එවැනි විමසීමකට – කාලය ප‍්‍රශ්නයක් නොවේ.

”ලොව ඔබගේය. එමෙන්ම අපගේය. එහෙත් අවසාන විග‍්‍රහයේදී එය ඔබගේ්ය. ජීවයෙන් පිරුණු සහ ප‍්‍රාණයෙන් ඔද වැඩුනු තරුණ ඔබ, උදා හිරු මෙන්. ජීවිතයේ සුපුෂ්පිත අවස්්ථාවේ පසුවන්නේය. බලාපොරොත්තුව අපගේ ඔබ මත රැුදී ඇත්තේය………… මේ ලොවේ අයිතිය ඔබටය. චීනයේ අනාගතයද ඔබමය.” – සභාපති මා ඕ සේතුං.

e13-856විප්ලවය යනු නොනවතින ක‍්‍රියාවලියක් යැයි මා ඕ කීය. ඒ අනුව අධිපතිවාදී පන්තීන් සිය සූරා කෑමේ ක‍්‍රියාවලියත් සමඟ නැවත හිස එසවීමේ අවදානමට එරෙහිව සූදානමක අවශ්‍යතාව ඔහු අවධානයෙන් යුතුව පෙන්වා දී තිබේ. නැවත නැවත පංති සටන් ව්‍යාපාර, සිතුවිලි ශෝධන සහ වැරදි නිවැරදි කිරීමේ ක‍්‍රියාකාරීත්වයන් ඔස්සේ කටයුතු කිරීමේ වැදගත්කම ඔහු නිතර නිතර පෙන්වා දුන් බව පැහැදිලිය. තවද ඔහු එය හුදු මතයකට සීමා නොකොට ප‍්‍රතිපත්තියක් හැටියට අවධාරණය කොට ඇති ආකාරයක්ද දැකිය හැකිය. මා ඕ ”සංස්කෘතික විප්ලවය” ආරම්භ කරන්නේ එවැනි පසුබිමක් තුළය.

විප්ලවීය ජයග‍්‍රහණයෙන් පසුව වුව තුන් වැදෑරුම් ආකාරක බලපෑමක් රට තුළ දැකිය හැකි විය. ඒ වනාහි පැරණි පාලන තන්ත‍්‍රයත් සමඟින් මුළුමනින්ම අහෝසි නොවු ශේෂයන්, ධනපතීන්ගේ සංකල්ප විද්‍යාව හා සංශෝධනවාදයයි. මේවා තවදුරටත් බල සහිත වුයේය. ඒවායේ එක්තැන් වීම්ද දැකිය හැකි විය. ප‍්‍රතිඵලය වුයේ ජනතාවගේ පාලන තන්ත‍්‍රය ජනතාවගෙන් ඈත් වන ලකුණු පෙන්නුම් කිරීමය. පාලන තන්ත‍්‍රයක් වශයෙන් අනවශ්‍ය බරක් ඇති කරන ලකුණුද ඒත් සමඟම දැකිය හැකි විය. මා ඕ සංස්කෘතික ව්ප්ලවය හඳුණා ගන්නේ එවැනි ප‍්‍රතිගාමි ශේෂයන්ට එරෙහිව නැගී සිටි ප‍්‍රති නැගිටීමක් හැටියටය.

150403121411-little-red-book-china-exlarge-169.jpg

1949 වන විට චීනයේ විප්ලවීය තන්ත‍්‍රයක් බිහිවන නමුත් පැරණි පරිපාලකයින්ට, නිලධාරීන්ට මෙන්ම ගුරුවරුන්ට පැවැති තත්වයන් තුළම වැඩ කටයුතු කරගෙන යෑමට අවස්ථාව සලසා දී තිබේ. එහි ප‍්‍රතිඵල එතරම් යහපත් නොවීය. විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රති විප්ලවවාදී ක‍්‍රියාකාරකම් දැකිය හැකි වී යැයි පැවසේ. කෙසේ වෙතත් 1953 දී පළමුවන පස් අවුරුදු සැලැස්ම ක‍්‍රියාවට නැඟීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ රුසියානු හැඩ ගැසීමක් දකින්නට පුළුවන. ඇත්තම තත්වයට අනුව නම් ඒ තුළ සිදු වූයේ චීන අධ්‍යාපනය රුසියානු දර්ශකයන්ට අනුව ප‍්‍රතිසංවිධානය කිරීමකි. 1956 ජනවාරි මස ”බුද්ධිමතුන්ගේ තත්වය වැඩි දියුණු කරන ලෙසින් මධ්‍යම කාරක සභාවට චෞ එන් ලායි කළ යෝජනාවත්, මා ඕ ගේ ”දහසක් මල් පිපුණාවේ – දහසක් මත ගැටුණාවේ” ව්‍යාපෘතිය (එය ඉදිරිපත් කෙරුණේ මැයි මාසයේදීය.* වුව සැලකිය යුත්තේ ප‍්‍රති විප්ලවයට එරෙහි ප‍්‍රති සංවිධානාත්මක සූදානමක් ලෙසින්ය. ඒ අනුව බුද්ධිමතුන් හමුවේ ප‍්‍රතිසංස්කරණ මුලිකත්වයක් සහිත ප‍්‍රතිඥාවක් වශයෙන් පහත කරුණු අවධාරණය කෙරිණි.

