ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට් – අහම්බයක් නොවේ.

donald-trump-ef5b70ca-0090-47ba-91f9-de687022aa34ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා වශයෙන් ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට් ලද ජයග‍්‍රහණය අහම්බයක් යැයි පැවසීමට ඇතැම්හු ඉදිරිපත් වී සිටිති. එහෙත් කාලයක් තිස්සේ ඇමෙරිකානු දේශපාලන හැසිරීම තුල ගොඩනැගෙමින් තිබුණු අසාර්ථක මෙන්ම ආර්ථිකමය කඩා වැටීම් හේතු කොට ගෙන නිර්මාණය වුණු අදහස් අවසානයේදී ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට් වැනි නිෂ්පාදනයක් සිදු කලේ යැයි පැවසීම වඩාත් නිවැරැුදි යැයි සිතමි. එක්තරා කාල වකවානුවක ප‍්‍රංශයේ වූ දේශපාලන අරාජිකත්වයක් හමුවේ විප්ලවවාදී චරිතයක් ලෙසින් නැපෝලියන් බොනපාට් නිර්මාණය වුණේ ද එම කාලයේ නියමයක් හැටියටය. අනාගත ඇමෙරිකානු ජනාධිපතිවරයාද ඒ ආකාරයටම නිර්මාණය වූ චරිතයක් බව පැහැදිලි වේ.

ඉකුත් කාලය පුරාම ඇමෙරිකානු රාජ්‍ය තන්ත‍්‍රය ලෝක ත‍්‍රස්තවාදයට එරෙහිව ගෙන ගියා වූ වැඩ පිළවෙල අදටත් සැලකෙන්නේ සාර්ථක ප‍්‍රයත්නයක් වශයෙන් නොවේ. ඊට සාපේක්ෂව රුසියාව ඇමෙරිකාව මෙන් වෙනත් රටවල් යොදා ගෙන ත‍්‍රස්තවාදයට පහර දීමට නොගොස් සෘජුවම අදාල ඉලක්කයන්ට පහරදී සතුරා පරාජය කිරීමට ගත් උත්සාහයට ඇමෙරිකාව සහාය දුන්නේ නැත. සිය සාම්ප‍්‍රදායික දේශපාලන හැසිරීම වූ බල කඳවුරු පවත්වා ගෙන යෑමේ ක‍්‍රමවේදයෙන් අත්මිඳීමට ඇමෙරිකාව සූදානම් වූයේද නැත.

එවැනි තත්වයකට සාපේක්ෂව ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට්ගේ වෑයම අපට සිහිපත් කරන්නේ දෙවැනි ලෝක යුද්ධයේදී පොදු සතුරා පරාජය කිරීමට අදාලව මිත‍්‍ර පාර්ශවීය එකමුතුවකට යාමට ලෝක බලවතුන් ගත් තීරණයයි. ලෝක බලකඳවුරු දේශපාලනය පවත්නා ජගත් දේශපාලනික අර්බුද ජයගැනීමට කොහෙත්ම සුදුසු නොවන බව ට‍්‍රම්ප්ට් දැන සිටියේය. ඒ නිසාම ඒ වෙනුවෙන් ජගත් දේපාලන සංහිඳියාවක අවශ්‍යතාව ඔහු දැන සිටි බවද පැහැදිලිය. සිය ජනාධිපතිවරණ අපේක්ෂක මෙහෙයුම මුළුමනින්ම වාගේ එවැනි ජගත් දේශපාලන සංහිඳියාවක් වෙනුවෙන් වෙන් කිරීමට ඔහු තුල වූ ඒ නිර්භීතකම විශේෂත්වයක් වේ.

150401134612-donald-trump-gallery-3-super-169.jpg

නමුත් ඒසා පසුබිමක් තිබූ ඔහුගේ ජයග‍්‍රහණය අතිශය අසීරු ගමනක් වූයේ මන්දැයි කෙනෙකුට සිතෙන්නට බැරිකමක් නැත. ප‍්‍රතිවාදී අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් කාලයක් තිස්සේ රාජ්‍ය තන්ත‍්‍රය තුළ එක්රැුස් කරගත් දේශපාලන බල ව්‍යුහයන් මෙන්ම දේශපාලන සම්බන්ධතාවන් කිසිදු අඩුවකින් තොරව සිය ප‍්‍රතිවාදියට එරෙහිම මුදාහරින්නට කටයුතු කලාය. ඒ සඳහා ඇයට, ට‍්‍රම්ප්ට සාපේක්ෂව දේශපාලනික වශයෙන් හයි හත්තියක් ද තිබිණි. එහෙත් ඊට එරෙහිව ට‍්‍රම්ප්ට්ද විවෘතවත්, නිර්භීතවත් අදහස් ප‍්‍රකාශ කිරීමට මැලි නොවුණේය.rbvagvbg65savi4kaat3uuxrhkw606

