තවත් දරුවෙක් විද්‍යාවට අහිමිව යයි.

බාලාංශ පංතියට හෝ පලමුවෙනි පංතියට හෝ ඉගැන්වීමට තරම් මම ඉඳහිට වාසනාවන්ත වීමි. මෙම ළමයි බොහෝ දෙනෙක් උපතින්ම විද්‍යාඥයෝය. එසේ වුවත් විස්මයට පත් වීමේදී බැ?රුම් සහ සැක සංකා ඉපිදවීමේදි සැහැල්ලූ වෙති. ඔවුහු කුතුහලාත්මක වෙති. බුද්ධිමය වශයෙන් සවි බලවත් වෙති. ප‍්‍රකෝප කරවන සුළු සහ විනිවිද දකින සුළු ප‍්‍රශ්න ඔවුන් වෙතින් පිටවෙයි. ඔවුහු දැවැන්ත උද්‍යෝගයක් ප‍්‍රදර්ශනය කරති. අතුරු ප‍්‍රශ්න මගෙන් අසනු ලැබේ. ”මුග්ධ ප‍්‍රශ්නයක් ” පිළිබඳ මතය කිසි කලෙකත් ඔවුනට ඇසී නැත.

එහෙත් මා ඉහළ පාසල්වල ජ්‍යෙෂ්ඨයන්ට කතා කළ විට මට දැක ගන්නට ලැබුණේ කිසියම් වෙනස් දෙයකි. ඔවුහු සත්‍ය කරුණු කටපාඩම් කරති. එසේ ද වුවත්, එම ”සත්‍ය කරුණු” පිටුපස ඇති ජීවිතය අනාවරණය කර ගැනීමේ ප‍්‍රීතිය ඔවුන් වෙතින් ඉවත් ව ගොස් ඇත. විස්මයට පත් වීමෙන් බොහෝමයක් ඔවුහු අහිමි කර ගෙන ඇත. සැක සංකා පහළ කිරීමට ඔවුන් එකතු කර ගෙන ඇත්තේ ස්වල්පයකි. ”මුග්ධ ප‍්‍රශ්න” ඇසීම පිළිබඳ ව ඔවුහු සිත් තැවුලට පත් ව සිටිති. ප‍්‍රමාණවත් නොවන පිළිතුරු භාර ගැනීමට සැදී පැහැදී සිටිති. ඔවුහු ”පැන නඟින ප‍්‍රශ්න” ඉදිරිපත් නො කරති. සිය සඟයන්ගේ අනුමැතිය විනිශ්චය කර ගනු පිණිස, මොහොතක් මොහොතක් පාසා යොමු කෙරෙන බැල්ම හෙලීම්වලින් පංති කාමරය පිරී යයි. තමන්ට ඇති ප‍්‍රශ්න කඩදාසි කැබලිවලට ලියා ගෙන ඔවුහු පංතියට පැමිණෙති.

හොර රහසේ පරික්ෂා කරන ඔවුහු තමන්ගේ වාරය පැමිණෙන තුරා බලා සිටින්නේ, තම සඟයන් ඒ මොහොතේ යෙදී සිටින කිසි ම සාකච්ඡුාවක් ගැන වගක් නැති ව ය….

එහෙත් වෙනත් දෙයක්ද ඇත. තරුණ දරුවන් විද්‍යාත්මක ප‍්‍රශ්න මතු කළ විට මඟ හැර යන බොහෝ වැඩිහිටියන් මට දැක 15036629_1348124621887924_5240199451157726526_nගන්නට ලැබේ. හඳ රවුම් ඇයි? තණකොළ කොළ පාට ඇයි? සිිහිනයක් කියන්නේ මොකක්ද? වළක් කොච්චර ගැඹුරකට හාරන්න පුළුවන්ද? ලෝකයේ උපන් දිනය කවදද? අපිට කකුලේ ඇඟිලි තියෙන්නේ ඇයි? යනුවෙන් ළමෝ ප‍්‍රශ්න නඟති. බොහෝ ගුරුවරු සහ දෙමව්පියෝ කෝපයෙන් හෝ හාස්‍යයෙන් හෝ යුතුව පිළිතුරු දෙති. නොඑසේ නම් ඉක්මනින්ම වෙනත් දෙයකට මාරු වෙති. ”ඇයි, උඹට ඕන හඳ හතරැුස් වෙන්නද?” මේ වර්ගයේ ප‍්‍රශ්න වැඩිහිටියන්ව කෝප ගන්වන බව ළමෝ ඉක්මනින්ම තේරුම් ගනිති. එවන් තවත් අත්දැකීම් කිහිපයක් ලැබේ. තවත් දරුවෙක් විද්‍යාවට අහිමිව යයි. හය හැවිරිදි දරුවෙකු ඉදිරියේ වැඩිහිටියකු තමා සර්වඥයකු බව මවා පෑ යුත්තේ ඇයි? මගේ මුළු ජීවිතයටම මට එය තේරුම් ගත නොැකි වනු ඇත. අප යමක් නොදන්නා බව පිළිගැනීමේ ඇති වරද කිම? අපේ ආත්මාභිමානය එතරම් ම බිඳෙන සුළුද? …….

බොළඳ ප‍්‍රශ්න ඇත. දුෂ්කර ප‍්‍රශ්න ඇත. වැරදි ලෙස සැකසුනු ප‍්‍රශ්න ඇත. ප‍්‍රමාණවත් නොවන ස්වයං විවේචනයකින් පසු ඉදිරිපත් කරන ප‍්‍රශ්න වූ කලි තේරුම් ගැනීම සඳහා නඟන හඩකි. මුග්ධ ප‍්‍රශ්නය යනුවෙන් දෙයක් නොමැත.

13669021_107091273062029_2858927571913874474_n

The Demon – Haunted World – කාල් සේගාන් – පිටු 322 – 23
උපුටා ගැනීම – විශ්ව ග‍්‍රන්ථාවලියෙන් ෙඡ්ද කෝෂයක්.

පරිවර්තනය – ටී. අන්ද්‍රාදි

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.