1 ස්වාධීනත්වයක් ඇතිව සිතීමේ, තර්කයේ මෙන්ම නිර්මාණකරණයේ නිදහස

2 විවේචනයේ නිදහස

3 කලාව සාහිත්‍යය මෙන්ම විද්‍යාත්මක පර්යේෂණයන්හි නිරත වීමේ මෙන්ම ඊට අදාළව සිය අදහස් ආරක්ෂා කර ගැනීමේ, පවත්වා ගැනීමේ හා ප‍්‍රකාශ කිරීමේ නිදහස

955c81eb4406d671fb2c76c80e30557d.jpg

coverකෙසේ වෙතත් 1957 පෙබරවාරි මාසය වන විටත් පක්ෂයේ මැද සහ පහළ ස්ථර වල පාක්ෂිකයන් ඒ කෙරෙහි දැක්වු අවම ප‍්‍රතිචාර සම්බන්ධයෙන් මා ඕ නොඉවසිලිමත් වුයේ යැයි කියැවේ. නිලධාරිවාදය, කට්ටිවාදය හා මනෝ මුලිකත්වය යන තුන් ආකාරයක විනාශකාරීත්වයන්ට එරෙහිව කටයුතු කිරමේ අවශ්‍යතාව මා ඕ අවධාරණය කරන්නේ එවැනි පසුබිමක දීය. එහි පළමු පෝස්ටරය එලි දැක්වෙන්නේ 1957 මැයි 19 වැනිදා ය. ස්ථානය පීකිං විශ්ව විද්‍යාලයය. එය නම් කෙරුණේ දක්ෂිණාංෂිනයින්ට සහ ප‍්‍රති විප්ලවවාදීන්ට එරෙහිව සිදු කෙරෙන නැගී සිටීමක් වශයෙනි. ඉන් පසුව ”මහා ඉදිරි පිම්ම” ක‍්‍රියාවට නැගිණි.

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ එහි ප‍්‍රධානම වැඩ පිලිවෙල විය. මා ඕ සැම විටම අවධාරණය කළ අන්දමට ඒ වන විටත් අධ්‍යාපනය පැවතුණේ ධනේශ්වර ස්වර්ගයකය. කෙසේ වෙතත් ඉදිරි පිම්මේ වු සීමාන්තික ?ඩිකල් ප‍්‍රතිපත්ති වලට එරෙහිව විරෝධතාවන් ගොඩ නැඟීමද වැළැක්විය හැකි නොවීය. පසුව මෙය බරපතල තත්වයක් කරා වර්ධනය වීමට 1959 ජූලි 14 වැනි දින ආරක්ෂක අමාත්‍ය පෙං හේ හුයි විසින් තම අදහස් දක්වා ඉදිරිපත් කළ ලිපිය හේතු වී යැයි පැවසේ. එය දක්ෂිණාංශික ප‍්‍රකාශයක් ලෙසින් විවේචනයට ලක් වු අතර පක්ෂයේ මධ්‍යම කාරක සභාව 1959 අගෝතු මාසයේදී ආරක්ෂක ඇමතිවරයා හෙලා දැකීමේ යෝජනාවක්ද සම්මත කොට ගත්තේය. පසුව මධ්‍යම කාරක සභා සාමාජිකත්වයෙන් හැර අන් සියළු තනතුරු වලින් ඔහුව නෙරපා හැරිණි. කෙසේ වුව එකී අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ යෝජනා විවේචනය කිරීමට පීකිං විශ්ව විද්‍යාලයේ (1959* උප කුලපතිවරයාද කටයුතු කළේය.