තවද ඔහු කොමියුනිස්ට් රටවල් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමද බරපතල අන්දමින් විවේචනයට ලක් විය. පවත්නා ජගත් දේශපාලන අර්බුද යම්තාක් දුරකට හෝ නිරාකරණය කර ගැනීමට නම් ලෝක බලකඳවුරු දෙක තවදුරටත් වෙන්ව පැවතීම ප‍්‍රශ්නකාරී තත්වයක් බව ට‍්‍රම්ප්ට් අවබෙෘ්ධ කරගෙන සිටියේය. කුමන විවේචනයක් එල්ල වුණත් ලෝක දේශපාලනයට එවැනි සංහිඳියාවක් අවශ්‍ය බව ඔහු දැන සිටියේය. අවසානය දක්වාම එකී මතය ප‍්‍රතික්ෂේප නොකළ ඔහුගේ මේ ජයග‍්‍රහණය ඒ නිසාම නව බලාපොරොත්තුවක් ඇති කළ හැකි තත්වයක් යැයි පිළිගත හැකිය.

ඇමරිකානු ආර්ථිකය අද වන විට පවතින්නේද එතරම් හොඳ තැනක නොවේ. රට තුළ කුමන ආකාරයේ සුබ සාධනවාදී වැඩ පිලිවෙලවල් ක‍්‍රියාත්මක වුණත් ධනය බෙදී යෑම පවතින්නේ අතිශයින්ම විෂම තැනකය. ඒත් සමඟම දිනෙන් දින වැඩිවන යුද වියදම් හේතු ුකොටගෙන ආර්ථිකය ලබා ඇති දුර්වලත්වය ගැනද ප‍්‍රායෝගික අවබෝධයක් ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට ඇති බව පැහැදිලිය. ඒ නිසාම ඇමරිනානු ආර්ථිකයට නව ප‍්‍රතිසංස්කරණ වැඩ පිලිවෙලක් අවශ්‍ය බව වටහා ගත් පුද්ගලයෙක\ හැටියටද ඔහු ඉදිරිපත් එී සිටියි. එවැනි අවබෝධයක් සහිත මිනිසෙකු ඒ ගැටළු නිරාකරණය වෙනුවෙන් මැදිහත් වෙනු ඇතැයි විශ්වාසයක් අපට තබාගත හැකියි. ඒ ආකාරයේ ක‍්‍රියාකාරීත්වයක් මැද අද ලොව පවතින ”කෑදරකම” පරාජය කළ හැකිය යන විශ්වාසයද ට‍්‍රම්ප්ට්ගේ ජයග‍්‍රහනයත් සමඟ ඇති වී තිබේ.

636006861741001695-855659659_464640908.jpg

මෙවැනි තත්ව නිසා ලොව පුරා ගොඩ නැගී ඇති ඇමරිකානු විරෝධය නැති කළ හැකිය යන බලාපොරොත්තුවක්ද නව ජනාධිපතිවරයාගේ ආගමනයත් සමඟ ඇති වී තිබේ. ඇමරිකාව තවදුරටත් අනුන්ගේ බර කරට අරන් කටයුතු කරන තත්වයේම නොසිටිය යුතු බවත් බොහෝ අර්බුද ජගත් දේශපාලන සංහිඳියාවක් තුළ නිරාකරණය කර ගැනීමට හැකි බවත් ට‍්‍රම්ප්ට් පෙන්වා දී තිබේ. ලෝක පාලන බලයේ අවලස්සන අත්දැකීම් තවදුරටත් ඇමරිකාවට අවශ්‍ය නැති බවක්ද ඔශුගෙන් ප‍්‍රකාශ වී තිබේ. කෙසේ වෙතත් ඇමරිකාව තවදුරටත් ඇමරිකාව වශයෙන්ම කටයුතු කරනු ඇති නමුත් ඒ තුල යම් වෙනසක් කිරීමේ හැකියාවක් ට‍්‍රම්ප්ට් පෙන්වා තිබේ.

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට් කාලයේ නිෂ්පාදනයක් යැයි අප මුල්න්ම කීවේ මේ නිසාය.

(සාකච්ඡුාවකිනි)

intro-1

සේනාරත්න වීරසිංහ

 

 

 

Views – 2,396

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s