතට එවැනි චරිත තමන් ඒ තත්වයට පත්ව සිටින්නේ මන්දැයි දැනුවත් බවකින් තොරය. ඒ නිසා තමන් පසුවන ඒ අයුරින්ම ඒ අය හැසිරෙන බව ෆූකෝ පවසයි. එහෙත් මේ අය අමුතු මිනිසුන් නොවේ. අහසින් කඩා පහත් වූවන්ද නොවේ. සෙස්සවුන් මෙන්ම ඓතිහාසික ප‍්‍රතිඵලයක්ම වේ.

foucaultඑක් ඉතිහාසයීය අවධියකදී යුරෝපීය සමාජ පැවැත්ම නිසා ඒ අයුරින් නිර්මාණය කළ සමාජ දේශපාලන වටිනාකම් අද වන විට නොපැහැදිලි තත්වයකට ගොස් තිබේ. ඇතම් තැන්හිදී ඒවා ඊට නිශ්්චිත වූ න්‍යායික තලයෙන්ද බැහැර වී සීමිත වටිනාකම් බවට පත්වී ඇතැයි ෆූකෝ පවසයි. අවසානයේ දී ඒ තත්වය පුද්ගල මට්ටමින්ද හානිදායක වන ආකාරයත් දැකිය හැකි යැයි ද ඔහු පෙන්වා දෙයි.

තමාගේ සෑම ලේඛනයක්ම ස්වයං චරිතාපදාන සටහන් ලෙසින් ගත හැකි යැයිද ඔහු පවසයි. ඒවායේ එන විෂය කරුණු සම්බන්ධයෙන් තමාගේ සංවේදී වීම්, පණ පොවා ඉදිරිපත් කිරීම් යන ආකාරයට නිර්මාණය කිරීමේ කටයුතු කලේ යැයිද ෆූකෝ පවසා තිබේ. කෙසේ වෙතත් විෂයක් වශයෙන් දර්ශනය හැදැරීමෙන් පසු ”මානසික උමතුව” යන්න අවබෝධ කර ගැනීමට ඔහු මහත් උනන්දුවකින් කටයුතු කොට තිබේ. ඒ වෙනුවෙන් මානසික රෝහලක සේවය කිරීමටද යොමු වූ ඔහු ඒ නිසා ප‍්‍රමාණවත් අවබෝධයක් ලද බැව් සඳූහන් කොට තිබේ. ඇතැම් අවස්ථාවලදී තමන්ද උමතු වූයේ යැයිද ෆුකෝ පවසයි. වසර 3 ක් එසේ ඒ අත්දැකීම ලබාගත් හෙතෙම පසුව ස්වීඩනයට ගොස් MADNESS AND CIVILIZATION නම් කෘතිය ලියා අවසන් කරයි.

screen-shot-2014-07-26-at-4-58-59-amඅතීතය සැමවිටම සුන්රත්වයක් ලෙසින් ගැනීම තුළ අවබෝධය යන්න සීමා වන බව ඔහු පවසයි. අද දවසේ සුන්දරත්වයෙන් පෙනෙන සෑම දෙයක්ම පසු පස බලාත්මක හැසිරීමක් ඇතැයි පෙන්වා දෙන ඔහු එහෙත් ඒ නිසාම ඒ තත්වය එක්වනම ප‍්‍රතික්ෂේප නොකළ යුතු බවක්ද පවසයි. ඒ අනුව ඔහු පවසන්නේ අතීතය සැමවිටම සුන්දරත්වයක් ලෙස දකින එම තත්වය භාවිතාවක් හැටියට ගත හැකි බවයි. මක්නිසාද යත් අතීතයද අපේම නිර්මාණයක් වන බැවිනි. ෆූකෝ එය උදාහරණයක් මගින් පැහැදිලි කරයි. ඒ අනුව අද දවසේ ඔබට ඔබේ දරුවන්ගේ ළමාවිය තුලින් ඔබේම ඉකුත් ළමාවිය සමඟ සම්බන්ධ වීමට පුළුවන. ඒ ආකාරයට අතීතකාමය ලෙසින් හැඳින්විය හැකි ඉහත තත්වය මාධ්‍යයක් කොට ගෙන ඒ අතීතය වර්තමාන කියවීමක් බවට පත්කර ගැනීමට ඔබට පුළුවන. එහෙත් අතීත කාමය තුලින් වර්තමානය අවුල් කර ගැනීමට කටයුතු කිරීම වහාම නවතා දැමිය යුතුය. එය අරුත් සුන් වැඩකි.

”බොහෝ අය සිතන ආකාරයට මා ශිෂ්‍යයන්ගේ බුද්ධියට, සිතීමට අනතුරක් කල හැකි පුද්ගලයෙක්. ඒත් ඒ සම්බන්ධයෙන් මට යම් ආඩම්බරයක්ද ඇතිවේ. බුද්ධිමය චින්තනයේදී මිනිසුන් ප‍්‍රවේශම් කරගෙන තියෙන්නේ තමන්ගේ සීමාසහිත බව විතරයි. ඒක බරපතල වැරදීමක්. මගේ භයානකකම ඔවුන් නම් කොට තිබෙනවා. එය මෙසේයි. ව්‍යාකූල ලෙසින් මාක්ස්වාදියෙක් වූ අයෙක්. ශුන්‍යතාවාදියෙක්. විඥානයක් නැති එකෙක්.”

MichelFoucault-e1452548123349.jpg

මනෝ විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, අධ්‍යාපන විද්‍යාව යන හැදෑරීම් කරන කොට ගෙන මිනිස් පැවැත්මේ හැඩරුව සම්බන්ධයෙන් වෙනස්කම් සිදුවී තිබේ. අදහස් වර්ධනය ව තිබේ. ඒ අනුව අද්‍යතන මිනිසා සම්බන්ධයෙන් පුළුල් ප‍්‍රමිතීන් නිර්මාණය වී ඇතැයි මිචෙල් ෆූකෝ කියයි. එහෙත් එය විශ්වීය යන අරුතින් ගත නොහැකි බවද ඔහු පවසයි. නමුත් ඊට ආසන්න තත්වයක් තිබිය හැකිය. කෙසේ වෙතත් මනුෂ්‍යත්ව වාදය අදටත් පවතින්නේ අසම්පූර්ණ තැනකය. විවිධ මානව අයිතිවාසිකම්. විමුක්ති සටන් හරහා ඉදිරිපත් වන ආචාර ධර්ම වුව නිසි අර්ථයක් ලෙසින් පිළිගැනීමට නොහැක. ඒ අනුව ඒ තුලින්ද ප‍්‍රකාශ වන්නේ අර කීව අසම්පූර්ණත්වයමයි. වාමාංශික දේශපාලනය හෝ වෙනත් කුමන මතවාදයක් තුලින් හෝ වෙන එකක් තියා දක්ෂිණාංෂික දේශපාලන අදහස් වලින් වුව එම අසම්පූර්ණත්වය පරාජය කල නොහැක. ඒ නිසා ෆූකෝගේ අදහසට අනුව මේ සියල්ලටම වඩා වෙනස් ඉදිරි දෘෂ්ටියක් ලෝකයට අවශ්‍ය වී තිබේ.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

Views – 1,441

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s