b04649511b0649049e0f0d2f4b881d6a_471f23c41cdc48fd86498eb59a3819c8_header

චීන සමාජවාදී මුල් පරපුරට 1962 – 65 අතර කාලය කරදරකාරී කාල පරිච්ෙඡ්දයක් විය. මුල් පරම්පරවට අනුප‍්‍රාප්තිකයන් සොයා ගැනිමේ අපහසුතා විසින් ඒ කරදර නිර්මාණය කරනු ලැබ තිබිණි. ඊට අදාලව 1964 වර්ෂයේදී මා ඕ අදහස් පළ කොට තිබිිණි. ඒ අනුව අධිරාජ්‍යවාදීන්ගේ අනාගත කියමන් සෝවියට් දේශයේ වෙනස් වීම් මත පදනම් වෙමින් තිබේ යැයි ඔහු පවසයි. එතැනදී ඔවුහු සාමකාමි පරිවර්තනයක් බලාපොරොත්තු වෙති. තවද එම බලාපොරොත්තු චීනයේ තෙවැනි සහ සිව්වැනි පරම්පරාවන්ටද පැවරීමක් බවට පත් කොට තිබේ. මා ඕ එය තරයේ ප‍්‍රතික්ෂේප කරමින් අධිරාජ්‍යවාදීන්ගේ එම බලාපොරොත්තුව විනාශ කොට දැමිය යුතු යැයිද පවසයි. ඒ අනුව උසස්ම සංවිධානවල සිට පහත්ම සංවිධාන දක්වා කුදු මහත් වූ සෑම අවස්ථාවකදීම විප්ලවකාරී ව්‍යාපාරයට අනුප‍්‍රාප්තිකයන් පුහුණු කිරීමේ අවශ්‍යතාවයද ඔහුගේ අවධානයට ලක්වී තිබේ. එමෙන්ම උපරිම සැලකිල්ලක්ද ඊට අදාලව දැක්විය යුතු බවද දන්වා තිබේ. චීනයේ සංස්කෘතික විප්ලවය බිහිවන්නේ එවැනි පරමාදර්ශිත පසුබිමකය. සකල දේශවාසී නිර්ධන පාන්තික විප්ලවවාදී ඒ අනුප‍්‍රාප්තිකයෝ ජනතාවට සේවය කිරීමට නිරන්තරයෙන් කැපවී සිටිය යුතුය යන අධිෂ්ඨානයද ඒ තුල විය. එමෙන්ම තාරුණ්‍යයේ ව්‍යාපාරයක් වශයෙන්ද එය නිර්වචනය කෙරිණ.

එහෙත් නව පරම්පරාවන්ට විප්ලවකාරී දේශපාලනය ගැන ලැබෙන අධ්‍යාපනය ප‍්‍රමාණවත් යැයි මා ඕ තෘප්තිමත් වුනේ නැත. අවුරුදු 20 අඩු කිසිදු තරුණයෙක් යුද අත්දැකීම් නොලැබ, අධිරාජ්‍යවාදියකු නොදැක, සාම්ප‍්‍රදායික ධනවාදයේ හැසිරීම් අත් නොවිද සිටීම සම්බන්ධයෙන් තමන් තුල වූ කනස්සල්ල ඔහු ඇමරිකානු පුවත් පත් කලාවේදී එඞ්ගාර් ස්නෝ හමුවේ ප‍්‍රකාශ කොට තිබේ. මා ඹ් ගේ විශ්වාසයට අනුව ඉතිහාසය අත්දැකීමෙන් දැනගැනීම, එය කියවා හෝ අසා ලබන දැනීමට වඩා වෙනස්ම තත්වයකි.

cultural-revolution-H.jpeg

”මධ්‍යස්ථානයට වෙඩි තබනු” යනුවෙන් විප්ලවවාදී කල්ලියත් සමඟ සෘජුවම එක් වෙමින් ඔහු සංස්කෘතික විප්ලවයේ මුල්ම වෙඩි මුරය සියතින්ම තබා ඇත. සීමාන්තික සමාජ දේශපාලන හැසිරීමක් වශයෙන් නිර්දය විචාරයටත්, චීන කොමියුනිස්ට් පක්ෂයේත්, මහජන චීනයේත් ඓතිහාසික වැදගත් වර්ධනීය තත්වයක් හැටියටත් නිර්වචනය කෙරෙන චීන සංස්කෘතික විප්ලවය දේශපාලනිකව නිසි හැදෑරීමකට ලක් වීදැයි විමසිය යුතුය. එවැනි විමසීමකට කාලය ප‍්‍රශ්නයක් නොවේ.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

Views – 918


150401-jenshel-april-fools

තවදුරටත් බලා සිටීමට කාලයක නැත.

“තවදුරටත් බලා සිටීමට කාලයක නැත. සතුරු පාර්ශවීය අතිරේක හමුදා එහි එන්නට පෙර පාලම තමන් යටතට ගැනීමට අවශ්‍ය වී තිබිණි. නමුත් එය සිය ජීවිතය මාරාන්තික අවදානමක් හමුවේ තබා කටයුතු කිරීමක් වේ. ඒ නිසා සිය කැමැත්තෙන් ඒ සඳහා ඉදිරිපත් වෙන අය ඇත්නම් ඉදිරියට එන්නැයි ඉල්ලීමක් කෙරුණි. ඔව්හු ඒ සඳහා ඉදිරිපත් වූහ.…CONTINUE READING

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s